X Advertisement
IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


චීනුන්ට ලංකාවෙ ඉන්න හැටි චීනය කියයි

සංචාරය සඳහා පැමිණෙන චීන ජාතිකයින් ශ්‍රී ලංකාවේ  සංචාරක නීති වලට අනුකූලවිය යුතු බව  දන්වමින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන චීන ජාතිකයින්ට චීන රජය විශේෂ උපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන චීන ජාතිකයින් විවිධ කරදර සහ ප්‍රශ්න වලට මුහුණ දෙන බවට පසුගිය කාලයේ වාර්තා වී ඇති හෙයින් චීන රජය මෙම සංචාරක උපදේශන මාලාව නිකුත් කළ බව චීන ෂින්හුවා ප්‍රවෘත්ති සේවය සඳහන් කරයි.

 ලංකාවේ සංචාරය කරන චීන ජාතිකයින් ලාංකීය සිරිත් විරිත් සහ ආහාර රටා  පිළබඳව මෙන්ම නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේදී අවබෝධයෙන් පසුවන ලෙසය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් එම සංචාරක උපදේශනයේ සඳහන් වන්නේ මේවසරේ ගතවූ මාස 7ක කාලය තුළ චීන ජාතික සංචාරකයින් 46 දෙනකු මුහුණපෑ විවිධ සිද්ධී  46ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත්, ඒ අතරින් දියේ ගිලීමෙන් පුද්ගල මරණ දෙකක් වාර්තාවන බවය. ඒ අතරම සොරකම් කිරීමේ සිද්ධී  30ක්ද, එක් ස්ත්‍රී දූෂණ සිද්ධියක්ද , දුම්රිය අනතුරු වලට ගොදුරුවීමේ සිද්ධීන් 3ක්ද, ස්වර්ණාභරණ සොරනම් කිරීමේ සිද්ධියක්ද වාර්තාවන බවද එහි සඳහන් වේ.

මේ අතර නව සංචාරක දත්ත අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් අතුරෙන් වැඩිම පිරිසක් පැමිණෙන රටවල් කිහිපය අතුර චීනය ද වේ.



අදහස් (0)

චීනුන්ට ලංකාවෙ ඉන්න හැටි චීනය කියයි

ගගිත් Monday, 17 August 2015 01:35 PM

ඉතාමත් හොද වැඩක් අනිකුත් රටවල් වලටත් එය ක්‍රිියාත්මක කිරිමට උපදෙස් දෙන වැඩපිළිවලක් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා කිරීමට බලදාරීන් උනන්දු විය යුතුයි (නදී)

:       0       0

තිස්ස Monday, 17 August 2015 06:48 PM

ඉතාම හොඳ ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 18 August 2015 08:58 AM

මෙය අපේ රටේ උදවියටත් විශේෂයෙන් ආරම්භ කලයුතු දෙයක්.විශේෂයෙන් මැදපෙරදිග වගේ රටවල රැකියාවට යන උදවියට.(ම)

:       0       0

කැනඩා දිසා Friday, 21 August 2015 12:53 AM

මම දන්නා කාරණයක් මේ. ලංකාවට එන චීන ජාතික සංචාරකයොත් එක්ක එන කණ්ඩායම් නායකයෝ, හොර වෙළදාම් වල යෙදෙන අවස්ථාත් තිබෙනවා. මම කැනඩාවේ හිටියට මගේ ව්‍යාපාර ලංකාවේ. මෙවැනි දේ අපි වැළැක්විය යුතුයි. අපි කොණ්ඩය බැඳපු චීන්නු වෙන්න ඕනෑ නැහැ (නි)

:       0       0

කස්තුරිආරච්චි Friday, 21 August 2015 02:59 AM

අනාදිමත් කාලෙක සිට චීන ජාතිකයෝ ලංකාවට ආවා. නමුත් අද වගේ කරදර වලට මුහුණ පෑවේ නැහැ. දැන් බලනකොට අපේ රටේ ඉන්නේ මිනිස්සුද කියලා හිතෙනවා. අපි ආගම් 3 ක් මහ සන්කෘතියක් හිමි රටක්ලු? ඒත් සංචාරකයෙකුට නිදහසේ යන්න ඉඩක් නැහැ. මේ රට අපි හදන්න ඕනෑ. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ (නි)

:       0       0

හේමන්ත Monday, 24 August 2015 02:50 PM

මොන ක්‍රමය ආවත් අපේ අයියලත් නිකන් ඉදි.(හේ)

:       0       0

හේමන්ත Monday, 24 August 2015 05:36 PM

ප්‍රවෘත්තිය හොඳින් කියවා තේරුම් අරගෙන අදහස් එවනවා නම් තමයි වැඩිය හොඳ. (නි)

:       0       0

ශෂී Tuesday, 25 August 2015 09:27 AM

හරියට ප්‍රවෘත්තිය කියෙව්වද ? (නදී)

:       0       0

ශෂී Tuesday, 25 August 2015 09:30 AM

සමහර මහත්වරු හරියටම ප්‍රවෘතිය කියෙව්වද? (නදී)

:       0       0

රෝහණ Wednesday, 26 August 2015 04:29 AM

ඒ වගේම ලංකාවේ තියෙන චීන නිර්මාණ ව්‍යාපෘතිවල ඉන්න චීනුන්ටත් ලංකාවේ නීති රීති ගැන විශේෂයෙන්ම කම්කරු නීති රීති ගැන කියල දුන්නොත් හොඳ වේවි. උන් ලංකාවේ නීති රීති සත පහකටවත් සලකන්නේ නැහැ (නදී)

:       0       0

හේමා Wednesday, 26 August 2015 08:30 AM

මං හිතන්නෙ චීන ජාතිකයින් ලංකාවට ඇවිත් කරන ඒවා (ම)

:       0       0

ජීවක Thursday, 27 August 2015 01:10 PM

මෙරට නිදැල්ලේ සහ කැලෑවල සිටින්නාවූ සතා සිව්පාවුන් මරා ආහාරයට නොගන්න යයිද සඳහන් වුවා නම් කොතරම් හොඳද ! (බ)

:       0       0

ජීවක Thursday, 27 August 2015 01:10 PM

මෙරට නිදැල්ලේ සහ කැලෑවල සිටින්නාවූ සතා සිව්පාවුන් මරා ආහාරයට නොගන්න යයිද සඳහන් වුවා නම් කොතරම් හොඳද ! (අ)

:       0       0

සංකල්ප Sunday, 30 August 2015 05:12 AM

කැනඩා දිසා ට අයත් ව්‍යාපාර ලංකාවේ ඇති බව දන ගන්නට ලැබුණා. ඒවා සාර්ථක වේවා ! (ම)

:       0       0

යහම්පත් Sunday, 06 September 2015 01:27 PM

ඒකත් නරකම නැහැ (නි)

:       0       0

රොෂාන් Sunday, 06 September 2015 04:00 PM

සමහරු ප්‍රවෘතිය හරියට කියවල නැහැ. කස්තුරිආරච්චි චීන ජාතිකයෝ අමාරුවේ වැටිලා තියෙන්න ජාති 3 වත් ආගම නිසාවත් නෙමෙයි. කියවල තේරුම් ගන්න අදහස් දක්වන්න කලින්. දැනට මාතර බන්ධනාගාරයේ ඉන්නවා රේල් පාර හදන්න ආපු චීන්නු හරක් බල්ලෝ පුසෝ හොරකම් කරලා මරාගෙන කාල. තව ලංකාවේ වගේම ලෝකේ රතු දත්ත පොතට ඇතුලත් කබල්ලාව කියන සතා මරාගෙන කාල. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site