X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසු විදෙස් සංචාරකයන්ට හෝටල් 50 ක් වෙන් කරයි

 ( තිළිණි ද සිල්වා )

සංචාරකයන් සඳහා ගුවන් තොටු​පොළ මේ මස 21 වැනිදා  සිට නැවත විවෘත කිරීමෙන් අනතුරුව විදෙස් සංචාරකයන්ට හෝටල් 50 ක් වෙන්  කර ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.

ඒ අනුව වෙන් කරන ලද එම හෝටල් සමග ගනුදෙනු කිරීම (ප්‍රවේශවීම) ප්‍රදේශවාසීන්ට සහ දේශීය සංචාරකයන්ට තහනම් කලාප බවට පත්කෙරෙන බව එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

වෙන් කරන ලද මෙම සියලුම හෝටල් කොළඹින් පිටත ප්‍රදේශවල පිහිටා ඇති අතර ඒවා සිනමන්, ටාජ්, ජෙට්වින්ග්, සීට්‍රස්, අමායා හා හෙරිටන්ස් යන හෝටල් ජාලවලට අයත් හෝටල් මෙලෙස දේශීය සංචාරකයන් සඳහා වසා දැමෙන හෝටල් අතර වේ.

මෙරටට නැවත සංචාරකයන් ගෙන ඒම සම්බන්ධයෙන් පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු සඳහන් කළේ දේශීය හා විදේශීය සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැළැක්වීම සඳහා මෙලෙස හෝටල්වලට අදාළ වෙරළ තීරයන් තහනම් ප්‍රදේශ බවට පත් කරමින් හෝටල් පරිශ්‍රවලට ප්‍රවේශවීම සීමා කෙරෙන බවයි.

විශේෂයෙන්ම ප්‍රදේශවාසීන් අදාළ හෝටල්වල රැඳී සිටින විදේශීය සංචාරකයන්ට සමීප නොවීම සඳහා හෝටල්වලට අයත් වෙරළ මායිම්වල වැටවල් ඉදිකිරීමටද සංචාරක සංවර්ධන අධිකාරිය විසින් උපදෙස් ලබාදී ඇත.

 ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පළමු දින 14 මෙම හෝටල තුළ අනිවාර්යයෙන් රැඳී සිටිය යුතුවේ.
පසුගිය ඉකුත් 15 දා වනවිට හෝටල් 55 ක් සංචාරකයන්ට සුදුසු පළමු මට්ටමේ හෝටල් ලෙස අධිකාරියේ ලියාපදිංචි කර ඇති අතර ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව එම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අධිකාරිය අපේක්ෂා කරන බවද සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය



අදහස් (1)

ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසු විදෙස් සංචාරකයන්ට හෝටල් 50 ක් වෙන් කරයි

සමින්ද Friday, 22 January 2021 06:32 PM

එන්නත විදගෙන ආවොත් සාමන්‍ය විදියට සන්චාරය කරන්න පුළුවන් විදියට මෙම ක්‍රමය හඳුන්වා දෙන්න, අනිත් දේ තමයි අපේ රටේ විසා නිකුත් කරන විට එන්නත විදගෙන ඒම අනිවාර්යය කරන්න. මෙ රටේ සාමන්‍ය ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ කුඩා ව්‍යාපාර වෙනුවෙන්... ලොකු ව්‍යාපාර වෙනුවෙන් විතරක් හිතන්න එපා... එන්නත අපෙ රටේ දෙන විට සංචාරක ව්‍යාපාරයේ ඉන්න අය ගැන සැලකිලිමත් වෙන්න. මුලින් දෙන්න බලන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site