X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


දඹුල්ලේ එළවළු ගිනිගණන්


(සටහන සහ ඡායාරූප - දඹුල්ල කාංචන කුමාර ආරියදාස )

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු ලැබීම අඩුවීමත්  සමග එළවළු තොග සහ සිල්ලර මිල විශාල වශයෙන්  ඉහළගොස් ඇත.

විශේෂයෙන් දඹුල්ල වෙළඳපලට  කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු සියල්ල කිලෝවක් රුපියල් 150 ත් 220ත් තොග  මිලක් පවතින බැවින් එම මිලටවත්  වඩා වැඩි මිලක් සිල්ලර වෙළදපලේ පවතී .

25  දින වනවිට දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ එළවලු වර්ග කීපයක තොග මිල මෙසේය .

මිට සාපේක්ෂව සිල්ලර එළවළු මිල තොග මිලට වඩා දෙගුණයකින් ඉහලගොස් ඇති බව සිල්ලර වෙළදපොල ට ගොස් සොයාබැලීමේදී අනාවරණය විය .

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් කියා සිටින්නේ වෙනදා අක්කර දෙක තුන වගාකළ පිරිස අක්කර කාලට බාගෙක එළවළු වගාකර තිබෙන බවයි. එයට හේතුව වන්නේ නිෂ්පාදන වියදම විශාල වශයෙන් ඉහළයාම සහ රටේ පවතින වෙනස්වූ  කාලගුණික තත්වය බලපෑ බවය.

එළවළු වගාව අඩුවීම, නියඟය, ජලය වැඩිවීම, වගාවට අවශ්‍ය කෘෂි උපකරණ, බීජ පොහොර, තෙල් ආදී වෙළෙන්ඳන්ගේ හිතුමතේට අලෙවි කළද, කිසිදු බලධාරියකු ගේ අවධානයක් යොමු නොවී තිබීම නිසා මේ තත්වය උදා වී ඇති බවය .

එළවළු මිලදී ගැනීමට පැමිණි වෙළෙන්ඳන් කිවේ මුදල් දී රැගෙන යන එළවළු මිලදී ගන්නා පාරිභෝගිකයන් ඉතා සීමිත ප්‍රමාණයක් මිලදී ගන්නා බවත්, කිලෝවක් ගත්කෙනා ග්‍රෑම් 250ක් මිලදී ගන්නා බවය.

එමෙන්ම මේ දිනවල එළවළු මිලදී ගැනීමට එන වෙළෙන්ඳන්ගේ වැඩිවීමක් පැවතියද ලැබෙන එළවළු ප්‍රමාණය අඩුවීම මේ තත්වයට බලපා ඇති බවය.

මෙහිදී එක ගොවියකු අපට සිල්ලර වෙළද පළේදී හමුවිය .එම ගොවි මහතා වම්බටු ගෙනවිත් ආර්ථික මධ්‍යස්ථානයේ තබා කිලෝවක් රු 80 බැගින් විකුණා නිවසට යන අතර තුරදී සිල්ලර වෙළදපලකට ගොස් වම්බටු ග්‍රෑම් 500ක මිල විමසීය. එතැන ග්‍රෑම් 500 ක මිල රුපියල් 100ක් බව ගොවිමහතා පැවසීය.

 

 



අදහස් (6)

දඹුල්ලේ එළවළු ගිනිගණන්

Ad Sunday, 26 November 2017 01:43 PM

මම හිතන විදියට මේ තොරතුරු හරිම වටිනවා. මම යෝජනා කරනවා සේම සතියකම මිල තොරතුරු ප්‍රසිද්ධ කරන්න කියලා. එය හරිම ප්‍රයෝජනවත්. ලංකාවේ කොහෙවත් මිල තොරතුරු ගබඩාවක් නැත....

:       0       13

vidya Sunday, 26 November 2017 03:39 PM

ගිනිගණන් යන එක කොච්චර හොඳද ගොවියාට....

:       10       0

අමල් Monday, 27 November 2017 04:06 AM

ගොවියන්ට වඩා අතරමැදියන් මාර විදියට සල්ලි හම්බ කරන්නේ. මේ මිල ගණන් තීරණය කරන්නේ අතරමැදි වෙළෙන්දන්. ඔවුන්ට ඕන ගාන තමා කියන්නේ. කිසිම මිල සුත්‍රයක් නැහැ. මමත් සතියක් කොරටුවේ සිට දඹුල්ලේ එළවලු ගේනකල්ම වෙන දේවල් බැලුවා. කිලෝමීටර් 2ක් විතර බෝංචි කිලෝ 50 මිටි 3ක්ම බොහොම අමාරුවෙන් උස්සගෙන ඇවිල්ල පහුවදා පාන්දරම දඹුල්ලට ගෙනාවා. එත් කලින් දවසේ මිලට වඩා රු 50ක්ම අඩු වෙලා කිසිම හේතුවක් නැතුව. එත් පාරිබෝගිකයන්ට ලොකු මිලක් දීලා ගන්න වෙනවා. අතරමැදියන් මහන්සියෙන් තොරව මුදල් හොයනවා. මෙයට මුල සුත්‍රය තියෙන්නේ අතරමැදි කළු කඩ කාරයන්ගේ අතේ. විසදුමක් නැහැ මේකට.

:       0       87

Nandalal DE SILVA - France Monday, 27 November 2017 05:47 PM

ඒ වුනාට ඉන්දියාවෙන් අර්තාපල් ටොන් ගණන් ගෙන්නලා අඩු මිලකට අලෙවි කරන එක ගැන කවුරුවත් කට හොල්ලන්නෙ නැහැ ! මොකොද ශ්‍රී ලංකාවේ අල බහින්නේ නැද්ද ? දාඩිය මහන්සියෙන් වගා කරලා, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එන එළවලු ආදිය සඳහා සාධාරණ මිළක් නොලැබී සුසුම් හෙලන ගොවියන් ගැන රජය මීට වඩා සානුකම්පිතව බැලිය යුතු වෙන අතර අපේ රටේ වගා කරන්න පුළුවන් හැම දෙයක් සඳහාම විශාල ආනයන බදු ගහන්න.

:       0       65

Perera Wednesday, 29 November 2017 08:00 AM

දඹුල්ලේ විතරද එළවලු ගිනි ගණන්? හරියට අනිත් පළාත්වල බොහොම ලාබෙට එළවලු තියෙනවා වගේ.

:       0       20

Amani Monday, 23 May 2022 07:18 PM

අහිංසක මිනිස්සුන්ගේ ලේ, ඇට, මස්, නහර ටිකත් විකුණලා තමන් විතරක් රජවෙන්න හිතන් හූරගෙන කන ජාතිය.. මේවගේ කර්ම ගෙවන්න වෙද්දී තේරෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site