ජාත්‍යන්තර පාසල් කළමණාකාරීත්වයේ හිද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව තම හිතට එකඟව වැඩ කිරීමට නොහැකි නිසා ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ සියලු වගකීම්වලින් හා කළමණාකාරීත්වයෙන් ඉල්ලා අස්වන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.
පෞද්ගලික අරමුණුවලදී ජාතික අධ්‍යාපනය ගොඩ නැගීමේ අරමුණු කරා යාම කළ නොහැකි නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කිරීමට තමන් මේ තීරණය ගත් බව ග්‍රේරු මහතා කීවේය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ග්‍රේරු ලයිසියම් වැඩෙන් අත සෝදා ගනී
ලක්මිණි වෙදමුල්ල මිලානෝ -ඉතාලිය Saturday, 19 October 2013 11:11 PM
අනේ රටකට ගිය කලක්! (නි)
සිල්වා Friday, 25 October 2013 03:06 AM
එතකොට ගෙවන්න තිබෙන ආදායම් බදු වලිනුත් අත හෝදගන්නවද? (නි)
මාලා Friday, 25 October 2013 01:15 AM
අධ්‍යාපනයට සේවයක් කරන්න තියෙන හොදම විදිය තමුන් ඉල්ලා අස්වෙලා ඒ ඇමතිකම වෙනුවෙන් නාස්ති කරන මුදල් පාසල් සංවර්ධනයට ලබාදීමයි (නි)
පකීර් Thursday, 24 October 2013 07:29 AM
.මගේ ඥාතියෙක්ගේ දරුවෙක් ජාත්‍යන්තර පාසැලට ගියා. ඒ යාළුවා බංකොලොත් වෙලා මුදල් ගෙවන්න බැරිව ගියා. දරුවගේ ආච්චි ගිහින් අඩා වැටුනා ළමයව අයින් කරන්න එපා කියලා. මොකද දන්නවද අන්තිමට වුනේ සල්ලි නැත්නම් ආන්ඩුවේ පාසැලකට යන්න කිව්වා.(නදී)
උද්දාම -දෝහා Wednesday, 23 October 2013 02:16 PM
වැඩි පරිස්සමට වක්කඩේ හකුරු හැංගුවා වගේ. (ස)
රොෂාන් Tuesday, 22 October 2013 08:30 PM
මහේෂ් මෙයා විතරක් නෙමෙයි නොමිලේ ඉගෙන්නුවේ. තව ඕන ටරම් ගුරුවරු ඉන්නවා නොමිලේ උගන්වන. (නදී)
සරත් ප්‍රනාන්දු Monday, 21 October 2013 03:46 PM
ඉතිරි වෙලා තිබෙන නිදහස් අධ්‍යාපනයටත් දෙවියන්ගේම පිහිටයි. මේ අය කොයි ලෝකේ යන්නද? (ස)
මොහාන් Monday, 21 October 2013 12:40 PM
ග්‍රේරු සර් වැල යන පැත්තට මැස්ස ගහන්න දක්ෂයා. කොහොමහරි පාසල කරගෙන යන්න සර්. (නි)
අජිත් කරුණාරත්න Sunday, 20 October 2013 07:19 PM
සමහර පුද්ගලයෝ මස් වර්ග සහ මාළු වර්ග කන්නේ නැහැ. ඒඋනාට හොදි කනවා.(නදී)
අස්මිත් Sunday, 20 October 2013 11:12 AM
මේකත් එක්තරා දේශපාලනික දඩයමක් පමණයි. ග්‍රේරු මහතා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුන කෙනෙක් නෙමෙයි. අනික මොහු අතරමන් වුන කෙනෙක් නොවෙයි. බලමු මාස්ටර්ලා දෙන්නම අධ්‍යපනය කොහාට ගෙනියයිද කියලා?(නදී)
තාරක Friday, 25 October 2013 09:21 AM
දැන් ඉතින් කොහොම අස් වුනත් මොකද, හැබැයි ඉතින් ලංකාවේ ලංකාවේ අධ්‍යාපනයම ටියුෂන් සරණයි. (ස)
නිම් Saturday, 19 October 2013 05:59 PM
යමක් නිවැරදිව කල හැකි පුද්ගලයෙක් එත් ඔතනට ගිහිල්ල මොනවත් කරපු නැති පුද්ගලයෙක් වෙනවා වෙනවා මය (අ)
දිෂාන් Saturday, 19 October 2013 12:19 PM
නෝනා වැඩ ටික බලා ගනීවි (අ)
සවිරු Saturday, 19 October 2013 08:58 AM
අනේ අම්මපා මොන වෙහිලු කතාවක්ද ඔයාලා දන්නවද කොහොමත් ඒක පාලනය කරනේ එයාගේ නොනනේ.(නදී)
පසිඳු මනෝහර Friday, 18 October 2013 09:33 PM
අර ඉංග්‍රීසි චැනල් එකට මොකද වුණේ? (නි)
මහේස් කොඩිතුවක්කු Friday, 18 October 2013 06:57 PM
ළමුන්ට නොමිලේ ඉගෙනගන්න දුන්න එකම ගුරුවරයා හොඳ මහත්මයෙක් (ස)
සමන් Friday, 18 October 2013 10:39 AM
මගේ භෞතික විද්‍යා ගුරුවරයා. මට අවුරුදු දෙකක්ම නොමිලේ ඉගෙනගන්න දුන්නා එයාගෙ ටියුෂන් පන්තියේ. මමත් ඔහුත් ගියේ එකම පාසැලට. කාලයක් ඔහු මගේ පරමාදර්ශී චරිතය වෙලා හිටියා. යන්නෙම නැහැ කිය කියා ඉඳල අනෙක් පැත්තට පැන්න දවසෙ මට එපාම වුණා. මම එතෙක් කල් හිතාගෙන හිටියෙ එයා හරිම ප්‍රතිපත්තිගරුක කෙනෙක් කියලා. (නි)
චානක Friday, 18 October 2013 08:52 AM
ලයිසියම් එක දැන් නැද්ද?(දිල්)
චන්ද්‍ර වීරසින්ග්හේ Friday, 18 October 2013 08:18 AM
හොඳ හොඳ වැඩ එළිවෙන ජාමෙට... (නි)
චන්ද්‍ර වීරසින්ග්හේ Friday, 18 October 2013 08:13 AM
ලංකාවේ පාසල් යන දරුවන් සියලු දෙනාම උපකාරක පන්ති යාම අනිවාර්ය කළ යුතුයි. (නි)
දීපා Monday, 11 November 2013 08:10 PM
දැන් අත දමලා තියෙන්නේ මොකටද? (නි)
දමිතා Friday, 22 November 2013 04:33 PM
මේ කතා හොඳයි මෝඩයන්ට. ලංකාවේ මිනිස්සු අන්ධයෝද ? (ස)
චින්තක Wednesday, 20 November 2013 11:15 AM
සර් කොහොමත් වැඩට හොඳයි. ඉංජිනියර් කෙනෙක් හින්දා තවත් හොඳ හැටි කරයි. (ස)
ලාල් Sunday, 17 November 2013 10:33 AM
නෝනා දුව පුතා ඉන්නවා ඔයාට වඩා නෝනා පරිපාලනයට දක්ෂයි.(නදී)
චන්ද්‍රසිරි පෙරේරා Friday, 15 November 2013 10:47 PM
අපට අවශ්‍ය වන්නේ අද කාලයේ රැකියා සඳහා සුදුසු අධ්‍යාපන ක්‍රමයකි.(දී)
රුවන් - ගාල්ල Friday, 15 November 2013 12:30 PM
ආ ඇත්තද?අපි සතුටු වෙන්න ඕනා ජාත්‍යන්තර පාසලක ළමයි දේශීය නැටුම් කළා කිවාම.ඔහුගෙ වෙනස ඒකයි. (ස)
කසුන් Friday, 15 November 2013 09:20 AM
ඒක තමයි පොදුරාජය මණ්ඩල තරුණ සමුළුවේ සංස්කෘතික සංදර්ශනයේදී ලයිසියම් එකේ ළමයි විතරක් නැටුවේ. ගම්වල දක්ෂ ළමයි නැද්ද? (නි)
ලයනල් ලියන ගමගේ Friday, 15 November 2013 07:41 AM
පුංචි පහේ මැජික් එකක් .(නදී)
නලින් Thursday, 14 November 2013 03:14 AM
කොහොමද වැඩේ............ (දී)
ගයා Wednesday, 13 November 2013 04:43 PM
ග්‍රේරෝ දක්ෂයි. යමක් නිවැරදිව කල හැකි පුද්ගලයෙක්. ලයිසියම් ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද ලයිසියම් එක බලා ගන්නේ සර්ගේ බිරිඳ, කුමාරි ග්‍රේරෝ මහත්මිය. මගේ සුභ පැතුම්. (ස)
මම Thursday, 17 October 2013 05:45 PM
ලයිසියම් එක බලා ගන්නේ සර්ගේ බිරිඳ, කුමාරි ග්‍රේරෝ මහත්මිය(නදී)
ඩී.උපුල් Sunday, 10 November 2013 11:46 PM
ඒ කියන්නේ ලයිසියම් එකෙත් සෑහෙන වැරදි තිබෙනවා ? (නි)
ගයල් Friday, 08 November 2013 02:49 PM
ග්‍රේරෝ දක්ෂයෙක්, අවංකව වැඩක් කරාවි. මම එතුමාට සුබ පතනවා ලංකාවේ අධ්‍යාපනයට සේවයක් කරන්න ශක්තිය ලැබේවා කියලා. (ස)
ඥානපාල Tuesday, 05 November 2013 12:09 PM
මෙයා කොහොම උනත් හොඳ කෙනෙක්. කවුරුත් දන්නේ නැතුව ඇති විහාර ස්ථාන මුල් කරගෙන නොමිලේ ඉංග්‍රිසි පන්ති පවත්වන බව. මගේ ළමයි දෙන්නෙකුත් නොමිලයේ ඉගෙන ගන්නවා. එතුමාට පින් සිද්ධ වෙන්න. තොරතුරු හොයල අදහස් දානවා නම් ගොඩක් හොඳයි. (ස)
ශිරෝමි Saturday, 02 November 2013 10:29 AM
ඇයි ඒක නෝනාට බාර දුන්නේ? (නි)
ධම්මික Thursday, 31 October 2013 07:05 PM
එහෙමනම් මහත්තයෝ ඕකත් ජනසතු කරන්න. (නි)
රංගන Tuesday, 29 October 2013 03:06 PM
කොහොමත් මෙයාල මේ වගේ ඇඟ බේරගන්න තමා දන්නේ??? (ස)
නිතකාරන් Saturday, 26 October 2013 09:10 AM
හරි නම් මුලු පවුලම ලැයිසියම් එකෙන් අයින් වෙන්ට ඕනා.(නදී)
ගාමිණි Saturday, 26 October 2013 01:15 AM
ලංකාවේ ළමයින්ට දෙවියන්ගේම පිහිටයි (නි)
තුෂාර-ඩුබායි Sunday, 13 October 2013 05:29 PM
අනේ මේවා දැකල මොනතරම් කලකිරීමක් දැනෙනවද? (නදී)
තාරක Monday, 14 October 2013 02:16 PM
හොඳ මහත්මයෙක්. බලමු වැඩක් කරන්න පුලුවන්ද කියලා. (ස)
ලලින් Monday, 14 October 2013 10:55 AM
මමත් එයාගේ ටියුෂන් ගියා. 'ඒ' සාමාර්ථයක් ගත්තා. ඒ කාලේ කිව්වේ කවදාවත් දේශපාලනය කරන්නේ නැහැ කියලා. (නි)
සරා Monday, 14 October 2013 09:59 AM
එතකොට ලයිසියම් දැන් කාගේද? (නි)
මාරසිංහ Monday, 14 October 2013 02:54 AM
දැන් ලයිසියම් දරුවන්ට යන එන මන් නැති කරන්නද හදන්නේ? (නදී)
ලලිත් Monday, 14 October 2013 01:08 AM
අධ්‍යාපන ඇමැතිත් ටියුෂන් මාස්ටර් උප ඇමැතිත් ට්යුෂන් මාස්ටර් ලංකාවේ අධ්‍යාපනය ට්යුෂන් මාස්ටර්ලටම බාරදෙමු.(නදී)
රෝහිත Sunday, 13 October 2013 09:19 PM
මෙයා මගේ භෞතික ගුරුවරයා. ඒත් දැන් නම් හටත් ලැජ්ජයි වගේ.(නදී)
විරාජ් කාලිංග Sunday, 13 October 2013 09:18 PM
අද ඉන්නේ ටියුෂන් අධ්‍යාපන ඇමතිලා දෙන්නෙක්. එක්කෙනෙක් අරයා අනිත් එක්කෙනා මෙයා.(නදී)
නිලාම් Sunday, 13 October 2013 06:47 PM
නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් බිහිවූ මහත්තයෝ. දැන් එතකොට ඔය ලයිසියම් එක ඔයාගෙවත් ඔයාගේ පවුලේ අයගේවත් දන්නා කියන කාගෙවත් නෙමෙයිද? (නදී)
ගංමෑන් Sunday, 13 October 2013 05:42 PM
කෙලින් වැඩ කරන්න යනකොටම ඕක ඔහොම වෙයි කියලා නිකමට වගේ මට හිතුනා.. (නදී)
චම් Monday, 14 October 2013 02:47 PM
ඇමතිට වඩා වැඩි බලයක් උප ඇමතිට තියෙනවද වැඩ කරන්න? (ස)
රෝෂාන් Sunday, 13 October 2013 05:01 PM
පව් අහිංසකයා. රටේ මිනිස්සුන්කේ සල්ලි ගසා කන්න එපා (නදී)
අරුණ Sunday, 13 October 2013 04:21 PM
දැන් එතකොට මේ පාසැල අයිතිය කාටද? ළමුන්ට මොකද වෙන්නේ (නදී)
අරුණ Sunday, 13 October 2013 04:21 PM
දැන් එතකොට මේ පාසැල අයතිය කාටද? ළමුන්ට මොකද වෙන්නේ (නදී)
නාලක Sunday, 13 October 2013 03:22 PM
ඒ කියන්නේ ලයිසියම් එක රජයට පවර ගත්ත ද? හාහ් හා හා.... (අනිවාර්යෙන් මොකෙක් හරි නෑදෑයෙක් ගේ නමට හරවල දාන්න ඇති.... ඉස්සර නාවුක ඇමති වෙලා ඉන්න කාලේ හිටපු අය නෞකා වලට සම්බන්ද ව්‍යාපාර කලානේ වෙන අයගේ නම් වලින්. බොරුනම් රවී කරුණා නායගම්ගෙන් අහන්න්න... අපි නොදන්නා චෙස් (නදී)
රාමා Sunday, 13 October 2013 02:48 PM
ඒක හොඳ තීරණයක්. හිතට එකඟව වැඩ කරන්න බැරී නම් වගකීම් දරන්න හොඳ නැහැ.(නදී)
ජගත් Sunday, 13 October 2013 02:41 PM
අයිතියෙන් නෙමේනේ.(නදී)
නුවන් Sunday, 13 October 2013 02:39 PM
පාසල් සංවරධනයට එදා සිදු වු මෙහෙවර වර්තමානයේ සිදු නොවීම කණගාටුවට කරුණක්. දැන් ලංකාවේ පාසල් 3000ක් විතර වැසිලා කුඩා පාසල් ගැන කිසිම සැලකිලිමත් කම්ක් නැහැ. දැන් දරුවන්ට පීඩනයක් වෙලා තියෙන්නේ ඔතන එක සමාන පාසල් නොමැතිකම දක්ෂ ළමයින්ව කප්පාදු කරලා බලදාරින්ගේ වරද වසා ගැනීම වරදක්. දරුවන් කියන්නේ රටේ අනාගතය පහසුකම් සැපයීම රජයේ වගකීමක් ...(නදී)
ලසන්ත Sunday, 13 October 2013 02:27 PM
පසුගිය වසර කිහිපය තුල අධ්‍යාපනය යම් පිරිහිමකට ලක්වුනා. ඒ හැම දෙයක්ම මග හරවාගෙන හරි දේ හරි විදියට කිරීමට මෙතුමාට සක්තිය ලැබේවා!! (නදී)
පෙරේරා Tuesday, 15 October 2013 05:23 PM
ඒ වුනාට එහි අයිතිකාරු ඔහු නේද? (නි)
ද සිල්වා Thursday, 17 October 2013 06:07 AM
කොහොමත් ලබන පාර ඡන්දෙන් පස්සේ තමයි බලන්න වෙන්නේ (නි)
ශානි Wednesday, 16 October 2013 06:32 PM
තව ටික දවසකින් ඇමති කම දාල පරණ ජොබ් එක පටන් ගනී .(අ)
මංජු Wednesday, 16 October 2013 04:32 PM
අනේ !. මෙහෙම තන්හාවක්. අනේ !. (ස)
මාලන් Wednesday, 16 October 2013 04:31 PM
අනේ !. මෙහෙම තණ්හාවක් (දිල්)
මංගල Wednesday, 16 October 2013 04:16 PM
අනේ මෙහෙම තන්හාවක් (අ)
ද සිල්වා බෙර්ලින් Wednesday, 16 October 2013 04:07 PM
පුද්ගලික ටියුෂන් ව්‍යාපාරිකයන්ට රටේ අධ්‍යාපනය භාරදීම මගින් රටේ නිදහස් අධ්‍යාපනය කොපමණ දුරකටරැකෙනවද කියල බලාගන්න පුළුවන් තව අවරුදු 10 කින් විතර , (අ)
මාලා Wednesday, 16 October 2013 01:47 AM
නාලක, ඔයා හරියට හරි. (නි)
අසන්ක Tuesday, 15 October 2013 08:30 PM
ඔබට රටේ ඉහළම ස්ථානයකට යාමට තරමේ බුද්ධියක් ඇත (නි)
රොෂාන් Tuesday, 15 October 2013 07:37 PM
තරහ ගන්න එපා මෙහෙම කියුවට. දැන් ඔය ඉල්ලා අස්වෙලා කාටද ඕක බාරදුන්නේ? මම මේක බොහොම වගකීමෙන් කියන්නේ. මෙය කලිනුත් නමට විතරයි කලමනාකර අධ්‍යක්ෂ හැටියට හිටියේ. (අ)
සිල්වා Sunday, 13 October 2013 02:10 PM
මෙතුමාගේ අදහස හොදයි. නමුත් බලමු ප්‍රායෝගිකව වැඩක් කරන්න පුලුවන්ද කියලා. රටේ පළමු තැන දෙන්න ඕනා අධ්‍යාපනයට. ඒ තුලින් රට සංවර්දනයක් කරා යන්න පලුවන් විනය යහපත් සමාජයක් ගොඩනගන්න පලුවන්. පළමුව අපේ රටේ සිටින හැම දරුවෙකුටම එක සමාන අධ්‍යාපනයක් ලබන්න පලුවන් ප්‍රයෝගික වැඩක් වෙන්න ඕනි අමාත්‍යංශයේ දුර්වලතා මගහැරගන්න දරුවන්ගේ දක්ෂතා කප්පාදු නොකර රටේ අනාගතය වෙනුවෙන් හරි දෙයක් කිරීමට ඔබට ශක්තිය ලැබේවා.(නදී)
කුමාර Tuesday, 15 October 2013 11:17 AM
ලයිසියම පවරන්නෙ එයාගෙ නෝනට . (දිල්)
ලොකුගේ Tuesday, 15 October 2013 05:36 AM
ජාත්‍යයන්තර පාසල් වලට හොද වැඩපිළිවෙලක් හදන්න.රට ගැන දන්නා ඔබ වැනි අයට රටේ යහපතට මොනවා කරන්න බැරිද ? (නි)
උපාලි Tuesday, 15 October 2013 01:40 AM
නාලක, හිත රිදෙන කතා කියන්න එපා. (නි)
පරාක්‍රම Tuesday, 15 October 2013 01:09 AM
අපි එයා ගැන දන්නවා (නි)
පියල් Monday, 14 October 2013 09:39 PM
ඔහු හොද කෙනෙක් ! අවංක කෙනෙක් ! වැඩක් කරාවි !(නදී)
රොජර් Monday, 14 October 2013 06:50 PM
මම හිතනවා එතුමා මහත්මයෙක් කියා. අපිට එතුමා විශ්වාසයි. (නි)
මනෝ Monday, 14 October 2013 06:37 PM
මට නම් සතුටු වෙන්න බැහැ (නි)
රන්ජිත් Monday, 14 October 2013 03:23 PM
ලයිසියම් ගැන බයවෙන්න දෙයක් නැහැ (නි)