(ඩි.ජී.සුගතපාල)
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කන්නෙලිය වනාන්තරය ආශ්‍රිත නිවාසවලට සංචාරකයින් නතරකර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි ගාලු දිසා වන නිලධාරි මොහාන් හිනටිගල මහතා පැවසීය.
ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ තෝරාගත් නිවාසවලට සංචාරකයින්ට නවාතැන්දීම සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබාදීම, නාන කාමර අලුත්වැඩියා කරදීම,ගෙවත්ත සකස් කිරීම ආදිය සිදුකර දෙන බව ඒ මහතා කීය.
ගෙවත්තේ වැවෙන එළවලු සහ පලතුරු ආහාරයට ගනිමින් වනාන්තරයේ ඇවිද ඇළදොළවලින් දිය නා ගෙවත්තේ නිදහසේ සිටින මෙම “හෝම් ස්ටේ“ ක්‍රමයට විදේශීය සංචාරකයින් බොහෝ කැමැත්තක් දක්වන බවත් ඒ නිසා දිවයින පුරා වනාන්තර ආශ්‍රීතව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
දැනටමත් කන්නෙලිය ආශ්‍රිත නිවාස දහයකට මෙම පහසුකම් සපයා ඇති අතර මෙම වසර අවසානයට පෙර තවත් නිවාස හතරකට පහසුකම් සපයා දෙන බවත් මේ තුළින් ප්‍රජාවගේ ආදායම ඉහළ නැංවෙනවා මෙන්ම වන සංරක්ෂණයට ප්‍රජාවගේ දායකත්වය ලැබෙන බවත් ඒ මහතා කියා සිටියේය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කන්නෙලිය වනාන්තරය ආශ්‍රිත නිවාසවල සංචාරකයින්ට නවාතැන්
shan Sunday, 21 July 2019 11:13 AM
එහෙනම් ඒ වනාන්තරෙත් ඉවරයි.......... ලෝකේ උන්ට පෙන්නන කියල ඕකට රිංගන්න ගතට පස්සේ ඉතුරුවෙන්නේ කාන්තාරයක් කරලා තමයි
රාලහාමි Sunday, 21 July 2019 03:59 PM
නැවතුනාට කමක් නැහැ හැබැයි. අපේ රටේ වනාන්තරවල පැලැටි, කුඩා කෘමින් ආදිය හොරෙන් අරගෙන යන්න හැදුවොත්
saman Monday, 22 July 2019 10:30 PM
ඉතාම හොඳ ප්‍රවනතාවක්. අද ලංකාවට පැමිණ දින කිහිපයක් ගතකරන සංචාරකයින් විශාල හෝටල් වල සිටිනවාට වඩා, මෙවැනි තැන්වල නිදහසේ ගත කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා.
himal Tuesday, 23 July 2019 10:03 AM
මේ විය යුත්තක්. පාරිසරික සංචාරක ව්‍යාපාරය නංවන ගමන්ම එහි ප්‍රතිලාභ බිම් මට්ටමේ ජනතාවටයි ලැබෙන්නේ. අනෙක් අතට ඒ පරිසරය නිසා සංචාරකයො එන බව දැන ගත්තාම ඒ ප්‍රජාවත් පරිසරයට හානි කරන්න පෙළඹෙන්නේ නෑ.
chinthaka Tuesday, 23 July 2019 10:27 AM
ඔන්න මම ගොඩක් අය නොදන්නා දෙයක් කියන්නම්, අපේ රටට සම්පතක් වූ, දේශීය වෙදකමට නැතුවම බැරි "බිං කොහොඹ" පැලෑටිය දන්නවද? අන්න ඒ අපේ පැලටියටත් "පේටන් බලපත්‍රය" තියෙන්නේ ඇමෙරිකාවට, අපිට නෙමෙයි, අපිට ඇමෙරිකාවෙන් අවසර නොගෙන අපේ පැලෑටියෙන් කිසිම බෙහෙතක් හදන්න, විකුණන්න, පර්යේෂණ කරන්න බැහැ. කොහොමද ඇමෙරිකාව රෙද්දේ දාගෙන අපිට ලැබිලා තියන දේවල්?
Kaveen Thursday, 25 July 2019 03:14 PM
තියෙන්නෙ එච්චරයි ඒකත් කාලා දානකන් ඉවසිල්ලක් නැහැ
SL Sunday, 28 July 2019 03:25 AM
විල්පත්තුව ඉවරයි, නකල්ස් වල කොටසක් සුද්ද කළා .. දැන් කන්නෙලිය...යන අය ගිහින් බලල ආපු දෙන..ලගින්න දෙන්න උවමනාවක් නැහැ .කලේ ඉන්න දෙනවා කියන්නේ එතන නවාතැන් හදන්න ඕනේ, ලයිට් ,වතුර සියලු පහසු කම් දෙන්න ඕනේ ඉතින් කැලේ විනාශ වෙනවා කියන්න ඕනේ නැහැ නේ... මෙතරම් කල් නිදහසේ අපිට හුස්ම ගන්න ඔක්සිජන් දීලා ,පිරිසිදු වතුර ටික දීලා ,සත්තුයි රටයි අපෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැතිවම බලාගත්තු එකට මේ රටේ වන පද්ධතිය ට පින් දෙන්න ඕනේ.