X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


තෙල් ප්‍රවාහනයට දුම්රිය යොදාගැනීම අවධානයට

(විනීතා එම් ගමගේ)

බවුසර් වලින් ඉන්ධන බෙදාහැරීම වෙනුවට දුම්රියෙන් ඉන්ධන බෙදාහැරීම ලාභදායි වන බැවින් ඉදිරියේ දී ඉන්ධන බෙදාහැරීම දුම්රියෙන් සිදුකිරීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප‍්‍රකාශ කළේය. 

මේ සඳහා මූලික කටයුත්තක් වශයෙන් ඉන්ධන ගබඩා සංකීර්ණ පුළුල් කරමින් සිටින බව කී අමාත්‍යවරයා මේ වනවිට පේරාදෙණිය ඉන්ධන ගබඩා සංකීර්ණය පුළුල් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ද පැවැසීය.

සේවක වරප‍්‍රසාද අඩු නොකර වියදම් අඩු කිරීමෙන් ආයතන ලාභ ලබන තත්ත්වයකට ගෙන එන්නට හැකි බවත් වරාය ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී පවා තමන් එසේ කරමින් ලාභ පෙන්වූ බවත් කී අමාත්‍යවරයා වරායෙන් වසර දෙකක් ඇතුළත බිලියන 11 ක ලාභ පෙන්වූයේ ද ඒ අයුරින් නාස්ති වළක්වා ගැනීමෙන් බවත් සඳහන් කළේය. 

අනවශ්‍ය වියදම් ඇති කරන්නේ ඉහළින් මිස පහළ සේවකයින් විසින් නොවන බවට වන යථාර්ථය තමන් වටහා ගෙන සිටින බැවින් සභාපතිවරයාගේ සිට පවතින අනවශ්‍ය වියදම් කපා හැරීමට කටයුතු කරන බව ද රණතුංග මහතා පැවැසීය. 
  
 



අදහස් (7)

තෙල් ප්‍රවාහනයට දුම්රිය යොදාගැනීම අවධානයට

කමිල සංජීව Monday, 25 September 2017 10:21 AM

රට පුරා ඇති දුම්රිය මාර්ග පද්ධතිය තුල දුම්රිය ගමන් කරන්නේ කොයි තරම් සුළු ප්‍රමාණයක් ද? අනෙක් අතට තෙල් බවුසර් ගමනාගමනය අඩු කරන්න පුළුවන් නම් මාර්ග තදබදය ට සහ අනතුරු අඩු කර ගැනීමට ලොකු උදව්වක්... ඇත්තටම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

:       60       240

vipula Monday, 25 September 2017 10:58 AM

ලංකාවනේ, දෙයක් කරන්න හුඟක් අමාරුයි. කකුලෙන් අදින අය වැඩිම රට අපේ රටයි

:       31       152

shan saudi Monday, 25 September 2017 02:28 PM

රණතුංග මහත්තයෝ තෙල් විතරක් නෙවේ උතුරු ,උතුරු මැද, නැගෙනහිර, මෙන්ම වයභ දිසාව යන සියලු පළාත් වලට සියලුම භාණ්ඩ ප්‍රවාහනය සදහා දුම්රිය යොදා ගන්නේනම් ඉතාමත් හොදයි ලොරි කන්ටෙනේර් බවුසර් වැනි වාහන නිසා මගතොටේ ඇතිවන මාර්ග තදබදය මෙන්ම රිය අනතුරු විශාල සන්ක්යාවක් අඩුකර ගැනීමට පුළුවන් වනවා සේම මාර්ගස්ත දුම හා රජයට ලැබෙන භාණ්ඩ ප්‍රවාහන ආදායමද ඉහල යනවා මේවා පිටරට වල නම් කරනවා කෙලින්ම ලොරිය , කන්ටෙනේර් එක දුම්රියට තමා පටවල අදාල නගරයෙන් බාන්නෙ එවිට ඒ රථය ඒ නගරයේ විතරයි ධාවනය වෙන්නේ තෙල් වියදම හා පරිහරනයද පරිසර දුෂණයද අඩු වෙනවා අනෙක භාණ්ඩ හොරකම් තෙල් හොරකම් විශාල ලෙස අඩු කරගන්න පුළුවන්

:       0       158

CHULA EKANAYAKE, KUWAIT Monday, 25 September 2017 04:14 PM

අපි කුඩා කාලේ තෙල් බව්සර් තිබුනේ අඩුවෙන්. දුම්රිය පහසුකම් තුබුණු සියලුම තෙල් ගබඩාවලට තෙල් සැපියම කළේ දුම්රියෙන්. දුම්රිය ගැන කියන්න තියෙන්නේ " අපි තවම ඉන්නේ ගල් යුගයේ". සුද්දට පින් සිද්ද වෙන්න අපි තවම බුක්ති විඳින්නේ ඔවුන් හදල දීපු පාරවල් නිසයි.

:       1       95

athigaru Wednesday, 27 September 2017 05:18 AM

ඕවා කරන්න ඕනේ නැහැ. හිඟන්නන්ට සියයට 10ක මාසික බද්දක් ගහන්න. වැඩේ ඉවරයි.

:       80       18

විජිත් Wednesday, 27 September 2017 06:10 PM

මට මතකයි දැනට අවුරුදු 30 කට විතර කලින් ආචාර්ය ඒ.ඊ කුලසිංහ කිවුවා.." ශ්‍රී ලංකාව කියන්නේ කුඩා රටක්.. රටවටා දිවෙන දුම්රිය පද්ධතියකින් රටේ මුළු ප්‍රවාහන සේවයම සිදුකරන්න හැකියි .." කියලා.නමුත් අපේ රටේ නුගත් දේශපාලුවන්ට ඒ ගැන වැටහුනේ නැහැ එහෙම නැතිනම් නෑසුනාසේ හිටියා.

:       0       13

bandula Thursday, 26 October 2017 09:42 AM

දුම්රිය දෙපාර්තුමේන්තුව සේවකයින්ට දිරි දීමනා ගෙව්වොත් හොඳට වැඩේ කරාවි. නැත්නම් වර්ජන කලාම පිට පළාත් වල තෙල් වෙලාවට නොලැබෙන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site