තායිලන්තයේ 5ජී (5G) තාක්ෂණය සහ ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා එරට අග්‍රාමාත්‍ය ප්‍රායුත් චාන් ඕ චා ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ස්ථාපිත කර ඇත.
සාමාජිකයන් 26 දෙනකුගෙන් සමන්විත මෙම කමිටුව ‘ජාතික ජී (5G) තාක්ෂණ කමිටුව’ ලෙස නම් කර ඇති අතර භාවිතයට නොගැනුණු සංඛ්‍යාත නැවත ලබාගැනීමට සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කෙරේ.
වන්දි ගෙවීම වෙනුවට ජාතික විකාශන සහ විදුලි සංදේශ කොමිසම අදාළ සංඛ්‍යාත නැවත ලබා ගැනීමට පියවර ගන්නා අතර5ජී (5G) තාක්ෂණ සංවර්ධනය සඳාහා සහාය දීමත් අදාළ ආයතන අතර සහයෝගීතාව වැඩි කිරීම සම්බන්ධයෙනුත් මෙම කමිටුව අවාධනය යොමු කරනු ඇත.
තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන් වන සොම්කිද් ජටුශ්‍රීපිටාක්, ප්‍රාවිත් වොන්ග්සුවෝන් සහ විසානු ක්‍රියාන්ගම් මෙම කමිටුවේ නියෝජ්‍ය සභාපතිවරු ලෙස කටයුතු කරති. මුදල්, සංචාරක සහ අධ්‍යාපන යන විෂය භාර අමාත්‍යවරුද මෙම කමිටුවේ සාමාජිකත්වය දරති.
ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා කමිටුවේ නිත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර සමාජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා කමිටුවේ අධ්‍යක්ෂ සහ කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරයි.
තායිලන්තය තුළ 5ජී (5G) තාක්ෂණය සංවර්ධනය කිරීම හා ප්‍රවර්ධනය කිරීම, ආර්ථිකය සඳහා 5ජී (5G) තාක්ෂණය උපරිමයෙන් භාවිත කිරීම, පාරිභෝගිකයන්ට උපරිම සේවාවක් සහ ප්‍රතිලාභ සැපයීම සම්බන්ධයෙන් සැලැසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණු වී ඇත.
රට 5ජී (5G) තාක්ෂණයට අනුගත කරමින් එය භාවිතයට ගැනීම ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා මෙම කමිටුව මාර්ග සැලැස්මක් ද සකස් කරනු ඇත. ඒ සඳහා අවශ්‍ය කෙරෙන ප්‍රධාන අමාත්‍යාංශයවල නියෝජිතයන් සම්බන්ධ කරගන්නා බව ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික විකාශන සහ විදුලි සංදේශ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් තාකෝන් ටන්ටාසිත් පැවැසීය.
‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තියත් සමඟ තායිලන්තයේ ප්‍රධාන දුරකතන සන්නිවේදන සමාගම් 5ජී (5G) තාක්ෂණය භාවිතයට ගැනීම වැඩි කළ අතර පහසුකම් හා සේවා ද වැඩිදියුණු කළේය. වයිරසයට එරෙහිව කරන සටන ශක්තිමත් කිරීමටත් ඊට සහාය දීමක් ලෙසත් රටේ ප්‍රධාන දුරකතන සමාගම් 5ජී (5G) ජාල රෝහල්වල ස්ථාපිත කරමින් වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය කාර්යමණ්ඩලවලට පහසුකම් සැපයීය ය.
රෝහල්වලට 5ජී (5G) තාක්ෂණය සැපයීම සඳහාත් කෘත්‍රීම බුද්ධියේ සහාය ඇතිව විසඳුම් සැපයීමේ ක්‍රියාවලිය සඳහාත් තායිලන්තය හුවාවි සමාගම සමඟ අත්වැල් බැඳගෙන සිටී. අධිවේගි ජාලයක් තුළින් පහසුකම් සැපයීම මෙහි අරමුණ වී ඇත.
කොරෝනා වසංගතයට එරෙහිව සටනේදී 5ජී (5G) තාක්ෂණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර වසංගතයෙන් පසුව ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේදී ද 5ජී (5G) තාක්ෂණය ‘‘ප්‍රාණ නාලිය’’ වශයෙන් කටයුතු කරනු ඇත. වසංගතයෙන් පසුව ආර්ථික කටයුතු නවැත ආරම්භ කිරීමේදීත් 5ජී (5G) තාක්ෂණය ඩිජිටල් තාක්ෂණයටත් තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රවලටත් විශාල තල්ලුවක් ද ලබාදෙනු ඇත.
(055)
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තායිලන්තය 5 ජී සංවර්ධනයට අත ගසයි
lalith Sunday, 31 May 2020 04:57 PM
අපිත් ඉක්මන් කරලා මේ 5G තාක්ෂනේ රටපුරා සවිකරනවා නම් රටට විශාල ඉදිරි පිම්මක් පනින්න පුළුවනි. ඔන්ලයින් අධ්‍යාපනය මගින් දක්ෂ ගුරුවරුන්ගේ සේවය එකවිට සියලු පාසල්වලට ලබාදීම, දුරස්ථ වෛද්‍ය විශේෂඥයින්ගේ සහාය රටපුරා රෝහල්වලට ලබා ගැනීම මගින් වෛද්‍ය විශේෂඥ හිඟය මගහරවා ගැනීම... රටපුරා මුදල් අයකැමි යන්ත්‍ර හරහා පාරිභෝගික බදු එවෙලේම අදායම් බදුවලට බැරකර ගැනීමේ හැකියාව, අධිවේගීව විදේශ රටවල් සඳහා දුරස්ථ සේවාවන් සැපයීම වැනි මෙකී නොකී අවස්ථා එමටයි. ඔන්න මෙවැනි දෙයකට නම් චීනෙන් හිනි පොලියට හරි ණය ලබාගත්තට කමක් නැහැ.
ranaTuesday, 02 June 2020 06:34 AM
පරණ යන්ත්‍ර වැඩිමිලට ගැනීම නිසා ICTA ලොක්කා ඉල්ලා අස්වේ.. ඔබ මේ මක්කද දොඩන්නේ ! නවීකරණය හා අපේ කොමිස් කාක්කෝ එළවා දැමුවේ නැත්නම් අපිට සහ රටට අබ සරණ තමා...
Nalaka Sunday, 31 May 2020 05:39 PM
5G සහ කොරෝනා අතර සම්බන්ධය සොයන්න...
NuwanTuesday, 09 June 2020 08:34 AM
(5G) තාක්ෂණය තුල එය 60GHZ වලට ටියුන් කල විට ඔක්සිජන් මොලිකියුල්ස් වල ඉලෙක්ට්‍රොන ගමනට බාධා ඇතිකරනවා. ඒ විට අප ගන්න හුස්මේ ඇති ඔක්සිජන් පෙනහල්ලේදී ලේ වල හිමොග්ලොබීන් වලට උරා ගැනීමට නොහැකි වෙනවා. එයට කියන්නේ ඔක්සිජන් ඩීප්රවේෂන් කියලා.. මේ සම්බන්ධය ඔප්පුවෙලා ඉවරයි.. නමුත් වෙළඳ වාසි තකා ලෝක නායකයන් ඇතුළු බලවත් ආයතන මෙය යටගහනවා. චීනයේ වූහාන් මුලින්ම විශාල ලෙස 5ජී පටන් ගත් තැනක්, බොරු නම් බලන්න ලන්ඩන් වල මිනිස්සු 5 ජී ටවර් 5ක් ගිනි තිබ්බා.