ඩයලොග් ආසියාටා පී.එල්.සී. සමාගම, MAS හෝල්ඩින්ග්ස් Hemas හෝල්ඩින්ග්ස් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PwC ශ්‍රී ලංකා එක්ව කාලීන අවශ්‍යතාවක් සපුරාලමින් රට තුළ පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත් පවුල් සහ ප්‍රජාවට හදිසි සහන සැලසීමේ ක්‍රියාන්විතයක් ලෙස ‘මනුදම් මෙහෙවර’ සහන වැඩසටහන දියත් කරන ලදී.
පීඩාවට ලක්ව සිටින ප්‍රජාවට ක්ෂණික ආධාර සැපයීමේ දැක්මට අනුව මෙහෙයවනු ලබන ‘මනුදම් මෙහෙවර’ ආයතනික හවුල සර්වෝදය ඇතුළු සම අදහස් සහිත හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගත් අතර එමඟින් දැඩි ලෙස පීඩාවට පත්වූ 100,000කට අධික පවුල් සංඛ්‍යාවකට, විශේෂයෙන්ම දැඩි දරිද්‍රතාවෙන් පෙළෙන ප්‍රජාව හඳුනාගෙන හදිසි සහන සැලසෙනු ඇත.
ආයතනික හවුල්කරුවන්ගේ අනුකූලතා අවශ්‍යතා අනුව මූල්‍ය පාලනය හා වාර්තා කටයුතු අධීක්ෂණය කිරීම සඳහා PwC සමාගම මෙම මූලාරම්භයේ සහකරුවෙක් බවට පත්විය. මනුදම් මෙහෙවර 2022 අප්‍රේල් මස 10 වැනි දින මෙහෙයුම් සමාරම්භය සටහන් කළ අතර දිස්ත්‍රික්ක 25 පුරාම අවශ්‍යතා සහිත පවුල් සඳහා හදිසි අවශ්‍ය වියළි සලාක ඇසුරුම් බෙදාදෙනු ලබයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ ඩයලොග් ආසියාටා පී.එල්.සී. සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය. ‘රටපුරා අවශ්‍යතා සහිත පවුල් 100,000කට අධික සංඛ්‍යාවකට හදිසි සහන සැලසීමේ මෙම ප්‍රයත්නයට අප හා එක්වීම පිළිබඳ MAS, Hemas, අපගේ ව්‍යාපෘති ක්‍රියාත්මක සහකරු සර්වෝදය සහ විගණන සහකරු MAS වෙත අප කෘතඥතාව පළ කර සිටිනවා. මිලියන 17කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වසනීය ඩිජිටල් සහකරු හා සමාජීය වගකීම් සහිත ආයතනික පුරවැසියකු ලෙස අපගේ දැඩි ලෙස පීඩාවට පත්වූ ප්‍රජාවට ඇති බලපෑම ලිහිල් කිරීම සඳහා, විශේෂයෙන්ම උපකාර අවැසිම මොහොතේදී වසර ගණනාවක් පුරා අප විසින් අඛණ්ඩව සිදුකර ඇති පරිදි ඉක්මන් පියවරක් ගත යුතු බව අප හඳුනාගෙන තිබෙනවා. අවශ්‍යතා සහිත ප්‍රජාවට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින පාර්ශ්ව මෙම ප්‍රයත්නයට අප හා එක්වන ලෙස ශ්‍රී ලංකාවේ ආයතනවලට ආරාධනා කර සිටිනවා.
-සටහන- චමින්ද මුණසිංහ
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඩයලොග්, ‘මනුදම් මෙහෙවර’ දියත් කරයි
N.D buddhika Saturday, 09 July 2022 11:29 AM
මටත් සහන මල්ල හම්බවුණා. ඒත් අපේ ගමේ හැමෝගෙන්ම රු 100ක් එකතු කළා. එක ගෙදරකට මලු 2 ක් 3 ක් දුන්නා. මේ පිළිබඳ සොයා බලන්න. අසරණ ජනතාවට පිහිටක් වෙන එක තේරුමක් නැතිවෙනවා. සමහර අයට රුපියල් 100 දෙන්න බැරි අවස්ථාවල් තියෙනවා..