ජෝන් කීල්ස් පදනම විසින් ක්‍රියාවට නංවන ලද ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති’ ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය 2021 නොවැම්බර් 11 දින රණාල ප්‍රදේශයෙන් ආරම්භ කරන ලදි. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවලට මධ්‍යකාලීන විසඳුමක් වශයෙන් මෙම ව්‍යාපෘතිය, ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන පවුල්වල දරුවන් ඉලක්ක කරගෙන ක්‍රියාවට නැංවේ.
මෙම පවුල්වල දරුවන් රජයේ විභාගවලට සූදානම් වීමේදී, පවතින තත්ත්වය හමුවේ ඔවුන්ට මුහුණ දීමට සිදුවී තිබෙන දුෂ්කරතා සහ අවාසිදායක තත්ත්වය අවම කිරීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කය වී ඇත.
මෙම නියමු ව්‍යාපෘතිය යටතේ, ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ අතරින් කොළඹ 02 සහ රණාල යන ප්‍රදේශවල දරුවන්ගේ භාවිතය සඳහා Samsung A8 ටැබ්ලට් උපකරණ 100 ක් සහ ඩේටා පැකේජ ප්‍රදානය කිරීම සිදුකෙරේ. තමන් පෙනී සිටින විභාගයට අදාළ කාලසීමාව තුළ එම සිසුන්ට මෙම ටැබ්ලට් උපකරණ සහ ඩේටා පැකේජ භාවිතා කළ හැක. මෙම ව්‍යාපෘතියේ සම-අරමුදල් සම්පාදක ලෙස Deutsche Bank එක්වී සිටින අතර, සහනදායී මිලගණන් යටතේ උපකරණ සහ ඩේටා පැකේජ ලබාදීම සඳහා පිළිවෙළින් John Keells Office Automation (JKOA) සහ Dialog Axiata PLC එක්වී සිටී. රණාල ප්‍රදේශයේ පැවති වැඩසටහන සඳහා කාර්ය සම්පාදන සහකරු ලෙසElephant House එක් විය.
COVID-19 සම්බන්ධ සෞඛ්‍ය විධිවිධානවලට අනුකූලව රණාල ප්‍රදේශයේ Elephant Houseකර්මාන්තශාලාවේදී පැවති චාම් උත්සවයකදී, රජයේ පාසල්වල සාමාන්‍ය පෙළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් 50 දෙනකු වෙත ටැබ්ලට් උපකරණ ලබාදෙන ලදි. දැඩිගමුව කනිෂ්ඨ විද්‍යාලය, දේවමිත්ත මහා විද්‍යාලය, මුනිදාස කුමාරතුංග විද්‍යාලය සහ පිලිප් තිලකවර්ධන මහා විද්‍යාලය යන පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් අතරින් මෙම 50 දෙනා තෝරාගෙන තිබේ.
කොළඹ ප්‍රදේශයේ තෝරාගත් සිසු සිසුවියන්ට ටැබ්ලට් උපකරණ බෙදාදීම, එම වැඩසටහනේ කාර්ය සම්පාදන සහකරු ලෙස කටයුතු කළ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී, 2021 නොවැම්බර් 22 දින සිදුකරන ලදි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජෝන් කීල්ස් පදනමෙන් ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනක්