X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


ගොඩබිම් වරාය දෙකකුත්

පෑලියගොඩ හා තෙලගපාත ප්‍රදේශයන්හි ගොඩබිම් වරාය 2 ක් ඉදිකිරීමට ශී්‍රලංකා වරාය අධිකාරිය සැරසේ.

මේ සදහා එම ප්‍රදේශයන්හි අක්කර 100 ක පමණ භූමි ප්‍රමාණයක් භාවිතා කෙරෙනු ඇතැයි සදහන්ය.

ගොඩබිම් වරායන් භාවිතා වනුයේ මුහුදු වරායන්ගේ සිට ගෙන එනු ලබන බහාලූම් ගබඩා කිරීමටය.

අනතුරුව ගොඩබිම් වරායන්හි සිට රට පුරා ඒවා ඛෙදා හැරෙයි.

මෙය මුහුද වරායන්වල ඇතිවන තදබදය අවම කරනවා මෙන්ම වඩා කාර්යක්ෂම ලෙස රට පුරා භාණ්ඩ ඛෙදාහැරීමටද මාර්ගය පාදයි.

ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ව්‍යාපෘතියට   යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිඛෙන අතර ඊට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.



අදහස් (0)

ගොඩබිම් වරාය දෙකකුත්

බුද්දික Thursday, 23 January 2014 07:45 AM

මම හිතුවේ හැදෙන්න ඕන අය දැන් හැදිලා ඉවරයි කියලා. කොච්චර කෑවත් මදි වගේ. (අ)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 07 February 2014 11:08 AM

ස්වභාව ධර්මයට විරුද්දව යන මේ ගමන තව කොතෙක් දුර යා හැකිද???? (දී)

:       0       0

සෙනෙවිරත්න Wednesday, 05 February 2014 02:46 PM

මම නම් මේවා දකින්නේ සංවර්ධනය කියලයි (දී)

:       0       0

නිරෝෂ් Sunday, 02 February 2014 01:35 PM

මහජනයා ඉදිරිපිට දේශපාලකයා නිරුවත්.(නදී)

:       0       0

පෙරේරා Saturday, 01 February 2014 09:07 AM

නරකද මුහුදේ මැද්දේ ගොඩකරලා තණකොළ පිට්ටනියක් එක්ක හරක් පට්ටියක් හදල ලංකාවේ පිටිකිරි හිඟය නැති කලානම්???????? (දී)

:       0       0

හේවා විතාරණ Thursday, 30 January 2014 03:54 PM

මුහුදෙත් පුළුවන්නේ ගුවන් තොටුපොළක් හදන්න (දිල්)

:       0       0

හේවා විතාරණ Thursday, 30 January 2014 03:51 PM

ගොඩ බිම වාරයක් ? මීට කලින් අහලත් නැහැ දැකලත් නැහැ (දිල්)

:       0       0

ආරියසේන Thursday, 30 January 2014 06:34 AM

වෙන රටවල් වල මුහුද ප්‍රයෝජනයට ගෙන වරයාවල් ඉදිකරනවා. අපේ රටේ ගොඩ බිම හාරා වරායවල් ඉදිකරනවා මෙයින් අපේ රටේ සිතියම වෙනස්වන අතර තව තවත් රට ප්‍රමාණයෙන් අඩුවේ.(නදී)

:       0       0

බ්නර Thursday, 30 January 2014 03:05 AM

බුද්දික, කන්න කන්න ආසා හිතෙන කෑම....කොමිස් (දී)

:       0       0

ප්‍රගීත් Wednesday, 29 January 2014 11:21 AM

පෙරේරා මහතාගේ අදහස නම් හොදයි. (නි)

:       0       0

පෙරේරා Wednesday, 29 January 2014 02:22 AM

ඔය වගේම වරායක් නුවර එලියේත් හැදුවා නම්. (නදී)

:       0       0

ක්‍රිෂාන් ප්‍රනාන්දු Tuesday, 28 January 2014 10:53 AM

තව කෝට් ගණනක් ගහන්න හදන වැඩක්. දෙවියන්ගේම පිහිටයි ලංකාවේ මිනිස්සුන්ට.(නදී)

:       0       0

සත්‍යයා රාජ් Monday, 27 January 2014 07:48 AM

බලන්න ,බහාලුම්,නැවත අපනයනය කිරීමේදී මේ දක්වා ඇති වෙනස. (නදී)

:       0       0

ප්‍රබෝධා Saturday, 25 January 2014 06:34 PM

දැන් ලංකාව හරි දියුණුයි.(නදී)

:       0       0

සෑම් Sunday, 19 January 2014 03:26 PM

ලංකාවේ මොනවා හෝ ඉදිකිරීම් සිදුවෙනවානම් හොඳයි. ඒවායින් රටේ රැකියා ප්‍රශ්නය උනත් තාවකාලිකව හරි විසදෙනවා. නමුත් මම හිතන්නේ රටේ මොනවා හරි නිෂ්පාදනය කිරීමට මුල් තැන දියයුතුයි. එතකොට අමු ද්‍රව්‍ය ආනයනයට, නිමි ද්‍රව්‍ය අපනයනයට, අපිට නව වරායවල්, ගුවන් තොටුපළවල්, ඒ වගේම මේ ප්‍රවෘත්තියේ දැක්වෙන විදියේ ගොඩබිම් බහලුම් අංගන ආදිය උවමනා වේවි. එහෙම නැතුව දැනට ආනයනය කරන එතනෝල් , හෙරෝයින් හෝ අපනයනය කරන කසල තේ, වල්ල පට්ට, වලට නම් මේ තියන වරායවල් ගුවන් තොටුපළවල් ඕනෑවටත් වැඩියි. (නදී)

:       0       0

රවිඳු Tuesday, 21 January 2014 02:49 PM

නියමයි ... සැහෙන්න ගානක් ලැබෙනවා ඇති... (දී)

:       0       0

ගයාන් Tuesday, 21 January 2014 02:37 PM

පිස්සු නැත්නම් ෂෝක්.(නදී)

:       0       0

තිලක් Tuesday, 21 January 2014 02:54 AM

ලංකාවේ ණයවල පොලියෙන් විතරක් කටුනායක වගේ අදිවේගී 20 ක් හදන්න පුළුවන් කියල එක වැඩසටහනක කිව්වා මේක ඇත්තද (අ)

:       0       0

චමත් Tuesday, 21 January 2014 02:51 AM

ලංකාවේ එක පුද්ගලයෙක් ලක්ෂ 3 ක් ණයලු. ඒ කියන්නේ එක පවුලක් ආසන්න වශයෙන් ලක්ෂ 12. ණයේ හැටියට හැම පවුලක්ම නයට කාර් එකක් අරන් වගේ (අ)

:       0       0

ප්‍රේමනාත් දිසානායක Monday, 20 January 2014 08:00 PM

මේ වගේ අපරාද කරන්න එපා. කොමිස් ගහගෙන අපේ රට කන වැඩක් මේ. මට ගොඩක් දුකයි. මේක නවත්වන්න පියවර ගමු.(නදී)

:       0       0

සෑම් Monday, 20 January 2014 02:38 PM

චීනයේ වරායන්වලට ගිහිල්ලා තමා යන්නේ. ආපසු යනකොටත් ඒ විදියම තමා. අපේ රටට ගොඩබාලා නැවත පටවන්න තැනක් දැන් ඉතුරුවෙලා නැහැ, බොහෝවේලාවට ලංකාවට ගේන සහ ලංකාවෙන් යවන බඩුත් සිංගප්පූරුවේ හෝ ඩුබායි වලදී ප්‍රතිනැව්ගත කරලා තමා ගමනාන්තයට යන්නේ. දැන් ලෝකයේ නැව් ගමනාගමනය සිංගප්පූරුව හා ඩුබායි කේන්ද්‍ර කරගෙන සිදුවන නිසා ලංකාවට තරඟ කරන්න අමාරුයි. හම්බන්තොට පහු කරගෙන දවසකට මෙච්චර නැව් යනවා, අපට එයින් සීයට දහයක් ආවත් ඇති කියලා කිව්වට සීයට එකක්වත් එන්නේ නැහැ. ප්‍රයිවෙට් බස් වගේ හැම හාබර් එකක් ගානෙම නැව් යන්නේ නැහැ. (දිල්)

:       0       0

නුවන් Monday, 20 January 2014 12:43 PM

රවින්, ප්‍රති නැව්ගත කරන්න අවශ්‍ය ඉඩකඩ අපේ දැනට තියෙන වරායන් වල තියෙනවා. මේක රට චිනට නයවෙන තවත් අනවශ්‍ය ව්‍යපෘතියක් නේද? මේවායින් කොමිස් ගහන කට්ටිය වැඩියි ඉඩම් ටිකට මොකද වෙන්නේ? (නදී)

:       0       0

රවීන් Monday, 20 January 2014 12:21 PM

මේ හදන්න යන්නේ බහලුම් ගබඩා පර්යන්තයක් හා රේගු නිෂ්කාශන මද්‍යස්ථානයක්. කෙටියෙන් කියනවා නම් දැනට ශ්‍රී ලංකා රේගුව විසින් පාලනය කරන ඔරුගොඩවත්ත හන්දියේ තියන රෙගු නිෂ්කාශන මද්‍යස්ථානය වගේ එකක්. හැබැයි එයිට වැඩිය විශාල තැනක් වෙයි එච්චරයි, මෙමගින් කලාපිය ප්‍රති නැව්ගත කිරීම මගින් අතිරේක අදායමක් රටට ලබාගන්න පුළුවනි, හොරකම සමග රටක් නංවන්න පුළුවන් කියලා මැලේසියාව පෙන්නලා දුන්න. දැන් ලංකාවත් ඒ මග යනවා.(නදී)

:       0       0

සත්‍යයා Monday, 20 January 2014 07:56 AM

හම්බන්තොට කෘතීම වරාය වැරදීමක් නොවෙයි. ඒක ලංකාවේ ජනගහනයෙන් 15% කට සුරලොව යන්න උදව් කල චීනය ට කළ කෘතඥතා පුර්වක සැලකීමක්. අනාගත ශ්‍රී ලංකාවේ ආර්ථිකය විතරක් නොවෙයි භූගෝලය තීරණය කරන්නෙත් චීන්නුන් බව රටේ ජනතාවට තවම තේරිලා නැහැ. (නදී)

:       0       0

කිත්සිරි Monday, 20 January 2014 07:53 AM

ලොකු ව්‍යාපෘති වලින් තමා කාට කාට උනත් ලොකු දේවල් ලැබෙන්නේ. නයට ගන්න සල්ලි හින්දා ගෙවන්නේ පොදුවේ අපි හැමෝමනේ .ව්‍යාපෘතියෙන් රටට සේවයක් වෙනවද නැද්ද කියන දේ එතරම් වැදගත් නැහැ. (නදී)

:       0       0

ලුම්බිණි Monday, 20 January 2014 04:22 AM

විශාල ජනගහනයක් සමගම ඉඩකඩම් වලට විශාල ඉල්ලුමක් ඇති කොළඹ, අවට තිබෙන ගොඩබිමත් නැතිකර දමන්න යෝජනා කරන්නේ මොන විදියේ අයද? (නදී)

:       0       0

සම්පත් Sunday, 19 January 2014 08:29 PM

දැන් කොහේ මොන වරායේද තදබදයක් තියෙන්නේ. (නදී)

:       0       0

නුවන් Sunday, 19 January 2014 07:29 PM

හත් දෙවියනේ ගොඩ බිම කපල මුහුද රට ඇතුලට ගෙනල්ල හදපු වරාය මදිවාටද ලෝකෙටම නය වෙලා වැඩක් නැති දේට සල්ලි නාස්ති කරන්නේ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site