X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


තවත් ගූගල් ලූන් බැලුනයක් ලක් ගුවනට

ලබන සතියේ තවත් ගූගල් ලූන් බැලූනයක් ශ්‍රී ලංකා ගුවනට යොමු කරන බව ශ්‍රී ලංකා තොරුතුරු තාක්ෂණ විද්‍යායතනයේ කළමනාකරු ගවස්කාර් සුබ්‍රමනියම් මහතා පවසයි.

මෙරට විවිධ ප්‍රදේශවල පවතින අන්තර්ජාල සංඥා නොමැතිවීම ආදී ගැටළුවලට බලපාන සාධක ගූගල් ලූන් බැලූන මගින් විසඳනු ඇතැයි ඔහු කියයි.

කඳුකරය ආශ්‍රිත ගම්මානවලට පවා තාක්ෂණික පහසුකම් සලසා ගැනීමට මෙයින් ඉඩකඩ ලැබෙන බවද ගූගල් ලූන් මධ්‍යස්ථානය කියයි.



අදහස් (0)

තවත් ගූගල් ලූන් බැලුනයක් ලක් ගුවනට

සුනිල් ගිකියනගේ Friday, 26 February 2016 08:08 PM

නොමිලේ දුන්නාම අනෙකුත් සමාගම් වැහිලා යාවි. ඊට පස්සේ එකම සමාගමකටම හුරුවුණ අයට කීය වුණත් ඒක ගන්න වෙනවා. නොමිලේ දෙනවා කියලා අපි වගේ රටවල් බොහෝවිට ආර්ථික දැල්වල පටලවන එක ගැනයි මම කිවුවේ. (නි)

:       0       0

අමා Friday, 26 February 2016 12:02 PM

අනේ ඇත්තමයි අපිට දැන් ඔය බැලුම විතරමයි අඩු. (ර)

:       0       0

එරංගී Friday, 26 February 2016 12:01 PM

හොදයි ඉතින් හොද දෙයක් වෙනවා නම්.(හේ)

:       0       0

මනෝජ් Friday, 26 February 2016 12:08 PM

රටේ ප්‍රශ්න නැතුවට දැන් අලුත් සෙල්ලමක්.(හේ)

:       0       0

චතුරි Friday, 26 February 2016 12:01 PM

බැලුමේ හුළං ගිය දවසට මොකද වෙන්නේ.(හේ)

:       0       0

හරිත් Friday, 26 February 2016 12:08 PM

හොඳයි ගමටත් තාක්ෂණය යනවා කියන්නේ.(හේ)

:       0       0

ලසන්ත Friday, 26 February 2016 12:09 PM

අවුරුදු කීයකටද මේ බැලුන් උඩ යවන්නේ.(හේ)

:       0       0

කුෂාන් Friday, 26 February 2016 12:01 PM

යහපාලන ආණ්ඩුවෙන් වෙනසක් වෙනවා කියලා දැන් පේනවා.(හේ)

:       0       0

ගයනී Friday, 26 February 2016 12:09 PM

දැන් ඔය වගේ බැලුන් කීයක් උඩ යවන්න හිතාගෙන ඉන්නවද?(හේ)

:       0       0

කමල් Friday, 26 February 2016 12:09 PM

ඔය බැලුමේ ආයූ කාලය දින 100ක්ද කොහෙද නේද?(හේ)

:       0       0

නලීන් Friday, 26 February 2016 12:09 PM

අපේ ළමයි ටික තමයි ඉවර වෙන්නේ ඔය වගේ දේවල් වලින්.(හේ)

:       0       0

අසිත Friday, 26 February 2016 12:01 PM

අනේ ඇත්තටම අපිට දැන් ඔය බැලුම විතරමයි අඩු (හේ)

:       0       0

කසුන් ඩී අල්විස් Friday, 26 February 2016 05:25 PM

සශික, දැනට දොම්පේ ග්‍රාමීය රෝහලේ ඖෂධ නිකුත් කිරීම පරිගණක ගත කරලා තියෙන්නේ. මේ කියන්නේ 2012 තත්ත්වය. අන්තර්ජාලය තුලින් ජාල ගත කලාම එක ඕනෙම තැනකින් පාවිච්චි කරන්න පුළුවන්. සුනිල් ගිකියනගේ, මේ සේවාව නොමිලේ ලබා දුන්නත්, සල්ලි ගෙවන්න වුනත් එකේ ගැටළුවක් නැ. මොකද අවශ්‍යතාවය තියන මනුස්සයා විතරයි සල්ලි ගෙවලා සේවාව භාවිත කරන්නේ. නොමිලේ දෙන සේවාවන් වලින් ඒ සමාගම් සල්ලි හොයන විදි තියෙනවා. ඒ තොරතුරු විකිණීමෙන්. උදාහරණයක් විදියට ෆේස්බුක් සල්ලි හොයන්නේ එහෙමයි. ඒ ගැන මේකේ ලියනවට වැඩා හොඳය ඔබ ඒ ගැන සොයා බලන්න. ඉගෙන ගන්න. කියවන්න. ලංකාව දකුණු ආසියවෙන්ම මුලින්ම අන්තර්ජාලය, ජංගම දුරකථනය හඳුන්වා දුන්න රට උනත්, තොරතුරු තාක්ෂණයේ ලොකු ප්‍රගතියක් ඇත කරගෙන නැහැ. (ඇතැම් සමාගම් වලට අමතරව) (ර)

:       0       0

ඉන්දු Friday, 26 February 2016 07:58 AM

ඇයි අර ගම්පොළට සාර්ථකව ගොඩ බෑපු බැලුමට මොකද උනේ..? ගන්න දෙයක් නැත්ද..? (ර)

:       0       0

සුසන්ත Friday, 26 February 2016 08:10 PM

අපි බලමු මේක කොහේටද කඩාවැටෙන්නේ කියලා (නි)

:       0       0

ශානක Friday, 26 February 2016 09:38 PM

නියම කතාව ඇසළ (නි)

:       0       0

විමල් වීරේ Saturday, 27 February 2016 02:22 AM

මේක විදේශ කුමන්ත්‍රණයක්. (නි)

:       0       0

සුනිල් Sunday, 28 February 2016 12:29 PM

ලංකාවේ මින්සුන්ට දැන් හැමදාම උඩ බලාගෙන ඉන්න වේලා නේද අනේ (බ)

:       0       0

අමා Sunday, 28 February 2016 12:53 PM

බැලුම දිහා උඩ බලාගන ඉන්නකොට රටේ වෙන දේවල් නොපෙනෙන්නයි ඔය දේවල් කරන්නේ (නි)

:       0       0

ජයවික්‍රම Sunday, 28 February 2016 01:04 PM

ලංකාවේ අපි ඉතින් හැමදාම කරන්නෙ අනුන්ගේ බැලුන් උඩ අරිනවා බලන එකනෙ. ඒ මිනිස්සු බැලුන් යවලත් හම්බකරනවා. අපි උඩ බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

ජයවික්‍රම Sunday, 28 February 2016 01:12 PM

ලංකාවේ අපි ඉතිං හැමදාම කරන්නෙ අනුන්ගේ බැලුම් උඩ අරිනවා බලන එකනේ. (ම)

:       0       0

ඉන්දික Monday, 29 February 2016 03:31 AM

අපේ ඇමතිතුමා නම් කිව්වේ කලින් එක සාර්ථකව ගොඩ බැස්සුවා කියලා. එහෙනම් ඇයි තව එකක් එවන්නේ? (නි)

:       0       0

ඉන්දික Monday, 29 February 2016 04:03 AM

අපේ ඇමතිතුමා නම් කිව්වේ කලින් එක සාර්ථකව ගොඩ බැස්සුවා කියලා. එහෙනම් ඇයි තව එකක් එවන්නේ? (ර)

:       0       0

ලලිත් Tuesday, 01 March 2016 03:29 PM

මුළු ලෝකයම ගූගල් මැප් පාවිච්චි කරන්නේ නොමිලයේ. වහලුන් බලා ඉන්නේ හැමදේම වරදිනතුරු හිනාවෙන්න (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 02 March 2016 12:28 AM

ඉන්දික, අපි මේ ලියන ඒවා දේශපාලඥයෝ කියවනවා නම්...? (නි)

:       0       0

ලලිත් Wednesday, 24 February 2016 09:20 PM

ඒක කොයි පළාතටද ක්‍රමානුකුලව තාක්ෂණානුකූලව බස්සන්න හිතාගෙන ඉන්නේ? (නි)

:       0       0

සිතුම් Tuesday, 23 February 2016 03:27 PM

හොඳ වැඩක් සාර්ථක වූවොත්.(හේ)

:       0       0

සමන්ත Tuesday, 23 February 2016 03:35 PM

මෙය තනිකරම අපේ රටේ තොරතුරු හොරෙන් ගන්න ගහපු ගැටයක්. (හේ)

:       0       0

අයි කේ එස් චන්ද්‍රසිරි Wednesday, 24 February 2016 05:41 AM

ඒක වැටෙන්නේ මහියංගනයට? (ර)

:       0       0

සුනිල් ගීකියනගේ Wednesday, 24 February 2016 07:23 AM

මත්වතුර දුන්නේ නිකන්. පොහොර දුන්නෙත් නිකන් ඒවාට පුරුදු වුනාම දැන් සල්ලි මදි ඒවාට වියදම් කරන්න. ගූගල් සමාගම අපිට නොමිලේ ඉන්ටර්නෙට් දෙන්නේ ඇයි. සංඥා ග්‍ර‍හනය කරගැනීමට මොකක් හරි උපකරණයක් දාහස් ගාණක් දීලා ගන්න වෙයිද. එහෙම නැත්නම් අවුරුද්දකින් විතර අනෙක් සමාගම් වැහිලා ගියොත් ඊට පස්සේ විශාල ගානක් ගෙවන්න වෙයිද. මොකක් හරි ගිවිසුමක් තිබුණා නම් හොද නැද්ද නිකන් දෙන හැම දේම ගන්න පෙර (බ)

:       0       0

සුනිල් ගීකියනගේ Wednesday, 24 February 2016 07:31 AM

මත්වතුර දුන්නේ නිකන්. පොහොර දුන්නෙත් නිකන් ඒවාට පුරුදු වුනාම දැන් සල්ලි මදි ඒවාට වියදම් කරන්න. ගූගල් සමාගම අපිට නොමිලේ ඉන්ටර්නෙට් දෙන්නේ ඇයි. සංඥා ග්‍ර‍නය කරගැනීමට මොකක් හරි උපකරණයක් දාහස් ගාණක් දීලා ගන්න වෙයිද. එහෙම නැත්නම් අවුරුද්දකින් විතර අනෙක් සමාගම් වැහිලා ගියොත් ඊට පස්සේ විශාල ගානක් ගෙවන්න වෙයිද. මොකක් හරි ගිවිසුමක් තිබුණා නම් හොද නැද්ද නිකන් දෙන හැම දේම ගන්න පෙර (බ)

:       0       0

සමන්ත Wednesday, 24 February 2016 10:50 AM

මෙම බැලූන් වලට අමුණා ඇති උපකරණ මගින් 4ජී එල්ටීඊ නමැති අධිවේග රැහැන් රහිත දත්ත හුවමාරු කරන තාක්ෂණය හරහා සීමිත පිරිසකට අනතර්ජාල සේවා සැපයිය හැක. ලංකාවේ සාමාන්‍ය ජනතාවගෙන් කී දෙනෙකුට 4ජී තාක්ෂණය සහිත ජංගම උපකරණ තිබේද? එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම සඳහා පොරබදන ලාංකීය පොදු ජනතාවට මෙයින් ලැබෙන්නේ මොනවාද? මෙය ඔවුන්ගේ මූලික ප්‍රශ්න විසඳීමක්ද? (නි)

:       0       0

නිශාන්ත Wednesday, 24 February 2016 10:47 AM

පරීක්ෂාව සාර්ථක වේවා! (නි)

:       0       0

සමන්ත Wednesday, 24 February 2016 10:48 AM

පරීක්ෂණයක් (බ)

:       0       0

ඇසළ Wednesday, 24 February 2016 11:26 AM

මේ පාර කඩාගෙන වැටෙන්නේ දියවන්නාවට, කියන බොරු වලට සහ ඉටුකරන්න බැරි පොරොන්දු වලට. (නි)

:       0       0

සුනිල් ගිකියනගේ Wednesday, 24 February 2016 04:56 PM

මත්වතුර පොහොර මුලින් දුන්නේ නෙමිලෙ. පස්සසේ අපිට ඒවා නැතුව බැරිවුනා. නොමිලේ දෙනවා කිවුවාට සංඥා ග්‍ර‍හනය කරගන්න ගුගල් සමාගෙමේ උපකරණයක් ගන්න වෙයිද. අනෙක අවුරුද්දකින් විතර අධික මුදලක් අය කරයිද. ඇරඹිමට පෙර කොන්දේසි ඇතුළත් ගිවිසුමක් ඇති කරගත්තොත් නරක ද නොමිලේ දෙන පලියට ගැනීම නුවනට හුරුද (අ)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 February 2016 08:28 PM

නොමිලේම හැමදෙයක්ම කරගන්න බැහැ. යම්කිසි දෙයක වටිනාකමක් නැතිකොට එහි අගයක්ද නැත (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 24 February 2016 08:31 PM

පහුගියදාක තේ වත්තකට ගොඩබැස්සවූ "ගූගල් ලුන් 1", අපේ රටේ අන්තර්ජාල සංඥා නොමැතිවීම ආදී ගැටළුවලට දුන් ප්‍රතිචාර මොනවාද කියා මහජනයාට දැන්වුවොත් නරකද? (නි)

:       0       0

වික්‍රම් Tuesday, 23 February 2016 03:35 PM

බලන් ඉදිමු කුමක්ද සිදු වන්නේ කියා.(හේ)

:       0       0

අමිල සිංග Thursday, 25 February 2016 03:52 AM

ගිනි පෙලෙල්ලෙන් බැට කෑව මනුස්සය කනාමැදිරි එළියටත් බයයි කියනවනේ. ලංකාවේ අපි හැමදෙයක් ගැනම බලන්නේ එහෙමයි. ඉතින් අපි හැමදාමත් එකම තැන. (ම)

:       0       0

ලලිත් Thursday, 25 February 2016 03:52 AM

සමන්ත ඔය ඔය විදියට ලියන්නේ ඔයත් අන්තර් ජාලය සංගීතය ඇසීමටත් ෆේස්බුක් නැරඹීමටත් පමණක් පාවිච්චි කරන නිසා වෙන්න ඇති. අන්තර්ජාලය ගමට පැමිණීමෙන් ගම නගරයක් වන බව මතක තබා ගන්න. ලක් පොළොවට පය නොතබා විදෙස් රටක සිට ලක්බිමේ ව්‍යාපාර කටයුතු මෙහෙයවනවිමට මෙන්ම ලංකාවේ ඕනෑම අස්සක් මුල්ලක සිට ලෝකය හා සම්බන්ධවී සේවාවන්, වෙළඳාම්, අධ්‍යාපනය මෙන්ම වෛද්‍ය උපදෙස් පවා ලබාගැනීමට මින් හැකිවෙන බව නොදන්නවා ඇති. එක විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ සේවය ග්‍රාමීය රෝහල් ගණනාවකට ලබාගැනීමට මෙම පහසුකම ඉවහල් වෙනවා. අද නගරයට හෝ රජයේ ආයතනවලට ගොස් රස්තියාදුවන බොහොමයක් සේවාවන් නිවසේ සිටම කරගැනීමට හැකි වෙනවා. (බ)

:       0       0

තිස්ස ජයසිංහ Thursday, 25 February 2016 05:16 AM

අපිට උවමනායි නිවැරදි වාර්තාවක්. ඒ වගේම හරීන් ඇමැතිවරයා මේ බැලුනයේ යා යුතුයි (බ)

:       0       0

කපිල Thursday, 25 February 2016 07:37 AM

ලලිත්, ඔබගේ අදහස ඉතා වටිනවා. නමුත් ළිං මැඩියන්ට එයින් පිටත ලෝකය ගෑන විස්තර කරන්න උත්සාහ කිරීමෙන් කිසිදු පලක් නොමැත. මෙතන අදහස් දාන ගොඩක් අය හිතාගෙන ඉන්නෙ ඉන්ටනෙට් තියෙන්නෙ මල් කඩන්නයි, වෙන වෙන දේවල් බලන්නයි, ෆේස් බුක් වලටයි විතරයි කියලා. (නි)

:       0       0

අමල් Thursday, 25 February 2016 07:46 AM

සැමට අන්තර්ජාලය. (ර)

:       0       0

කපිල ඩුබායි Thursday, 25 February 2016 07:46 AM

ලලිත්, ඔබගේ කොමෙන්ට් එක ඉතා වටිනවා. නමුත් ,ලින් මෑඩියන්ට , එයින් පිටත ලෝකය ගෑන විස්තර කරන්න උත්සාහ කිරීමෙන් කිසිදු පලක් නොමෑත. මෙතන කොමෙන්ට දාන ගොඩක් හිතාගෙන ඉන්නෙ ඉන්ටනෙට් තීයෙන්නෙ මල් කඩන්නයි, නිල් වීඩියෝ බලන්නයි, ෆේස් බුක් වලටයි විතරයි කියලා. (ර)

:       0       0

සශික Thursday, 25 February 2016 11:20 AM

එත් ලලිත් තියන ප්‍රශ්නය තමයි , ග්‍රාමීය රෝහල් වල තියා ජාතික රෝහල් වලවත් පරිගණක පහසුකම නොතිබෙන එක , තාම රෝගීන් ඇතුලත් කරන්නෙත් පොත් වල ලියලියා තුන්ඩු ක්‍රමයට. පුද්ගලික අංශය සම්බන්ධව නම් ඒක හරි. (ර)

:       0       0

බමුණු ආරච්චි Friday, 26 February 2016 12:28 AM

එහෙනම් ඉන්දියානුවන් ඉක්ටා යටතේ දැන්මම ලංකාවේ වැඩ පටන්ගෙනද? ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විද්‍යායතනය රජයේ ආයතනයක්ද? (නි)

:       0       0

ඇසළ Friday, 26 February 2016 03:42 AM

කපිල ඩුබායි තිලක් ඩුබායි ගේ මල්ලි වගේ. ලංකාවට ඇවිත් බලනවා තියන සංවර්ධනේ දැන් දෝරේ ගලනවා.. පහුගිය කාලේ වගේ නෙමෙයි දැන් රට තිරසාර ආර්ථිකයකට කළුගල් වලින් අත්තිවාරම දානවා අවුරුදු එකහා මාරක් තිස්සේ. අාපු දාට බිත්ති බැද ගන්න පුළුවන්. (භ)

:       0       0

ලලිත් Friday, 26 February 2016 04:26 AM

සශික, පරිඝනකයක් තිබු පමණින් එකෙන් ඔය කියූ දේවල් කරන්නට බැහැ. ඒ සඳහා පරිඝනක ජාලයක් තිබිය යුතුයි. විදේශීය රටවල එම සේවාවන් සඳහා දැනටමත් දත්ත ජාලයන් පිහිටුවා තිබෙන නමුත් ලංකාවේ එම දත්ත සහ තොරතුරු ජාලයන් ඇත්තේ ප්‍රාරම්භක අවදියෙයි. නිවසේ ඇති පරිඝනකයෙන්, ටැබලේට් එකෙන් හෝ දුරකතනයේ දත්ත පහසුකම් මගින් එම ජාලය හා සම්බන්ධ වීමෙනුයි ඔබ ඒ සේවාවන් ලබා ගන්නේ. මෙය එක දිනකින් කළහැකි කටයුත්තක් නොවෙයි. එහි මුලික අඩිතාලම තමයි රටපුර අධිවේගී අන්තර්ජාල පහසුකම් තිබීම. වැඩිකල් නොගොස් ජාතික දත්ත ජාලයකට සැම ග්‍රාමීය රෝහලකම රෝගීන් ඇතුළුවීම සටහන් තබන. (ර)

:       0       0

ලලිත් Friday, 26 February 2016 04:26 AM

සශික, පරිගණකයක් තිබු පමණින් එ්කෙන් ඔය කියූ දේවල් කරන්නට බැහැ. ඒ සඳහා පරිගණක ජාලයක් තිබිය යුතුයි. විදේශීය රටවල එම සේවාවන් සඳහා දැනටමත් දත්ත ජාලයන් පිහිටුවා තිබෙන නමුත් ලංකාවේ එම දත්ත සහ තොරතුරු ජාලයන් ඇත්තේ ප්‍රාරම්භක අවදියෙයි. නිවසේ ඇති පරිගණනකයෙන් අන්තර්ජාලයේ ඇති ප්‍රයෝජනවත් දේ ගැන ජාතික සංවාදයකට මුල පිරිම ලංකාදීප පුවත්පතට කළහැකි මහඟු සමාජ සත්කාරයක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site