CCBSL හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ මයන්ක් අරෝරා මහතා සහ නව කළමනාකරණ අධ්‍යක්ෂ දීපක් සෙන්තිල් මහතා
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගමේ (CCBSL) කළමනාකරණ අධ්‍යක්ෂ ධූරය දැරූ මයන්ක් අරෝරා මහතා, 2022 ජූලි මස 01 වැනිදා සිට බංගලාදේශ කොකා-කෝලා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස සිය වැඩ බාර ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුරට දීපක් සෙන්තිල් මහතා පත්කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබේ.
මයන්ක් මහතා වසර 05කට අධික කාලයක් පුරාවට දේශීය හා කලාපීය වශයෙන් සමාගමේ සංවර්ධනය උදෙසා විශාල කැප කිරීමක් සිදු කර ඇති අතර, ඵලදායී හා කාර්යක්ෂම හවුල්කාරීත්ව සමාගමේ වර්ධනය උදෙසා විශාල මෙහෙවරක් සිදුකර ඇත. එම කැපවීම් හි ප්‍රතිඵල වශයෙන් CCBSL හට 'Coca-Cola South West Asia (SWA) Bottler of the Year 2020' ඇගයීම ඇතුළුව විවිධ පිළිගැනීම් රැසක් හිමි විය.
ගෝලීයමය වශයෙන් පැන නැගුණු කොවිඩ්-19 වසංගතය හමුවේ දුර්වල වූ ප්‍රජා ආර්ථිකයන් නගා සිටුවීම, මයන්ක් මහතාගේ දූර කාලය තුළ ඒ මහතා හට මුහුණ දීමට සිදුවූ ප්‍රධානතම අභියෝගයක් විය. ඒ සඳහා ඉතාමත් සාර්ථක උපාය මාර්ගික සැළැස්මක් දියත් කරමින්, CCBSL විසින් සිය සේවා කණ්ඩායම්හි සහ සියලුම හවුල්කරුවන්ගේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ රැකියා සුරක්ෂිතභාවය ප්‍රමුඛ කොට සැලකිණි. ඒ හරහා සමාගම, ජාතික සෞඛ්‍ය සහ ආරක්‍ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව සිය මෙහෙයුම් දියත් කළ අතර, වැටුප් කප්පාදු කිරීම් වලින් තොරව, වාර්ෂික වැටුප් වර්ධක සහ දිරි දීමනා ලබා දෙමින් සේවක ජීවන තත්ත්වය උසස් කිරීමට කැපවී ක්‍රියා කරන ලදී. තවද, ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රජාවට ශක්තියක් වීමේ අරමුණින්, විෂබීජ නාශක වැඩසටහන් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇසුරුම් බෙදා හැරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරන ලදී. ඒ මහතාගේ දූරදර්ශි නායකත්වයේ ප්‍රතිඵල වශයෙන්, පසුගිය වසර 05ක කාලය තුළ, කොකා-කෝලා සමාගමේ මෙහෙයුම් ආශ්‍රිත අගයන් වර්ධනය වූ අතර, ඒ හේතුවෙන් ඉහළ වෙළඳපොළ කොටසකට හිමිකම් පෑමට සමාගමට හැකි විය.
595
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා නව කළමනාකරණ අධ්‍යක්ෂ දීපක් සෙන්තිල්
Mahesh Kosala Thursday, 18 August 2022 06:20 PM
we should not encourage, coca cola in Sri Lanka which will destroy health