X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


කූට මූල්‍ය සමාගම් හා අසරණ තැන්පත්කරුවෝ

1966 ආරම්භ කරන ලද 1988 අංක 78 මුල්‍ය සමාගමේ පනත යටතේ ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියා පදිංචිව ඇති මහ බැංකුවේ ....



අදහස් (0)

කූට මූල්‍ය සමාගම් හා අසරණ තැන්පත්කරුවෝ

විජේවර්ධන Wednesday, 09 October 2013 08:16 AM

මේක මම මතක ඇති කාලෙකට කියැවූ බිදවැටෙන මුල්‍ය සමාගම් වලට බලපාන අධ්‍යක්ෂකවරයාගේ කාර්යභාරය මනාව විග්‍රහ කරන හොඳම ලිපිය කියලා බය නැතිව කියත හැකියි. (නි)

:       0       0

ජගත් දල්පදාදු Wednesday, 09 October 2013 08:23 AM

මමත් ඔය මුල්‍ය සමාගමේ ලක්ෂ විසිපහක් දැම්මා. දාන්න පෙර ඔය කියන දෙපාර්තුමේන්තුවට කතා කරලා ඇහුවා සල්ලි දාන්න හොද තැනක්ද කියලා. එතකොට කිව්වේ "අයියෝ කිසිදේකට බයවෙන්න එපා. මේක අපි අධීක්ෂණය කරන ආයතනයක් කියලා". දැන් ඇහුවම කියනවා "අයියෝ මොකද ඕකේ සල්ලි දැම්මේ කියලා". කාට කියන්නද මේවා? අපෙත් අවාසනාව, රටෙත් අවාසනාව. (නි)

:       0       0

රමණි කල්පනී Wednesday, 09 October 2013 08:34 AM

මම සරසවි සිසුවියක්. ඔය අංශය මමත් හදාරලා තියෙනවා මගේ 'රිසර්ච්' එකකට. මේ කියන ඒවා සම්පුර්ණ ඇත්ත. නමුත් කිසිම මාධ්‍යයකින් ඔය වගේ ගැඹුරින් ඇතුලාන්තයට බැහැලා ඕවා විග්‍රහ කරන්නේ නැහැ. සමීර මහතා, ඔබට බොහොම ස්තුතියි. (නි)

:       0       0

රමසි රහමෙන් - මඩකලපුව Wednesday, 09 October 2013 08:41 AM

ඉතාම හොදයි. නමුත් ඔය හෙළිදරව් කිරීම් වලින් මේ රටේ වැඩක් වෙන්නේ නැහැ. මේක සිරි ලංකාව. (නි)

:       0       0

දර්ශන වෙත්තසිංහ Wednesday, 09 October 2013 08:52 AM

කාලෙකින් අර්ථවත් හරවත් අපව දැනුවත් කරන ලිපියක් කියෙව්වා. නමුත් ප්‍රවේශමෙන්. (නි)

:       0       0

අසංක විතාන - බත්තරමුල්ල Wednesday, 09 October 2013 08:59 AM

සල්ලි දාලා දැන් වැරදුනාම මහ බැංකුවට බනිනවා. (නි)

:       0       0

නිහාල් - පමුණුව Wednesday, 09 October 2013 09:12 AM

අපේ ගෙවල් ළගත් පව්ලක් ඉන්නවා. සියළු සේසතම නැතිවෙලා දැන් හිගා නොකා හිගා කනවා. (නි)

:       0       0

ෆෙඩ්රික් කිරුලපන Wednesday, 09 October 2013 09:28 AM

මේ යන විදිහට ලියාපදිංචි බැංකු වලවත් සල්ලි දාන එකත් විශ්වාස නැහැ. හොඳම දේ ගෙදර වළක් කපලා සල්ලි පෙට්ටියක දාලා වළලන එකයි. (නි)

:       0       0

චතුරංග Wednesday, 09 October 2013 10:00 AM

දැනුවත් කිරීම් මගින් නැවතත් මුල්‍ය පද්ධතිය කඩා දැමීමට රුකුලක් ලැබෙන බව මගේ හැගීමයි (නි)

:       0       0

චරිත Wednesday, 09 October 2013 11:58 AM

දැනුවත් කිරීම ඉතා හොඳයි.හොඳ ලිපියක් (ස)

:       0       0

වසන්තා සෙව්වන්දි එම්. සී Wednesday, 09 October 2013 12:48 PM

අසංක මහතාට වදනක්... ඔහොම කතා කරන්න එපා. කව්රුත් කැමති වැඩි පොලියක් ගන්න මහබැංකුව අධීක්ෂණය කරන තැනක සල්ලි තැන්පත් කරන්න. ඒ මනුස්ස ස්වභාවය. (නි)

:       0       0

නිලුපුල් සොන්ගලාරච්චි Wednesday, 09 October 2013 12:59 PM

මට විශ්වාස කරන්නත් අපහසුයි. පළවැනි වර තමා මේ වගේ මුල්‍ය සමාගම් අධික්ෂණයේ ලා මහ බැංකුවේ කාර්යභාරය ගැන මේ තරම් විස්තරාත්මකව හොඳ තාර්කිකව ලියැවුණු ලිපියක් කියෙව්වේ. මේවා ඇත්ත නම් මගේ රට ගැන මට දුකයි. (නි)

:       0       0

වෛද්‍ය මිල්ටන් ප්‍රේමසිරි Wednesday, 09 October 2013 01:07 PM

මම මෙතෙක් ලංකාදීප ‘ඊ නිව්ස්‘ වල කියැවූ දීර්ඝතම , හරවත්ම හා මොළයක් ඇති මිනිසුන්ට තමාගේ අනාගත මුදල් රුපියල් මිලියන ගණනක් ඉතිරි කරගත හැකි ලිපිය මෙයයි. ඔබට ජය ශ්‍රී! නොබියව දිගටම ලියන්න. අසරණ තැන්පත්කරුවන්ව දැනුවත් කරන්න. (නි)

:       0       0

ලහිරු ද සිල්වා , මහරගම Wednesday, 09 October 2013 01:16 PM

මමත් මේකේ සල්ලි දාලා අද දුකට පත්වෙලා ඉන්න කෙනෙක්. මුළු රටේම නීතිය , සාධාරණය ගැන පුදුම කලකීරීමක් මට තිබෙන්නේ. නීතිවල මොනවා තිබුනත් අද අසරණ අපි වෙනුවෙන් පෙනී සිටින්න කව්රුත් නැහැ. අපි දැන් ජීවත් වෙන්නෙත් යාලුවන්ගෙන් පොලියට සල්ලි අරගෙන. ශාපවෙන්න ඕනෑ අපිව මේ දුකට පත්කළ සියල්ලන්ටම. (නි)

:       0       0

කැලුම් සුදේශ් පණ්ඩිතරත්න Wednesday, 09 October 2013 01:27 PM

පුවතක්!!!!! පොල්ගෙඩියක් සොරකම් කළ දැරියක් උසාවියට.....රුපියල් බිලියන ගණනක් වංචා කළ මුල්‍ය සමාගම් ලොක්කෝ නිදැල්ලේ. තැන්පතුකරුවන් බංකොලොත් සමාගමේ කොටස් ශත වලට මිලදී ගෙන පාඩුව දරා ගත යුතුයි.(දිල්)

:       0       0

කුසුම් Wednesday, 09 October 2013 01:32 PM

සමීර අභයවර්ධන මහතාණෙනි, මෙවන් හරවත් ලිපියක් තුලින් පාඨකයන් දැනුවත් කලාට ඔබට, අපගේ ප්‍රණාමය! මහබැංකු අධීක්ෂණ නිලධාරීන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හා වගකීම් පැහැර හැරීම හේතුවෙන් අසරණ තැන්පත් කරුවන් පමණක් නොව මුල්‍ය සමාගම්ද විශාල අර්බුදයකට පත් වෙන බව පැහැදිලියි. මහා බැංකුවේ ලියා පදිංචි මුල්‍ය සමාගම් ගැන ඔවුන්ගේ වගකීම මෙවැන්නක් නම් අසරණ තැන්පත් කරුවන් හට කාගේ පිහිටක්ද? අඩුම තරමේ නිත්‍යානුකුල පොලි අනුපාතය ගැනවත් ඔවුන්ගේ කිසිදු අධීක්ෂණයක් නොමැති බව පැහැදිලියි. කරුණාකර ඉදිරියේදීත් මෙවන් ලිපි තුලින් අපව දැනුවත් කරන්න. ඔබට තුති.(දිල්)

:       0       0

ජනිත ලක්ෂණ , බදුල්ල Wednesday, 09 October 2013 01:36 PM

විශිෂ්ට හෙළිදරව් කිරීම් රැසක්. ඔයා ඉන්න තිබුනේ මහබැංකුවේ. නමුත් ඕවලින් කිසි වැඩක් නැහැ. ව්‍යාපාරිකයෝ ටික බේරිලා. (අ)

:       0       0

යමුනා බස්නායක Wednesday, 09 October 2013 01:49 PM

ඔය කියන මහබැංකුවේ අරුම පුදුම යෝජනාවලිය මමත් කියෙව්වා. ඒක උසස්පෙළ කරන ළමයෙකුට උනත් ලේසියෙන්ම හදන්න පුළුවන් එකක්. ඕක හදන්න මාස දෙකක් විතර ගත්තලු. අනික බැලු බැල්මට පේනවා ඒක හදල තියෙන්න ගැනුම්කරයෙක්ව ඉලක්ක කරලා ඔහුගේ යහපතට මිසක් අද අසරණවෙලා ඉන්න මිනිස්සු ගැන හිටලා නෙමේ කියල.(ත)

:       0       0

සංගීත් තංගල්ල Wednesday, 09 October 2013 01:53 PM

ඔයා නම් සුපිරි වීරයෙක්. බලාගෙන සුදු වෑන් එකකින් උස්සාවී. කළුගල් එක්ක හැප්පෙන්න එපා සමීර ..... (ත)

:       0       0

අෂාන් Wednesday, 09 October 2013 02:10 PM

මේ ලිපිය බොහොම හොඳට කරුණු ගොනුකරගෙන ලිය තිබෙනවා. මේක බලල හරි මහා බැංකුවේ අදාල නිලධාරින්ගේ ඇස් ඇරෙනවානම් හොදයි. මේවගේ තැන්පත් කරුවන් කීප දෙනෙකුත් ඔය කියන අධීක්ෂණ මණ්ඩලයට පත් කර ගන්නවානම් වඩාත් හොඳයි (දිල්)

:       0       0

කුමාර Wednesday, 09 October 2013 03:54 PM

ඉතාම විස්තරාත්මක ලිපියක්. මහා බැංකුව අධීක්ෂණය කියන වචනය දන්නවද. මේ මුල්‍ය සමාගමේ සාකා විවෘත්ත කරන්න ගියේ මහා බැංකුවේ ප්‍රධානියෙක්. අනික මෙහි සල්ලි දාපු මිනිස්සු සල්ලි දාල තියෙන්නේ වැඩි පොලියට තියන තණ්හාවට. මිනිස්සුන්ට මේවා හොඳ පාඩම් . (ත)

:       0       0

ශ්‍රියානි Wednesday, 09 October 2013 04:36 PM

මම මේක නිසා අන්ත අසරණ වුණු අම්මා කෙනෙක්. මම සල්ලි දැම්මේ මගේ දුවගේ මගුල් ගෙදරට ගන්න සහ එයාගේ දෑවැද්දට දෙන්න. නැකත තිබුනේ මාර්තු 2013 . කොච්චර ඇඩුවත් සතයක්වත් ලැබුනේ නැහැ . අන්තිමට අතේ සල්ලි නැති නිසා මගුල් ගෙදර දෙසැම්බර් 2013 ට කල් දමන්න සිදු වුණා. නමුත් බැංකුව තවම ඉබිගමනේ. අපේ පවුලේම ජීවිත ගිනිගොඩක. (නි)

:       0       0

විමලසිරි මුදන්නයකේ Wednesday, 09 October 2013 04:46 PM

මම විශ්‍රාමිකයෙක්. මට ලැබුණු ලක්ෂ 10 මේකේ දැම්මේ ගිය වසරේ අගෝස්තු වල. මේ වසරේ ජනවාරි වෙනකම් මාසික පොලිය ලැබුණා. දැන්නම් මම පුදුම දුකකින් කළකිරීමකින් ජීවත් වෙන්නේ. ජීවිතයේ අවසාන කාලය පිනක් දහමක් කරගෙන දරුවන්ට බරක් නොවී ඉන්න තිබුණු බලාපොරොත්තු ඔක්කොම බිදිලා. මහ බැංකු යෝජනා වලට අනුව සල්ලි ගෙවද්දී අපි මියගොස් තිබේවි. (නි)

:       0       0

රාජිත සිල්වා කුරුණෑගල Wednesday, 09 October 2013 04:51 PM

වැඩක් නැහැ අශාන්, නිදා සිටින මිනිස්සුන්ව අවදි කරවන්න පුළුවන් වුණාට සදාකාලික අන්ධයන්ට පෙනීම ලබා දෙන්න බැහැනේ. අනෙක කිසිම වෙලාවක මහ බැංකුව තමන්ගේ වැරදි පිළිගන්න තැනක් නෙමෙයි. (නි)

:       0       0

නිම්මි සදරේකා - කොල්ලුපිටිය Wednesday, 09 October 2013 05:05 PM

මම ලියාපදිංචි මුල්‍ය සමාගමක වැඩකළා. ගිය අවුරුද්දෙ ඔය කියලා තිබෙන පරීක්ෂණ කණ්ඩායම අපේ ආයතනයටත් ආවා. කියලා වැඩක් නැහැ. ෆයිල් 100 ක් විතර අපෙන් අරගෙන මේසයක ඉදගෙන කතාකර හිටියා. (නි)

:       0       0

අජ්වර්ඩ් මුසාමිල් - පොල්හේන , මාතර Wednesday, 09 October 2013 05:15 PM

සමීර, ඔබගේ ලිපිය 'සුපිරි' තත්ත්වයේ එකක් බව කිව යුතුමය. (නි)

:       0       0

සමන්ත මහරගම Wednesday, 09 October 2013 05:28 PM

නිම්මි, ඔයා 100% හරි. මමත් ලංකාවේ හොඳම මුල්‍ය සමාගමක වැඩ කරන්නේ. ඉහත ලිපියේ කියනවා වගේ තාර්කිකව හිතලා, හොයලා බලලා කරන අධීක්ෂණයක් කළ යුතුයි. (නි)

:       0       0

ප්‍රේමලාල් කවිරත්න Wednesday, 09 October 2013 05:39 PM

ඔය ලිපියේ කියලා තිබෙන ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ දැන් සිංදුව තමා " මම තොප නොහදුනමි, මට තොප මතක නැත".... (නි)

:       0       0

රෆීක් සෙඉදු - රත්මලාන Wednesday, 09 October 2013 06:01 PM

මම ඔය සම්බන්දව ලියවුණු ලිපි රාශියක් කියවල තියෙනවා. නමුත් මේ තරම් හොදට විග්‍රහ කරපු එකක් පළමුවරට දැක්කේ. ඒවගේම මම ලගදි දැක්ක ඔය කියන දෙපාර්තුමේන්තුවේ නිලදාරියෙක් කියල තිබුණා " මහබැංකුවට හොරෙන් වැඩි පොලි අනුපාතයක් සමාගමෙන් දෙනවා එක අධීක්ෂණයට අහුකර ගන්න බැහැ කියල". ඔවනම් බාලාංශ කතා, එහෙනම් බාහිර විගනකවරු කොම්පැනිවල කොච්චර හොර වැඩ අගේට හොයාගන්නවද , අර කියනවා වගේ ඔතන තියෙන්නේ "වුර්තියමය නොසැලකිල්ල ".(ත)

:       0       0

නිසලා සුබාෂිනී Wednesday, 09 October 2013 06:14 PM

සමීර මහතා, ඔබගේ ලිපිය ඉතා උසස්ය. මෙවන් හරබර ලිපි ඉරිදා පුවත්පත් වල ප්‍රධාන පිටුවල පළ කළ හැකිනම් තවත් අගනේය. එවිට මෙවන් සමාගම් වල මුදල් තැන්පත් කරන සාමාන්‍ය මහ ජනතාව දැනුවත් වීම තව තවත් සිදුවේ. ඔබට ජය ශ්‍රී! (නි)

:       0       0

සිරිවංශ අනුරපුර Wednesday, 09 October 2013 06:30 PM

මෙවන් කාලෝචිත හරවත් ලිපි දේශපාලන බලපෑමකින් තොරව මෙසේ පළකිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම සම්බන්ධව "ලංකාදීප ඊ නිව්ස්" කණ්ඩායමට අපගේ හද පිරි ප්‍රණාමය පුදකරමු (නි)

:       0       0

අතුල Wednesday, 09 October 2013 06:31 PM

මෙම ආයතන මහා බැංකුවේ ලියාපදිංචියි. නමුත් තැන්පත් ගැන වගකීම තැන්පත්කරුවන්ටමයි. මේ ලිපියේ හැටියට මහා බැංකුවට ලොකු වගකීමක් තිබෙනවා. ඒක හරියට කළා නම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. මහා බැංකුවට ඒ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. (නි)

:       0       0

ස්වර්ණා ද අල්විස් - කොච්චිකඩේ Wednesday, 09 October 2013 06:38 PM

මම අසා තිබෙන විදිහට මහ බැංකුවේ ඉන්නේ ගොඩක් උගත්, සරසවි වල ඉහළම ලකුණු ගත්, පළමු පෙළ සාමාර්ථ ගත් උදවිය. අනේ ඉතින් ඔය කට්ටියටත් ඔය අධීක්ෂණය හරියට කරන්න බැරි නම් "රහස් පොලිසියට " තමා දෙන්න වෙන්නේ. (නි)

:       0       0

සිරි රාජන් ගනේෂ් , වැල්ලවත්ත Wednesday, 09 October 2013 06:43 PM

ස්වර්ණා, ඔබට ඇත්තේ වෘත්තිමය නොසැළකිල්ල නොවේද? (නි)

:       0       0

ස්ටැන්ලි ලිවේරා Wednesday, 09 October 2013 06:50 PM

සමීර, ප්‍රවේශමෙන්... ඔය වගේ ලිපි ලංකාව වගේ රටක මේ වගේ කාලයක පළකරන්නේ. මොකද දැන් මහබැංකුව කියන්නේ කාගේ බුදලයක්ද කියලා දන්නවානේ. ඔයා බුද්ධිමත් බව පෙනෙනවා. නමුත් ප්‍රවේශමෙන්. මම කියන්නේ ඔයාගේ හොදට. (නි)

:       0       0

චන්දන ශ්‍රීමාල් Wednesday, 09 October 2013 07:08 PM

මගේ තාත්තාත් මේකේ සල්ලි දාලා දැන් පුදුම අසහනයකින් දවස ගෙවන්නේ. ගෙදර ඉන්නත් අප්‍රසන්නයි. ශාප වෙන දේවල් මේවා. (නි)

:       0       0

විනුර Wednesday, 09 October 2013 09:23 PM

මේවා ගැන මහා ජනතාව දැනුවත් කරන්න ඕනේ (දී)

:       0       0

සුනිල්චන්ද්‍ර - ගම්පහ Thursday, 10 October 2013 08:11 AM

ඉතාම හොද වෘත්තිමය කාලෝචිත විග්‍රහයක්. ඔබගේ උදාහරණය වන "සමාගම් සැලසුම් " පිළිබද කතාව මසුරන් වටී. මක්නිසාද යත්, බොහොමයක් රාජ්‍ය ආයතන වල හොඳට පුහුණුවෙලා , නීතිරීති පොත් හදලා ඒවා ප්‍රායෝගිකව යොදවන්නේ නැතුව "හමස් පෙට්ටිවල" දාලා තියෙන්නේ. (නි)

:       0       0

ඉරේෂා විමලසුරේන්ද්‍ර - කතරගම Thursday, 10 October 2013 08:18 AM

සමීර මහතා, ආඩම්බර වෙනවා ඔබ ගැන. නිර්භයව, ලස්සනට, තාර්කිකව පෑන හසුරුවා තිබෙනවා.ඔබ ඔය අංශයේ උසස් දැනුමක් තිබෙන කෙනෙක් බව පෙනෙනවා.දිගටම ලියන්න. අපි හරිම කැමතියි මේ විදිහට දැනුවත් වෙන්න. (නි)

:       0       0

වන්නිගම, බොරැල්ල Thursday, 10 October 2013 08:28 AM

මම වරලත් ගණකාධිවරයෙක්. මේ අදහස් මමත් බොහොම අගය කරනවා. මමත් ඔය අරුම පුදුම යෝජනාවලිය කියෙව්වා. ඇත්තටම මේ වගේ වැදගත් මිනිස්සුන්ගේ ජීවිත හා සම්බන්ධ වන යෝජනාවලි හදද්දී මහා බැංකුව මීට වැඩ සැළකිලිමත් විය යුතුය. (නි)

:       0       0

ඩොනල්ඩ් මෙන්ඩිස්, දෙහිවල Thursday, 10 October 2013 08:43 AM

මමත් පොඩි ගානක් මේකේ දාලා තිබුණා. මම දැනගත්තා මේක යනපොට හොද නැහැ කියලා. මොකද මම ඒ පොඩි ගාණ නැවත ගන්න යනකොට මේ මුල්‍ය සමාගමේ නිලධාරීන්ගේ හැසිරීම ගැන මට සැක සිතුනා. ඉතින් මම ඔය කියන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට කතා කළ විට කිව්වේ ,"ආ , ඒක මේ සුළු ප්‍රශ්නයක්. එහෙ සිස්ටම් බ්රේක් ඩවුන් එකක්නේ. ඒක ඉක්මනට හරි යයි කියලා." ඔන්න වගකීමේ තරම. (නි)

:       0       0

පියසේන විතානරච්චි Thursday, 10 October 2013 08:58 AM

මමත් මගේ "පාරිතෝෂික " ඔකේ දැම්ම විශ්‍රාමිකයෙක්. ඔය විකාර යෝජනාවලිය අපටත් ලැබුණා. එකේ විදිහට අපිට සල්ලි වෙනුවට දෙන්නේ "කඩදාසි ටිකක්" සල්ලි ලැබෙන්නේ අවරුදු 5 ට විතර පස්සේ. මගේ වයස දැන් 63 අනේ, එතකොට අපි මැරිලා . (දිල්)

:       0       0

ව්ක්ටර් Thursday, 10 October 2013 09:12 AM

ඔයා ඉපදෙන්න තිබුනේ ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය වගේ රටක. ආසියාවේ ආශ්චර්යය කරා වේගයෙන් ළගාවන සිරි ලංකාවට ඔයාගේ අදහස් ගැළපෙන්නේ නැහැ යාළුවා. (නි)

:       0       0

මාධවී , කොළඹ සරසවිය Thursday, 10 October 2013 09:21 AM

කැලුම්, අපේ රටේ නීතිය පිළිබද හොඳම ප්‍රකාශය, " අලි යන සුවිසල් කපොලු තිබියදී , කුඹි යන ගුල් වසනු ලැබේ." (නි)

:       0       0

දහනායක Thursday, 10 October 2013 09:28 AM

මොනවා වුණත් මේ ලිපිය ලියූ කෙනා නම් "නියමම කොල්ලෙක්".අන්න දෙමවුපියෝ. හොද කොන්දක් ඇතුව හදපු ළමයෙක්. ආඩම්බර වෙනවා පුතේ නුඹ ගැන (නි)

:       0       0

සුජානි සමන්මලී Thursday, 10 October 2013 09:46 AM

මමනම් කියන්නේ ඔය කියන මහබැංකුවේ 70 ක් විතර "සේවය කරන" ? දෙපාර්තුමේන්තුව වහල දැම්ම නම් හරි, මොකද හරියට සේවයක් වෙන්නෙත් නැතිකොට ආණ්ඩුවට ඔය අංශය නඩත්තු කරන්න පුහුණු කරන්න යන සල්ලි ගොඩ හරි ඉතිරි වෙනවා. අසරණ තැන්පතුකරුවන්ට ඒ සල්ලි දෙන්න පුළුවන්නේ (දී)

:       0       0

ගාමිණි Thursday, 10 October 2013 10:09 AM

බ්‍රාවෝ සමීර....මේ ලිපිය මහබැංකුව ඉස්සරහ බිත්තියේ අලවන්න පුළුවන්නන්!!!!!!!!එකේ ඇතුලේ ඉන්න අයට ඒගොල්ලන්ගෙම කෙරුවාව බලාගන්න පුළුවන්....ලජ්ජා නැද්ද .....දැනටමත් එක මහත්තයෙක් හාර්ට් ඇටච්ක් එකකකින් මරුන....මහජනතාව දැනගන්න ඕන අනුකුත් මුල්‍ය සමාගම්වලටත් මේ ඉරණම මයි කියල. (දී)

:       0       0

අජිත් සාලින්ද Thursday, 10 October 2013 10:09 AM

අද ඉන්ටෙර්නෙට් එක බලන්න. මේකේ සල්ලි දාල ගන්න බැරිවුණු අසරණ වයසක තන්පතුකරුවෙක් "හාර්ට් අටක් " එකකින් මිය ගිහිල්ලා. මහා බැංකුවට ශාප වේවා. (දී)

:       0       0

මදුමනි සදමාලි, පිටකෝට්ටේ Thursday, 10 October 2013 10:30 AM

මේක නිසා ගොඩක් අසරණ වෙලා හිටිය තන්පතුකරුවෙක් ඊයේ මියගිහිල්ලා. මේකට හොද ප්‍රචාරයක් ලබාකරගන්නේ ඔබට හා ඔබේ දරුවන්ටත් අනුමෝදන් වන ලොකු පිනක්.මොකද ඔය තැන්පතුකරුවන් අතර බහුතරය වයස 55 ට වැඩි විශ්‍රාමිකයෝ. (දී)

:       0       0

විජිත බණ්ඩාර - මාලබේ Thursday, 10 October 2013 10:51 AM

මටනම් ඔය ලිපියේ ගොඩක් දේවල් තෙරෙනේ නැහැ. නමුත් ලියල තියෙන විදිහට ඇත්ත ඇති සැටියෙන් නොබියව කියල තියෙන බවත්, මහා බැංකුව වැඩ වැරැද්ද ගෙන කියලත් හිතෙනවා. (දී)

:       0       0

සනත් ජයසුරිය, මාතර Thursday, 10 October 2013 01:23 PM

හොදම ලිපියක්. නමුත් මගෙනම් මේකට කිසිම සම්බන්දයක් නැහැ.(දිල්)

:       0       0

චන්දන එගොඩවත්ත , මහනුවර Thursday, 10 October 2013 01:40 PM

ප්‍රථමවරට මහා බැංකුවේ කාර්යභාරය පිළිබදව මේ වගේ විද්වත් විග්‍රහයක් කිරීම ගැන සමීර අබේවර්ධන මහතාට තුති. මමත් නුවර පිළිගත් මුල්‍ය සමාගමක විධායක තනතුරක් දරනවා. ඔය කියන මහබැංකු අධීක්ෂණ කණ්ඩායම් අපේ සමාගමටත් වසරකට වරක් වගේ එනවා. එකේ ඉන්න තරුණ නිලධාරීන් නම් යම් වැඩකොටසක් කරනවා. නමුත් ජ්‍යෙෂ්ඨ නිළදාරීන් කිසිම වැඩක් නැහැ. නිකන්ම ඉදල කාලේ කාල දාලා යනවා.(දිල්)

:       0       0

නිල්මිණි තිසේරා, ඉතාලිය Thursday, 10 October 2013 02:21 PM

මගේ යාලුවෙක් ඉතාලියේ දහදුක් විදලා හම්බකරපු සේසතම ලංකාවට අව ගමන් මේකේ දාල දැන් එල්ලෙන්න වල නැතිව හුල්ලනවා. බලද්දී මේ මුල්‍ය සමාගම් හා මහබැංකුව දෙකම එකම ජාතියේ.(දිල්)

:       0       0

සෙනෙවි - කදාන Thursday, 10 October 2013 02:37 PM

මට තැන්පතුකරුවන්ගේ සංගමයේ අයෙක් කිව්වා මේ සමාගම කොච්චර කුටද කියනවනම් බිද වැටුණට පස්සේ මැයි 2013 දීත් මනුස්සයෙකුගෙන් ලක්ෂ 50 ක් තැන්පතු අරගෙන. මහා බැංකුව ඒ වගේ දේවල් වලක්වන්න ගත්ත ක්‍රියාමාර්ග මොනවද?(දිල්)

:       0       0

චමරි නිසංසලා - විජේරාම Thursday, 10 October 2013 03:20 PM

අනේ මේ ලිපිය කරුණාකරලා "සි අයි එෆ් එල් තැන්පතුකරුවන්ගේ සංගමයේ බ්ලොග් " එකට එකතු කරන්න. පින්සිද්ද වෙනවා. ගොඩක් අසරණ මිනිස්සු දැනුවත් වේවි.(දිල්)

:       0       0

හැඩී Thursday, 10 October 2013 03:44 PM

අනේ සනත් වගේම මගෙත් මේකට කිසිම සම්බන්දයක් නැහැ.(නදී)

:       0       0

පොදු ජනයා, සිරි ලංකාව Thursday, 10 October 2013 03:48 PM

අනේ සනත් අය්යේ, හඩ්සන් මාමේ ඇයි ඔහොම කියන්නේ ඔයලානේ අපේ විශ්වාසය ඇති කලේ ඔය කොම්පැනියේ සල්ලි දාන්න. අනේ අපිව දැන් තනි කරන්න එපා.(දිල්)

:       0       0

ට.ද.පද්මසිරි Thursday, 10 October 2013 08:07 PM

සල්ලි දැම්මේ මහබැංකුවේ ලියාපදිංචි නිසා. සල්ලි දැම්මේ මොකද කියලා දැන් අහනවා.මේ කරුණු ඉදිරිපත් කිරීම ඉතා හොඳයි. (නි)

:       0       0

සිරි පියවර්දන අත්තදස්සි හිමි Friday, 11 October 2013 08:08 AM

මේ ලිපිය ලියූ සමීර මහතාට හා පලකළ ලංකාදීප ඊ නිව්ස් කණ්ඩායමට ගොඩක් පින්. ලංකාදීප ඊ නිව්ස් මහතුනි, බලන්න මේ ලිපිය ජනතාවට කරන සේවය. වැඩි වැඩියෙන් මෙබදු ලිපි පළකරන්න. (නි)

:       0       0

තිලකසිරි , සාම විනිසුරු , රත්මලාන Friday, 11 October 2013 08:21 AM

ගරු ස්වාමීන් වහන්සේ සමග 100% එකග වෙමි. මේ ලිපිය පළකරන්න සම්බන්ධ වුණ සියල්ලෝම කරන්නේ "ජාතික සේවයක්". (නි)

:       0       0

විශාකා සුබසිංහ , හම්බන්තොට Friday, 11 October 2013 08:27 AM

අර කිව්වා වගේ ඔය නිලධාරීන්ට පෙනෙන්න මේ ලිපිය ඒකේ දොරේ අලවන්න තියෙන්නේ. (නි)

:       0       0

චාමර ද සිල්වා , මට්ටක්කුලිය Friday, 11 October 2013 08:38 AM

මට හිතෙන්නේ "මේ මුල්‍ය සමාගම" සම්බන්ධව මහා බැංකුව "පක්ෂපාති ප්‍රතිපත්තියක්" අනුගමනය කරනවා කියලයි. (නි)

:       0       0

සම්පත් Friday, 11 October 2013 09:03 AM

මේ රටේ නීතියක් නැද්ද? (නි)

:       0       0

තරිදු සේනානායක , කොට්ටාව Friday, 11 October 2013 09:05 AM

අපේ රටේ නීතිය කොපමණ දුර්වලද ? අර පෙර කියලා තිබුණා වගේ නැතිබැරිකමට පාසලට දෙන්න සල්ලි හොයන්න පොල් ගෙඩිය හොරකම් කරපු කුඩා දැරියක්ව උසාවි ගෙනා රටේ ඇස් පනාපිට දහස් ගණන් සාක්ෂි තිබෙන තැන්පත්කරුවන්ගේ රුපියල් මිලියන 3,300 ට වංචා කරපු අය අල්ලලා ඔවුන්ගේ වත්කම් රාජසන්තක කරලා තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්න ‍සමත් නීතියක් මේ රටේ නැති හැටි .....? (නි)

:       0       0

පොදු ජනතාව සිරි ලංකාව Friday, 11 October 2013 10:39 AM

මහා බැංකුව අපිට එපා, එපාමයි... (නි)

:       0       0

දමයන්ති දරීජු - මිනුවන්ගොඩ Friday, 11 October 2013 11:27 AM

සර් , ඔබට අපේ හදපිරි උත්තමාචාරය , අද අපි දහදිය මහන්සියෙන් උපයු අපේ මුදල් ගැන , අපේ දුක ගැන , අපේ ජීවිත ගැන, අපේ අනාගත සිහින ගැන කතා කිරීමට කිසිවකුත් නැති තැන , ඔබ ඔබේ පෑන අභිතව හසුරුවා ඇති ආකාරය විශිෂ්ටය. (ස)

:       0       0

සල්මලී Friday, 11 October 2013 12:52 PM

" අභයවර්දන මහතා" - ඔබටම ගැලපෙන "නමක්" ඔබගේ දෙමාපියන් තබා ඇති බව පේනවා. අපගේ ආශීර්වාද සමග ඔවැනි "දැනුවත් කීරීම් අඛණ්ඩව සිදු කරන්න. ඔබට ජය හා ධෛර්යය.(අ)

:       0       0

සුධීර Friday, 11 October 2013 01:18 PM

මහා බැංකුවට මෙදා පාර සෙල්ලම් කරන්න බැරිවෙයි. මොකද "සි. එෆ් .ඇෆ. ඇල් තැන්පතුකරුවන්ගේ සංගමය " ගොඩක් ශක්තිමත් බව පේනවා. උගත් ජනතාව ඔවුන් සමග ඉන්නවා. හොදම දේ තමා අර ලිපියේ කියනවා වගේ රුපියල් බිලියනයක් මහා බැංකුවෙන් දාල මේක ගොඩ අරන් රටටත් යහපතක් කරලා මහා බැංකුවේ ජාම බේරගන්න එක. (අ)

:       0       0

බ්‍රියටිස් විදානපතිරණ - මාබෝල Friday, 11 October 2013 02:34 PM

මේ ලිපිය ලිව්වා මහත්තයව මහා බැංකුවේ ඔය කියන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා කරලා දැම්ම නම් මීට වඩා හොද සේවයක් කරාවි කියල හිතෙනවා.(දිල්)

:       0       0

පෙරේරා එම්.ඩී.එස් බටුවත්ත Friday, 11 October 2013 02:45 PM

මමත් විශ්‍රාමික තැන්පතුකරුවෙක්. මම මට ලැබුණු ඊ.පි.එෆ්. එක මගේ මෝඩකමට ඔකේ දැම්ම. මම දැන් හැම දවසකටම දෙතුන් පාරක් මහබැංකුවේ ඔය කියන අංශයට කෝල් කරනවා. ඒවාට උත්තර දෙන විදිහෙන්ම ඔය නිලදාරීන්ගේ " වගකීමේ තරම" හිතා ගන්න පුළුවන්. ඒවගේම තමා නිකමට හවස 4 ට පස්සේ කෝල් කලොත් කව්රුවත් නෑ උත්තර දෙන්න.(දිල්)

:       0       0

උපාලි Friday, 11 October 2013 03:01 PM

විනිසුරු: තමුන්ගේ මුල්‍ය සමගම ගැන ඉතා දැඩි විශ්වාසයක් තියල මුදල් තැන්පත් කල මේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කරන්න ඇයි තමන් හිතුවේ? අධ්‍යක්ෂ: ඒක හරි කතාවක්නේ ස්වාමීනි, අපි ගැන විශ්වාසය තියල තැන්පත් කරපු අයගේ සල්ලි මිසක් අපි ළඟ තැන්පත් නොකළ මිනිස්සුන්ගේ සල්ලි කොහොමද අපි වංචා කරන්නේ? (ස)

:       0       0

සුගත් - බඩල්ගම Friday, 11 October 2013 03:04 PM

පෙරේරා මහතා හරි. උදේ 8.30 - හවස 4 ට සිමා වුනු "සේවයක් ?" කරන නිලධාරින්ද ? මේ අපේ රටේ "මුල්‍ය අංශයේ ස්ථාවරත්වය " රැකගන්න ඉන්නේ ? මොන විහිලුවක්ද ? (ස)

:       0       0

තිලිනි මදුවන්ති Friday, 11 October 2013 04:26 PM

හරි පුදුමයි . මම කවදවත් හිතුවේ නැහැ මෙතරම් නීති ගොඩක් තියෙනවා කියල මුල්‍ය සමාගම් අධීක්ෂණය කරන්න.මෙච්චර හොදට නීති රීති හදල තියෙද්දී ඕකවත් හරියට කරගන්න බැරි නිලදාරී කාණ්ඩයක්ද ඔය මහා බැංකුවේ ඉන්නේ. අහන්නත් ලැජ්ජයි.(අ)

:       0       0

ප්‍රියංකර තේවත්ත, රාගම Friday, 11 October 2013 05:25 PM

මොන අපරාධයක්ද? අවරුදු 3 ක් දිගටම නීති උල්ලංඝනය කරද්දී මහා බැංකුව බලා සිටියේ ඇයි? ඔය පිළිබදව මහ ජනතාව පොඩ්ඩක් හරි දැනුවත් කළා නම් අද කී දෙනෙක්ගේ සල්ලි ඉතුරුද? අයියෝ! එහෙනම් මගේ සල්ලි ටිකත් අද මා ළග. (නි)

:       0       0

දොස්තර . ඩන්කන් කොරයා පවුල , කේම්බ්‍රිරිජ් ප්ලේස් . Friday, 11 October 2013 06:00 PM

සමීර, අප ඔබව හොදින් හදුනනවා. මෙවන් අවස්ථා වලදී ඔබ හැසිරෙන ආකාරය , ඔබගේ ආකල්ප , නොබියව අනුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන ආකාරය අප මහත් සේ අගය කරනවා. ඔබට ජය හා සතුට..! (නි)

:       0       0

අහිංසක තැන්පත්කරුවෙක් Saturday, 12 October 2013 01:49 AM

මෙය පමණක් නොවේ, මුල්‍ය සමාගම් කිහිපයක් සහ සක්විති වැනි ලෝක හොරුන්ට අනුබල දුන් අයට සහ නිලධාරීන්ට ශාපයක්ම වේවා! මෙම මුදල් වලට වුණේ මොනවාද කියා දන්නෝ දනිති. (නි)

:       0       0

සමන්ත Saturday, 12 October 2013 12:19 PM

මෙය ඉතා හොද කාලීන ලිපියක්. අනෙක් සමාගම් ගැනත් මේ වගේ විස්තර ඉදිරියේදී පළකරන්න. අපිට වැදගත් වෙනවා (නි)

:       0       0

ලුම්බිණි Saturday, 12 October 2013 04:02 PM

මහා බැංකුව කියන එකට ඉස්සර කාලේ හොඳ නමක් තිබුන ස්වාධීන ආයතනයක් වශයෙන් වැදගත් සේවයක් කරමින් තිබුන නිසා. ඒත් කාලයාගේ ඇවෑමෙන් ඒකත් අනෙක් රජයේ දෙපාර්තමේන්තු වගේම අකාර්යක්ෂම ආයතනයක් උනා. එදා කාලේ මහා බැංකු අධිපතිවරුන් වශයෙන් කටයුතු කල අය අපට මතකයි. කණගාටුව තියෙන්නේ මෙවන් ආයතන සහ නිලධාරීන් නිසා සාමාන්‍ය මිනිසුන් කරදරයට පත් වෙන එක ගැන. (දිල්)

:       0       0

කර්ත්ලිස් Sunday, 13 October 2013 09:04 PM

අර දෙහිවල පැත්තෙත් තියනවා මේ වගේ ආයතනයක්. ඒක ටැබ් දීලා මිනිස්සුන්ගේ 60,000 කට විදිනවා, තව ටික දවසකින් ඒකත් මේ වගේ වේවි.(නදී)

:       0       0

අශාන්ති - ජ'පුර සරසවිය Monday, 14 October 2013 08:47 AM

ඉගෙනගන්න නම් කියාපු තැන "මහ බැංකුව". මගේ යාලුවෙකුගේ මාමා කෙනෙක් වැඩ කරනවා. වැඩ කරනවා කිව්වට අවරුදු ගානක ඉදලා පිටරට ඉගෙන ගන්නවා. අවරුද්දකට දවස් දහයක්වත් ලංකාවේ මිනිස්සුන්ට සේවයක් කරන්නේ නැහැ මගේ හිතේ. (නි)

:       0       0

සුනිල් - වේයන්ගොඩ Monday, 14 October 2013 09:05 AM

මම හදිසියෙන් මේ ලිපිය දැක්කේ. ඇත්තටම හොද ලිපියක්. මම අවුරුදු ගානක් මහා බැංකුවේ "මාණ්ඩලික නොවන නිලධාරියෙක් " විදිහට වැඩ කර වී . ආර්. එස් එකකින් විශ්‍රාම ගියා. මහා බැංකුව තමන්ගේ නිලධාරීන් පුහුණු කරන්න වියදම් කරන මුදල මේ කාටවත් හිතා ගන්නවත් බැහැ. නමුත් අපට අවබෝධයක් තිබෙනවා. ඇත්තටම මට හරිම කලකිරීමක් ඇති වෙනවා මහා බැංකුව විදෙස් රටවල පුහුණුවට යවන ගොඩක් නිලධාරීන් නැවත ලංකාවට එන්නෙත් නැහැ. (නි)

:       0       0

පොදු ජනතාව - සිරි ලංකාව Monday, 14 October 2013 09:23 AM

ශ්‍රී ලංකාවාසී ජනතාවනි , ඔබ ඔබේ ජන්දය භාවිතා කළ යුතු වන්නේ අඩු වශයෙන් ඔබ අන්ත අසරණ අවස්ථාවකදී ඔබ වෙනුවෙන් වචනයක් හෝ කතා කළහැකි උදාර මිනිසුන් වෙනුවෙනි. ඔබට මේ රටේ දැන් කළහැක්කේ "ශාප කිරීම " පමණකි. (නි)

:       0       0

හෙන්රි - රාජගිරිය Monday, 14 October 2013 10:02 AM

මහා බැංකුවේ ඔය කියන "උගත් නිලධාරී රොත්තම" මේ වගේ දැනුවත් මනුස්සයෙකුට කියලා පුහුණු කළා නම් හොද නැද්ද? (නි)

:       0       0

ජයශාන්ත - මෙල්බන් Monday, 14 October 2013 10:40 AM

මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියැවූ විට මම හිතා සිටි උපකල්පනයක් ස්ථීර කරගන්න පුළුවන් වුණා. "මහා බැංකුවේ උගතුන් සිටින්නේ වී නමුත් " බුද්ධිමතුන් " නොමැත.ඔවුන් ප්‍රයෝගිකද නැත. (නි)

:       0       0

ජගත් Monday, 14 October 2013 11:22 AM

කරන දේ හරියට කරන්න තිබුණනේ උඩ බලාගෙන කෙළ ගහනවට වඩා (නි)

:       0       0

හර්ෂි Monday, 14 October 2013 01:04 PM

ඔච්චර විග්‍රහ කරලත් මේකේ තවත් සල්ලි දැම්මොත් ඉතින් කරන්න දෙයක් නැහැ (නි)

:       0       0

යොහාන් Monday, 14 October 2013 01:25 PM

මෙහෙමත් රටක්! කූට ව්‍යාපාරය කළ අය පැත්තක. ඔවුන්ට කවුරුවත් ශාප කරන්නේ නැහැ. මහ බැංකුව තමයි ඔක්කොටම වැරදි. (නි)

:       0       0

හපුආරච්චි - මිරිස්වත්ත, ගම්පහ Monday, 14 October 2013 01:43 PM

දැන් සතියකට විතර පෙර මහබැංකුව උජාරුවට ප්‍රකාශයක් කරලා තිබුණා." පසුගිය අවුරුදු 7 තුලදී කිසිම මුල්‍ය සමාගමක් කඩාවැටී නැත " කියලා. ඇත්තම තමා, ඒ ගොඩනැගිලි එහෙමම තියෙනවා. තැන්පතු කරපු අපේ ජීවිත හා බලාපොරොත්තු නේන්නම් කඩා වැටිලා තියෙන්නේ. අනේ , මහා බැංකුවේ උගත් නිලදරුවනි, කියන්න මට ඔවැනි ප්‍රකාශ වලට අපි හිනාවෙන්න ඕනෑ මොන පැත්තෙන්ද? (නි)

:       0       0

සුකුමාරන්, අලිමංකඩ Monday, 14 October 2013 02:16 PM

උතුරු පළාතේ නම් මීට පස්සේ මේ වගේ අසාධාරණ කම් වුනොත් අපේ මහා ඇමතිතුමාට කියල නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. බල පුලුවන්කාරයන්ට මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්ට දෙන් නෑ. (ස)

:       0       0

ලසන්ත - මාදම්පේ Monday, 14 October 2013 03:01 PM

ඉස්සර මහා බැංකුව කියන්නේ මිනිස්සු කොච්චර ගරු කරන තැනක්ද ? දැන් හැමදේම "දේශපාලනකරණීය " වෙලා. "ස්වාධීනත්වය" කියන වචනයේ මුල් අකුරු දෙකම නැතිවෙලා. "ආර්ථික ස්ථාවරත්වය" රැකීම හා "මිල ස්ථාවර කිරිම" කියන අරමුණු " සල්ලි අච්චු ගැසීම" හා "කඩේ යාම" යන තත්ත්වයට ලඝු වෙලා. (නි)

:       0       0

නිශාන්ති බාලසුරිය Monday, 14 October 2013 03:34 PM

ලියාපදිංචි මුල්‍ය සමාගම් වල තැන්පතුකරුවන්ගේ "ශෝකාලාපය" " දැමු මුදලත් නැතිවා - කියූ පොලියත් නැතිවා කියන්න කෙනෙකුත් නැතිවා - අහන්න කෙනෙකුත් නැතිවා මෙලෙස කල් ගත වී - වයසක අප මල විටදී මහා බැංකුවේ උතුමනි - සාන්ගීක දානයක් දෙනු මැන අප සියලු දෙන සිහිකර ..... (ස)

:       0       0

බර්නාඩ් Monday, 14 October 2013 04:08 PM

මමත් අවුරුදු 59ක විශ්‍රාමිකයෙක්. මම නම් මේකේ සල්ලි දාලා නැහැ. නමුත් මට හොදට තේරෙනවා ඕකේ සල්ලි දාලා ලැබෙන පාටක් නොපෙනෙනකොට ඒ අයගේ මානසික මට්ටම. ඒ වගේම මම මේකේ තැන්පත්කරුවන් දාල තිබෙන ඔක්කොම අදහස් කියෙව්වා. කොච්චර දුක්මුසුද? මේ වගේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න නොහැකිව ඒ වගේ මොනතරම් ශෝකාන්ත සැගවිලා ඇතිද? ඕවට අදාල වැරදිකරුවන්ට මේ රටේ නම් දඩුවම් ලැබෙන්නේ නැහැ, මොකද ඔවුන් බලවතුන් නිසා. නමුත් ඔවුන්ට දෛවය දඩුවම් දේවී (නි)

:       0       0

පියමාල්, කලගෙඩිහේන Monday, 14 October 2013 04:44 PM

කාගේත් දෙනෙතට විමතිය නංවමින් "ආශ්චර්යය මාවතේ" ඉදිරියට පියනගන මහ බැංකුවට අපගේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

ප්‍රියදර්ශනී , සීදුව Monday, 14 October 2013 05:29 PM

මහා බැංකුවට යන පාර දෙපැත්තේම මේ ලිපිය ෆොටෝ කොපි ගහලා ඇලෙවුවා නම් කදිමයි. කඩුවක් වගේ පුවත්පත්වේදියෙක් ලියලා තියෙන්නේ කියලා පේනවා (නි)

:       0       0

සිරිකුමාර Monday, 14 October 2013 06:41 PM

"අපට කන්න දෙනවානම්, අපට බොන්න දෙනවානම්, මොන කෙංගෙඩියද තව ඕනෑ කියන්නේ? ඕනෑ දෙයක් කියන හැටියට කරන්නම් අපේ කටට ලෝදිය ටික හැලෙනවා නම් ?......." (නි)

:       0       0

හිරාන් වැලිවේරිය Monday, 14 October 2013 06:58 PM

අභීත පුවත්පත් කලාවේදීතුමනි , රතුපස්වල අපේ හාමුදුරුවන්ට වගේ වෙස් පෙරළියක් ඔබතුමාට සිදු නොවේවා කියා , සාධාරණ සමාජයක් වෙනුවෙන් අප සියලු දෙනා ප්‍රාර්ථනා කර සිටිමු. අවසානය දක්වා සාධාරණය වෙනුවෙන් ඔබගේ පෑන මෙහෙයවීමට ඔබට සියලු ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සම්පත් බණ්ඩාර , මහජන බැංකුව Tuesday, 15 October 2013 08:08 AM

යොහාන්, මොවුන් මහා බැංකුවට ශාප කිරීම සාධාරණය. මක්නිසාද යත් "ලියාපදිංචි මුල්‍ය සමාගම් වල" සිටින අධ්‍යක්ෂක මණ්ඩල ඇතුළු විධායක නිලධාරීන් මහා බැංකුව විසින් පනවා ඇති නීති රීති රාමුව තුල ක්‍රියාත්මක වෙමින් "තැන්පතුකරුවන්ගේ හිමිකම් " තහවුරු කරන බවට වූ වගකීම මහා බැංකුව සතු වන බැවිනි. මේ නිසාය රජය විශාල පිරිවැයක් දරමින් ඉහත සදහන් පරිදි වෙනමම දෙපාර්තමේන්තුවක් මහා බැංකුව තුළ "ලියාපදිංචි මුල්‍ය සමාගම්" අධීක්ෂණය සදහාම පිහිටුවා ඇත්තේ. (නි)

:       0       0

අරවින්දි ඕෂධී , කොළඹ සරසවිය Tuesday, 15 October 2013 08:24 AM

මෑත කාලයේ මා දකින බරපතලම "සමාජ අසාධාරණ" දෙකක්, එසේ නැතහොත් " මානව හිමිකම් කඩකිරීම් 2 ක් වන්නේ ජලය වෙනුවෙන් තවමත් මහත් වූ අරගල කරන අසරණ "රතුපස්වල ජනතාව" හා තමන් දහදිය මහන්සියෙන් හම්බකොට ඉහත ලියාපදිංචි මුල්‍ය සමාගමේ දමා ඒ වෙනුවෙන් අද සියලුම වගකිවයුත්තන්ගෙන් යුක්තිය යදින මේ අසරණ "ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ය." (නි)

:       0       0

චමිල ප්‍රසාද් - වල්පිට Tuesday, 15 October 2013 12:20 PM

මේ ලිපිය කියවන සියලු දෙනා කරුණාකර "සි අයි එෆ් එල් තැන්පතුකරුවන්ගේ සංගමයේ බ්ලොග් " එක බලන්න. " මහා බැංකුවේ නිරුවත " ඔබට කදිමට පෙනේවි.(දිල්)

:       0       0

නලීන් Tuesday, 15 October 2013 02:31 PM

බොහෝ මහා බැංකු අධ්‍යක්ෂකවරු විශ්‍රාම යාමෙන් පසු මුල්‍ය ආයතන වල ඉහල රැකියා වලට යනවා. මෙය කලින් කල උදව් වලට ප්‍රති උපකාර කිරීමක්ද සැක සහිතයි. කවුරු කෙසේ කීවත් මෙම මුල්‍ය ආයතන අධීක්ෂණය කිරීමට මහා බැංකුව අසමත් වෙලා තියෙන්නේ. අහිංසක ජනතාව තමාගේම මිනුම් දඩු පාවිච්චි කල යුතුයි. විශාල වශයෙන් වෙළඳ දැන්වීම් දාලා මහා වියදම කරන මුල්‍ය ආයතන වලින් පරිස්සම් වන්න... (ස)

:       0       0

අප්සරා නදීකා Tuesday, 15 October 2013 03:08 PM

වල්පල්, වැල්වටාරම් මේකේ නැහැ."අදහස්" ටික බැලුවත් ඇති සෑහෙන දෙයක් ඉගෙනගන්න. ලංකාදීපයට අපේ තුති මල්. (නි)

:       0       0

දිමුතු රණවක Tuesday, 15 October 2013 05:23 PM

මේ වගේ හොද හෙළිදරව් කිරීම් කරන ලිපි වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ ඔය වගේ සමාගම් වල මුදල් ආයෝජනය කරන අන්තර්ජාලයට පිවිසිලා දැනුම ලබාගන්න අවකාශයක් හෝ හැකියාවක් නොමැති සාමාන්‍ය මහ ජනතාවටයි. ඒ නිසා මම යෝජනා කරනවා "ලංකාදීපයට" කරුණාකර මේක "ඉරිදා ලංකාදීප" හෝ "සන්ඩේ ටයම්ස්" වගේ පත්තරයකටත් දමන්න කියලා. (නි)

:       0       0

කාන්චනා Tuesday, 15 October 2013 05:52 PM

මෙච්චර බරපතල "ද්‍රවශීලතා ගැටළු" හා "විධිවිධාන උල්ලංඝනය කිරීම්" තිබෙද්දී ඇයි දෙයියනේ මහා බැංකුව මේකේ බලපත්‍රය 2013 වසරටත් අලුත් කළේ? තේ කඩයක්වත් කරන්න පුලුවන්ද අද කාලේ "ද්‍රවශීලතා ගැටළු" තියාගෙන ? අනේ මම වගේ සාමාන්‍ය පෙළ යන්තම් පාස් කෙනෙකුට තේරෙන දේ ඔය ලොකු ලොකු "පණ්ඩිතයන්ට" නොතේරුණේ ඔය තැන්පත්කරුවන්ගේ අවාසනාවට. (නි)

:       0       0

පණ්ඩුක Wednesday, 16 October 2013 08:35 AM

ඉතිහාසය පිරික්සීමේදී සැමදාම මෙබදු ලියාපදිංචි මුල්‍ය සමාගමක් බිදවැටුණු විට සිදුව ඇත්තේ ඊට වගකිවුතු ප්‍රධාන පාර්ශව 2 වන එහි අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළත් ඉහළ කළමනාකරණය හා මහා බැංකුව මාස කිහිපයක ඇනුම් බැනුම්, චෝදනා ලබා නඩු වාර කිහිපයකට පෙනී සිට ඉන් නිදහස්වීමය. ඔවුන්ට කිසිම මුල්‍යමය අලාභයක් සිදු නොවේ. අවසානයේදී අසරණ තැන්පත්කරුවන්ට කඩින්කඩ ඉතා අඩු පොළී අනුපාත යටතේ ඔවුන්ගේ මුදල් අවුරුදු ගණනාවක් තුළදී ලබාදේ. බලන්න මෙය කෙතරම් අසාධාරණද? මෙම ක්‍රමය වෙනස් කළ යුතුය. (නි)

:       0       0

කරු - ගුරුකුලාව Wednesday, 16 October 2013 08:50 AM

සම්පත් බණ්ඩාරගේ කතාව හරියට හරි. ඔය 70 ක් ඉන්නවා කියන දෙපාර්තුමේන්තුවට අධීක්ෂණය කරන්න තියෙන්නේ ලියාපදිංචි මුල්‍ය සමාගම් 47 ක් පමණයි. මේකෙනුත් 80% විතර පොඩි පොඩි මුල්‍ය සමාගම්. අර කිව්වා වගේ ඔතන තියෙන්නේ "උනන්දුවක් නැතිකම හා ජාතික වගකීම පිළිබද කැක්කුමක් නැතිකම" (නි)

:       0       0

මාන්නප්පෙරුම Wednesday, 16 October 2013 08:57 AM

ඇත්ත පණ්ඩුක, මෙනිසා තමයි ඔය කිව්ව පාර්ශව 2 කිසිම බයක්, වගකීමක් නැතුව කටයුතු කරන්නේ. (නි)

:       0       0

චතුරිකා - ජපුර' සරසවිය Wednesday, 16 October 2013 09:03 AM

නිකමට හිතලා බලන්න. කවදාවත් අපට ආරංචි වෙලා නැහැ , මහා බැංකුවේ ඔය දෙොර්තමේන්තුවල ඉන්න නිලධාරීන් ඔය මුල්‍ය සමාගම් වල මුදල් තැන්පත් කරනවා කියලා. තමන්ගේ අධීක්ෂණය පිළිබද හොද විශ්වාශයක් තිබෙනවා නම් ඔවුන්නේ ඕවායේ මුලින්ම මුදල් තැන්පත් කරන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රියදර්ශන Wednesday, 16 October 2013 11:21 AM

ඉතා හොඳ ලිපියක්. හොඳින් දැනුවත් වුනා... (ස)

:       0       0

හංසිකා දිලානි - මොරටුව Wednesday, 16 October 2013 11:32 AM

"පුවර් ඩිපොසිට් හෝල්ඩර් " ට මේල් කරන්න කිව්වට මොකද මේ ලියපු කොල්ලා නම් (නමේ හැටියට කොල්ලෙක් වෙන්න ඕන..) දැනුමෙන් ගොඩක් පෝසත් වගේ පේනවා. මගේ "අදහස් " කියන්න මට ඔයාගේ "ටෙලිපොන් නම්බර් " එක දෙන්න පුලුවන්ද ? කරුණාකරලා. (ස)

:       0       0

චතුරිකා - ජපුර' සරසවිය Wednesday, 16 October 2013 11:58 AM

හංසි කියන එක ඇත්ත . "පුවර් ඩිපොසිට් හෝල්ඩර් " ට කොච්චර මේල් කලත් ප්‍රතිචාර නැහැ. අපට ඔයාගේ "ටෙලිපොන් නම්බර් " එක දෙන්න පුලුවන් නම් අපේ අදහස් ඔයත් එක්ක ෂෙයා කරන්න වගේම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. (ස)

:       0       0

යාපා - නිකවැරටිය Wednesday, 16 October 2013 12:22 PM

අදහස් පළ කරපු ලසන්ත, සම්පත් බණ්ඩාර, අරවින්දි , පණ්ඩුක යන අයගේ කටේ "මසුරන්" දාලා අර යොහාන් කියන හාදයාගේ කටේ "මැටි ගුලියක් දැම්ම නම් හරි. (ස)

:       0       0

ජාගොඩ Wednesday, 16 October 2013 12:57 PM

පේනවා නේද ? අර රජ කාලේ මිනිහෙක් " මී කුණකිනුත් ගොඩ ගියා වගේ "ගොඩ යන කොල්ලෙකුට "ලිපියක් ලිව්වත්" ඇති. ඒත් මේවා බැරි අපි හැමදාම වේලෙනවා. අයියෝ, සංසාර චක්කරේ. (ස)

:       0       0

සුභාෂන - වත්තල Wednesday, 16 October 2013 01:46 PM

හංසිකා නංගි, චතුරිකා නංගි , මටත් මේ වගේ හොඳට ලියන්න පුළුවන් , මටත් දැනුම තියෙනවා, මගේ නමත් ලස්සනයි නේද ? මගේ වයස අවුරුදු 22 යි. මොකද කියන්නේ මගේ "ටෙලිෆෝන් නම්බර් " එක දෙන්නද ? (ස)

:       0       0

රවින්ද්‍ර - හික්කඩුව Wednesday, 16 October 2013 03:39 PM

මේක ලියපු මහත්තයයි අර හේමා සේනානායක කියන මහත්තයයි එකතුවෙලා ලිව්වා නම් එතුමන්ලාගේ පෑන් වලින් මේ අසාධාරණයේදී සෑහෙන වැඩ කොටසක් අසරණ වුනු තැන්පතුකරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් වේවි. (ස)

:       0       0

විමලසේන දරීජු Wednesday, 16 October 2013 04:18 PM

අනේ අපි මේ නිසා අන්ත අසරණ වුනු ජේෂ්ඨ පුරවැසියෝ. අපේ සල්ලි නැවත අපට ලබාගන්න (පොලිය නැතත් කමක් නැහැ) මේ මහත්තුරුන්ට මොනවා හරි කරන්න පුළුවන් නම් ගොඩක් පින්. මහා බැංකුවට "කෝල් " දීල ඇති රුපියල් 4,000 - 5000 විතර මේ අවුරුද්දේ . කිසිම වැඩක් නැහැ . හැමදාම එකම උත්තරේ . " අපි ඒක සලකා බලන් යනවා". අපිට කියන්න කිසි කෙනෙක් නැහැ. කොටින්ම කියනවා නම් අපිට සැනසිල්ලේ මැරෙන්න ලැබෙන එකක් නැහැ. (අ)

:       0       0

අතුල Wednesday, 16 October 2013 08:33 PM

මේ සියල්ලේ වගඋත්තරකරු කවුදැයි දන්නවනේ ඉතින් (නි)

:       0       0

ප්‍රියන්ත - නීති විද්‍යාලය Thursday, 17 October 2013 08:08 AM

අද උදේ එද්දී "බැලුම්ගලට" සවන් දුන්නා. පුදුම හිතෙනවා රටේ සෑම දෙයක්ම හැදිලා තියෙන්නේ "දේශපාළුවන්ව" සතුටු කරන්න. යුද්ධය නිම වුවත් මේ රටේ අහිංසක සාමාන්‍ය ජනතාවට එහි ප්‍රතිලාභ කිසිම දිනක නිසි පරිදි නොලැබේවි මේ "දේශපාලුවා" කේන්ද්‍ර කරගත් ක්‍රමය තිබෙනකම්. (නි)

:       0       0

උදයන්ති , නාවල Thursday, 17 October 2013 08:24 AM

ඉක්මන් හා ක්ෂණික ප්‍රතිකාර අවශ්‍යකර තිබේ. "කොන්ද කඩා දැමු පොලිසියකට, දෙඇස් අන්ධ වූ මහ බැංකුවකට, අංශභාගය හැදුනු නීති පද්ධතියකට, අධික ලෙස නිදිපෙති පානය කළ විපක්ෂයකට හා මේ සියල්ලෙන් මහත් අසහනයට පත්ව ඇති මොවුන්ව බලාකියා ගන්නා "පොදු ජනතාවට". ..... (නි)

:       0       0

බුද්ධිකා Thursday, 17 October 2013 08:58 AM

අනේ පව් මේ අසරණ වයසක මිනිස්සුන්ට. මොකද නැති‍චූ සල්ලි හම්බ කරන්න කියලා නැවතත් රැකියාවක් කරන්න කියලද? (නි)

:       0       0

රත්නායක - යක්කල Thursday, 17 October 2013 02:20 PM

මෙම ප්‍රශ්නයේදී මහා බැංකුවට පමණක්ම චෝදනා කිරීම සාධාරණ නැහැ. වරද 50 % 50 % මහා බැංකුව හා මුල්‍ය සමාගමේ සිටි අධ්‍යක්ෂක මණ්ඩල ඇතුළු විධායක නිලධාරීන් අතර බෙදී යා යුතුය. නමුත් සිදු වන්නේ අවසාන සියල්ල්ලෝම "බබාලා" බවට පත්වීමය. ඔය නිලධාරීන් බොහොමයක් "වෘත්තිමය සුදුසුකම් " ලැබූ එකී "වෘත්තිමය ආයතනවල " සාමාජිකත්වය ලද අය වෙති. නීතිය හැබෑ නම් කල යුත්තේ මොවුන්ගේ "වෘත්තිමය නොසැළකිල්ල" මත පිහිටා කිසියම් කාලයකට ඔවුන්ගේ "සාමාජිකත්වය" අත් හිටුවීමය. (ස)

:       0       0

මඩුගල්ල - මහනුවර Thursday, 17 October 2013 03:04 PM

රත්නායක මහතා සමග 100% එකග වෙනවා. නිදසුනක් වශයෙන් මෙම ප්‍රශ්නයේදී "වෘත්තිමය නොසැළකිල්ල" දැක්වූ සියලු "වරලත් ගණකාධිකාරීන්ගේ "ආශ්‍රිත සාමාජිකත්වය" අවම කාලයකට අත් හිටුවීමට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය පියවර ගතයුතුය. එවිටය "වෘත්තිමය සධම්බරත්වය " රැකෙන්නේ.(දිල්)

:       0       0

ප්‍රසාද් Sunday, 20 October 2013 03:00 PM

වටිනා ලිපියක්. මහ බැංකුව මෙම ගැටලුව දන්නවා. නමුත් ක්‍රියාත්මක වීමක් නැති බැවි පේනවා . හෙලිදරව්ව පිලිබදව ක්‍රියාත්මක වේවි. මහජන වැටුප් ලබන මහා බැංකු නිලදාරීන් වෘත්තිමය වගකීම් ඉටු නොකිරීම රටේ අවාසනාව. මුදල් තැන්පත් කරුවන්ට වැරදි නැහැ. අදාල නීතිය හරියට ක්‍රියාත්මක උනා නම්.(නදී)

:       0       0

මහගෙදර, හගුරන්කෙත Monday, 21 October 2013 08:08 AM

මට ඒ -නිව්ස් කණ්ඩායමෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙචචර ගොඩක් බලලත් ඇයි මේ "ලිපිය" තාම "ජනප්‍රිය " ලිපිවලට වැටිලා නැත්තේ ?(නදී)

:       0       0

සුසන්ත Monday, 21 October 2013 08:27 AM

මහා බැංකුවේ කාර්ය මගහැරීම පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට සංවිධානය වෙමු. (නි)

:       0       0

විජේගුණවර්ධන - කොලොන්නාව Monday, 21 October 2013 11:47 AM

ඉතාම හොඳ ලිපියක්. වෙනස්ම පැති කඩකින් කෙරුණු වටිනා හෙළිදරව් කිරීම් රැසක්. දිගටම මෙබඳු ලිපි පල කරන්න. (ස)

:       0       0

කමල් රත්නදිවකාර - පානදුර Monday, 21 October 2013 12:36 PM

මෙබඳු "කාලෝචිත" එසේම "දස දහසකට " වැඩි පිරිසකගේ දැවෙන ජීවිත හා බලාපොරොත්තු " පිළිබඳ නොකිවූ , නොලිවු කතාවක් හඩ ගා කියන මෙවන් ලිපියකට අපේ උත්තමාචාරය. (ස)

:       0       0

සුපුන් වික්‍රමාරච්චි - ආරච්චිකට්ටුව හලාවත Monday, 21 October 2013 02:43 PM

ඉතා හොද දැනුවත් කිරීමක්. මහා බැංකුවේ, උගත් නිලධාරීනි, කරුණාකර ඔබෙන් ලක්මව බලාපොරොත්තු වෙන යුතුකම අඩුවක් පාඩුවක් නැතිව ඉටු කිරීමට දැන්වත් සිතට ගන්න. (නි)

:       0       0

දාබරේ . යුනියන් ප්ලේස් , කොළඹ Tuesday, 22 October 2013 10:53 AM

අසරණ වූ තැන්පතුකරුවනි, බිය නොවන්න, අ‍ධෛයමත් නොවන්න. මහා බැංකුවට චෝදනා නොකරන්න. මන්දයත් නොබෝ දිනකින් ඔබට මේ අහිමි වූ සියලු මුදල් පොලියත් සමග ලබා ගැනීමට මහගු අවස්ථාවක් උදාකර දෙනු ඇත. ඔව් "කැසිනෝ" , ඔබ එනතෙක් මේ අසරණයන් බලාසිටී. (නි)

:       0       0

එච් . එම් . ඒකනායක , කිරිල්ලවල , කඩවත. Wednesday, 23 October 2013 12:56 PM

මේකට මහා බැංකුවට බැනලා වැඩක් නැහැ. මහා බැංකුවේත් ඉන්නේ හොදට කන බොන මිනිස්සු. තැන්පත්කරුවෝ දැනගන්න ඕනෑ සල්ලි දාන්න පෙර හොදට අදාල සමාගම ගැන පර්යේෂණ, අධීක්ෂණය කරලා , මුල්‍ය සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල ඇතුළු විධායක නිලධාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා , ගිණුම් වාර්තා, විගණක වාර්තා මාස ගණනක් අධ්‍යයනය කරලා , අධ්‍යක්ෂක මණ්ඩලය ගැන "සි.අයි.ඩි" එකෙනුත් අහලා මුදල් දමන්න. (නි)

:       0       0

අජිත් Thursday, 24 October 2013 09:31 AM

ඔව් , ඒකනායක මහතා සමඟ 100% එකඟ වෙනවා. මහා බැංකුවට ඔය ඔක්කොම කරන්න බැහැ. ලොකු බිස්නස් කාරයෝ ගැන බලන එක මහා බැංකුවේ "ජාතික වගකීමක්" . එතකොට තමා රටක් වශයෙන් අපට ඉදිරියට යන්න පුළුවන්.ලොකු බිස්නස් කාරයෝ සුරක්ෂිත වෙනකොට ඔය "පොඩි පොඩි මිනිස්සු "නිකන්ම රැකෙනවා. (ස)

:       0       0

ප්‍රියා Friday, 25 October 2013 03:00 AM

සමාජවාදය, ධනවාදය, අතරට ප්‍රජාතන්ත්‍රවාදය ආවා.ඒ වෙනුවට අද තියෙන්න ත්‍රස්තවාදය හා පවුල්වාදය. මහා බැංකුවත් දැන් බලවතුන්ගේ, මුල්‍ය සමාගම් විතරක් නොවෙයි, සමස්ත බැංකු පද්ධතියම බිදවැටිල ඇති. රටක් නගරයක් ආයතනයක් පාලනය කළ යුතු බුද්ධි මණ්ඩලයක් කතිරය ගහලා අපිමයි මේ විදවන්නේ. (නි)

:       0       0

ලාල් කැන්ඩි Sunday, 27 October 2013 12:02 PM

මේකෙන් කියන්නේ රාජ්‍ය බැංකු වල විතරක් මුදල් තැම්පත් කරන්න කියලද. (දිල්)

:       0       0

කුසල් කරුණාදාස , වැලිමඩ Tuesday, 29 October 2013 01:42 PM

සමීර,නියමයි. මේ කරන වැඩේට අපේ උපරිම සහාය දෙනවා. (නි)

:       0       0

චුලා ද සිල්වා , කොට්ටාව Tuesday, 29 October 2013 04:34 PM

විශිෂ්ටයි , පුතා විශිෂ්ටයි....දිගටම අප වැනි අන්ත අසරණ ජේෂ්ඨ පුරවැසියෝ වෙනුවෙන් පෙනී සිටින්න. ඔබට සියලු දෙවි දේවතාවන්ගේ ආශීර්වාදය ලැබේවා. "තුණුරුවන් සරණයි.(දිල්)

:       0       0

අබේ Thursday, 31 October 2013 05:37 PM

කිසිම දවසක කොතරම් විශාල පොලියක් දෙනවා කිවිවත් පුද්ගලික බැංකුවලත් මූල්‍ය ආයතනවලත් ෆික්ස් ඩිපෝසිට්ස් දාන්න එපා. රාජ්‍ය බැංකු ගැනත් එතරම් විශ්වාසය තියන්නත් එපා. (නි)

:       0       0

ශිරෝ Saturday, 09 November 2013 09:05 PM

මහා බැංකුවේ නිලධාරීන් අනිවාර්යෙන්ම මේකේ වගකීම බාර ගන්න ඕනේ (අ)

:       0       0

ජයසිංහ Thursday, 02 January 2014 02:01 AM

ඉතාමත් අගන ලිපියක් අපි අගය කරනවා ඒවගේම ඔබට සුබ අනාගතයක් තිබෙන බව සහතිකයි. නමුත් සොහොයුරා ඔබ ඉතාමත් ප්‍රවේසම් වන්න. බාහිර කරදඅර වැලකිය නොහැක.නිතර මෙවැනි ලිපිඉදිරියටත් පළකර අසරණ තෙන්පත් කරුවන් දෙනුවත් කරන්න.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site