රටේ ජනතාව පීඩාවට පත්වූ සෑම අවස්ථාවකදීම පෙරට එන, මෙරට ප්‍රමුඛ සන්නිවේදන සම්පාදකයකු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, ‘ඩයලොග් සමඟ මනුසත් දෙරණ’ ක්‍රියාන්විතයේ තවත් පියවරක් ක්‍රියාත්මක කළේය. දිවයිනට බලපෑ ගංවතුර තත්ත්වයෙන් විපතට පත් පවුල්වලට සහ පුද්ගලයන්ට සහන සැලසීම ඒ අනුව කටයුතු කළේය.
රට අභියෝගාත්මක තත්වයකට මුහුණපා සිටින සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාතික වැඩපිළිවෙළට සහායවීම වෙනුවෙන්, ඩයලොග් විසින් ක්‍රියාවට නංවන තවත් එක් ප්‍රජා සත්කාරක වැඩසටහනක් ලෙස මෙම සහන සේවාව හැඳින්විය හැකි බව එම සමාගම කියයි. ජූනි මස 8 වෙනිදා සිට ක්‍රියාත්මකවීම ආරම්භ වූ මෙම සහන සේවාව, කොරෝනා අභියෝගයටද මුහුණපාමින් අයහපත් කාලගුණය නිසා මතුවූ ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වේ. මේ යටතේ දින 3ක් පුරාවට ගම්පහ, වත්තල, කොළඹ, කඩුවෙල, කොලොන්නාව සහ ගාල්ල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පිරිසුදු පානීය ජලය, වියළි ආහාර, ඖෂධ ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන ලදී.
මීට අමතරව කොරෝනා වසංගතය පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාතික මෙහෙවරට ද ඩයලොග් ආයතනය සිය සහයෝගය නොමඳව ලබාදෙමින් සිටියි. ඩයලොග් මෙම ක්‍රියාන්විතයේ තුන්වෙනි අදියර යටතේ මාසයකට අධික කාලසීමාවක් තුළ දිවයිනපුරා පිහිටි රෝහල් 34ක කාර්යමණ්ඩලයට සිය දෛනික කාර්යභාරය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය උපකරණ බෙදාදීමටත්, හුදකලා කළ ප්‍රදේශවල පීඩාවට පත් 44,532 ක පිරිසකට වියළි ආහාර මළු බෙදාදීමටත් කටයුතු කෙරිණි. කොරෝනා වයිරසයේ අභියෝගය රට හමුවේ පැවති මුල් අවස්ථා දෙක තුළ විශේෂයෙන්ම ඩයලොග් මෙම වැඩපිළිවෙළේ දෙවන අදියර යටතේ දිස්ත්‍රික්ක 10ක පීඩාවට පත් 46,000 ක පිරිසකට දින 22 ක් තුළ සහන සැලසීමට හැකිවිය. සති 6ක් පුරා ක්‍රියාත්මක වූ පළමු අදියර යටතේ දිස්ත්‍රික්ක 22කට අයත් ගම්මාන 400කට අධික සංඛ්‍යාවක පීඩාවට පත් 128,000 ක පිරිසකට අත්‍යවශ්‍ය වියළි ආහාර මළු බෙදාදීමට කටයුතු කෙරිණි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගංවතුරින් පීඩාවට පත්වූවන්ට ඩයලොග් මනුසත්කාර