කඹුරුපිටිය මාපලාන රට ලංකාව වත්තේ පවත්වාගෙන යන ඩ්‍රැගන් ෆෘට් වගාවේ ඵලදාව මෙවර සරු වී තිබේ.
ඩ්‍රැගන් ෆෘට් වගාවට එතෙර හා මෙතෙර වෙළෙදපොළේ වැඩි ඉල්ලුමක් පවති.
කාබනික පොහොර පමණක් යොදාගෙන පවත්වාගෙන යන මෙම වගාවේ ඉදුණු ඩ්‍රැගන් ෆෘට් වගාවේ අස්වැන්න වගාකරු සී එන් ලොකු ලියනගේ (36) මහතා සිය සේවකයින් සමග නෙළයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඩ්‍රැගන් ෆෘට් වගාව සරුයි
අසිත Sunday, 28 July 2013 10:58 AM
පෙනුම නම් හරි ලස්සනයි (නි)
අරුණ Wednesday, 07 August 2013 10:52 PM
මම ආසයි කජු පුහුලන් වලට. අපේ කෑම අපට හොදයි (නි)
හේමා Monday, 05 August 2013 11:01 PM
ලොකු ලියනගේ මහත්තයා,තව තව වවන්න. ඔබට ජයවේවා. (නි)
අසේල Monday, 05 August 2013 06:00 AM
හොද වගාවක්. ටිකක් කැප වෙන්න ඕනෑ (නි)
ගුණේ Saturday, 03 August 2013 08:31 PM
පුරවැසියා, ළගදි ඩ්‍රැගන් පෘට් කෑවේ නැද්ද? දැන්නම් කිලෝව රු 300 යි. කිලෝවට ගෙඩි 3 යි. ගෙඩියක් රු 100 යි. පලදාව වැඩිවන විට තව මිළ පහළ බසීවි. (නි)
පැතුම් මිහිරංග Saturday, 03 August 2013 04:14 PM
විතානගේ මහත්මයා, ඔබව ෆේස්බුක් හරහා ඇමතුවත් දුරකථන අංකයක් ලබාගැනීමට නොහැකිඋනා. කරුණාකර මෙම ශාකයේ පැල හෝ ඇට ලබාගැනීමට හැකි ස්ථානයක් දන්වන්න. ඔබට ස්තුතියි. (දී)
රොෂාන් Wednesday, 31 July 2013 12:27 PM
මේ දවස් වල මේවා මැද පෙරදිග රටවල් වලට යවන්න පුලුවන් නම් හොඳ මිළක් ගන්න පුළුවන්. (නි)
ජනිත් Tuesday, 30 July 2013 09:57 PM
බලාගෙන තුෂාර ,පෙරේරා ට අහුවෙන්න එපා. ඔයාවත් අර කොතල හිඹුටු කෙනාව මැරුවා වගේ මරලා දමාවී (නි)
වසන්ත රත්නායක Tuesday, 30 July 2013 01:23 PM
මේ ශාඛයේ ඇට හෝ පැල ගන්න තැනක් තියෙනවද ?(අ)
ශාන් Monday, 29 July 2013 04:20 AM
ඔය ගොල්ල නොදන්නවා ඇති මීට අවුරුදු ගානකට කලින් ඩ්‍රැගන් ෆෘට් වගාව රජරට මහඉලුප්පල්ලමේ ඤාණතිලක මහත්තයා සරුවට පටන් ගත්තා. අදටත් වගාව හොදින් කරගෙන යනවා. ලංකාවට ඩ්‍රැගන් ෆෘට් වගාව හදුන්වා දුන් ඤාණතිලක මහතාට මගේ ප්‍රනාමය (නි)
සෝමසිරි Sunday, 28 July 2013 11:26 AM
මේක වියලි කලාපයේ වවන්න බැරිද? (නි)
අසාද් Thursday, 08 August 2013 07:32 AM
ගුණේ,මාතර රු 600 යි. මාතර ඉන්නෙ කලුකඩකාරයො (නි)
සුපුන් සේනානායක Saturday, 27 July 2013 12:23 PM
සමහරුන් මෝඩ කියල කියල හෙමෝම දන්නවා, ඒ මෝඩ අදහස් ලියන්න එපා (අ)
සුපුන් සේනානායක Saturday, 27 July 2013 12:13 PM
ලියනගේ, ඔබ වෙනි ආදරශමත් ගොවියෝ තව තව අපේ රටේ බිහිවේවා, ඔබ තුමාට වැඩි වැඩියෙන් ලැබේවා ! (ස)
නිමල් Friday, 26 July 2013 03:26 PM
මේවා, හරි රස ගුණ කියලා වැඩක් නැහැ.(ස)
අනුර Friday, 26 July 2013 03:24 PM
අසේල, ගස්ලබූ එහෙම රස ඇති නේද? (නි)
අනුර Friday, 26 July 2013 03:25 PM
අනේ කරුණාකර මේ පලතුරට කෘමිනාශක යොදන්න. (නි)
අනී Friday, 26 July 2013 03:20 PM
මේවා ඔයාලම කන්න. ගෙදර මුට්ටියේ බත් නැහැ පුළුවන් නම් පාන් පිටි ගස් වවන්න.(නදී)
අසේල ඕමානය Thursday, 25 July 2013 06:30 PM
මටත් වැඩිය අල්ලන්නේ නැති පළතුරක් මේක. (නි)
නිපුන Thursday, 25 July 2013 10:19 AM
මෙම ශාකය වඩාත් සුදුසු වියලි කලාපයට.(නදී)
චානක Wednesday, 24 July 2013 09:06 PM
ගොවියන් මෙයට නැඹුරු කල යුතුයි (අ)
ඉසුරන්දි Tuesday, 20 August 2013 11:21 AM
කවුරු කවුරුත් උනන්දු වෙලා රටට මෙහෙම දෙයක්වත් හඳුන්වා දෙනවා නම් කොච්චර හොඳද. (නි)
මලින් අතපත්තු Thursday, 20 February 2014 10:22 PM
අපේ දේශීය පලතුරු රැකගෙන වාණිජ වගාවක් වශයෙන් ඩ්‍රැගන්ෆ්රුට් වගා කළාට වරදක් නැහැ. මමත් අපේ පලතුරු වර්ග 27 වවලා තියෙනවා ඩ්‍රැන්පෘට් වගාවකුත් තියෙනවා.. එ වුණත් අපේ දිවට දැනෙන රසයක් ඒකේ නැහැ වගාකරුවෙකු වශයෙන් මමත් ලියනගේ මහතාට සුබ පතනවා (අ)
නිදුල චිත්මල් සිල්වා Monday, 09 September 2013 09:50 AM
පලතුරු අතරින් ඩ්‍රැගන් ෆ්‍රොට් යනු රසවත් පලතුරකි. පලතුරු වලින් ලැබෙන විටමින් මෙහි අඩංගුව තිබේ ඒ වගේම මෙය ඉතා මිහිරි රස ඇති පලතුරකි.(නදී)
කින් බෙනට් Monday, 02 September 2013 09:13 PM
මම හිතුවේ අපේ ලංකාවේ කැළෑවල් වල නිකන් අපතේ යන කිරල ගෙඩි කියලා. බලද්දී පිට රට පළතුරක් නේ.බොහොම ගණන් පාටයි.හැබැයි කිරල ගෙඩි මේ වගේ වුනාට කවුරුත් කන්න උනන්දු වෙන්නෙත් නැහැ.නිකන් දුන්නත් කන්නේත් නැහැ.හැබැයි කිරල ගෙඩියත් මේ වගේම එක සමානම ගැලපෙන පළතුරක් (නි)
වසන්ත කුමාර සේනාරත්න Friday, 30 August 2013 12:02 PM
වගාව හරිම ලස්සනයි. මමත් ද්‍රගොන් ෆ්රුඉට්ස් වවන අයෙක්මි. අක්කර 1.25ක වවල තිබෙනවා. පලදාව හොඳයි. ඔබට ජයෙන් ජයම ලැබේව! තෙරුවන්ගේ පිහිටයි! (දී)
වසන්ත කුමාර සෙනරත් Friday, 30 August 2013 12:02 PM
වගාව හරිම ලස්සනයි. මමත් ද්‍රගොන් ෆ්රුඉට්ස් වවන අයෙක්මි. අක්කර 1.25ක වවල තිබෙනවා. පලදාව හොඳයි. ඔබට ජයෙන් ජයම ලැබේව! තෙරුවන්ගේ පිහිටයි! (දී)
ජෙනි Thursday, 29 August 2013 07:21 AM
හරිම රස පලතුරක්....(අ)
සන්ජිලී Saturday, 24 August 2013 04:04 PM
කිලෝ එක රු.300 වැඩිය අඩුවෙන් ගන්න නම් හිතන්නවත් එපා. වවන මම දන්නා නිසයි කියන්නේ. මම ගත්තේ රු. 250,300350,. මම පැලයක් රු. 150 දෙනවා (නි)
සුනිල් Saturday, 24 August 2013 03:57 PM
බොහොම මහන්සි වෙන්න වෙන වගාවක්. ඔය කෙසෙල් අන්නාසි වගේ නෙමෙයි. කියලා දෙන්න ඕනෑ නම් මෙන්න මගේ ඊ-මේල් එක [email protected] (නි)
පැතුම් Friday, 23 August 2013 05:56 PM
තුෂාර ඔබට ස්තුතියි. මගේ අක්කර ගානක් තියෙනවා ගල්ගමුවේ. පලතුරු දාලා තියෙන්නේ. මේ පලතුර ගැනත් මට අදහසක් තියෙනවා. ඒකයි හොයලා බැලුවේ. (නි)
කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 22 August 2013 07:09 PM
දැකල තියනවා. කාලා නැහැ. මෙහෙ ෆුඩ් සිටි වල තියනවා ගෙන්වපු රට විදිහට තියෙන්නේ තායිලන්තය සහ ඊජීප්තුව කියලයි.මොනවා වුනත් නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සියලු දෙනාට පින්! (නි)
කපිල Wednesday, 24 July 2013 02:23 PM
රාජි: හැදුනම ගෙඩියක් අපිටත් දෙනවද? (නි)
තුෂාර Saturday, 17 August 2013 09:14 PM
පැතුම්,ගන්නොරුව කෘෂිකර්ම පර්යේෂණ ආයතනයට යන්න.අඩු මිලට හොඳ පැල සහ වගා උපදෙස් නොමිලේම ලබාගන්න.මගෙත් අදහසක් තියෙනවා ලංකාවට ඇවිත් මේක පටන් ගන්න.මම දන්නා සුදු මහත්තයෙක් මේ වැඩේට හරි කැමතියි මට උදව් කරන්න (නි)
ප්‍රසන්න Saturday, 17 August 2013 01:21 PM
ඉතාමත් හොද පළතුරක්.(නදී)
මහින්ද Tuesday, 13 August 2013 11:11 AM
මහන්සියේ තරමට ප්‍රතිපල ලැබිල වගේ නේද ගොවි මහත්තයෝ (දී)
අහම්ඩ් Tuesday, 13 August 2013 10:02 AM
මේ පලතුර ඉතා දුර්ලභගනයේ ඉහල මට්ටමක එල්ලුමක් ඇති පලතුරු බෝගයක් වන අතර මෙවැනි බෝග වගාවන් හදුන්වා දීම ඉතා ඉහල මට්ටමක අදායම් ලබා ගැනීමට පුයෝජනවත්වෙයි .මෙවැනි පලතුරු ඉතා ඉහල මට්ටමක ශරීරයට හිතකර පෝෂ්‍ය අඩංගු දෙය ඇතුළත් වෙයි. (ස)
දිනේෂ් Monday, 12 August 2013 09:56 AM
ලස්සන පළතුරක් (දී)
ගැමුණු Saturday, 10 August 2013 10:39 PM
ඔබට ජය වේවා! (නි)
අනිල් Friday, 09 August 2013 06:56 PM
බලන්නකෝ ගෙඩි ටිකේ ලස්සන! (නි)
කුමාර Friday, 09 August 2013 06:37 PM
මෙම ශාකය වඩාත් සුදුසු වියලි කලාපයට (නි)
දීප්ති Thursday, 08 August 2013 01:47 PM
ඊශ්‍රායෙල් වලදී ඊයේ වැඩසටහනක් දැක්කා රූපවාහිනියේ ඩ්‍රැගන් ෆ්රුට් ගැන. ඒ ශාකය රවුම් කොළ තියෙන පතොක් වර්ගයක්. මෙහෙ මේ පළතුර හරිම රසයි, මමත් කෑවා. ලංකාවේ දිග කොළ තියෙන පතොක් වර්ගයක්. මම හිතන්නේ මේකේ දාලා තියෙන අදහස් අනුව වෙනස් පතොක් වර්ගවල හැදෙන ගෙඩිත් රසයෙන් අඩු, වැඩි වෙනවා ඇති. හරිම ගුණදායක පළතුරක් ලෙසින් ඔවුන් මෙය හැඳින්වූයේ. (නි)
කැනඩා දිසා Thursday, 18 July 2013 10:40 AM
ඇත්තෙන්ම කියනවනම් දිව්‍ය පලයක් ,මෙහෙ c $3ක් විතර වෙනවා ගෙඩියක් ,හරිම රසයි ,ගුණයි. (අ)
දීප්ති Friday, 19 July 2013 06:14 PM
මේ ශාකය පතොක් ශාකය හා සමානද? ඇතුලේ පැෂන් ගෙඩියේ වගේ ඇට තියෙනවද? මම නොදන්නා කමට අහන්නේ. මම රටදී පළතුරක් කැවා මේ කියපු විදිහේ. එත් නම දන්නේ නැහැ. දන්නා කෙනෙක් කියන්න මේ පලතුර මොන වගේද කියලා. (අ)
ටිරල් Friday, 19 July 2013 05:58 PM
මෙච්චරයි අඩු (අ)
චන්ඩි Friday, 19 July 2013 05:42 PM
මම පලවෙනි වතාවට දැක්කේ. රස කොහොමද නොදන්නවා වුනත් ගෙඩිය නම් හරි ලස්සනයි. ගහත් ලස්සනයි. ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! (දී)
ද සිල්වා බෙර්ලින් Friday, 19 July 2013 04:37 PM
ලංකාවේ පලතුරු වගාවෙන් හොඳින් මුදල් උපයන්න පුළුවන්. අබ , දෙහි ,දොඩම් ,කෙසෙල් වැනි වගා හරියට කරනවා නම් , මෙතුමා කරලා තිබෙන වැඩේ ලස්සනයි. ඔබතුමාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා! (දී)
වජිර Friday, 19 July 2013 09:39 AM
ඩ්‍රැගන් ෆෘට් ඩුබායි වල මාර්කට් එකේ තියනවා ගෙඩියක් රුපියල් 200/= විතර වෙනවා. නමුත් ඒ හැටි රසක් නැහැ. (නි)
තරු Friday, 19 July 2013 09:12 AM
වියළි කලාපයේ පැළ කළ හැකි පළතුරක්. මම දැක්කා තණමල්විල මේවා ලොකු හේනක් තියෙනවා (නි)
තිලක් Friday, 19 July 2013 08:46 AM
ඩ්‍රැගන් ෆෘට් ඇට වලිනුත් පැල කරන්න පුළුවන්.ගෙඩි හට ගැනීමට අවුරුදු 5 ක් පමණ බලන් ඉන්න වෙනවා.දඩු කැබලි වලින් පැල කර ගන්නවා නම් අවරුදු 1.5-2 ක් තුල ගෙඩි ලබා ගන්න පුළුවන්.වියලි කලාපේ වුනත් හොදින් ජාල සම්පාදනය කලානම් හොද අස්වැන්නක් ලබා ගන්න පුළුවන්.මෙහි අඩංගු පෝෂණ ගුණය හරිම ඉහල නිසා ලෝකයේ විසාල ඉල්ලුමක් මේ පලතුරට තියෙනවා.විශේෂයෙන් කුඩා දරුවන්ගේ සෙම්,පිත් රෝග වලට ඖෂධීය ගුණයක් ඇතුලත් වෙනවා.මෙය සෑම නිවසකම පහසුවෙන් වගා කල හැකි,ගෙවතු අලංකාරයටත් යොදා ගත හැකි පලතුරු පැලයක්. (නි)
ට්‍රේල් Friday, 19 July 2013 12:38 AM
කුරුම්බා තරම් රහ නැහැ.(නදී)
මංගලනාත් Thursday, 18 July 2013 11:25 PM
මේක වියලි කලාපයේ වවන්න අමාරුද?(නදී)
කටුවන Thursday, 18 July 2013 10:28 PM
මටනම් මේ පලතුර එතරම් රසාක් නෑ රතු ඩ්‍රැගන් ෆාට් නම් ටිකක් හොදහි
නන්දලාල් Friday, 19 July 2013 07:20 PM
දීප්ති කාල තියෙන්නේ මේවා තමා. රසද ? (නි)
ජයී තිසර Wednesday, 17 July 2013 12:47 PM
නිමල්, සුමුදු බුරුසුවකින් කෘතිම ලෙස මල් පරාගනය කර බලන්න. සමහර පළතුරු මල් වර්ග සුළඟින්ද, කෘමින්ගෙන්ද, ස්වපරාගනයෙන්ද බීජ හටගනී. මේ ආකාරවලින් සිදු නොවූහොත් කෘතිම පරාගනයකින්ද නිසි ප්‍රතිඵල ගෙනදේ. (නි)
නිමල් පෙරේරා Wednesday, 17 July 2013 12:04 PM
වසර දෙකක කාලයක් තිස්සේ මමත් ඩ්‍රැගන් ෆෘට් පැල 14 හිටවලා තියනවා.ගස් ටික හොඳ සරුවට වැවිලා මල් ගොඩාක් ආවා. ඒවුනාට ගෙඩි එන්නේ නැහැ (නි)
ජයී තිසර Wednesday, 17 July 2013 01:30 AM
බන්දුල, මේ ශාකය ගැන වැඩිපුර විස්තර සඳහා පහත වෙබ් අඩවියද බලන්න. http://en.wikipedia.org/wiki/Pitaya (නදී)
රෝහන Tuesday, 16 July 2013 07:05 PM
ඔය පලතුරුවල රසය සහ ගුණය ඉහල යන්නනම් හිතේ හැටියට කාරබයිඩ් ගහන්න ඕනේ! (අ)
ජයී තිසර Tuesday, 16 July 2013 06:53 PM
බන්දුල, මේ වෙබ් අඩවිය බලන්න. http://en.wikipedia.org/wiki/Pitaya (නි)
පුරවැසිය Tuesday, 16 July 2013 06:15 PM
මෙක සරු වුනාට ඇති වැඩේ මොකක්ද කිලෝව රු 600ක් (දී)
සුපුන් Tuesday, 16 July 2013 04:59 PM
පින්තුර ටිකක දාන්නකෝ ... (දී)
බන්දුල Tuesday, 16 July 2013 10:58 AM
මෙය ඝර්ම කලාපීය ශාකයක් ද? දන්නා කෙනෙක් විස්තර ලියන්න. (දී)
ගාමිණී-සිරි Monday, 15 July 2013 03:25 PM
යුගයේ අවශ්‍ය තාවයකට ආරම්භකල ඉතාමත් හොඳ ව්‍යාපෘතියක්. විදේශ වෙළඳ පල වගේම දේශීය සුපර් මාර්කට් වලටම දෙන්න පුළුවන් රස නිසා හොඳ මිලකට. (අ)
සුදත් ශ්‍රී Saturday, 20 July 2013 09:25 PM
පළතුරු සඳහා ආරක්ෂිත, පිරිසිදු ප්ලාස්ටික් කූඩ පාවිච්චි කිරීම ගැන සතුටුයි. (දී)
නෙරංජි Wednesday, 24 July 2013 11:08 AM
මම දැක්කා සෙල්ල කතරගම මේවාගේ ලොකු හේනක් තියෙනවා (අ)
රාජි Tuesday, 23 July 2013 04:12 PM
අපේ ගෙදර ඩ්‍රැගන් ෆෘට් ගසක් තියෙනවා.
පහන් Tuesday, 23 July 2013 02:33 PM
ඔව් මහවැලි ඔබහරි ඊට අමතරව3% පොටෑසියම් මුත් තියනවා .රස ටත් එක්ක තමයි හැබැයි පලතුරුකන්නේ නැතිනම් මල්ටිවිටමින් ගහනවනේ හැමදාම . (දී)
සරත් Tuesday, 23 July 2013 08:10 AM
ඩ්‍රැගන් ෆෘට් පිලිබදව විස්තර මේ වෙබ් එකේ තියනවා http://www.agridept.gov.lk/index.php/en/crop-recommendations/1077 (නි)
අමරේ Tuesday, 23 July 2013 12:36 AM
අනේ කරුණාකර මේ පලතුරට කෘමිනාශක යොදන්නට එපා. කෘමිනාශක වලින් මිනිසාට හානි වෙනවා (නි)
මහවැලි Tuesday, 23 July 2013 12:14 AM
පහන්, මහවැලි සඳහන් කරලා නැහැ දුරියන් රස නැහැ කියලා.පැණි කොමඩුවල විටමින් ඒ - 11% , විටමින් සී - 13% , යකඩ 1% ,මැග්නීසියම් 2% යි. අගුණද? ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි. (නි)
පහන් Monday, 22 July 2013 09:38 PM
මහවැලි දුරියන් රස නැත්තේ මොකද ?සිංගපුරුවේ වල දුරුයන් පරාටත් තියනවා .පැනිකොමඩු වල මහා මුහුදටත් වැඩිය වතුර තියනවා මුහුදේ වතුර තියෙන්නේ 96.5% පැණි කොමඩුවල ඊටත් වැඩියි .ඉතින් පනිකොමඩු කොහෙද ගුණ .(අ)
මහවැලි Monday, 22 July 2013 07:44 PM
පලතුරු අනුභව කරන්නේ රස තෘප්තියට වඩා පෝෂ්‍යදායි ගුණයට. හොඳම උදාහරණය දුරියන්ග්. ලංකාවේ පලතුරු රස මෙන්ම ඉතා ගුනදායකයි. අපේ සම්ප්‍රදායික පලතුරු මනාව කළමනාකරණය කර වගා කරන්නේ නම් ඉහල ආදායමක් ලබා ගත හැක. තායිලන්තයේ සුපිරි හෝටල්වල අතුරුපස සදහා ඔවුන්ගේ දේශීය පලතුරු වලට හිමිවන්නේ සුවිශේසී ස්තානයක්. එහි පැණි කොමඩු ඉතා රසවත්ය. විදේශිය පලතුරු දක්නට නොමැති තරම්.(නදී)
විතානගේ Monday, 22 July 2013 02:32 PM
නිරෝෂන්, ෆේස්බුක් හරහා මා සම්බන්ධ වන්න. මා ඔබට ඇමතීමට දුරකතන අංකයක් දෙන්නම් (නි)
ඉරෝෂන් Monday, 22 July 2013 11:43 AM
මට මේ පළතුරු පැල ටිකක් ගන්න ඕනෑ. ඒවා ගන්න පුළුවන් විදියක් කියන්න (නි)
රවී බංඩාර Monday, 15 July 2013 03:18 PM
ඉතා හොඳ වැඩක්. ඔබට ජය වේවා ලියනගේ මහත්මයාණෙනි. ඔබගේ වගාව දිනෙන් දින සරු වේවා! ජය ශ්‍රී ! ජය ශ්‍රී ! (නි)
චන්ද්‍රසිරි Saturday, 20 July 2013 02:38 PM
ලස්සනනම් තමයි නමුත් රහක් නැහැ. ඒකට කමක් නැහැ හොඳ අදායමක් ලැබෙනවා නම්.(නදී)
මාදවී Saturday, 20 July 2013 01:01 PM
සමහර රටවල වවන අන්නාසි,ගස්ලබු මෙලෝ රහක් නෑ කන්න බැහැ මේකත් එහෙම වෙනවා ඇති.නැත්නම් ඉතාමත් රස පළතුරක්. (අ)
පහන් Saturday, 20 July 2013 11:50 AM
ඔය වැටවල් වල හිටවන වැට අන්නාසි වල තියෙන්නේ එම රහමයි .ඇතුලේ ඇටත් ඒ වගේ (නි)
පහන් Saturday, 20 July 2013 11:47 AM
සිංගප්පුරුවට මේ පලතුර ගේන්නේ වියට්නාම් වලින්. හෝටලේට එන සුද්දෝ කාලා අහනවා මේ මොනවද කියලා. බුෆේ එකේ කපපු නැති පලතුරු වට්ටියෙන් අරන් පෙන්නනවා. සමහරු පොටෝ ගහගෙනත් යනවා.මට නම් මෙලෝ රහක් නැති පළතුරක්. තද ඇඹුල් සෙවල ගතියකුත් තියනවා. ලෙල්ල ඉතාම පහසුවෙන් ගලවන්න පුළුවන්. මදය සුදුපාටයි. කලුපාට ඇට ඇට (තිත් වශයෙන් ) මුළු ගෙඩිය පුරාම තියනවා. මම මේකට මුලින් අදහසක් දැම්මේ නැත්තේ මේ පලතුරට තියන අකමැත්ත නිසා (නි)
බණ්ඩාර Saturday, 20 July 2013 10:44 AM
හරිම ගුණදායක පළතුරක්. පතොක් කුලයේ ශාකයක් නිසා ලංකාවේ ඕනෑම දුෂ්කර ප්‍රදේශයක වැවිය හැකියි (නි)
මනෝහරන් Saturday, 20 July 2013 12:29 AM
බන්දුල ඔව් මෙය ගර්මකලපිය ශාකයක් නිජබිව දකුණු ඇමෙරිකාව තවමත් ලෝකයේ සමහර රටවල් මෙය වවන්නේ මල් ලබා ගැනීමට මෙහි මල මල්වල රැජිණිය ලෙස හදුන්වඊ වැඩි විස්තර හොයා බලන්න (අ)
දීප්ති Friday, 19 July 2013 11:07 PM
නන්දලාල් ස්තුතියි ඔබට. මටනම් හරි රසයි. මම කෑවේ ඊශ්‍රායෙල් වලදී. මේ රටේ ඊශ්‍රායෙල් මිනිස්සුන්ව මේ පලතුරට සමාන කරනවා. පිටතින් හරි රළුයි, ඒත් ඇතුළ හරිම පැනිරසයි. හරියට අපේ වරකා පලතුර වගේ. (දී)
උපාලි Friday, 19 July 2013 10:14 PM
අපිට අපේම කියලා දේශීය පළතුරක් කන්න පිනක් නැද්ද (දී)
මාර්ටින් Friday, 19 July 2013 10:16 PM
ඉස්සර අපි ඇපෙල් ගෙඩියක් කාවේ රු 20 ට ඇපල් ගෙඩියක් 70 අපේ රටේ පලතුරු ඔක්ක්කොම අමුවෙන් කඩලා වස ගහල ඉඩවනවා අපට දැන් පිටරට පලතුරුත් නැහැ මෙහෙ ඒවත් නැහැ (දී)