කටාරයේ රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවට වටිනා අවස්ථා රැසක් උදාවී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කටාර් හි පැවැති කටාර් - ශ්‍රී ලංකා ව්‍යාපාර සමුළුව අමතමිනි.
මෙම කටාර් - ශ්‍රී ලංකා ව්‍යාපාර සමුළුව සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,කටාර්හි වාණිජ මණ්ඩලයේ සභාපති ෂෙයික් කලීෆා බින් ජසීම් බින් අල් තානි සහ (Sheikh Khalifa Bin Jassim Al – Thani ) ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඇතුළු ව්‍යාපාරිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවතුණි.
මෙහිදී රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා කටාර් රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර දිර්ඝ කාලයක සිට පැවති ව්‍යාපාරික සබඳතා පසුගිය දෙවසර තුළ වඩාත් තර කර ගැනීමට අවස්ථාව ලැබුණ බවත්, ඒ අනුව දෙරට අතර ද්වීපාර්ශ්වික වෙළෙඳාමේ ඉහළ වර්ධනයක් ඇති බවත් පැවැසීය.
නව රජය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධන ක්‍රියාවලියකට ප්‍රවේශ වී ඇති බැවින් කටාර් වැනි මිත්‍රශීලී වෙළඳපොලවල් සමඟ ඇතිකර ගන්නා ඒකාබද්ධ ආර්ථික සම්බන්ධතා ඉතා වැදගත් බව බදියුදීන් මහතා පැවසීය. මේ ආකාරයට කලාපීය සහ ගෝලීය වශයෙන් වෙළෙඳ සම්බන්ධතා ඇති කරගනිමින් ලංකා අපනයන ආර්ථිකයේ තරගකාරීත්වයක් ඇති කිරීම අරමුණ බවද ඇමතිවරයා තවදුරටත් පැවසීය.
මෙම ව්‍යාපාරික සමුළුව දෙරටේම ව්‍යවාසායකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට තම ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනගාගැනීමට ලැබුණු අවස්ථාවක් බවත් අධ්‍යාපනික, තාක්ෂණික ක්‍ෂේත්‍රයන්ගෙන් සහ යටිතල පහසුකම් වලින් ස්ථාවර තත්ත්වයක පවතින කටාර් රාජ්‍ය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම ඉතා වැදගත් බව පැවසූ ඇමතිවරයා ලංකාවට පැමිණ පවතින ව්‍යාපාරික අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස කටාර් වෙළඳ ප්‍රජාවට ඇරයුම් කළේය. කටාර් රාජ්‍යයේ ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය හසුකම් ලබාදීමට තමන් සූදානම් බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තු වාර්තා වලට අනුව 2016 දී ශ්‍රී ලංකාව කටාර් රාජ්‍යයට කළ අපනයන වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 14.5ක් වන අතර කෙසෙල් , තේ, පොල් කිරි, බිස්කට්, ඇඟලුම් සහ එළවලු ශ්‍රී ලංකාවෙන් කටාර් රාජ්‍යට අපනයනය කර ඇත. කටාර් රාජ්‍යයේ සිට ප්ලාස්ටික්, ඇලුමිනියම් නිෂ්පාදන, කඩදාසි, යකඩ, වානේ කාබනික රසායනික ද්‍රව්‍ය ආනයනය කර ඇති අතර 2016 වසරේදී මෙම ආනයන වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 30 කි.
මෙම ව්‍යාපාරික සම්බන්ධතාවය ව්‍යාපාරිකයන්ට පමණක් නොව රැකියා අපේෂිතයන්ටද වාසිදායක වන බවත් කටාර් ශ්‍රමික වෙළඳපළ තුළ ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ට වැඩි රැකියා අවස්ථා හිමිකර දීමට තමා කටයුතු කරන බව එතුමා වැඩිදුරටත් පැවසීය.
- 200
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කටාර් රැකියා වෙළඳපළේ වටිනා අවස්ථා රැසක්
බද්රානි Monday, 30 October 2017 02:06 PM
රටේ ජනතාවගේ ශ්‍රමය පිටරටට විකුණන්න නම්, ඉතින් අපේ පාලකයෝ හරිම දක්ෂයෝනේ ...අනික ඉතින් අපේ කාන්තාවන්ට මැදපෙරදිග හොඳ ඉල්ලුමක් තියනවා කියලා අපේ දේසෙට ප්‍රේමී නායකයෝ හොඳින්ම දන්නවා ඇතිනේ.
justinTuesday, 31 October 2017 04:31 AM
බද්රානි, ශ්‍රමය කියන්නෙත් සම්පතක්. එය විකිණීමේ ඇති ප්‍රශ්නය මොකක්ද? එය රැකියා ප්‍රශ්නයට විසඳුමක් වගේම විදේශ විනිමය උල්පතක්. රටට පිටින් මුදල ගලා එනවා. පිටරට ඉඳන් මුදල් සොයා කීදෙනෙක් තම දරුවන්ට හොඳින් කාල බීල උගනවනවද? රටට තියන බර ටිකක් අඩුවෙනවනේ.
GihanThursday, 02 November 2017 07:37 AM
රැකියා ප්‍රශ්නයට විසදුම කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස රට පැටවීම නෙමේ. එකට කියන්නේ වහල් වෙළදාම කියල. වෙන්න ඕනේ කාන්තාවන් වෙනුවට පිරිමි උගත් ශ්‍රමිකයන් එම රටවල් වලට යවන එක. කාන්තාවන් යවනවා නම් ගෘහ සේවය වෙනුවට උගත් ශ්‍රමිකයන් ලෙස යවන්න ඕනේ. එතකොට කාන්තාවන්ට විදින්න වෙන ගැහැට අඩු වෙනවා. අද කාන්තාවන් අරාබිකරයේ අපා දුක් විදින්නේ මේ ජස්ටින් සීයා වගේ නුගත් මිනිසුන්ගේ තීරණ නිසා.
joyelSunday, 05 November 2017 03:10 PM
ලංකාවේ සමහරු හිතන් ඉන්නේ මැද පෙරදිග සේවයට යන්නේ කාන්තාවෝ විතරයි කියල !! ශ්‍රී ලංකික ඉංජිනේරුවන් , කාර්මික ශිල්පීන් ආදී දහස් ගානක් එහි සේවය කරන විත්තිය දන්නේ නැහැ !! සවුදියේ අලමරායි ආයතනයේ විතරක් ශ්‍රී ලාංකික කෘෂිකාර්මික ශිල්පීන් දහස් ගානක් සේවය කරනවා !!
bamunu Tuesday, 31 October 2017 12:05 AM
කටාර් මිනිසුන්ව දකින්නත් ආසයි. මගේ දෙවැනි මවුබිම කියා සිතනවා. කරාර් රජයේ සේවකයෙකු හැටියට අවුරුදු 12 සිටිය. රටේ නීති රාමුව තුල ජීවත් වෙනවානම් මෙන්න තවත් රටක් ජීවත් වෙන්න. නිදා ගන්න විට ලංකාව පැත්තට ඔලුව දැම්මේ නැත. කොහොම උනත් අරය ගිහිල්ලා තිබෙන්නේ එළිකරන්න කැලෑවක් හෙම තිබෙනවාද කියා බලන්න වෙන්න ඇති.
vipula Tuesday, 31 October 2017 07:06 AM
අපේ ඇමතිතුමා ඉන්නවා නේද ? එත් මම බැලුව මොකද TV එකේ දැක්කෙත් නැතිනිසා ,මෙහෙ නිවාස වැඩවලට හිරවෙලවත් කියලා.