X Advertisement
IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


තිලංග ජාත්‍යන්තර ආර්ථික සමුළු දෙකක් අමතයි

ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් හා කීර්තියක් අත්කර දෙමින්, නොබෙල් ත්‍යාගලාභීන් පවා සහභාගි වූ අතිශය වැදගත් මූල්‍ය කටයුතු පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ඇමැතීමේ භාග්‍යය හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාට  හිමිවී ඇති අතර තවත් එවැනිම ප්‍රමුඛ පෙළේ ශාස්ත්‍රීය හා සංස්කෘතික ක්‍රියාකාරකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ඇමැතීමට ද ඔහුට ඇරයුම් ලැබී තිබේ.

තිලංග  සුමතිපාල මහතා ඇමැතූ චීනයේ  ‘ෆයිනෑන්සල් ස්ට්‍රීම් ෆෝරම්’ (Financial street forum): හි වාර්ෂික සමුළුවේ තේමාව වූයේ ‘ආර්ථික පුනර්ජීවනය සහ මූල්‍ය මෙහෙවර’ යන්නය. තෙදින සමුළුවක් වූ එය ඔක්තෝබර් 20දා සිට 22 දින  දක්වා බෙයිජිං නුවර දී පැවැත් වේ. චීනය සහ ශ්‍රී ලංකාව අතර වර්තමානයේ පවතින පුළුල් ආර්ථික හා මූල්‍ය සබඳතා සන්දර්භය තූළ මෙම සමුළුව ඇමැතීමට ශ්‍රී ලාංකිකයකුට අවස්ථාවක් ලැබීම සුවිශේෂී වැදගත්කමක් ගනී.

චීනයේ  මූල්‍ය ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ප්‍රතිපත්ති නිවේදනය කිරීමේ මෙන්ම මූල්‍ය ව්‍යාපාරයේ අන්තර්ජාතික හුවමාරු පහසුකම් සැලසීමේ හා සහයෝගිතාවේ නිල වේදිකාව වන්නේ ද ‘ෆයිනෑන්ෂල් ස්ටීට් ෆෝරම්’ය. එය එරට තුළ මෙන්ම විදේශීය මූල්‍ය අංශවල ද මහත් ගෞරවයට පාත්‍ර වූවකි.

සමුළුව එහි පූර්ණ සැසිවාරයට සමගාමීව ‘ප්‍රතිපත්ති සංවර්ධනය (සංවර්ධනය යළි ලබා ගැනීම) හා මූල්‍ය වගකීම’, ‘මූල්‍ය සේවා හා සමායෝජිත සංවර්ධනය’, ‘ද්වි මාර්ගික වාසිදායක සමාරම්භය හා මූල්‍ය සහයෝගිතාව’ සහ ‘මූල්‍ය තාක්ෂණය හා නිර්මාණාත්මක සංවර්ධනය’ යනුවෙන් නම් කළ තවත් සංසද හතරකින් ද සමන්විත විය.

තිලංග සුමතිපාල මහතා මෙහිදී “තීරුව හා මාවත ඇරැඹුම’’ ආර්ථික පුනර්ජීවනය හා හරිත සංවර්ධනය” යන මැයෙන් සිය දේශනය පැවැත්වූ අතර පූර්ණ සමුළුවට ද, ‘ද්වි මාර්ගික වාසිදායක සමාරම්භය හා මූල්‍ය සහයෝගිතාව’ යන සමගාමී සංසදයේ විද්වත් සාකච්ඡාවට ද සහභාගි විය.

ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ප්‍රධානීන්, ජාත්‍යන්තර කීර්තියට පත් ආර්ථික විද්‍යා විශේෂඥයන්, විදේශ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ තවත් විද්වතුන් සහභාගි වූ මෙම සමුළුව අමතා චීනයේ ජාත්‍යන්තර ආර්ථික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් යිංමිං යැං, මූල්‍ය සංවර්ධනය සඳහා වන බහු පාර්ශ්වීය සහයෝගිතා කේන්ද්‍රයේ මූල්‍ය පහසුකම් සැලසීමේ ලේකම් කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරි ෂොන්ජිං වැං, කොරියාවේ ජාත්‍යන්තර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ සභාපති ආචාර්ය අයි. අයි. හොංග් ලී, කීර්තිමත් ඉන්දීය ආර්ථික විශේෂඥයකු වන එසේම පහළොස්වැනි මුදල් කොමිසමේ (2017-2020) සාමාජිකයකු වූද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ බටහිර අර්ධ ගෝලීය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ හා කළමනාකරණ අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයෙහි විශේෂ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස ද සේවය කළ අනූප් සිං යන මහත්වරු ද සමුළුව ඇමැතූහ.

සංස්කෘතික උරුමයන් සහ ශිෂ්ටාචාර අතර අන්‍යොන්‍ය අවබෝධය උදෙසා තිලංග සුමතිපාල මහතා දක්වන සහායට කෘතඥතාව පළකරමින් ලබන 29 වැනි දින චීනයේ පීකිං විශ්වවිද්‍යාලයේ  විදේශ හුවමාරු මධ්‍යස්ථානයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව ඇමැතීමට ඔහුට ආරාධනා කොට ඇත්තේ ජාත්‍යන්තර කොන්ෆියුෂන් සංගමය (ICA) විසිනි.

“ආසියානු ශිෂ්ටාචාර අතර අන්‍යොන්‍ය අවබෝධය වැඩි දියුණු කිරීම: ආසියාවේ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වේ.

සමුළුවෙහි අරමුණ වන්නේ ආසියානු ශිෂ්ටාචාර අතර අන්‍යොන්‍ය හැදෑරීම හා ඉගෙනීම සඳහා රාජ්‍ය නොවන ශාස්ත්‍රීය හා සංස්කෘතික හුවමාරු වේදිකාවක් ගොඩනැංවීමය. එමඟින් සුසංගත ප්‍රගමනයක් හා සහයෝගිතාවක් ආසියානු රටවල් අතර ඇති කිරීමය.
සිතුම් පැතුම්වල එම අන්‍යොන්‍ය අවබෝධය තුළින් විෂමතා සමනය කිරීම ද, ආසියානු ශිෂ්ටාචාර අතර පොදු එකඟතාවන් හා සංවර්ධනය හුවමාරු කර ගැනීම ද සමුළුවේ අපේක්ෂාවයි. චීනය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුවට ද, පොදුවේ සංස්කෘතික, අධ්‍යාපනික, ආර්ථික සහ වෙනත් ක්ෂේත්‍රවල අත්දැකීම් බෙදාහදා ගැනීමෙන් ආසියානු ශිෂ්ටාචාරවලට සුවිශේෂ දායකත්වයක්ද තිලංග පිරිනමා ඇතැයි අදාළ දේශනය සඳහා ඇරයුම් කරමින් සමුළු සංවිධායකයන් සඳහන් කර ඇත.

‘කොන්ෆියුසස් ධර්මය සහ පොදු එකඟතාවන්හි වටිනාකම්’, සංස්කෘතික හුවමාරු හා අන්‍යොන්‍ය ඉගැනීම් සහ ‘ආසියාවේ අනාගතය සහ යෞවනයෝ’ යන මාතෘකා යටතේ සමුළුවේදී විද්වත් මණ්ඩල සාකච්ඡා සැසිවාර තුනක් ද පැවැත්වෙයි.



අදහස් (9)

තිලංග ජාත්‍යන්තර ආර්ථික සමුළු දෙකක් අමතයි

Royfedricks Saturday, 23 October 2021 04:13 AM

ඔතනට ගිහින් උම්බෑ කිව්වොත් එහෙම. සුදුසුකම් නැත්තෙමත් නැහැ. අර ක්‍රිකට් මණ්ඩලයෙන් හොඳට සල්ලි හම්බ කළානේ...

:       2       4

sachith Saturday, 23 October 2021 09:44 AM

ජොකියෙක්ව ගෙනත් සම්මන්ත්‍රණවල කතාකරන්න දෙනවා කියන්නේ, ඔය සම්මන්ත්‍රණත් හරියට නාඩගම් මඩුවක් වගේද දන්නේ නැහැ.

:       1       10

kamal Saturday, 23 October 2021 12:22 PM

කතාව දෝලාවෙන්... ගමන හොම්බෙන්...

:       0       8

Wakkumbura Saturday, 23 October 2021 12:55 PM

මෙයා අවංක ආර්ථික ඔස්තාර් කෙනෙක්... රටටම ආඩම්බරයක්...

:       6       4

Royfedricks Sunday, 24 October 2021 04:51 AM

මේ මේ උන්නැහේ ඔය කව්රුවත් ලියල දුන්න කතාවක් කොලේ බලාගෙන කියවන්න කාටද බැරි. ඒක නෙවෙයි කතාව අවසානයේ ප්‍රස්න අහන අවස්තාවෙදි කියන්න මට උගුරේ අමාරුවක් තව දුරටත් කතාකරන්න බැහැ කියලා.

:       0       3

fairoos Sunday, 24 October 2021 02:00 PM

මේ ඉන්නේ නියම වැඩ්ඩෙක්... මෙයාට දෙමු මහබැංකුව සුද්ද කරන්න...

:       1       3

මත්තුමගල රුවන් Sunday, 24 October 2021 05:41 PM

මෙයාගේ රේස් බුකි "ලෙෂර් ස්පෝට්ස්". අහිංසක දරු පවුල් මහ පාරට ඇද දමදමා වැඩේ ලස්සනට කරගෙන යනවා.

:       1       5

Royfedricks Monday, 25 October 2021 04:56 PM

ඒ ඔබ අමතා කතා කලේ හිටපු පත්කල මන්ත්‍රී, සිරිසේනගේ හිටපු ආරක්ෂක කමිටු සාමාජික, හිටපු නියෝජ්‍ය කතානායක, ක්‍රිකට් පාලක මන්ඩලයේ හිටපු සභාපති, අශ්ව ඔට්ටු ආචාරිය සුමතිපාල මහත්මයා. මීළඟ කතාව කැලනියේ හිටපු මන්ත්‍රී, හිටපු කම්කරු ඇමති ආචාරිය මර්වින් සිලවා මහතාගෙන්...

:       0       2

liyanage Wednesday, 27 October 2021 02:56 PM

මාල විශේෂඥ රෝහිත අබේගුනසේකර ට වරාය ඇමති වෙන්න හොඳ නම්, රක්ෂණ නියෝජිත අලුත්ගමගේට කෘෂිකර්ම ඇමති වෙන්න හොඳ නම්, උගත් පළපුරුදු ව්‍යාපාරික තිලංග මේ ජාත්‍යන්තර සමුළු ඇමතීමේ වරද මොකක්ද?

:       2       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site