X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ගොවීන්ට සහනයක් දෙන ගබඩාවක්

ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් මුදල් අමාත්‍යංශය සහ මහා භාණ්ඩාගාරය ක්‍රියාවට නංවන වී ඇතුළු අනෙකුත් ධාන්‍ය ගබඩාගත කිරීමේ වැඩසටහන මගින් ගොවියාගේ ශ්‍රමයට සාධාරණත්වයක් මෙන්ම මූල්‍යමය වටිනාකමක් එකතු කිරීමට හැකි බව එම වැඩසටහනේ උපදේශක ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු විගණකාධිපතිවරයකු වන ඩබ්ලිව්.එම්.කරුණාරත්න මහතා සඳහන් කරයි.

වී, බඩ ඉරිඟු, තල, මුං, කව්පි, සෝයා, ගම්මිරිස්, කුරක්කන් ඇතුළු අනෙකුත් ධාන්‍ය වර්ග ගබඩාගතකරණය කිරීමේ වැඩසටහන අනුව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ශ්‍රී ලංකාවේ මුල්ම ගබඩාව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව, උපුල්දෙණිය ප්‍රදේශයේදී පසුගියදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතින් විවෘත කෙරිණි.

ගුදම් කුවිතාන්සි මූල්‍යකරණ ව්‍යාපෘතිය යටතේ කෘෂි නිෂ්පාදන ගබඩාගත කිරීමට ගොවියාට අවකාශ සැලසෙන අතර අස්වනු නෙලන කාලයේදී පහත වැටෙන බෝග මිල යළි ඉහළ නැංවෙන තෙක් ආරක්ෂාකාරීව ගබඩාගත කර තබාගැනීම මෙමගින් සිදු කෙරේ. උපරිම කිලෝ ග්‍රෑම් 12,000ක් දින 120ක කාලයක් තුළ ගබඩා කර තබාගන්නා අතර ඒ හේතුවෙන් තම බෝග ඉහළ මිලකට විකුණාගැනීමේ හැකියාව ගොවියාට හිමිවේ.

මුදල් අමාත්‍යංශයේ හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපතිගේ ඍජු අධීක්ෂණයට යටත්ව ගබඩාව පාලනය කරනු ලබන අතර මෙය ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතුව ඉදිකිරීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකා ඩොලර් බිලියන 6.5ක් ලබාදී ඇත.

මෙහි අඩිතාලම පිහිටි පොළොවෙන් ඉහළට නංවා ඇත. ඒ මත ඝන කොන්ක්‍රීට් තට්ටුවකි. වහලය හා බිත්ති සම්බන්ධවන බැවින් කුරුල්ලන්ට හෝ වෙනත් සතුන්ට ඇතුළු විය නොහැක. සූර්ය තාපය පාලනය කරන සෙවිලි සහිතව වහලය නිමා කර තිබේ. අභ්‍යන්තර වාතාශ්‍රය පවත්වා ගැනීමට හා අධික තාපය මැඩීමට අවශ්‍ය වා කවුළු හා සිසිලන ක්‍රමවේදයක් පවතී. ගබඩාවේ බාහිර ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂක සේවාවන්හි පොදු රැකවරණයද, සීසීටීවී කැමරා පද්ධතිය, අධිසැර විදුලි ආලෝකය, සුරක්ෂිත දොරටු, ආරක්ෂිත ඇතුළුවීමේ ගේට්ටු වැනි ආරක්ෂණ විධි විධාන යොදා තිබේ. ගිනි උවදුරු, ජල ගැලීම්, සොරකම් හෝ වෙනත් උපද්‍රවවලින් ගබඩාවට හා එහි ගබඩාගත බෝගවලට සිදුවිය හැකි හානි සඳහා පූර්ණ රක්ෂණාවරණයක්ද ලබාදෙයි.

මෙහි තැන්පත් කරන ධාන්‍ය ප්‍රමාණය වෙන වෙනම කිරා පරීක්ෂා කර බලා ඒ අයට වෙනම ලදුපත් නිකුත් කරනු ලබයි. එම ලදුපත් බැංකුවට ඉදිරිපත් කර ණය මුදල් ලබාගැනීමේ අවස්ථාවද ගොවියාට උදාකරදී ඇති බව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කියයි.

ගබඩාගත කළ සියලු තොරතුරු පරිගණක දත්ත පද්ධතියක් හරහා නිරීක්ෂණය කිරීමේ හැකියාවද ගොවියාට හිමිවේ.

යෝජිත තවත් ගබඩාවක් නුදුරේදීම මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා මන්නාරම දිස්ත්‍රික්කයේ මුරුක්කන් හිදීද ඉදිකිරීමට යෝජිතය.

මෙම ගබඩා කළමනාකරණය සහ සම්බන්ධීකරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් සිදුකෙරේ.

web1 web2

 

 



අදහස් (0)

ගොවීන්ට සහනයක් දෙන ගබඩාවක්

අන්දර කපුගේ Saturday, 08 August 2015 07:20 AM

ඔන්න නියම වැඩ. මාස හතෙන් ගොඩනැගිල්ල හදලා විවෘතත් කරනවා. මෙහෙම වැඩ කරනවා නම් රටක් දියුණු කරන එකත් මහ කජ්ජක්ද? හැබැයි ඉතින් අනුන් හදපුවා තමන් කරපුවා වගේ පෙන්නන එක නම් වැරදියි (නදී)

:       0       0

සිල්වා Saturday, 08 August 2015 06:07 PM

මුලින්ම නඟාසිටුවන්න ඕනෑ කෘෂිකර්මාන්තය. ඊට සාපේක්ෂව වාරිමාර්ග පද්ධතිය නවීන තාක්ෂණය ඔස්සේ දියුණු කරන්න ඕනෑ. දිස්ත්‍රික්ක මට්ටමෙන් මෙවැනි අගනා ව්‍යාපෘති කඩිනමින් කරන්න ඕනෑ. රටක මුලිකම අවශ්‍යතාව වන ආහාර සියල්ල රට තුළම නිපදවා ගැනීම අපි කාගේත් වගකීමක්. විශාල මුදල් කන්දක් ලෝකෙට පුජාකරනවා රටේ නිෂ්පාදනය අඩුකම නිසා. (නි)

:       0       0

සිල්වා Saturday, 08 August 2015 06:08 PM

මුලින්ම නගා සිටුවන්න ඕනි කෘෂි කර්මාන්තයයි. එයට සාපේක්ෂව වාරිමාර්ග පද්දතිය නවීන තාක්ෂනය ඔස්සේ දියුණු කරන්න ඕනි. දිස්ත්‍රික්ක මට්ටමෙන් මෙවැනි අගනා වයාපෘති කඩිනමින් කරන්න ඕනි. රටක මුලිම අවශ්‍යතාවය වන අහාර සියල්ල රට තුලම නිපදවා ගැනීම අපි කාගේත් වගකීමක්. විශාල මුදල් කන්දක් ලෝකෙට පුජා කරනවා රටේ නිෂ්පාදනය අඩුකම නිසා.(නදී)

:       0       0

ප්‍රසාද් Thursday, 13 August 2015 10:53 PM

නියම වැඩක්. එහෙත් හරියට වේලා නැති අස්වැන්න ගබඩා කළොත් ඔක්කොම කුණුවෙනවා. ගුල්ලෝ ගහනවා. ගොවියොත් අවංක වෙන්න ඕනෑ. නැත්නම් අපේ රටේ කෘෂිකර්මාන්තය නඟා සිටුවන්න බැහැ. රජයට පාඩු සිදුවෙනවා. (නි)

:       0       0

ඉලේපෙරුම Sunday, 16 August 2015 03:06 PM

අනුන් හදපුවා විවෘත කිරීම ගැන පසුගිය කාලයේ නිතරම ප්‍රවෘත්ති පළවුණා. මේවා හදන්නේ මහජන මුදල් වියදම් කරලා. කවුරුන්වත් තම පුද්ගලික බූදලයෙන් වියදම් කරලා මේවා හදන්නේ නැහැ. කවුරු හැදුවත් ඉතින් බලයේ ඉන්න මහජන නියෝජිතයන් තමා මේවා විවෘත කරන්නේ. ඉතිහාසයේ කවදත් වුණේ එහෙමයි. (නි)

:       0       0

අසෝකා Thursday, 20 August 2015 08:37 AM

මේවා බොහෝ ඉහතදී කළයුතුව තිබුණු වැඩ. මේ සමගම එළවලු පලතුරුත් කල් තබා ගත හැකි ක්‍රම ගොවියට සලස්වා දුන්න නම් තරුණ පරපුරත් මේ වෙනුවෙන් උනන්දු වෙනවා. ඉතාමත් අගය කලයුතු වැඩක්. කවුරු විවෘත කලත් මේවා තමන්ගේ බුදලයෙන් හදපුව නෙමෙයි.ගොවියට සෙතක් වෙන නිසා කවුරුහරි ඉක්මනින් විවෘත කරපු එක හොදයි. (අ)

:       0       0

අසෝකා Thursday, 20 August 2015 08:37 AM

මේවා බොහෝ ඉහතදී කළයුතුව තිබුණු වැඩ. මේ සමඟම එළවලු පලතුරුත් කල් තබා ගත හැකි ක්‍රම ගොවියට සලස්වා දුන්න නම් තරුණ පරපුරත් මේ වෙනුවෙන් උනන්දු වෙනවා. ඉතාමත් අගය කළ යුතු වැඩක්. කවුරු විවෘත කලත් මේවා තමන්ගේ බුදලයෙන් හදපුවා නෙමෙයි.ගොවියට සෙතක් වෙන නිසා කවුරුහරි ඉක්මනින් විවෘත කරපු එක හොදයි.(ම)

:       0       0

අසෝකා Thursday, 20 August 2015 08:37 AM

මේවා බොහෝ ඉහතදී කළයුතුව තිබුණු වැඩ. මේ සමගම එළවලු පලතුරුත් කල් තබා ගත හැකි ක්‍රම ගොවියට සලස්වා දුන්න නම් තරුණ පරපුරත් මේ වෙනුවෙන් උනන්දු වෙනවා. ඉතාමත් අගය කළයුතු වැඩක්. කවුරු විවෘත කළත් මේවා තමන්ගේ බුදලයෙන් හදපුව නෙමෙයි.ගොවියට සෙතක් වෙන නිසා කවුරුහරි ඉක්මනින් විවෘත කරපු එක හොදයි. (බ)

:       0       0

තිලක් Saturday, 22 August 2015 03:53 PM

බලමු දැන් රනිල් චින්තනයෙන් වැඩක් කරයිද කියලා. දැන් ඉතින් හරියට වැඩ කළේ නැත්නම් ගෙදර තමයි යන්න වෙන්නේ. ලේසි නැහැ ඉදිරියට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site