ජුනි මාසය වන විට සියැට් ට්‍රක් බස් රේඩියල් (TBR) ටයර් සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි කිරීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම කටයුතු කර තිබෙන බව එම සමාගම සඳහන් කරයි.
ට්‍රක්රථ, ප්‍රයිම් මූවර්ස් සහ බස් රථ සඳහා යොදාගන්නා සියැට් Winmile AW 10.00 R 20 ප්‍රමාණයෙන් යුතු ටයර් නිෂ්පාදනය අදියර දෙකක් යටතේ ඉහළ දමමින් වසරකට ටයර් 18,000 ක නිෂ්පාදන ධාරිතාව ටයර් 40,200 ක් දක්වා වැඩි කරන බව සමාගම සඳහන් කරයි. මෙම නිෂ්පාදනය ඉහළ දැමීමත් සමග මෙම අංශයේ මෙරට ටයර් අවශ්‍යතාවෙන් සියයට42 ක ප්‍රමාණයක් සැපයීමට සියැට් සමත්වනු ඇත.
සියැට් Winmile AW ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන ට්‍රක් බස් රේඩියල් ටයරය වන අතර නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට, නිෂ්පාදන පරාසය සහ ගුණාත්මක තත්ත්වය ඉහළ දැමීමට, සමාගම විසින් මීට වසර තුනකට පෙර රුපියල් බිලියන 03 ක මුදලක් ආයෝජනය කර තිබේ. සියැට් සමාගමේ ට්‍රක් බස් රේඩියල් ටයර් නිෂ්පාදනය 2019 අප්‍රේල් මාසයේ සිට ආරම්භ කළ අතර තවත් ටයර් නිෂ්පාදන යන්ත්‍ර තුනක් සවි කිරීමට සමාගම කටයුතු කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැලණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රවී ඩඩ්ලානි මහතා මෙසේ පැවසීය.
‘අපගේ මුල්ම ආයෝජන සැලැස්ම දියත් කරනු ලැබුවේ රජය විසින් තෝරාගත් භාණ්ඩ සඳහා තාවකාලික ආනයන සීමා පැනවීමට පෙරයි. එහෙත් මෙම ආනයන සීමා නිසා වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා එසේ සීමාකර ඇති ටයර් වර්ගවල සහ ප්‍රමාණවල නිෂ්පාදනය ද වැඩි කිරීමට අප අඛණ්ඩව කටයුතු කර තිබෙනවා,’ ‘ට්‍රක් සහ බස්රථ ටයර් ආනයන සීමා මේ වනවිට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. එහෙත්, පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට bias-ply සහ TBR ටයර් නිෂ්පාදනය වැඩි කරමින් මෙම අංශයේ ටයර් අවශ්‍යතාව සියයට 100 ක්ම සැපයීමේ හැකියාව සමාගම ලබාගෙන තිබෙනවා. මෙමගින් රටට රුපියල් බිලියන 11 ක පමණ විදේශ විනිමයක් ඉතිරිකර ගත හැකියි. මෙම අංශයේ ටයර් නිෂ්පාදනය තවදුරටත් වර්ධනය කිරීම මගින් තවත් විදේශ විනිමය ඉතිරිකර ගැනීමට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි.’
සියැට් සමාගම විසින් මේ ආකාරයෙන් ට්‍රක් බස්රථ රේඩියල් ටයර් නිෂ්පාදනය වැඩි කිරීමට සමගාමීව මෝටර් රථවල 12” සිට 14” දක්වා රිම් ප්‍රමාණ සඳහා වන රේඩියල් ටයර් නිෂ්පාදනය ද වැඩි කිරීමට කටයුතු යොදා ඇත.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ට්‍රක් බස් රේඩියල් ටයර් නිෂ්පාදනය සියයට125 කින් නංවයි.
Chandika Sunday, 25 April 2021 04:15 PM
මමත් ඒම සමාගමේ සේවකයෙක් වීම ගැන ගොඩක් සතුටුයි