වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙකක් හා ඝණ අපද්‍රව්‍ය කළමණාකරනය කිරීමේ පහසුකම් ඇති මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඩොලර් ලක්ෂ 600 ක ණය ආධාර ලබා දීමට කොරියාවේ එක්සිම් බැංකුව සැරසේ.
මේ සදහා වන ගිවිසුම පසුගියදා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේදී අත්සන් කැරිණි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඊට අත්සන් තැබූයේ අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාය.
වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙක පිහිටවනුයේ කොළඹ හා ගම්පහ ප්‍රදේශන්හී ය. මධ්‍යස්ථාන දෙක මගින් තරුණ තරුණියන්ට මෝටර් කාර්මික ශිල්පය,වෑද්දුම් ශිල්පය,පින්තාරු ශිල්පය ආදී අංශ සම්බන්ධ පුහුණුව ලබා දීමට නියමිතය. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙකෙහි ඉදිකිරීම් හා ඉදිරි වැඩකටයතු අධීක්ෂණය කරනු ඇත්තේ තරුණ කටයුතු අමාත්‍යංශයයි.
ඝණ අපද්‍රව්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් වෙනුවෙන් වැයවේයැයි අපේක්ෂිත ඩොලර් ලක්ෂ 428 ක මුදලින් ඩොලර් ලක්ෂ 335.4 ක්ම ලබාදීමට එක්සිම් බැංකුව ගිවිසුම් ප්‍රකාරව එකගතාවය පළ කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය යටතේ අධීක්ෂණය කෙරෙනු ඇත.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොරියා එක්සිම් බැංකුවෙන් වෘත්තීය පුහුණුවට අත
ගාමිණී-සිරි Thursday, 25 July 2013 03:41 PM
වුර්තීය පුහුණු මධ්‍යස්ථාන 2 ක් ආරම්භ කිරීම සරසවි වරම් නොලද සිසුන්ට ඉතාමත් වටිනා දෙයක්.කොළඹ,දැනට ඔරුගොඩ වත්තේ.බොරැල්ලේ, සහ රත්මලාන ජර්මන් අභ්‍යාස විදයාලයත් පවත්වාගෙන යන නිසා කොළඹින් බැහැරව ගම්පහ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, ගාල්ල, වැනි පළාත් දෙකක් තෝරා ගන්නේනම් වඩාත් වටිනවා.අපද්‍රව්‍ය කළමනා කරණය මධ්‍යම පරිසර අධිකාරියෙන්ම දිගටම කරගෙන යන එක හොඳ වැඩක්. මෙම විෂය සඳහා ජපානයේ විසා ඇති ලාංකිකික මගේ මිතුරෙක් ජපන් කණ්ඩායමක් සමග පැමිණ වැඩේ ආරම්භ කළා. කරන්න ගිහාම නොයෙක් බලපෑම්. ජපන්නු යන්න ගියා. කල වියදම් පියවා ගන්න, ණය බේරන්න අන්තිමේ නිවසත්, ඉඩමත් විකුණලා යහළුවාට ආපසු යන්න උනේ. (ස)
ලුම්බිණි Friday, 26 July 2013 09:24 AM
ණය. මෙවර කොරියාවෙන්. (ස)
ගයබ්න් Sunday, 28 July 2013 10:01 AM
හරියට කෙරුනොත් හොදයි (නි)
සම්පත් Thursday, 01 August 2013 09:25 AM
මේ වගේ මොනතරම් මධ්‍යස්ථාන දැම්මත් හරි ප්‍රයෝජනයක් ගන්නේ නැහැ.. මම මේ ක්ෂේත්‍රයේ හිටපු කෙනෙක් අලුතෙන් ආපු අය, හිටපු දක්ෂයෝ ඔක්කොම පන්නල දැම්මා. (ස)
උදය Friday, 09 August 2013 06:38 PM
මේවා කවුරු කළත් හොද වැඩ (නි)
සිරි Friday, 09 August 2013 06:41 PM
හොදින් කරගෙන යන්න පුළුවන් නම් හොදයි (නි)
සෙනෙවි Tuesday, 13 August 2013 12:26 AM
ඔය බැංකුව අපේ පවුලේ බැංකුව වගේ (නි)
ශාන් Monday, 02 September 2013 06:52 PM
ණය හොදේ...... මේවා ආපහු දෙන්න ඕන ඒවා... (දී)