කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ කාර්යයන් කඩිනමින් ආරම්භ කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් කඩිනමින් සකස් කර තමන් වෙත දෙන්නැයි වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
නැගෙනහිර බහාලුම් පර්යන්තයේ කටයුතු ප්‍රමාදව වීමට හේතු සොයා බලන්නැයි ද උපදෙස් දී ඇති අමාත්‍යවරයා එම පර්යන්තයේ සංවර්ධනය වහාම ආරම්භ කළ යුතු බව ද සඳහන් කර තිබේ. එමඟින් කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවිය යුතු යැයි ද ප්‍රනාන්දු මහතා පවසා ඇත.
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය ප්‍රනාන්දු මහතා එම උපදෙස් දී තිබේ. ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසා කොළඹ වරායට විශාල මෙහෙයුම් ධාරිතාවක් අහිමි වී ඇති බව ද අමාත්‍ය ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට පෙන්වා දී ඇත.
2015ට පෙර පැවැති ආණ්ඩුව නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සැලැසුම් කර තිබූ බවත් ආණ්ඩුව වෙනස් වීමත් සමඟ තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයන් නිසා ව්‍යාපෘතියේ කටයුතු ඇණහිට ඇති බව නිලධාරීන් එම සාකච්ඡාවේදී අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.
(055)
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ කටයුතු කඩිනම් කරන්න යයි
Kumara Thursday, 05 December 2019 08:33 AM
නරියට කුකුල්ලු දුන්නා වගේ....
Nandi Thursday, 05 December 2019 11:09 AM
බය වෙලා වගේ... දැක්කම බය හිතෙනවා.
seneviratne Thursday, 05 December 2019 11:18 AM
වරාය දෙන්න ඕනේ එම විෂය දන්නා කෙනෙකුටයි.
විජිත් Thursday, 05 December 2019 02:53 PM
නැහැ.., මෙයා දක්ෂයා, ඕනෑදෙයක් විකුණයි. හොර කසිප්පු විකුණලා ජීවිතය පටන්ගත්ත මෙයා.. මේ එන මාස 3ට නැගෙනහිර පර්යන්තය එහෙම පිටින්ම ඉන්දියාවට හරි, කොරියාවට හරි බැරිම වුණොත් බෝලවත්තේ කසිප්පු මුදලාලිට හරි විකුණාවි. මේ රස්තියාදුකාරයින්ට ඡන්දය දෙන වහල්ලු ඉන්නකම් ඔහොම තමයි...
ravinThursday, 05 December 2019 06:15 PM
ඔබ හරි විජිත් මහත්තයෝ, මේ රටේ සිටින බහුතරයක් මෝඩ, බුද්ධි හීන, වහල් මානසිකත්වයකින් යුක්ත බව මෙවර ජනාධිපති ඡන්දයේ ප්‍රතිපල වලින් මොනවට පැහැදිලි වෙනවා.
rajiva Friday, 06 December 2019 11:53 AM
අපේ තාත්තා පැටිකිරිය හොඳට දන්නවා. අවුරුදු 16 ඉඳලාම හැලි අරක්කු බිස්නස් එක තමයිලු කලේ. එයාම පොළෙන් අහකදාන පලතුරු අරන් ඇවිත්... සීයාගේ කඩෙන් සීනි ගෝනියක් අරන් කැලෑවට ගිහිල්ලා තනියම සියල්ල ලැහැස්ති කරනවලු. ගින්දර දමන්න එකම එක කොල්ලාලු හිටියේ. පොලිසියෙන් පනිද්දීත් අහුවෙන වාර අනන්තයිලු. ගොඩා හැලිය පිටින්ම කරේ තියාගෙන ගිහිල්ලා පොලිස් ජීප් එකේ නැගලා යනවාලු. දඩ ගෙවලා එන ගමන්ම බඩු හදන්න ඕනෑදේවල් අරගෙන තමයිලු එන්නේ... පුදුම ධෛර්යයක් තිබුණු කොලුවෙක්... අන්තිමට දේශපාලුවෙකුට සපෝර්ට් කළා ඡන්දෙකදී. තව අවුරුදු 5කින් පසු බාර් ලයිසන් එකක් ලැබුණා. පස්සේ හිමින් හිමින් දේශපාලනේට ආවා.
RAVINDRA HALLINNAGE Saturday, 07 December 2019 08:14 AM
ගෝඨාට තිබුණු රෙස්පට් එකත් නැතුව ගියා..
ravinSunday, 08 December 2019 07:48 PM
ගෝඨාට එහෙම එකක් තිබුණාද..?