ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ මෙරට ප්‍රථම සහ විශාලතම ජංගම මුදල් හා ගෙවීම් සේවාව වනeZ Cash Viber BOT සමඟ එක්ව Viber හරහා ගෙවීම් සිදුකළ හැකි සුවිශේෂී මොබයිල් ගනුදෙනු අත්දැකීමක් ශ්‍රී ලාංකිකයන්ට ප්‍රථම වරට හඳුන්වා දී තිබේ.
මෙම —eZ Cash BOT සේවාව සමඟින්, Viber භාවිත කරන අයට පහසුවෙන් eZ Cash සමඟ eZ Cash Wallet එක හරහා මුදල් යැවීම, රීලෝඩ් කිරීම්, බිල්පත් ගෙවීම්, විදුලි සහ ජල බිල්පත් ගෙවීම්, ආයතනික ගෙවීම් ඇතුළු සේවාවන් රැසක් පහසුවෙන් ඉටුකරගැනීමට හැකිවේ. eZ Cash Viber BOT සේවාව සඳහා ලියාපදිංචිවී ඒ හරහා එක් ගනුදෙනුවක් හෝ සිදුකරන පළමු ඩයලොග් පාරිභෝගිකයන් 500 දෙනාට සිය ජංගම දුරකතන සඳහා Anytime Data GB 2 ක් ද හිමිවනු ඇති බව එම සමාගම සඳහන් කරයි.
—eZ Cash BOTසේවාව හඳුන්වාදීම මගින් අපි ප්‍රධාන වශයෙන්ම අරමුණු කරන්නෙ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරගැනීමට සැබැවින්ම අවශ්‍ය වන පහසුකම් පිළිබඳව අවධානය යොමු කරමින්, අපගේ සේවා සම්බන්ධයෙන් ඔවුන්ට හොඳම අත්දැකීමක් ලබාගැනීමට පහසුකම් සැලසීමයි.” යනුවෙන් Rakuten Viber හි ආසියා ශාන්තිකර කලාපයේ (APAC) ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩේවිඩ් ට්සේ පැවසීය.
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මෙසේ පැවසීය.“පාරිභෝගිකයාගේ වෙනස්වන අවශ්‍යතාවලට අනුව හැඩගැහෙන ප්‍රබල සන්නාමයක් වනeZ Cash, Viber App හරහා පාරිභෝගිකයන්ට නූතන ලෝකයට ගැළපෙන ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදීමට සමත්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජංගම මුදල් ගෙවීම් ක්‍රම්වේදය බවට පත්වෙමින්, Viber Rakuten සමාගම සමඟ හවුල්කාරීත්වයක් ඇතිකර ගැනීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙතැන් සිට අපගේ පාරිභෝගිකයන්ටeZ Cash සහ Viber BOT යන මාධ්‍ය දෙකෙහිම උපරිම ආරක්ෂාව සමඟ ඉතා පහසුවෙන් හා සුරක්ෂිතව මුදල් යවන්න, රීලෝඩ් කරන්න, බිල්පත් ගෙවන්න වගේම ඔවුන් මිලදීගන්නා භාණ්ඩ හා සේවා සඳහා පහසුවෙන් ගෙවීම් කරන්නත් හැකියාව සැලසෙනවා.”
-සටහන- චමින්ද මුණසිංහ
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඩයලොග් eZ cash Viber BOTවිශේෂ සේවාව හඳුන්වාදෙයි