ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ආබාධ සහිත පුද්ගලයන්ට ජංගම දුරකථන සන්නිවේදන පහසුකම් භාවිතයට වැඩි අවස්ථාවක් විවර කර, ඔවුන්ව සමාජීය හා ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දායක කරගැනීමේ අවස්ථා ඉහළ නැංවීම වෙනුවෙන් GSMA ආයතනය (ජංගම සන්නිවේදන සේවා සමාගම් හි ගෝලීය වාණිජ සංගමය) සමඟ එක්ව තිබේ.
මෙරට සියලුම පුරවැසියන්ට ස්වාධීනව ජීවත් වීමට මෙන්ම ජීවිතයේ සෑම කටයුත්තක් සඳහාම දායක කරගත හැකි අයුරින් තාක්ෂණය හා සම්බන්ධවීම මෙවැනි යුගයක වැදගත් දෙයක් බවට පත්ව තිබේ. එම අවශ්‍යතාව හා සැසඳෙන සේ නවෝත්පාදන හරහා ප්‍රවේශවීම මෙන්ම රටේ සමාජ ආරක්ෂාව නැංවෙන පරිදි උපකාරක තාක්ෂණ හා සේවා උසස් කිරීමට ඩයලොග් සමාගම නිරන්තරයෙන් ක්‍රියා කරනු ලබයි.
මේ අතරින් වඩාත් කැපී පෙනෙන සේවා ලෙස රත්මලාන Audiology මධ්‍යස්ථානය (RAC) හා යාපනය කථන චිකිත්සක මධ්‍යස්ථානය (Jaffna Speech Therapy Centre) පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ හැක. මෙම ආයතන මගින් අඩු ආදායම්ලාභින්ට මෙන්ම ශ්‍රව්‍යාබාධිත පාසල් දරු දැරියන්ට ශ්‍රවණ හා කථන ගැටලු වෙනුවෙන් නොමිලේ සේවා සලසනු ලබයි. මෙවැනිම තවත් ව්‍යාපෘතියක් වන 'Petralex' පාරිභෝගිකයාගේ සාමාන්‍ය රැහැන් සහිත හෝ Bluetooth Headset උපකරණ සිය අවශ්‍යතාව අනුව ශ්‍රවණ ආධාරකයක් ලෙස භාවිතා කිරීමට හැකිවන පරිදි වැඩිදියුණු කරන යෙදුමකි.
ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මේ පිළිබඳ මෙසේ පැවැසීය.
ඩිජිටල් පහසුකම් අන්තර්ගත මේ මූලධර්ම හා සමග අපි සම්බන්ධ වන්නේ හේතු කිහිපයක් නිසායි. අපගේ මූලික සේවාවලට අනුකූල වෙමින් ශ්‍රවණය, දෘෂ්ටිය හා කථනය පිළිබඳව අපි අවධානය යොමු කර තිබෙනවා. එසේම ආබාධිත පුද්ගලයන්ට ඩිජිටල් සන්නිවේදන පහසුකම් ලබාදීම පමණක් නොව, ඔවුන් ඩිජිටල්මය වශයෙන් සක්‍රීය පුද්ගලයන් බවට පත්කිරීම සම්බන්ධයෙන් අප විශාල ප්‍රගතියක් අත්කරගෙන සිටිනවා. අප GSMA ආයතනය සමඟ වසර ගණනාවක් මුළුල්ලේ අන්තර්ගතයන් ඉලක්කකොට ගත් ව්‍යාපෘති හා සම්බන්ධ වෙමින් කටයුතු කර තිබෙන අතර, කර්මාන්ත ක්ෂේත්‍රයේ නායකත්වය හා ඒකරාශීවීමේ බලය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙනවා. එම නිසා සමාජයේ සිටින ආබාධිත පුද්ගලයන් සමඟ වඩා හොඳ සම්බන්ධතාවක් ඇතිකර ගන්නට මෙම මූලධර්ම හා ඒ පසුපස සිටින සමාගමක් වශයෙන් GSMA ආයතනය, අපට මඟ පෙන්වන බව අපගේ විශ්වාසයයි.
-සටහන- චමින්ද මුණසිංහ
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඩයලොග් ආසිආටා GSMA සහාය තාක්ෂණික වැඩ සටහන සමග එක්වෙයි