දෘෂ්‍යාබාධිත සංගීත ශිල්පීන් පස්දෙනෙකු ගෙන් යුත් " විෂන් " සංගීත කණ්ඩායමේ ඉදිරි සුබසාධක කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය කරන මූල්‍යමය ස්ථාවරය ශක්තිමත් කරවනු පිණිස සංවිධානය කෙරෙන " ගී නෙත් සත්සර වින්දනය " සංගීත ප්‍රසංගය සිකුරාදා (18) ඩුබායිහි රශීඩ් රෝහල් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
එදින " විෂන් " සංගීත කණ්ඩායම කීර්ති පැස්කුවෙල්, ඇනස්ලි මාලේවන සහ ලක්මිණි උඩවත්ත යන ගායක ගායිකාවෝ ගී ගයති.
එක්සත් අරාබි එමීරයේ ඩුබායි හි වෙසෙන ජෝර්ජ් හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ සමාජසේවා කටයුතු වලට උරදෙන ලාංකික පිරිසක් ප්‍රසංගය සංවිධානය කරයි.
සුමේධ, චන්දන, ලලිත්, චූලරත්න, සමග ප්‍රසන්න ගේ නායකත්වයෙන් යුතු විෂන් සංගීත කණ්ඩායම දෙනෙතින් ලොව සුන්දරත්වය දකින්නට වරම් නොලත් සහජ කුසලතා වලින් පිරිපුන් අතිදක්ෂ සංගීත කණ්ඩායමකි. ඔවුහු අප මව්බිමේ විවිධ දුෂ්කර පෙදෙස් නියෝජනය කරති. ඔවුන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් සියලුදෙනාම වාදනයට මෙන්ම ගායනයටද දක්ෂ ශිල්පීන් වීමයි. ඉන් එක් අයෙකු මව්බිම වෙනුවෙන් යුද බිමෙහිදී තම දෙනෙත් පුද කළ රණවිරුවෙකි. මෙම සංධ්වනිය තමන්ට හැකි අයුරින් අන් අයට අත නොපා ස්වකීය හැකියාවන්ගෙන් තම ජීවිකාව මෙහෙය වන බව එම කණ්ඩායම් නායක ප්‍රසන්න වික්‍රමසිංහ කියා සිටී.
ගායන හා වාදන දක්ෂතාවයෙන් හෙබි මෙම සංගීත කණ්ඩායම මහනුවර කේන්ද්‍ර කොටගත් කලායතනයක් බිහි කිරීමට ගැනීමට කලක් සිට වෑයම් කරන අතර දැනට වැඩනිමවෙමින් පවතින මෙම කලායතනයේ කටයුතු සහ ඉදිරි සුබසාධක සැලසුම් සඳහා මෙරට සංගීත ලෝලීන් මින්පෙර දැක්වූ ත්‍යාගශීලීබව සහ සහාය තම කණ්ඩායම ස්තුතිපුර්වකව අගය කරන බව උපාධිධාරී ගුරුවරයෙකු වන විෂන් සංගීත කණ්ඩායම් නායකයා කියා සිටියේය. විෂන් සංගීත කණ්ඩායම ගැන වැඩිදුර තොරතුරු [email protected] විද්‍යුත් තැපෑල හෝ 071-8072179 යන දුරකතන අංක අමතා ලබා ගත හැක.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දෙනෙත් අඳ ‘විෂන්‘ ඩුබායි යයි
ප්‍රියානි Thursday, 17 November 2016 08:38 PM
අපි මෙහෙම එකක් ගැන දන්නෙත් අදනේ!
සුනිල් Friday, 18 November 2016 02:34 AM
මෙයාලා හොඳ හැකියාවන් තියෙන අය. සුබ පැතුම්! (නි)
ජගත් Sunday, 20 November 2016 08:09 AM
අපගේ සුබ පැතුම්.(හේ)
ඩලස් Sunday, 20 November 2016 08:09 AM
මේ වැඩේ කරන්න ශක්තිය ලැබේවා.(හේ)
නිෂානි Sunday, 20 November 2016 08:09 AM
මේ වැඩේට උදව් කරපු හැම කෙනෙක්ටම නිරෝගී සුව ලැබේවා.(හේ)
ආසිරි Sunday, 20 November 2016 08:10 AM
හොඳ වැඩක්.(හේ)
නිෂානි Sunday, 20 November 2016 08:10 AM
මේ වැඩේට උදව් කරපු හැම කෙනෙක්ටම නිරෝගී සුව පතනවා. (හේ)
නිශානි Sunday, 20 November 2016 08:10 AM
මේ වැඩේට උදව් කරපු හැම කෙනෙක්ටම නිරෝගී සුව පතනවා. (බ)
නිෂානි Sunday, 20 November 2016 10:55 AM
මේ වැඩේට උදව් කරපු හැම කෙනෙක්ටම නිරෝගී සුව පතනවා. (හේ)
ජගත් Sunday, 20 November 2016 10:55 AM
මෙවන් තවත් වැඩකටයුතු කරන්න ශක්තිය ලැබේවා.(හේ)
ඉෂාන් Sunday, 20 November 2016 10:55 AM
හොද වැඩක්.(හේ)