කටුනායන නිදහස් වෙළඳ කලාපීය ‘ටෝස්ට් මාස්ටර්‘ සමාජය සංවිධානය කළ විශේෂ නායකත්ව පුහුණු සැසියක් එහි ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
පසුගියදා මලයාසියාවේ ක්වාලාලාම්පුර් නුවර පැවති හැත්තෑ පස්වෙනි ටෝස්ට් මාස්ටර් ජාත්‍යන්තර ලෝක ශූරතා කථීක තරගාවලියේදී දක්ෂතම ඉංග්‍රීසි කථීකයාට හිමි ලෝක ශූර කිරුළ හිමිකරගත් ධනංජය හෙට්ටි ආරච්චි මහතා එය මෙහෙයවීය.
ලොව පුරා රටවල් 126 ක 14500 ට අධික ටෝස්ට් මාස්ටර් සමාජ සංගම්වලින් කථීකයෝ 30000 ට අධික පිරිසක් අතුරින් ප්‍රථමයා වී ශ්‍රී ලංකාවට ගෙන ආ ගෞරවය වෙනුවෙන් මෙම සැසිය මෙහෙයවීමට ඔහු ආරාධනා ලැබ සිටියේය.
කටුනායක නිදහස් වෙළඳ කලාපීය ටෝස්ට් මාස්ටර් සමාජය විසින් ඔහු පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් සුදානම් කර තිබූ අතර එහිදී උඩරට නර්තන මැදින් මල්දමා පළඳවා ඉතා උනුසම් අන්දමින් ඔහු පිළිගනු ලැබීය.
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් සහ විධායක නිලධාරීන් බලගැන්වීම මෙම නායකත්ව පුහුණු සැසියේ අරමුණ විය.
එහිදී ධනංජය හෙට්ටි ආරච්චි මහතා තම ජීවිත අත්දැකීම් ගෙන හැර පාමින් සහ විවිද කරුණු ඔස්සේ සැසිය මෙහෙය වු අතර විශේෂයෙන් සකස් කරන ලද නායකත්ව පුහුණු පාඩම් 10 යක් පිළිබඳ ඉතා රසවත් දේශණ ඔස්සේ අවබෝධය ලබා දුන්නේය.
මෙම අවස්ථාවට කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා ආයෝජකයින්, අධ්‍යක්ෂකවරුන්, විධායක නිලධාරීන් ඇතුලු කාර්ය මණ්ඩලය නිලධාරීහු රැසක් සහභාගී වුහ.
‘
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ටෝස්ට් මාස්ටර් ලෝක ශූර කථිකයා ආයෝජන කලාපයේ
සිසිර Sunday, 02 November 2014 09:18 PM
ඔබ හොඳ කථිකයෙක්. මේ පිළිබඳ ආඩම්බර වෙමි. (නි)
චම්පික Monday, 03 November 2014 12:16 PM
මෙලෝ රහක් නැති හොර තක්කඩි දේශපාලුවන්ව රතු පලසේ දාලා පිලිගන්නවට වඩා සැබෑම දිනුමක් මගේ රටට ගෙනාව මේ උතුම් මිනිසාට ඔබලා දුන්න පිළිගැනිම ඉතාම උසස් (නදී)
ජයසිංහ Thursday, 06 November 2014 02:36 PM
ලොකු ආඩම්බරයක්.(හේ)
මොහාන් Thursday, 06 November 2014 11:56 PM
මට මොහු සමඟ කතාකරන්න ආසයි (නි)
සංජීව Sunday, 09 November 2014 04:18 PM
අවංක සහ නිහතමානී යුග පුරුෂයෙක්. ඔහුගේ කතා අහන්න මිනිස්සු කොච්චර එනවද එත් එන ඕනෙම කෙනෙ එක්ක පොඩ්ඩක් හරි කතා කරලා එකට ෆොටෝ එකක් ගන්න ඔහු කිසි විටෙකවත් පැකිලෙන්නේ නෑ. ඔබට ජය සැමදා (නදී)
සංජීව Sunday, 09 November 2014 04:41 PM
අවංක සහ නිහතමානී යුග පුරුෂයෙක්. (නි)