X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


ගූගල් ලූන් ලංකාවේ වැඩ අරඹයි

ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය ආවරණය කරමින් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදෙන ගූගල් ලූන් ව්‍යාපෘතියේ ආරම්භක අත්හදා බැලීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ප්‍රධානී මුහුන්තන් කන්ගන් පවසයි.

දකුණු ඇමරිකාවෙන් එවූ ගූගල් ලුන් පළමු බැලූනය ලංකාවේ ගුවන් කලාපයට පෙබරවාරි 15 වැනිදා පිවිසි බව ඔහු කියයි.

කුළුණු රහිතව අන්තර්ජාල පහසුකම් ලබාදීමට බැලූන මගින් සංඥා ලබාදීම මෙහි සැලසුමවී ඇත. ගූගල් සමාගම හා ලක් රජය පසුගිය වසරේ මේ සම්බන්ධ ගිවිසුමකට අත්සන් තැබීය.

 



අදහස් (0)

ගූගල් ලූන් ලංකාවේ වැඩ අරඹයි

ක්‍රිස් Friday, 19 February 2016 07:07 AM

ස්තුතියි විජිත් දැනුම දුන්නට. (ර)

:       0       0

විකුම් Wednesday, 17 February 2016 05:43 AM

අම්මා තාත්තා බිරිඳ යහළුවෝ පොලිසිය උසාවිය නොදන්නා අපේ රහස් සියල්ල දන්නේ ගුගල් සමාගමයි. අපිට අමතක වූ අතීතය දන්නේ ඒ සමාගමයි. ලෝකයෙන් බොහෝ පිරිසක්‌ කැමැත්ත ඇතිවම වහල්ලු වෙලා. අපේ තොරතුරු වල අගය දන්නේ ඇමරිකාවයි. අපි අසීමිතව මේ තාක්ෂනය මත යැපෙනවා. අපි කවුරුත් කවදා හරි ලොකු අමාරුවක වැටෙනවා වලක්වන්න බෑ. චීනය බොහෝ දුරට මෙයින් ගැලවිලා. මේකත් හොරෙන් ලියන්න බෑ. (බ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Wednesday, 17 February 2016 06:40 AM

හොද දෙයක් නම් පසුගිය රජය .නරක දෙඅක් නම් මේ රජය.මේක මේ රජයෙන් කල ඉල්ලීමක ප්‍රතිපලයක්.පසුගිය අය කලේ ගූගල් සමාගමට බැන බැන ඉන්න එකනේ. (ර)

:       0       0

විජිත් Wednesday, 17 February 2016 10:45 AM

විකුම්, ඔයා හරියටම හරි. (නි)

:       0       0

විජිත් Wednesday, 17 February 2016 04:06 PM

මේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට විශේෂයෙන්ම ගූගල් සමාගම උපයෝගිකරගන්නේ අපේ වායුගෝලයේ දෙවැනි ස්තරය හෙවත් " ස්ට්රටෝස් පියරයේ " ඇති විශේෂිත ගුණයකි.අප සැම සිටින වායුගෝල ඉස්තරය " ට්රොපොස් පියරය " කියලා ඔයගොල්ලෝ දන්නවානේ. එය පොලොව මට්ටමේ සිට කිලෝ මීටර් 12 යනතෙක් එහලට විහිදෙනවා.ඉන් පසු තියෙන්නේ මම කියපු ස්ට්රටෝස් පියරයයි.එය ට්රොපොස් පියරයේ සිට කිලෝ මීටර් 50 තෙක් ඉහලට විහිදෙනවා. ඊට පසුව එන්නේ මෙසොස්පියරයයි.මේ ස්ට්රටෝස් පියරයේ ඇති වායු සතර අතර නොයෙකුත් " අසමානකම් " තියෙනවා. එක ස්තරයක ඇති වායුව හමන දිශාවට, හාත්පසින්ම වෙනස් දිශාවකට ඊළඟ තට්ටුවේ ඇති වායුන් හමායන්නේ. ඊළඟ ස්ථරයේ ඊටත් වෙනස් දිශාවකට. ගූගල් සමාගම ස්ට්රටෝස් පියරයේ ඇති මේ අසාමාන්ය ගුණය තමයි උපයෝගිකරගන්නේ තමන්ගේ බැලුනය තමන් කැමති දිශාවකට ප්රවාහනය කරන්න.බැලුම පවතින උස මට්ටම වෙනස් කිරීමෙන් තමන්ට කැමති දිශාවට බැලුම පාකර යැවීමට හැකියි.මේ නිසා බැලුම අවශ්ය තැනට ප්රවාහනය කිරීමට " ශතයක්වත් " මේ සමාගමට වියදම් වෙන්නේ නැහැ. පොලොව මට්ටමේම සිට කිලෝමීටර් 20 උස තමයි මේ බැලුම ස්ථානගත කිරීමට යන්නේ.මේ බැලුම ගැන ඉතාම කෙටියෙන් කියන්නම්...මීටර්12 උස, මීටර් 15 ක විශ්කම්භයක් ඇති මේ බැලුමේ කවරය නිර්මාණය කරලා තියෙන්නේ මිලි මීටර් 3 ක ඝනකමක් ඇති විශේෂ පොලිඑතිලින් අවරනයකින්. ෆැරන්හයිට් අංශක -117 පමණ ඉතාමත් පහල උෂ්ණත්වයක් දරාගැනීමට හැකි මේ බැලුනය දින 100 අහසේ රඳවා තියනවා. ඒ සඳහා හීලියම් වායුව යොදාගන්නවා. සැහැල්ලුබවින් හයිඩ්රජන් වලට පමණක් දෙවනිවන හීලියම්, හයිඩ්රජන් වාගේ " ගිනිගන්නේ නැහැ.දින 100 කට පසු අලුත්වැඩියා සඳහා එයාව පොලොවට ගෙන්නගන්නවා. එයින් කිසිම ප්‍රශ්නයක් සන්නිවේදන ග්‍රහකයින්ට ඇතිවෙන්නේ නැහැ.මොකද මේ බැලුමේ සහෝදරයින් කීපදෙනෙක්ම අහසේ සිටින නිසා. මේ බැලුමට විදුලිය සුර්යබලයෙන් ලබාගන්න අතරම රාත්රියේදී බැටරියකින් සැපයේ.කිලෝ මීටර් 80 ක විෂ්කම්භය ඇති ප්‍රදේශයකට සන්නිවේදන සම්බන්ධතාවන් සැපයිය හැකි මෙහි යොදාගන්නේ එල්.ටි.ඊ ( එල් ටි ටි ඊ එහෙම නොවෙයි )තාක්ෂණයයි.මේ සඳහා මුලින්ම යෝජනාවුනේ වයි ෆයි තාක්ෂණයයි.නමුත් ඒ සඳහා පොළොවෙහි ඇන්ටෙනා පිහිටුවන්නට සිදුවන නිසා ඒ අදහස ඇත හැර දැමුවා.ලැබුනොත් වෙන වෙලාවක මේ එල් ටි ඊ තාක්ෂණයෙන් කොහොමද වැඩ ගන්නේ කියලා කියන්නම්.(අ)

:       0       4

කුමාර Wednesday, 17 February 2016 04:12 PM

ඕක ඇමෙරිකන් කාරයාගේ තවත් ගේමක්....අපේ රටේ තොරතුරු හොරෙන්ම ගන්න ගහපු ගැටයක්...ආණ්ඩුව ලොකුවට පම්පෝරි ගැහුවට උන් ගානට ගේම දෙනවා (අ)

:       0       0

ශශිනිකා Thursday, 18 February 2016 12:59 AM

හොඳ වැඩක් (නි)

:       0       0

අජිත් Thursday, 18 February 2016 04:20 AM

විජිත් ඔයාට කියක් ලැබුනද ඔය බොරුව ගොතන්න. අන්න බැලුම කඩාවැටිලා. ඕක කලින් ගුගල් එක්ස් කියලා පටන් ගත්තේ. ඕක අසාර්ථක වුණා. (නි)

:       0       0

ගුජිත් Thursday, 18 February 2016 04:20 AM

බැලුම කඩාවැටිලා නේද? (නි)

:       0       0

ශානක Thursday, 18 February 2016 12:53 PM

කඩන් වැටිලලු නේද (බ)

:       0       0

දහම් Thursday, 18 February 2016 04:06 PM

කඩාගෙන වැටිලා මේක' ? (බ)

:       0       0

ලලිත් Thursday, 18 February 2016 06:25 PM

ෆර්හාන්, බැලුම තියෙන තැන අහගෙන දුන්නා නේද වැඩේ? අන්න ඒක බිමලු. අපිටත් කියන්න බැරිද ඔය තාක්ෂණය? මේවට අපේ කට්ටියගේ ඇස්වහ කටවහ වුණත් බලපානවා. (නි)

:       0       0

ක්‍රිෂ් Friday, 19 February 2016 06:59 AM

ස්තුතිය් විජිත් දැනුම දුන්නට (බ)

:       0       0

විකුම් Wednesday, 17 February 2016 05:35 AM

අම්මා තාත්තා බිරිඳ යහළුවෝ පොලිසිය උසාවිය නොදන්නා අපේ රහස් සියල්ල දන්නේ ගුගල් සමාගමයි. අපිට අමතක වූ අතීතය දන්නේ ඒ සමාගමයි. ලෝකයෙන් බොහෝ පිරිසක්‌ කැමැත්ත ඇතිවම වහල්ලු වෙලා. අපේ තොරතුරු වල අගය දන්නේ ඇමරිකාවයි. අපි අසීමිතව මේ තාක්ෂනය මත යැපෙනවා. අපි කවුරුත් කවදා හරි ලොකු අමාරුවක වැටෙනවා වලක්වන්න බෑ. චීනය බොහෝ දුරට මෙයින් ගැලවිලා. මේකත් හොරෙන් ලියන්න බෑ. (ර)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 19 February 2016 05:01 PM

විජිත්,මේ ගූගල් ලූන් බැලුම ගැන ඔයාගේ ලිපියෙන් අපි බොහෝ දේවල් දැනගත්තා. මේ තීරුවේ අදහස් දමන අයට මේක හොඳ ලිපියක්. ඉතුරු ටික කියවනකම් මට ඉවසිල්ලක් නැහැ.... (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 20 February 2016 01:49 PM

පුදපු ගමන් කාපියකා කිවුවා වගේ කඩාවැටුනා නේද? (නි)

:       0       0

අමල් Sunday, 21 February 2016 08:42 AM

විජිත් මහතාට මාගේ උපහාරය. (ර)

:       0       0

චන්දා Sunday, 21 February 2016 08:44 AM

විජිත් වගේ අය අපිව මෙහෙම දැනුවත් කරන එක ඇත්තෙම අගයන්නම ඕනා ඉහලින්ම. (ර)

:       0       0

හුසේන් මෝහමෙඩ් Sunday, 21 February 2016 09:18 AM

ස්තුතීයි විජිත් මහත්තයා. (ර)

:       0       0

නන්දන Sunday, 21 February 2016 11:23 PM

විජිත් මහතාට බොහොම ස්තුතියි, ගොඩක් වටිනා අදහස් පළකළාට. මෝඩ කතා අහලාම අපිට එපාවෙලා (නි)

:       0       0

පුබුදු ප්‍රසන්න Monday, 22 February 2016 10:21 AM

බෙහෙවින්ම ස්තුතියි විජිත්. අපි ඔයාගේ අනෙකුත් අදහස් ලැබෙනකන් ඉන්නවා. (ර)

:       0       0

රොහාන් දිවිගල්පිටිය - කැලිෆෝර්නියා Tuesday, 23 February 2016 09:23 AM

අජිත්, අසාධාරණ විධිහට බොරු නොකියා සිටින්න උත්සහ කරන්න. කවුද කියන්නේ ගූගල් එක්ස් අසාර්ථකයි කියලා..? ඔයා දන්නවාද ගූගල් එක්ස් කියන්නේ මොකක්ද කියලා...? ගූගල් එක්ස් කියන්නේ විශාල වියාපෘතියක්. මේ ලූන් එක, ඒ තුල ඇති ඉතාම කුඩා වැඩසටහනක් පමණයි. රියදුරන් නැති වාහන, ඉන්ටෙර්නෙට් ඇස් කන්නාඩි, තැනකින් තැනකට වහාම පියාබිය හැකි කුඩා ගුවන් කාරයක්, කෘතීම බුද්ධිය වැනි දේවල් ගැන පර්යේෂණ කරන ඇති දැවැන්ත වියාපෘතියක් ගූගල් එක්ස් කියන්නේ. මේ බැලුම කඩා වැටුනා කියලා, ඔයා හිතනවාද මේ අය මේ විශාල වැඩසටහන අත හරිවියි කියලා..? රයිට් සහෝදරයින් පළමුවෙනි ගුවන් යානය අහසට නංවලා මිනිත්තු 2න් කඩා වැටුනා.. නමුත් ඒ අය උත්සාහය අත හැර දැමුවාද..?.තව එකක්, විජිත් මහතාගේ ලිපිය ඉතාමත් සත්‍ය සහ සාර්ථක එකක් බවත්, එතුමාට තව තවත් අප දැනුවත් කිරීමට ශක්තිය ලැබේවා කියලා පතමි.! (ර)

:       0       0

සිතුම් Tuesday, 23 February 2016 11:17 AM

විජිත්,ඔයාගේ තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම අපිට බෙදා දීම ගැන බොහොමත්ම ස්තුතියි.(හේ)

:       0       0

සවනි Tuesday, 23 February 2016 11:11 AM

විජිත්,ඔයාගේ තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම අපිට බෙදා දීම ගැන බොහොමත්ම ස්තුතියි.(හේ)

:       0       0

චතුර Tuesday, 23 February 2016 11:14 AM

මේ බැලුන් ඉන්ටර්නෙට් තාක්ෂණයෙන් ඇත පළාත්වල සිටින ගොවි මහතුන්හට විශාල සේවයක් ලැබෙන බව මම අහලා තියෙනවා.(හේ)

:       0       0

සමන්ත Tuesday, 23 February 2016 03:30 PM

මෙය තනිකරම අපේ රටේ තොරතුරු හොරෙන් ගන්න ගහපු ගැටයක්. මෙම බැලූන් වලට අමුණා ඇති උපකරණ මගින් 4G LTE ෙනමැති අධිවේග රැහැන් රහිත දත්ත හුවමාරු කරන තාක්ෂනය හරහා සීමිත පිරිසකට අනතර්ජාල සේවා සැපයිය හැක. ලංකාවේ සාමාන්‍ය ජනතාවගෙන් කී දෙනෙකුට 4G තාක්ෂනය සහිත ජංගම උපකරණ තිබේද?. එදිනෙදා ජීවිතය පවත්වාගෙනයාම සඳහා පොරබදන ලාංකීය පොදු ජනතාවට මෙයින් ලැබෙන්නේ මොනවාද?. මෙය ඔවුන්ගේ මූලික ප්‍රශ්න විසදීමක්ද? දැනටමත් ලංකාවේ ක්‍රියාත්මක වන අන්තර්ජාල සපයන ආයතන මුළු රටම ආවරණය කර ඇති මොහොතක මෙයින් ජනතාවට ලැබෙන විශේෂ වාසිය කුමක්ද? එක් බැලූනයක් මගින් වර්ග කිලෝමීටර 5000 ප්‍රමාණයක් ආවරණය කල හැකි බවට පැවසුවද එමගින් එකවර සැපයිය හැක්කේ අන්තර්ජාල සබඳතා සිය ගණනක් පමණි. ගූගල් ලූන් වෙබ් අඩවියේම මෙය සඳහන්ව ඇත. ඒ අනුව බැලූන් 13 මගින් ලංකාවම ආවරණය කලද ලබාදිය හැකි සම්බන්දතා ගණන ඉතා අඩුය. එමෙන්ම මෙම බැලූන සඳහා අන්තර්ජාල සම්බන්දතාවය ලබාදිය යුත්තේ අන්තර්ජාල සේවා සපයන සමාගම් මගිනි.මෙසේ ලබාදෙන සම්බන්ධතාවයේ ධාරිතාව බැලූනය හා 4G තාක්ෂණයෙන් සම්බන්ධවන පුද්ගලයන් අතර බෙදී යන බැවින් අන්තර්ජාලයට සම්බන්ධවියහැකි වේගය ඒ අනුව තීරණය වේ. ගූගල් ලූන් තාක්ෂනය 2013 වසරේදී නවසීලන්තයේදී පමණක් අත්හදා බැලීම් කරන ලද , වෙනත් කිසිම ආකාරයෙන් අන්තර්ජාල සේවා සැපයිය නොහැකි භූමි ප්‍රදේශවල සිටින සීමිත පිරිසකට අන්තර්ජාල සේවා සැපයීම සඳහා භාවිතයට යෝජනා කර ඇති ක්‍රමයකි. මෙයට උදාහරණ ලෙස කඳුකර ප්‍රදේශ , කාන්තාර නම් කල හැක. දින 100කට වරක් නැවත නැවත බැලූන යැවිය යුතුය.වෙනත් කිසිදු රටක් මෙම තාක්ෂනය පාවිච්චි නොකරන්නේ එය වියදම් අධික බැවිනි. අධික මිලකින් යුත් මෙවැනි බැලූන ඇමෙරිකාවේ සිට මෙරටට නොමිලේ එවන්නේනම් එය පිටුපස ඇත්තේ කුමක්දැයි සොයා බැලිය යුතු කාරණාවකි.ඇමෙරිකානු සමාගමකට තම ගුවන් සීමාවේ රිසිසේ බැලූන හසුරවා ඔත්තු බැලීමට ඉඩදෙන ලෝකයේ පළමු මෝඩයන් සිටින රට බවට අපි පත්ව ඇත්තෙමු. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමතිවරුන් කිහිපදෙනෙකු නිතර නිතර විදෙස් ගත වන අතර ඔවුන්ගේ හිතවතෙකු මේ සඳහාම ආයතනයක් ලියාපදිංචි කර ඇත්තේ කුමක් සඳහාදැයි සිතීම ඔබට බාරය. අවසානයේ මෙම සියල්ලේ බරපැන විදීමට සිදුවන්නේ රටේ සාමාන්‍ය ජනතාවටයි. තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයට ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාවට ප්‍රයෝජනවත් වන වෙනත් ව්‍යපෘති ඇත්තේම නැද්ද?(හේ)

:       0       0

චමිත් Tuesday, 16 February 2016 04:39 PM

ලංකාව වගේ රටකට ගූගල් ලූන් ඕන නෑ.(හේ)

:       0       0

නිශාන්ත Tuesday, 16 February 2016 06:04 AM

බොහොම හොඳයි (නි)

:       0       0

චන්දික Tuesday, 16 February 2016 09:20 AM

හොද වැඩක්.! (ර)

:       0       0

කුමාර Tuesday, 16 February 2016 09:31 AM

ඒ කියන්නේ මේක පසුගිය රජයෙන් අත්සන් කරපු ගිවිසුමක්ද? (ර)

:       0       0

මහේෂ් Tuesday, 16 February 2016 10:25 AM

අනතුරු සහිතයි, ඔත්තු බැලිය හැක. (නි)

:       0       0

සකුනි Tuesday, 16 February 2016 11:20 AM

කුමාර, පසුගිය වසරේ තිබුනේ මෙම රජයයි (බ)

:       0       0

සකුනි Tuesday, 16 February 2016 11:28 AM

කුමාර, පසුගිය වසරේ තිබුනේ මෙම රජයයි (බ)

:       0       0

බණ්ඩා Tuesday, 16 February 2016 01:06 PM

කුමාර හරි මේක අපේ රජතුමා ඇමෙරිකාව සමග ගහපු ගිවිසුමක් , අපේ රජතුමා චිනෙත් එක්ක එකතු වෙලා යවපු රොකට් එකත් දැන් වැඩ පටන් අරන් ......(කෞ)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Tuesday, 16 February 2016 03:24 PM

කුමාර ඔබට ජල භීතිකා රෝගය සැදී එන වග පේනවා , මේවා පසුගිය රජයෙන් නොවේ , අලුත් රජයෙන් සිදුවන දේවල් ,(බ)

:       0       0

නිරේෂ් Tuesday, 16 February 2016 04:25 PM

මේ මිනිසුන්ට ඇස් කන් නැද්ද? හැමදේටම පරණ දේවල් ගාවාගන්නවා (නි)

:       0       0

චමිත් Tuesday, 16 February 2016 04:46 PM

ලංකාව වගේ රටකට ගූගල් ලූන් ඕනෑ නැහැ කියන එකයි මගේ තර්කය. (නි)

:       0       0

චමිත් Tuesday, 16 February 2016 04:46 PM

ලංකාව වගේ රටකට ගූගල් ලූන් ඔන නැ කියන එකයි මගේ තර්කය. ගුගල් ලූන් කියන්නේ,නගර අතත දුර වැඩි ,මිනිසුන් ගහනය අඩු ප්‍රදේශ වලට අඩු වියදමකින් කුලුනු රහිත සන්නිවේදන කටයුතු කරන මෙවලමක්.හැබැයි අපේ රටේ වැඩි හරියකට දුරකතන ජාල වල සිග්නල් තියෙනවා.එ නැතත් දැන් එක දුරකතන කුලුනක ජාල කිහිපයක සන්නිවේදක උපකරන සවිකරන්න අවසරය තියන නිසා වියදමත් කොහොමත් අඩුයි.අනික අපේ රට පිහිටල තියන භුවිෂමතාවත් එක්ක බලනකොට නිතරම කාලගුනික හා දෙෂගුනික විපර්යාසයන්ට ලක්වන රටක්.(බ)

:       0       0

සීලක Tuesday, 16 February 2016 04:39 PM

මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගත්තොත් විශාල වාසී රැසක් ලැබෙයි.(හේ)

:       0       0

ෆර්හාන් Tuesday, 16 February 2016 06:04 AM

මෙය තිබෙන ප්‍රදේශය කුමක්ද? (ර)

:       0       0

දමිත් Tuesday, 16 February 2016 04:39 PM

මේ වැඩේ සාර්ථක වෙයිද?(හේ)

:       0       0

චමිත් Tuesday, 16 February 2016 04:39 PM

ලංකාව වගේ රටකට ගූගල් ලූන් ඕන නෑ කියන එකයි මගේ තර්කය. ගුගල් ලූන් කියන්නේ,නගර අතත දුර වැඩි ,මිනිසුන් ගහනය අඩු ප්‍රදේශ වලට අඩු වියදමකින් කුලුනු රහිත සන්නිවේදන කටයුතු කරන මෙවලමක්.හැබැයි අපේ රටේ වැඩි හරියකට ඩයලොග් ,මොබිටෙල්, එටිසෙලාට් හා අනිකුත් දුරකතන ජාල වල සිග්නල් තියෙනවා.එ නැතත් දැන් එක දුරකතන කුලුනක ජාල කිහිපයක සන්නිවෙදක උපකරන සවිකරන්න අවසරය තියන නිසා වියදමත් කොහොමත් අඩුයි.අනික අපේ රට පිහිටල තියන භුවිෂමතාවත් එක්ක බලනකොට නිතරම කාලගුනික හා දෙෂගුනික විපර්යාසයන්ට ලක්වන රටක්.ඉතින් එහෙම රටක ඔය බැලුන් එකම ස්තානයේ හරි ආකාරව පවතීද යන්න සැකයක්.අනික මෙක ගුගල්ලාගේ තවත් එක් අසාර්තක ප්‍රොජෙක්ට් එකක් කියලයි මන් දකින්නේ.(හේ)

:       0       0

ලලිත් Tuesday, 16 February 2016 07:17 PM

ඇයි ෆර්හාන්, ඉඩම් බිස්නස් එකක්වත් කරනවද ඒ පැත්තේ? (නි)

:       0       0

චන්දා Tuesday, 16 February 2016 08:18 PM

අපිට තියෙන ආදරේට ඇමෙරිකාවේ ඉඳලම එවලා නේද ගූගල් බැලුම්. අපමණ අගයක්. (නි)

:       0       0

බෝගල Wednesday, 17 February 2016 02:23 AM

හොඳ වැඩක් (නි)

:       0       0

සමන්ත Wednesday, 17 February 2016 02:57 AM

අධ් තාක්ෂණය මිනිසුන්ගේ සෞඛයට කොහොම වෙයිද? දන්නා අය කියන්න. (ර)

:       0       0

අසේල Wednesday, 17 February 2016 03:05 AM

හොඳ ව්‍යාපෘතියක්.(හේ)

:       0       0

සමන්ත Wednesday, 17 February 2016 03:05 AM

හොඳයි ඉතින් වැඩක් වෙනවා නම්.(හේ)

:       0       0

ජනක Wednesday, 17 February 2016 03:22 AM

මේකෙන් නොමිලේ ඉන්ටෙර්නෙට් දුන්නම කොම්පැනි ටික වහන්න වෙයිනෙ . (ර)

:       0       0

අමා Wednesday, 17 February 2016 04:28 AM

හොද වැඩේට යටින් තියෙන්නේ මොකක්ද කියලා ,හොයල බැලුවොත් හොද නැද්ද ? (ර)

:       0       0

අමා Wednesday, 17 February 2016 04:29 AM

හොද වැඩේට යටින් තියෙන්නේ මොකක්ද කියල ,හොයල බැලුවොත් හොද නැද්ද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site