(නිමල කොඩිතුවක්කු)
වැඩි විදෙස් විනිමය ප‍්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව තේ වගාව සදහා කාබනික පොහොර භාවිතය ප‍්‍රවර්ධනය කිරීමේ වැපිළිවෙළක් ආරම්භ කරන බව තේ අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
කුඩා තේ වතු සහ කුඩා රබර් වතු හිමියන්ට සහන සැලසීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.
මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට අද(01) එක් වෙමින් ඔහු මේ බව පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙසේ ද කීය.
‘‘සෞභාග්‍යයේ දැක්ම අනුව රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය ප‍්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව තේ කර්මාන්තය සදහා ද කාබනික පොහොර භාවිතය ප‍්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ වන විටත් ඇල්කඩුව වැවිලි සමාගම කාබනික පොහොර භාවිතයෙන් තේ වගාව ආරම්භ කර තිබෙනවා. කාබනික පොහොර භාවිතයෙන් ලැබෙන තේ නිෂ්පාදන ධාරිතාව රසායන පොහොර භාවිතයෙන් ලැබෙන තේ නිෂ්පාදන ධාරිතාවයට වඩා වැඩි බව ඇල්කඩුව වැවිලි සමාගමේ නිරීක්ෂණ මගින් අනාවරණය වුනා. මේ අනුව ඉදිරී කාලයේදී මුළුමනින්ම කාබනික පොහොර භාවිතයෙන් පමණක් තේ වගා කිරීමට සමාගම අපේක්ෂා කරනවා.
කාබනික පොහොර භාවිතයේදී නිෂ්පාදන පිරිවැය රසායන පොහොර භාවිතයේදී වැයවන පිරිවැයට වඩා සැලකිය යුතු මට්ටමකින් අඩු බව වැවිලි සමාගමේ නිරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා. රසයනික පොහොර භාවිතයෙන් නිශ්පදනය කරන තේ වලට වඩා කාබනික පොහොර භාවිතයෙන් නිෂ්පාදිත තේ වලට වැඩි ඉල්ලූමක් සහ වැඩි මිලක් දේශීය හා ජාත්යින්තර තේ වෙළේදපොළේ දී හිමි වනවා. ශ්‍රී ලාංකික තේ සදහා වැඩි විදෙස් විනිමය ප‍්‍රමාණයක් ලබා ගැනීම සදහා 100%ක කාබනික තේ වගාවක් සදහා යොමු විය යුතුයි.
කාබනික තේ අපනයනය සඳහා අවශ්‍ය වන දේශීය සහ ජාත්‍යන්තර සහතික ලබාගැනීමට අදාළ ක‍්‍රියාමාර්ග මේ වන විටත් ගෙන තිබෙනවා.
කුඩා තේ වතු සහ කුඩා රබර් වතු හිමියන්ට සහන සැලසීම සඳහා 2021අයවැයෙන් විශාල මුදල් ප‍්‍රමාණයක් වෙන්කර තිබෙනවා. එය පසුගිය වසර හා සැසදීමේදී සියයට සියයක වර්ධනයක්, රුපියල් බිලියන 04 කට ආසන්න මෙම මුදලින් කාලගුණික, දේශගුණික බලපෑම් වලින් තේ සහ රබර් වගාවන්ට සිදුවන හානිය වැලක්වීම සඳහා සහන ලබාදෙනවා. මේ යටතේ ජලසම්පාදන ක‍්‍රම ස්ථාපිත කිරීම සඳහා ආධාර ලබාදෙනවා” යැයිද අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තිලකරත්න බණ්ඩා, ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති සුමිත් ජයරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තේ වගාවට කාබනික පොහොර භාවිතය වැඩිකරන්න යයි
වසන්ත අල්විස් Friday, 18 June 2021 08:58 PM
ඇල්කඩුව වැවිලි සමාගම ඔවුන්ගේ වගාව සඳහා යොදන කාබනික පොහොරවල සංයුතිය යොදන අමුද්‍රව්‍ය පිළිබඳ සහ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව අප වෙත ලියා එවන්න ස්තුතියි...!!!