(හර්ෂණ තුෂාර සිල්වා)
ජාත්‍යන්තර වෙළෙඳපොළේ තේ මිල ගණන් ඉහළ යෑම නිසා මේ වසරේ මුල් මාස නවයක කාලයේදී තේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,139.6ක් දක්වා වර්ධනය වී තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ තේ මිල ඉහළ ගණන් ඉහළ යෑමට අමතරව තේ අපනයන පරිමාව සුළු වශයෙන් වර්ධනය වීම තේ අපනයන ආදායම ඉහළ යෑමට මෙන්ම සමස්ත අපනයන පරිමාව ඉහළ යෑමට ද හේතු වූ බව සැප්තැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කරයි.
පසුගිය වසරේ මුල් මාස නවයක කාලයේදී ලැබූ එක්සත් ජනපද ඩොලර් මිලියන 950කට අපනයන ආදායමට සාපේක්ෂව මේ වසරේ මුල් මාස නවයක කාලයේදී තේ අපනයන ආදායම සියයට 20කින් වැඩි වී තිබේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පමණක් ලැබූ ඩොලර් මිලියන 114.9ක ආදායමට සාපේක්ෂව මේ වසරේ සැප්තැම්බර් මාසයේදී තේ අපනයන ආදායම සියයට 19.2ක වර්ධනයක් පෙන්නුම් කරමින් එක්සත් ජනපද ඩොලර් මිලියන 136.9ක ආදායමක් ලැබීමට සමත්ව තිබේ.
මේ අතර රුසියාව මෙරට තේ ඇතුළු වැවිලි නිෂ්පාදන අපනයනවලට පැනවූ තහනමෙන් තේ කර්මාන්යට විශාල බලපෑමක් වනු ඇතැයි කර්මාන්තයේ පිරිස් පවසති.
රුසියාව යනු මෙරට තේ වෙළෙඳපොළේ ප්‍රධාන අපනයන මධ්‍යස්ථානයකි. රුසියාව වාර්ෂිකව ශ්‍රී ලංකාවෙන් තේ කිලෝග්‍රෑම් මිලියන 30ත් 50ත් අතර ප්‍රමාණයක් ආනයනය කරයි. එය සමස්ත තේ අපනයනවලින් සියයට 12ත් 15ත් අතර ප්‍රතිශතයකි.
රුසියානු තේ වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ තේවලට හිමි ප්‍රතිශතය සියයට 23කි.
මේ වසරේ මුල් මාස දහයක කාලයේදී රුසියාව ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 436ක වටිනාකමින් යුත් තේ ටොන් 141,300ක් ආනයනය කළ බව රේගු වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තේ මිල ඉහළ යාමෙන් ආදායම වැඩිවෙයි
Perakum Saturday, 23 December 2017 07:57 AM
වැඩක් නෑ. ඒකෙ වාසිය ගන්නේ ආණ්ඩුව නේ. තේ කම්කරුවටත් කිසියම් සහනයක් දෙන්න ක්‍රමවේදයක් නැද්ද?
ukku banda Tuesday, 26 December 2017 06:09 PM
තේ වතුවල වැඩකරන කම්කරුවෝ තාමත් ජීවත් වන්නේ ලයින් කාමරවල පඩිය රුපියල් 700 යි. මිල වැඩිවෙලා ඇති පලේ මොකක්ද කම්කරුවෝ හැමදාම දුක්විඳිනවා
prabash Saturday, 30 December 2017 11:45 AM
කම්කරුවන් වහාම උසස් කර වැටුප රුපියල් 10000කින් වැඩි කරන්න. ලඟ එන ඡන්දය සඳහා සූදානම් වන්න...