මෙරට ලොතරැයි ඉතිහාසයේ විශාලතම ත්‍යාගය වූ ලොතරැයි මණ්ඩලයේ ‘ගොවිසෙත‘ ලොතරැයිය ලබාදුන් රුපියල් දහතුන් කෝටි දහතුන් ලක්ෂ හැටදහස් එකසිය තිස් හයයි ශත හතළිහක මුදල හිමිකරගත් ජයග්රහාගකයාට එම ත්‍යාගය පිරිනැමීමේ නිල උත්සවය අද (12) මුදල් ඇමැති රවී කරුණානායකගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදී පැවැත්විණි.
තවත් සුපිරි ත්‍යාග දිනාගත් වාසනාවන්තයින් සය දෙනකුටද එහිදී තෑගි පිරිනැමිණි.
පදලංගල පදිංචි ඒ.එල්.කේ.කීර්ති කුමාර මහතාට ගොවිසෙත විශාලතම තෑගි මුදල හිමිවූ අතර ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගොවිසෙත සුපිරි ත්‍යාගයේ වාසනාවන්තයා තෑගි ලබයි
ඒකනායක Thursday, 18 February 2016 04:23 PM
බන්දුල පෙරේරාගේ අදහස හරියටම හරි. අපේ රටේ එච්චර ලොකු මුදලක් එක් කෙනෙකුට දුන්නාට වැඩක් නැහැ (නි)
බන්දුල පෙරේරා Thursday, 18 February 2016 01:06 AM
එදා වේලා හම්බකරගෙන කන අය පිස්සු වට්ටලා රුපියල් 200ක් දවසට ගන්න කෙනා රුපියල් 100 ක ටිකට් ගන්න පොළඹවලා අන්තිමේදී කුට්ටිය පිටින් එක් කෙනෙකුට දීලා දානවා, තව තව තණ්හාධික මනස් වල තිබෙන කෙළෙස් වැඩි කරන්න. මිනිහෙකුට හැදෙන්න ලක්ෂ 25 ක් හොඳටම ඇති. මේ කෝටි 13 ලක්ෂ විසිපහ ගානේ පනහකට තෑගි පනහක් හැටියට දුන්නා නම් මීටවඩා ලොතරැයියත් ජනප්‍රිය වෙනවා. 50 දෙනෙක් ගොඩ යනවා. (නි)
චමල්කා Thursday, 18 February 2016 01:46 AM
සුබ පැතුම්! (නි)
දනුක Thursday, 18 February 2016 01:47 AM
බන්දුල පෙරේරා, ආයෙත් ආවද ගම කන්න? ඉස්සර වගේමයි. ඔබ තවමත් අනුන්ට ඊර්ෂ්‍යා කරන කෙනෙක්. දැන්වත් හැදෙන්න බලන්න. (නි)
චමින්ද Thursday, 18 February 2016 06:30 AM
ඔබට උණුසුම් සුබ පැතුම් (බ)
දුමින්ද Thursday, 18 February 2016 06:30 AM
ඔබට උණුසුම් සුබ පැතුම් , මුදල් හරි විදියට ආයෝජනය කරන්න , වෙන අය කියන දේවල් අහන්ට එපා, සල්ලි වියදම් කරන්ට කලින් 10 පාරක් කල්පනා කරලා තීරණයක් ගන්ට , ඉස්සර නොහිටපු යාලුවෝ නෑදෑයෝ දැන් ලංවෙයි , ගනන්ගන්ට එපා , ඒවගේම දුකේදී හිටපු අය , උදව්කරපු අය අමතක කරන්ට එපා, දුප්පත් මිනිස්සුන්ට , ලෙඩ්ඩුන්ට උදව් කරන්ට , ඔබට සුබ අනාගතයක් ......හැකි තරම් පින් කරන්ට , බුදුසරණයි (බ)
ආරියසේන Thursday, 18 February 2016 06:38 AM
පවුල රැකගෙන හොදින් ජීවත් වන්න....මුදල් ලැබුන කියල තමන්ගේ බිරිද දරුවෝ අමතක කරල වැඩ කරන්න යන්න එපා....ඔබට සුබ අනාගතයක්....(බ)
ආරියසේන Thursday, 18 February 2016 06:39 AM
පවුල රැකගෙන හොඳින් ජීවත් වන්න. මුදල් ලැබුනා කියලා තමන්ගේ බිරිද දරුවෝ අමතක කරලා වැඩ කරන්න යන්න එපා. ඔබට සුබ අනාගතයක්! (නි)
ආරියසේන Thursday, 18 February 2016 06:39 AM
පවුල රැකගෙන හොදින් ජීවත් වන්න. මුදල් ලැබුනා කියලා තමන්ගේ බිරිද දරුවෝ අමතක කරලා වැඩ කරන්න යන්න එපා. ඔබට සුබ අනා ගතයක්. (ර)
බන්දුල පෙරේරා Thursday, 18 February 2016 04:11 PM
දනුක මල්ලිට තේරෙන තරම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
බන්දුල පෙරේරා Thursday, 18 February 2016 04:04 PM
දනුක මල්ලිට තේරෙන තරම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.එකාට ගොඩගහල දෙන එකද 50 කට ගොඩ එන්න බෙදල දෙන එකද වඩා සුදුසු කියන එක මොන්ටිසෝරි බබාලටත් තේරෙන යථාර්ථයක්..අවවාදයට ස්තුතියි..එත් කෙනෙකුට පිළිගන්න පුළුවන් විදියට හිතල මාතල හදවතින්ම කෙනෙකුට අවවාදයක් දෙන්න තාම ඔයා ලාබාල වැඩයි බබෝ..(බ)
නිෂා Tuesday, 16 February 2016 05:38 AM
ලංකාවෙත් එහෙම තමයි ජයග්‍රාහකයින්ගේ කැමැත්ත නැතුව ප්‍රසිද්ද කරන්නේ නෑ.. මෙයා කැමති වෙන්න ඇති. (ර)
ඒකනායක Thursday, 18 February 2016 04:32 PM
බන්දුල පෙරේරාගේ අදහස හරියටම හරි. අපේ රටේ එච්චර ලොකු මුදලක් එක කෙනෙකුට දුන්නට වැඩක් නැහැ, මෙමෙ මුදල ලක්ෂ දහය ගන්නේ දුන්නනම් කීප දෙනෙකුට සෙතක් සෙලසෙනවා.(අ)
ඒකනායක Thursday, 18 February 2016 04:33 PM
බන්දුල පෙරේරාගේ අදහස හරියටම හරි. අපේ රටේ එච්චර ලොකු මුදලක් එක කෙනෙකුට දුන්නට වැඩක් නැහැ, මෙමෙ මුදල ලක්ස දහය ගන්නේ දුන්නනම් කීප දෙනෙකුට සෙතක් සෙලසෙනවා.(අ)
ශාමිණි ද සිල්වා - වත්තල Thursday, 18 February 2016 05:34 PM
බන්දුල පෙරේරා, ලොතරැයියක පළමුවෙනි තෑග්ග හැමවිටම අනෙකුත් තෑගි වලට වැඩිය විශාල එකක්. කවුරු කවුරුත් උත්සාහ කරන්නේ මුල් දිනුම ලබාගන්නයි. ලෝකයේ කොහෙත් එහෙමයි. (නි)
ජෝසප් පෙරේරා Friday, 19 February 2016 01:11 AM
ලංකාවේ කෝටි දෙකක් වූ ජනගහණයෙන් හරි අඩක් මට රුපියල් දහය බැගින් දුන්නොත්, ඒ කිසි කෙනෙක් දුප්පත් වෙන්නෙත් නැහැ. හාමතේ ඉන්නෙත් නැහැ. ඒත් මගේ අතට කෝටි ගණනක් එනවා. එයින් මගේ ජීවිතයෙත්, මා අවට අයගේ ජීවිත වලත් ලොකු වෙනසක් ඇතිවෙනවා. ඒ මුදල් වඩු කාර්මිකයන් අතට, මේසන් කාර්මිකයන් අතට ගලාගෙන ගොස් ඔවුන් පොහොසත් වෙනවා. එහෙමත් නැත්නම් නාස්ති කිරීමෙන් නැවතත් මුදල් තිබුණු තැන්වලටම විසිරී යනවා. (නි)
චන්දිකා Friday, 19 February 2016 08:30 AM
ජය වේවා..(ම)
මහින්ද සෞදි Friday, 19 February 2016 10:16 AM
එක පුද්ගලයකුට ස්වීප් එකක් අදුනොත් ඔයා මොකද කරන්නේ කියලා යාලුවෙක් අහල තියනවා, තුනෙන්, එකක් පන්සලටත් ,පාසැලටත්, ඉතිරි කොටස නැති බැරි අයට බෙදා දෙනවා, එතකොට ඔයාට සතයක් වත් ඉතුරු වෙන්නේ නැහැනේද? යහළුවා ඇසූ විට ඔහු පවසා ඇත්තේ මම රුපියල් දහයක් කාගෙන් හරි නයට අරන් තව ස්වීප් එකක් ගන්නා බවයි. (ර)
මහින්ද සෞදි Friday, 19 February 2016 10:21 AM
එක පුද්ගලයකුට ස්වීප් එකක් අදුනොත් උඹ මොකද කරන්නේ කියල යාලුවෙක් අහල තියනවා,තුනෙන්,එකක් පන්සලටත් ,පාසැලටත්, ඉතිරි කොටස නැති බැරි අයට බෙදා දෙනවා,එත කොට උඹට සතයක් වත් ඉතුරු වෙන්නේ නැහැනේද?යහළුවා ඇසූ විට ඔහු පවසා ඇත්තේ මම රුපියල් දහයක් කාගෙන් හරි ණයට අරන් තව ස්වීප් එකක් ගන්න බවයි. (බ)
දීප්ති Friday, 19 February 2016 08:40 PM
ඇමෙරිකාවේ වුණත් සමහර ප්‍රාන්තවල පදිංචි අයට කැමති නම් ලොතරැයි දිනුම් අප්රසිද්ධියේ ගන්න පුළුවන්. (නි)
ජයවික්‍රම Sunday, 21 February 2016 11:06 PM
මම දන්න විදිහට මේ මුදලින් සියයට 10 රජ බදු වශයෙන් ගන්නවා. මේ මුදල ජයග්‍රාහකයන් 10 දෙනෙකු අතරේවත් බෙදිලා ගියා නම් තමයි හොඳ. එතකොට 10 දෙනෙක් කෝටිපතියො වෙනවා. මින් ඉදිරියටවත් ඒ ගැන ලොතරැයි මණ්ඩලයේ අවධානය යොමු වියයුතුයි. කොහොම වුණත් මල්ලියෙ මේ මුදල පරිස්සම් කරගන්න. නැති නෑදෑයො. යාළු මිත්‍රයො, අර සංවිධාන, මේ සංවිධාන හොයාගෙන එයි. ගමේ රෝහලට, අසාධ්‍ය දුප්පත් රෝගියෙකුට දෙන්නෙකුට උදව් කළාට කමක් නැහැ. අම්මා තත්තා ඉන්නවා නම් උන්දැලාට ජීවිත කාලයටම සැපෙන් සතුටින තියන්න අවශ්‍ය පසුබිම සකසන්න. හැබැයි නරක ගමන් බිමන් යන්න එපා. කොහේ හිටියත් මුල අමතක කරන්න එපා. හිතන්න ඔයාට මේ තෑගි මුදල දෙන්න මේ රටේ කීදෙනෙක් රුපියල් 20 ගානෙ දීලා ඇද්ද කියලා. ඔබ හොඳින් හිටියොත් ඒ අයටත් නම්බුවක්. (නි)
දාස Sunday, 14 February 2016 02:36 AM
හොද දෙයක්. (ර)
විජිත් Friday, 12 February 2016 04:26 PM
සුබ පැතුම්. (කෞ)
සමරසේකර Friday, 12 February 2016 08:28 PM
විජිත්, ඔය බටහිර කොයි රටේද දන්නෙ නැහැ නේද? ඇමරිකාවේ නම් ළඟදි බිලියන 1.5ක් වුණ තෑග්ග පවා දුන්නේ ප්‍රසිද්ධියේ. ඇමරිකාවේ ත්‍යාග මුදල අනිවාර්යයෙන්ම ලබා දෙනවා විනිවිදභාවය තියාගන්න (නි)
ලලිත් Saturday, 13 February 2016 01:17 AM
සැබෑම වාසනාවන්තයෙක් (නි)
ලක්ෂ්මන් Saturday, 13 February 2016 01:24 AM
ඔබට සුබ පැතුම්! නිදුක් නිරෝගී ජිවිතයක් ගෙවන්න සියලු දෙවියන්ගේ පිහිටයි (නි)
බෙනට් Saturday, 13 February 2016 05:30 AM
සන්තෝෂයි .. ඕනවට වඩා ආධාර දෙන්න යන්න එපා .. එකම බැංකුවක මුළු මුදලම දමන්නත් එපා .. ඕනවට වඩා ඉඩම් ගෙවල් දොරවල්, වාහන ගන්න එපා .. නොදන්නා දේවල් වලට ආයෝජනය කරන්නත් එපා .. ලෝකේ වටේ රවුම් ගියාට කමක් නැ ..නමුත් ලොකු ලොකු හෝටල් වල නවතින්න යන්නත් එපා ..(බ)
අකීල් Saturday, 13 February 2016 06:46 AM
හොඳ වැඩකට ආයෝජනය කරන්න. (ර)
සමන් Saturday, 13 February 2016 06:53 AM
මුදල් යහපත් විදියට යොදවන්න එවිට ඔබට වරදින්නේ නැහැ ඔය වගේ ලොකු මුදල් ලැබුණු අය පිස්සු නටලා අන්තිමට හිටියට වඩා අසරණ වෙච්ච අවස්ථා ඒමට තියනවා. නිහතමානිව ආයෝජනය කර අනාගතය සකසා ගන්න. (ර)
ඉෂාන් Saturday, 13 February 2016 03:48 PM
අපගේ උණුසුම් සුබ පැතුම්! සුබ අනාගතයක්! (නි)
අමල් Sunday, 14 February 2016 02:29 AM
මෙය ඔබේ දිවියට අත්වැලක් වේවි. (ර)
විජිත් Friday, 12 February 2016 04:22 PM
සමහර බටහිර රටවල ලොතරැයි ජයග්රාහකයින්ගෙන් පළමුව විමසනවා, ඒ අය ප්‍රසිද්ධියේ ත්‍යාගය ගන්නවාද නැතිනම් අප්‍රසිද්ධියේම ත්‍යාගය බැංකුවට යවන්නද කියලා.ඒ වෙන කිසිවක් නිසා නොව, ජයග්රාහකයාගේ ආරක්ෂාව සඳහායි.(කෞ)
නිලන්ත Sunday, 14 February 2016 02:37 AM
උණුසුම් සුබ පැතුම්.! (ර)
ගිහාන් සේනාරත්න Sunday, 14 February 2016 02:38 AM
විජිත් හරි, ඇමෙරිකාවේ එහෙම නොවුනාට එංගලන්තයේ නම් ලොතරැයි ජයග්‍රාහකයන්ට අප්‍රසිද්දියේ මුදල් තෑග්ග ගන්න පුළුවන්. එහෙම තමයි සිදුවිය යුත්තේ. (ර)
අමල් Sunday, 14 February 2016 06:59 AM
ඔබට මාගේ සුබ පැතුම්.! (ර)
සුමිත්‍රා බස්නායක Sunday, 14 February 2016 06:59 AM
ඔබ වාසනාවන්තයෙක්. ගුරුවරයෙක් විදියට දිගටම ඉන්න. (ර)
සුනිල් Monday, 15 February 2016 05:33 AM
සුබ පැතුම්! (නි)
සුරන් Monday, 15 February 2016 08:30 AM
අනන්‍යතාව හෙළිකිරීම වැරදි දෙයක්. අතීතයේ ජයග්‍රාහකයෝ වෙලා ජීවිතයෙන් වන්දි ගෙවපු පුද්ගලයෝ සිටියා (ම)
ඉන්දික Monday, 15 February 2016 09:08 AM
එංගලන්තේ වගේ ලංකාවේ ඕක අප්‍රසිද්දියේ දුන්නනම් ඉස්සෙල්ලම අමතයංශ ලොක්කෝ ටික තමා අරගන්නේ.(කෞ)
චන්න බුවනක Monday, 15 February 2016 02:21 PM
මේ මුදල් සම්මාදම් මුදල්. හැකි තරම් පින් කරන්න .එවිට ඔබ ආරක්ෂා වේවි, (බ)
නන්දලාල් - ප්‍රංශය Tuesday, 16 February 2016 01:57 AM
මෙතරම් අතිවිශාල මුදල් තෑග්ගක් දිනු ඔබට මගේ සුබ පැතුම්. මා පදිංචි මෙරටේ ලොතරැයි ජයග්‍රාහකයින්ගේ පින්තූරයක් තියා නමක්වත් ප්‍රසිද්ධ කරන්නේ නැහැ, ඔහුගේ ආරක්ෂාව සඳහා. කොහොම වුණත් මාෆියා කල්ලි වලින් ඔබේත්, ඔබ පවුලේ අයගේ ආරක්ෂාවත් සඳහා සූදානම් වෙන්න (නි)