X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ණය නොගෙවීමෙන් මූල්‍ය සමාගම් රැසක් දැඩි දුෂ්කරතාවයකට

(බිඟුන් මේනක ගමගේ)

ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින බවට ජනපති අපේක්ෂකයන් පොරොන්දු දීමෙන් ණය හිමියන් ණය නොගෙවීම නිසා මූල්‍ය සමාගම් රැසක් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි මූල්‍ය සමාගම් ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සිය ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම පොරොන්දුවක් හැටියට ඇතුළත් කර තිබුණේ යැයිද මේ නිසා ණය ගෙවීමට හැකියාව ඇති ගනුදෙනුකරුවන් පවා ඒවා පැහැර හරින තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද මූල්‍ය සමාගමක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් 'ලංකාදීප' යට පැවැසීය.

ජනාධිපතිවරණය සමග නොවැම්බර් මාසයේ ණය වාරික නොගෙවීම ප්‍රවණතාවයක් ලෙස ඉහළ ගොස් ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

රජය මේ සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත් වීමක් නොකළහොත් මූල්‍ය සමාගම් විශාල අර්බුදයකට පත්වනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් පරිදිම ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම සිදුවන්නේ යැයි ද, ඊට අවශ්‍ය වාර්තා සකසමින් ඇතැයි ද සංවර්ධන බැංකු හා ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ධුරයේ වැඩ බාරගනිමින් පසුගිය 2 වැනිදා පැවැසීය.



අදහස් (1)

ණය නොගෙවීමෙන් මූල්‍ය සමාගම් රැසක් දැඩි දුෂ්කරතාවයකට

poliya Sunday, 08 December 2019 05:01 AM

අනේ පව් මේ අය. ! ඉක්මනට සහනයක් සලසා දෙන්නම ඕනේ. ඔය මිනිස්සු ලග සල්ලි තියාගෙන බොරුමයි කරන්නේ. ඒ අයව පුලුවන් ඉක්මනට උසාවි දාලා හිරේ යවන්නම ඕනේ. ගෙවල් දොරවල් විකුණලා දම්මලා හරි මෙයාලගෙ සල්ලි දෙන්න ඕනෙ. පව්නෙ නැත්නම්.. මහ බැංකුවක් කියලා එකක් තියෙන්නෙ පාන් පුච්චන්න නෙමෙයිනේ. වෙන්න තියෙන ඔක්කොම වෙලා මිනිස්සුන්ට ඇපත් නැති උනාම ඒකෙ වාසියත් ඡන්දෙට ගන්න බොරු පොරොන්දු දීලා දැන් ගල් බිල්ලො වගේ ඉන්නවා. හිටිය සහ දැන් ඉන්න දෙගොල්ලම කරන්නේ ඒකයි. ණය ගන්න අයටත් වගකීමක් තියෙනවා ගන්න කලින් හොයලා බලන්න.

:       64       32

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site