සෑම ශ්‍රී ලාංකිකයකු එකිනෙකා හා යා කරමින්, රටම ඩිජිටල් පහසුකම්වලින් බලගැන්වීමේ සිය දැක්මට අනුව, මෙරට පුළුල්තම ජාලයට හිමිකම් කියන ඩයලොග් ආසිආටා පී.එල්.සී. සිය 4000 වැනි දුරකථන කුලුන කුරුණෑගල තිහව ගම්මානයේදී විවෘත කරමින්, ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් තවදුරටත් ආවරණය පුළුල් කිරීමට කටයුතු කළේය.
ශ්‍රී ලංකාව පුරාම ආවරණය පුළුල් කිරීමේ සිය වෑයමට සමගාමීව සහ මෙම වසංගත සමය තුළ පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් සිය සන්නිවේදන කුලුනු ජාලයට නව කුලුනු 515ක් එක්කරමින් මෙලෙස සිය 4000 වැනි ජංගම දුරකථන 4G කුලුනද පිහිටුවීමට ඩයලොග් හට හැකිවූ අතර එය මෙරට වාර්තාවන වැඩිම කුළුණු සංඛ්‍යාව සහිත ජාලයද වේ. ඈත එපිට ගම් දනව්වල වෙසෙන ප්‍රජාවන් උදෙසා සිය ආවරණය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත කිරීම පිණිස මෙන්ම නාගරික පෙදෙස්වලද හදිසි අධි ඉල්ලුම් ධාරිතාව සපුරාලීමටද හැකිවන සේ ඩයලොග් විසින් Lamp Pole ආදී තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතයට ගනු ලබයි. මෙයින් නොනැවතී, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය සමග එකතුව ඉදිරි හය මස තුළ තවත් කුලුනු 450ක් තම දැවැන්ත කුලුනු ජාලයට අලුතින් එක්කරමින් 2021 වසර අවසානය වනවිට මෙරට ජනගහනයෙන් සියයට 95ක් 4G මගින් ආවරණය කිරීමට නියමිතය.
මෙම වසංගත සමයේදී ජංගම දුරකථන සඳහා සියයට100 කින් වර්ධනය වූ ඩේටා ඉල්ලුමක් සහ සියයට 200කින් වර්ධනය වූ ස්ථාවර ඩේටා ඉල්ලුමක් සපුරාලීමට ඩයලොග් සන්නිවේදන ජාලයට හැකි වූ අතර මෙරට ජංගම දුරකථන ඩේටා භාවිතයෙන් සියයට 60ක් සපයනුයේද ඩයලොග් සන්නිවේදන ජාලය විසිනි. දැවැන්ත ලෙස ඉහළ යන මෙම ඉල්ලුම සපුරාලීමේදී අලුත් සන්නිවේදන කුලුනු ස්ථාපිත කිරීමට අමතරව, සිය පවතින කුලුනුවල ධාරිතාව ඉහළ නැංවීමටද ඩයලොග් කටයුතු කරමින් සිටියි. ඒ අනුව මෙම වසංගත සමය තුළ සිය ජංගම දුරකථන 4G කුළුණු 2,831ක් සහ ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා කුලුනු 1816ක ධාරිතාව එලෙසින් ඉහළ නැංවීමට ඩයලොග් විසින් කටයුතු කිරීම කැපී පෙනෙයි. එසේම මේ වසර අවසානය වනවිට තම ජාලයේ කුලුනුවලින් සියයට75ක ධාරිතාව මෙලෙසින් නැංවීමට ඩයලොග් විසින් කටයුතු සූදානම් කර ඇත.
තවද නව ආයෝජන තුළින් සිය 4G ජාලයේ සංඛ්‍යාත පරාසය ද දෙගුණයකින් වර්ධනය කිරීම මගින් වැඩි ආවරණයක් ලබාදීමට ඩයලොග් සමත්ව සිටියි.
මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක සමස්ත ආයෝජනයක් සහිතව මෙරට දැවැන්තම ඍජු විදෙස් ආයෝජකයා ලෙස කටයුතු කරන ඩයලොග්, මේ ආකාරයෙන් යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා 2021 වසරේදී පමණක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 207කි. මෙයට අමතරව 2020 පෙබරවාරි මාසයේදී, ඇමරිකානු ඩොලර් මිලියන 254.1 ආයෝජනයටද සමාගම එකඟතාවකට එළැඹ තිබුණි.
ඩයලොග් ආසිආටා පී.එල්.සී. හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ පැවැසීය.
“අපගේ 4000 වැනි කුලුන පිහිටුවීමේ මෙම සන්ධිස්ථානය කරා ළඟාවීමට සහයෝගය දැක්වීම පිළිබඳ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ අදාළ නියාමන හා අධිකාරී ආයතන වෙත කෘතඥතාව පළකර සිටිනවා. මේ තත්ත්වය හමුවේ අප කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව අපගේ පාරිභෝගිකයන්ටද ස්තූතිවන්ත වන අතර මෙම කර්තව්‍ය සාර්ථකව ඉතා ඉක්මනින් ඉටු කිරීම පිළිබඳ අපගේ හවුල්කරුවන්ට ද අප ස්තූතිවන්ත වෙනවා. තවද ජාලය ව්‍යාප්ත කිරීමට සහ ආවරණය පුළුල් කිරීමට ඩයලොග් සමාගම නිරන්තරයෙන් කටයුතු කරනවා.”
ඩයලොග් ආසිආටා පී.එල්.සී. හි සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ප්‍රදීප් ද අල්මේදා මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“රටේ වඩාත් දුෂ්කර ප්‍රදේශ ආවරණය කිරීමේ අප මෙහෙවරේ කොටසක් ලෙසින් 4000 වැනි සන්ධිස්ථානය සමග තිහව ගම්මානයේ ජනතාව වෙත මෙම නව කුලුන පිරිනැමීමට ලැබීම සතුටක්. මෙම වසංගත තත්ත්වයත් තුළ රට පුරා දැවැන්ත ලෙස ඉහළ ගිය සබඳතා සඳහා වන ඉල්ලුම සපුරාලමින් පෙර නොවූ විරූ තත්ත්වයන් යටතේ පවා අප පාරිභෝගියන්ට සහය වීම වෙනුවෙන් මෙම වසංගත සමයේ අප රුපියල් බිලියන 50.9 ක මුදලක් ආයෝජනය කරනවා.”
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඩයලොග් 4000 වැනි සන්නිවේදන කුලුන තිහව ගම්මානයේදී විවෘත කරයි: රුපියල් බිලියන 50ක වාර්තාගත ආයෝජනයක්
කසුන් - ගම්පහ Wednesday, 14 July 2021 07:47 PM
කොරෝනා කාලයේ ඩයලොග් එකෙන් දුන්න ෆ්‍රී ඩේටාවලට බොහොම ස්තූතියි. මානසිකව වැටිලා ගෙදරටම කොටුවෙලා උන්නු ඒ දවස්වල ඒක බොහොම අස්වැසිල්ලක් වුණා.. ඔබ හැමදෙනාගෙම සියළු කටයුතු සාර්ථක වේවා !!!
dhamneth Thursday, 15 July 2021 03:05 PM
ඩයලොග් සමාගමට මගේ ස්තුතිය.. මේ කොරෝනා කාලයේ දුෂ්කර පළාත්වල පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට ඉමහත් ප්‍රයෝජනයක් වෙනවා.
kumara Friday, 16 July 2021 07:34 PM
ඇයි රජයට මේවා කරන්න බැරි...? මේ නම් හොර හැත්තක්ම තමයි.
මුණසිංහ Saturday, 17 July 2021 08:09 AM
වැඩක් නැහැ... ලංකාවේ තියෙන දුර්වලම සේවාව ඩයලොග්... කෝල් එකක් ගන්නවාට වඩා එහා දෙයක් කරන්න බැහැ. අසාධාරණ ලෙස ජනතා මුදල් මංකොල්ල කනවා...