ජෝන් කීල්ස් පදනම පියවර කිහිපයක් යටතේ රත්නපුර, කලවාන සුදුවැලිපොත ප්‍රදේශයේ සිංහරාජ රක්ෂිත වනාන්තරයට යාබදව සිදුකරන වන වගා ව්‍යාපෘතියක් වන ‘Cinnamon Rainforest Restoration Project’ හි පළමු අදියර පසුගියදා සාර්ථක ලෙස අවසන් කෙරිණි.
ලෝක පරිසර දිනය නිමිත්තෙන්, ‘Cinnamon Nature Trails’ හි ජ්‍යෙෂ්ඨ ජීව විද්‍යාඥ විමුක්ති වීරතුංග සහ ‘රුක් රැකගන්නෝ’ සංවිධානයේ සභාපති දුෂී පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන් පිරිසකගේ ස්වේච්ඡා දායකත්වයෙන් මෙය සිදුකරන ලදී.
2021 වසරේදී ආරම්භ කර, මෙම වසර මුලදී ‘Cinnamon Rainforest Restoration Project’ ලෙස නැවත දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම, ‘රුක් රැකගන්නෝ’ සංවිධානය සහ ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව, ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීත්වය සහිතව ක්‍රියාවට නංවන ක්‍රමෝපායික ව්‍යාපෘතියකි. මේ යටතේ කලවාන ප්‍රදේශයේ පිහිටි සුදුවැලිපොත වනාන්තරයේ හානියට පත් වූ අක්කර 59 ක්, එම වනාන්තරයට ආවේණික තුරුලතා භාවිතයෙන් ප්‍රතිසංස්කරණය කෙරේ.
“Cinnamon Rainforest Restoration Project වැඩසටහනේ ප්‍රථම අදියර පෙන්නුම් කළ සාර්ථකත්වය පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. ප්‍රවීණයන්ගේ මගපෙන්වීම සහිතව, ස්වේච්ඡාවෙන් දායක වන පිරිසක් විසින් ක්‍රියාවට නංවනු ලබන මෙවැනි වැඩසටහන්, වනාන්තර ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඉගෙන ගැනීමටත්, ඒ පිළිබඳව වැඩි පිරිසක් දැනුවත් කිරීමටත් ලැබෙන අගනා අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම වැඩසටහන 2022 ලෝක පරිසර දිනයේ තේමාව වන, ස්වභාවධර්මයට අනුකූලව තිරසාරව ජීවත්වීමේ සහ පරිසරය සුරැකීම සඳහා සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ‘එකම පෘථිවියක්’ යන්නෙහි අරුත කැටිකරගත් වැඩසටහනක්ද වනවා. විශේෂයෙන්ම වර්තමානයේ පවතින තත්ත්වය යටතේ, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ බොහෝ පිරිසක් මෙම වැඩසටහනට ස්වේච්ඡාවෙන් දායක වීම අප අතිශයින් දිරිගන්වනසුළුයි. ඉදිරියේදීත් පරිසරය සුරැකීම සඳහා තවත් මෙවැනි වැඩසටහන් රාශියක් සංවිධානය කිරීමට අප බලාපොරොත්තු වනවා.” ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවාය.
-සටහන- චමින්ද මුණසිංහ
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජෝන් කීල්ස් පදනම වන සංරක්ෂණ මෙහෙවරක