ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කඳවුරු 111 ක සිටින හැටහත්දහසක් පමණ වන දෙමළ සරණාගතයින් අතරින් බහුතරය ඉන්දියාවේම නතරවී හෝ වෙනත් රටකට යෑමේ හෝ කැමැත්තෙන් සිටින බව ටාටා අධ්‍යාපන ආයතනයේ සමාජ විද්‍යා අංශය සිදු කර ඇති සමීක්ෂණයකින් අනාවරණයව තිබේ.
ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට කැමැත්ත පළ කර ඇත්තේ පවුල් 520 ක් පමණකි.
‘‘ඉන්දියාවේ ජීවත්වීමට ශ්‍රී ලංකා දෙමළ සරණාගතයින්ට ඇති ඉඩ‘‘මැයෙන් සිදුකෙරී ඇති සමීක්ෂණයෙන් යටිතල පහසුකම්, ජීවන වෘත්තියේ යෙදීමට ඇති පහසුකම් සහ ආරක්ෂාව යන නිර්නායකයන් යටතේ සරණාගතයින්ගේ මතයන් සැළකිල්ලට ගෙන ඇත.
ඉන්දියාවේම ජීවත්වීමට කැමති බහුතරය එරට සමාජ සුභසාධන වැඩසටහන් වලින් ආධාර ලබන්නන් වන අතර වෙනත් රටකට ජීවත් වන තම ඥාතීන් සිටින්නන් ඔවුන් වෙත යෑමට කැමැත්තෙන් සිටී.
ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කර ඇති පවුල් නැවත පදිංචි වීමට තෝරාගෙන ඇති ප්‍රදේශ අතරින් ඉහළම ස්ථානවල ඇත්තේ මන්නාරම හා වව්නියාවයි.
සමීක්ෂණය සම්බන්ධයෙන් උතුරු පළාත් මහ ඇමති සී.වී.විගනේෂ්වරන්ද අවධානය යොමුකර තිඛෙන අතර සරණාගතයින්ගේ සහජ දක්ෂතාවයන් හා හැකියාවන් පිළිඹඳවද සොයාබැලිය හැකි නම් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින්නවුන්ට වඩාත්ම සුදුසු රැකියා අවස්ථා සපයා දීමටද හැකියාව ලැඛෙන බව ඔහු සමීක්ෂකයින්ට පෙන්වාදී ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු‘ වෙබ් අඩවියේ පළව ඇති ලිපියක දැක්වේ.
සරණාගතයින්ට ඉන්දියාවේම රැදී සිටීමට, නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට, වෙනත් රටකට සංක්‍රමණය වීමට, ඇති ඉඩකඩ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදිය හැකි තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ යුතු බව සමීක්ෂණයේ නිර්දේශය වී ඇත.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දෙමළ සරණාගතයෝ 67000ක් දකුණු ඉන්දියාවේ
ඇසළ Wednesday, 29 October 2014 10:45 AM
ඔහෙම ඉන්න තමන් ගේ ජාතිය ඉන්න රටේ ඉන්න බැරි නම් වෙන රටකට යන්න පින් අයිති වෙයි මෙහෙට නම් එන්න එපා. හැබැයි වෙන රටකට ගිහින් ලංකාවේ කියල කියන්නත් එපා. අපි ඉපදුන ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියන රටේ නම කන්න එපා.(නදී)
ශිවා Thursday, 30 October 2014 04:56 AM
නේන එකම තමා හොඳ (අ).
මුත්තු Thursday, 30 October 2014 04:56 AM
ඒගොල්ලන්ට ඒහේම ඉන්න කියන්න. (අ)
ඉන්දු මෙල්බෙර්න් Thursday, 30 October 2014 04:59 AM
ගොඩක් අය කරන්නේ සරණාගතයෝ විදිහට වෙන රට වලට ගිහින් (විශේෂයෙන් දියුණු රට වලට ) අාපහු ලංකාවට එන එක. දැන් ඔය බැහැ කියන්නේ එහෙම අය වෙන්න ඇති...(අ)
චම්පික Monday, 03 November 2014 12:24 PM
මගේ රටේ ඉන්න සියලු සුළුතර ජාතින් අපේ රටට අාවේ වහල් කමට, නැත්නම් කුලී හමුදාවක් සමග හෝ වෙලදාමේ. ඒක දැනගන්න (නදී)
රවීන්ද්‍ර Monday, 03 November 2014 11:51 PM
ඉන්න තැනක ඔබ හොඳින් ඉන්න (නි)
දමින්ද Tuesday, 04 November 2014 03:14 PM
අනේ පව්.! අසරණ මිනිස්සු. (ර)
නුවන් Saturday, 08 November 2014 12:16 PM
ලංකාවට වෙළදාමේ ආපු අය සහ ආක්‍රමණ ලෙස ආපු අය තමා මේක විනාශ කලේ! (අ)