(හර්ෂණ තුෂාර සිල්වා සහ නාලක සංජීව දහනායක)
කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකරමින් ඉදි කරන ලද හෙක්ටයාර 269ක භූමිය කොළඹ නගරයට එක් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (7) සිදු කෙරුණි.
මුහුද ගොඩකරමින් ඉදි කරන ලද භූමිය කොළඹ නගරයට එක් කිරීම වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් ද එහිදි එළිදක්වන ලදි.
හෙක්ටයාර 269ක මෙම භූමිය දෙස් විදෙස් ආයෝජකයන් වෙත විවෘත කරන බව ද මෙම උත්සවයේදී නිවේදනය කෙරුණි.
එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2014 වසරේ සැප්තැම්බර් 17 වැනිදා කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදි කිරීම් ආරම්භ කරන ලදි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර තිබෙන සම්පූර්ණ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් වන අතර මෙම ව්‍යාපෘතිය මඟින් ඉදිරි වසර 20ක කාලයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 13ක ආයෝජන මුදලක් ආකර්ෂණය කරගනු ඇතැයි පැවැසේ.
‘චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි (සී.සී.සී.සී)’ සමාගම වෙනුවෙන් ‘සී.එච්.ඊ.සී. (‘චයිනා හාබර් ඉංජිනියරින් කම්පැනි’) පෝට් සිටි කලම්බු’ සමාගම කොළඹ වරාය නගරයේ ඉදි කිරීම් කටයුතු සිදු කරයි.
මෙම ව්‍යාපෘතිය මඟින් රැකියා අවස්ථා 80,000කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකිවනු ඇතැයි ද ‘සී.එච්.ඊ.සී. පෝට් සිටි කලම්බු’ සමාගම’ අපේක්ෂා කරයි.
කොළඹ වරාය නගරය මූල්‍ය දිස්ත්‍රික්කයක්, නිවාඩු නිකේතන සහිත කුඩා වරායක්, ව්‍යාපාරික ස්ථාන හා දැවැන්ත සම්මන්ත්‍රණ ශාලා සහිත ජාත්‍යන්තර නගරයක් යනාදි කොටස් පහකින් සමන්විතය.
ජාත්‍යන්තර පාසල්, මහල් නිවාස, සාප්පු සංකීර්ණ, දැවැන්න නිවාස සංකීර්ණ, සිනමා ශාලා යනාදිය ද කොළඹ වරායට ඇතුළත් වේ.
උත්සවය අවසානයේදී ගිනිකෙළි සංදර්ශනයක් ද පැවැත්විණි.
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ගාමිණි ලොකුගේ, ශ්‍රී ලංකාවේ චීන තානාපති නාගරික සංවර්ධන, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඞ් කබ්රාල්, ජලසම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොළඹ වරාය නගරයෙන් හෙක්ටයාර 269 ක් එක්වෙයි
Nandalal DE SILVA - France Sunday, 08 December 2019 11:21 AM
සිනාසෙන උඩු රැවුලට යටින් විශාල ප්‍රශ්නයක් හිටපු රජයෙන් අහන බව පේනවා. ඔබට දැන් සතුටුද ? කියා අහන එක එම පැනයයි. අපේ පිළිතුර "ඔව්" උනත් චීනාට ගෙවන්න තිබෙන අතිවිශාල ණය කන්දරාව ඇහෙනකොට පපුව "හෝස්" ගාලා පත්තු වෙනවා කියල මගේ ආච්චි කියනවා. රනිල් මැතිතුමාගේ යහපාලන රජයට පින්සිද්ධ වෙන්න ශ්‍රීලංකා/චීන රජයේ සින්නක්කර ඔප්පුව දීර්ඝ කාලීන බදු ඔප්පුවක් හැටියට හරවා ගත්තේ නැත්නම් මෙලහකටත් කොළඹ නගරයෙන් කොටසක් චීන රාජ්‍යයේ ප්‍රාන්තයක්වී හමාරයි කියලා මගේ සීයා සැනසුම් සුසුම් හෙලනවා.