(හර්ෂණ තුෂාර සිල්වා)
(ඡායාරූප - ඉෂාන් සංජීව)
පරිසර හිතකාමී ඉදිකිරීම් සහිත නරගයක් වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශය සහ ශ්‍රී ලංකා ග්‍රීන් බිල්ඩින්ග් කවුන්සිලය අද (13) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදි.
කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති ‘ගෝ ග්‍රීන් කලම්බු’ වැඩමුළුවට සමගාමීව එම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලද අතර කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශයේ අධ්‍යක්ෂිකා ඉංජිනේරු ප්‍රියන්තා පීරිස් මහත්මිය සහ ශ්‍රී ලංකා ග්‍රීන් බිල්ඩින්ග් කවුන්සිලයේ සභාපති මහාචාර්ය රන්ජිත් දිසානායක මහතා එම ගිවිසුමට අත්සන් තැබූහ.
කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශය හරිත ඉදිකිරීම් සහිත කොළඹ නගරයක් යන්න තේමා කරගනිමින් ‘ගෝ ග්‍රීන් කලම්බු’ වැඩමුළුව සංවිධානය කර තිබිණි.
වැඩමුළුවට සමගාමීව අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමත් සමඟ කොළඹ නගරයේ ඉදි කිරීම් සහ අලුතෙන් ඉදි කරන ගොඩනැගිලි කොතරම් පරිසර හිතකාමීද යන්න ශ්‍රේණිගත කෙරෙන අතර ඉදි කිරීම් සඳහා බලපත්‍ර දීමේදී එය සාධකයක් ලෙස සැලකිල්ලට ගනු ලැබේ. ඊට අමතරව පරිසර හිතකාමී අමුද්‍රව්‍ය භාවිත කරන ඉදි කරන ක්ෂේත්‍රයේ සමාගම්වලට සහ කොන්ත්‍රාත්කරුවන්ට ද ප්‍රමුඛත්වයක් හිමිවනු ඇත.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොළඹ පරිසර හිතකාමී නගරයක් කරයි
akila Monday, 15 January 2018 01:10 AM
කොච්චර පරිසර හිතකාමීද කියලා බලන්න පුළුවන් පොළ දවසට කොළඹ කොටුවේ පොඩ්ඩක් වටේ අවිද්දාම....
dasnyaka Monday, 15 January 2018 09:28 AM
කියන තරම් පරිසර හිතකාමි වුනොත් තමයි පුදුම!! පටන්ගන්නකොට නම් බොහොම පරිසර හිතකාමියි. එත් ටිකකලත් යනකොට තමයි ඉතින් ගොඩනැගිලි හදන අය කීය කීය හරි හොර පාරෙන් දෙනකොට පරිසරය නිකම්ම අමතක වෙනවා. ලංකාවේ කොහෙද මෙහෙම වෙලා තියෙන්නේ? මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න මුලින්ම.
indika Tuesday, 16 January 2018 06:28 AM
කොළඹ හරිම ලස්සනයි දැන්. නමුත් තව තියෙනවා ඇහැට පෙනෙන නැති තැන පිරිසිදු කරන්න. මම ඉන්නේ වෙන රටක. නමුත් එම රටට වඩා කොළඹ පිරිසිදුයි.
emerson Tuesday, 16 January 2018 07:31 PM
බෙර ගහල නටල සෝබන දැම්මට වැඩක් නැ වැඩේ වෙන්නේ නැත්නම්
nesair Thursday, 18 January 2018 05:20 AM
මුලින්ම ගස් කපන එක නවත්තන්න. ආසාවට ගහක් හොයාගන්න නැති වේවි.