ගුවන් විදුලියේ ප්‍රචාරය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රචාරක දැන්වීම් වලට සවන් දී ගුවනින් දැකීමට කැමතිම නගරය එස්.එම්.එස් කර දිවයින වටා සිරි නරඹමින් ගුවන් සවාරියක් යාමට වාසනාවන්තයින් 20 දෙනෙකුට අවස්ථාව ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතෙන් ඇනවුම් කර ඇති ඒ 330-300 වර්ගයේ ගුවන් යානා 6 න් පළමු ගුවන් යානාව පිළිගැනීමේ සමාරම්භක උත්සවය පැවැත්වෙන ලබන 31 වෙනි දින මෙම ගුවන් ගමන සැලසුම් කොට ඇත.
අදාල වෙළඳ දැන්වීම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රචාරය වන බවත් එය සවන් දීමෙන් පසු යවනු ලබන එස්.එම්.එස් වලින් ජයග්‍රාහකයින් තෝරා ගැනේ.
මෙම ගුවන් විදුලි ප්‍රචාරක වැඩසටහන් මේ වන විට ප්‍රචාරය වීම ආරම්භ කර ඇති අතර එයට සවන් දී එස්.එම්.එස් යොමු කිරීම සඳහා මේ මස 26 වන දින දක්වා කාලයක් ලබා දී ඇත.
මෙම එස්.එම්.එස් අතුරින් ජයග්‍රහණය හිමි කර ගන්නා වාසනාවන්තයින්ගේ නම් මේ මස 27 වෙනි දින නිවේදනය කරනු ඇත.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගුවන් බසයේ මංගල ගමනට එස්.එම්.එස්
චන්ද්‍රා කොට්ටව්ච්චි Friday, 24 October 2014 01:08 PM
මම නම් නිකන් දුන්නත් යන්නේ නැහැ (නදී)
චරිත් අධිකාරි Saturday, 25 October 2014 04:56 AM
බොහොම සතුටු වෙන්න පුලුවන් පුවතක්. අනේ ඒත් අලුත් ගුවන් යානා සීයක් ගෙනාවත් වැඩක් නැහැ. ගුවන් සේවයේ ඉන්න වයසක ගුවන් සේවිකාවන් ටිකයි ආච්චිල ටිකයි විශ්‍රාම යවන්නේ නැතුව. සමහර ගුවන් සේවිකාවන් මගීන්ට සලකන්නෙ හරියට අපි සල්ලි නොදී නිකං යනව වගේ. (නදී)
බණ්ඩාරවෙල කලීල් Sunday, 26 October 2014 07:15 AM
චිත්‍රෙග් කථාව සම්පූර්ණ ඇත්ත (බ)
ජොනතන් Monday, 27 October 2014 06:02 AM
අනේද හා, ඉස්සරනං ගුවන් සේවිකා තනතුරට ගත්තේ පංච කල්‍යනියෝ. දැන් ඉන්න අයව නං දැක්කම සසර එපා වෙනවා. අඩි 33,000 අරන් ගිහින් ප්ලේන් එකේ දොර ඇරලා එලියට විසි කරන්න හිතෙනවා. (බ)
ප්‍රනීත් Monday, 27 October 2014 07:49 PM
ඔක්කොමත් හරි, අපේ ගුවන් සේවිකාවන් ලංකාවේ අයට සළකන්නේ හරියට අපි එයාලගේ සල්ලි වලින් යනවා වගේ. කිසිම ගරුකිරීමක් නැහැ. සුද්දෙක් ආවා නම් බලන්න ඕනෑ දත් 32ම එළියට අරගෙන හිනාවෙන හැටි . අපේ ගුවන් සේවය පාඩු ලබන්න එක හේතුවක් තමා ගුවන් සේවිකාවන්ගේ හැසිරීම (නි)
සුපුන් Thursday, 30 October 2014 06:26 AM
ගුවන් සේවිකාවන් මඟීන්ට හරි ආකාරයෙන් සළකනවා නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවය හොඳයි. මම ජීවිතේ දැකලා තියෙන කැතම ගුවන් සේවිකාවන් ඉන්නේ මේ ගුවන් සේවයේ. කැත වුණාට උඩඟුකම නම් ඉහටත් උඩින්. (නි)
සුපුන් Thursday, 30 October 2014 06:27 AM
ගුවන් සේවිකාවන් මගීන්ට හරි ආකාරයෙන් සලකනවා නම් ශ්‍රී ලංකන් ගුවන් සේවය හොඳයි. (නදී)