තිස් අවුරුදු යුද්ධයේ අවසන් සටනේදී යුද හමුදාවෙන් මැරුම් කෑ කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන් සැඟැවී සිටි මුලතිවු නන්දිකඩාල් කළපුවේ යුද හමුදා හෝටලයක් ඉදි කැර ඇත.
‘කලපු තෙර‘ නම් මේ හෝටලය යුද හමුදා සෙබළුන් අතින් නිමැවී ඇත්තේ තනිකරම තේක්ක දැවයෙනි.
අට දෙනකුට නවාතැන් ගත හැකි මෙහි ගාස්තුව රැයකට රුපියල් පහළොස් දහසකි.
යුද හමුදා විරුවන්, කොටි සටන්කරුවන් හා සාමාන්‍ය වැසියන් දිවි පිදූ මේ බිමේ කොටි නටබුන් තවම ඇත. මෙහි නවාතැන් ගන්නා අයට කොටි සංවිධානය බලෙන් අල්ලාගත් පාරා නැව, ප්රභාකරන්ගේ පිහිනුම් තටාකය, මුහුදු කොටි නායක සොසෙයි සුසෙයිගේ නිවෙස, කොටි අවි, කොටි නායකයාගේ පලතුරු වත්ත, කොටි නායකයා හමුදාව අතින් මැරුම් කෑ නන්දිකඩාල් කලපුව, කොටි දිය අගල් ඇතුළු කොටි බිම නටබුන් දැකගත හැකියි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නන්දිකඩාල් කලපුවේ හමුදා හෝටලයක්
ප්‍රියන්ත Sunday, 06 January 2013 09:35 AM
ලෝකෙටම ආදර්ශමත් වැඩක් (දී)
සුනිල් Wednesday, 09 January 2013 08:13 PM
අපේ කොල්ලන්ට ජයවේවා (දී)
නිරංන්ජන් Tuesday, 08 January 2013 10:31 PM
මෙවැනි අගනා දෙයක් වර්ණනා කරන්න බැරුව කුහක අදහස් දාන අයට අපට කියන්න තියෙන්නෙ මෙච්චරයි. යුධ ජය පෙනි පෙනීත් මෙවැන්නන් ඵය අවතක්සේරුවට ලක් කළා. නමුත් අපි අද යුද බිය නැති නිවහල් රටක් ඇති කළා. තව හදන්න හදන්න අපි පන්නරය ලබනවා. නියම සිංහලයන් අධමයන් නොවෙයි. (නි)
අමිල Tuesday, 08 January 2013 10:09 PM
ඒක ඇත්ත ජීව. මේ වගෙගේ අරමුදල් යන්නෙ ආබාධිත වගේම නැතිවුණ රණවිරුවන්ගෙ පවුල් වලට. අනිත් ආයතන වගේ මේවගෙ හොරා කන්නෙ නැහැ. විනය පොඩ්ඩක් හෝ ඉතුරු වෙලා තියෙන්නෙ හමුදාවෙ සහ වෛද්‍යවරුන් අතර විතරයි. මේ අදහස් කියවනකොට මිනිස්සු මොනතරම් ගුණමකුද,කුහකද කියලා හිතෙනවා. (නි)
අජන්ත Tuesday, 08 January 2013 08:52 PM
අපේ හමුදා කොල්ලන්ට තමයි ස්තුතිය හිමි වෙන්න ඕනේ (දී)
චන්ද්‍රා Monday, 07 January 2013 05:42 PM
අපේ හමුදාවේ කොල්ලෝ තමයි මේ ලෝකේ ඉන්න හොදම හමුදාව, ඔප්පු කරලා තියෙනවා ඒ දේ (දී)
සිල්වා Monday, 07 January 2013 11:51 AM
කාටද ආඩම්බර
ජීව Sunday, 06 January 2013 07:33 PM
මේ වගේ අගනා වැඩකට අදහස් දානකොට උප්පත්ති නැකතත් බලපානවා. (නි)
කපුගේ Sunday, 06 January 2013 07:31 PM
සන්තෝසයි
කපිල Thursday, 10 January 2013 11:14 PM
තව ටිකක් ගාණ අඩු කරන්න පුළුවන්ද ? (ස)
චානක Saturday, 05 January 2013 11:29 PM
අපේ වීරයින් විසින් මුදා ගත් ඒ භුමිය අද පේනවාද (දී)
ෂෙල්ටන් Saturday, 05 January 2013 08:27 AM
නිමල් මමත් ඔයත් එක්ක එකඟයි . රණවිරුවන්ගේ අභිමාණය රැක ගත යුතුයි (ස)
ක්‍රිස් Friday, 04 January 2013 10:15 PM
අයියෝ සල්ලි! (නි)
අමිල Friday, 04 January 2013 07:43 PM
ලෝකෙටම ආදර්ශයක් (දී)
අනුර Friday, 04 January 2013 02:33 PM
ලෝකෙම දැන ගන්න ඕනේ අපේ කොල්ලන්ගේ වැඩ (දී)
වසන්ත Thursday, 03 January 2013 01:44 PM
දන්නවනම් කියන්න 15000 ඒක් අයකුටද? එසේ නොවන්නේ නම් 15000 යනු ඒක් අයකුට 1875 කි. කෑම බීම සමඟ නම් ඒය සාදාරනයි. (ස)
පී.එම්.ආර්.බණ්ඩාර Thursday, 03 January 2013 11:43 AM
අගනා වැඩක්... අතීත සිදුවීම් අඩංගු ඡායාරූප කලාගාරයක් හදා ප්‍රදර්ශණය කළොත් අගෙයි..(නු)
සිසිර Tuesday, 22 January 2013 05:30 AM
කොයි දේ හැදුවත්, කවුරු හැදුවත්, සාමාන්‍ය මනුස්සයෙකුට තමන්ගේ පවුලේ අයත් එක්ක ගොඩවෙලා කාලා බීලා සතුටු වෙන්න බැරි නම් වැඩක් නැහැ. (නි)
උපුල් Thursday, 31 January 2013 12:58 PM
අගය කල යුතු වැඩක් ....මේ යුද්ධයේ ජය අනාගත පරපුරටත් දැන ගන්න ස්මාරකයකුත් හදනවානම් තමයි හොඳ ? (ස)
බන්දුල කටාර් Wednesday, 30 January 2013 01:27 AM
තව හෝටල් ඇති කරන්න ලාංකික අපටත් යන්න පුළුවං සාමාන්‍ය අයකිරීමකට..!(නු)
ගමගේ Sunday, 27 January 2013 01:50 PM
අපේ හමුදාවේ කොල්ලන්ගේ වැඩ තමයි වැඩ (දී)
කරුණා Thursday, 24 January 2013 11:51 PM
නියම තැනක්. (නි)
කුමාර Thursday, 24 January 2013 10:12 PM
ගොඩක් හොද වැඩක්. (නි)
මදුරංග Thursday, 24 January 2013 08:48 PM
රණවිරුවන්ට ජය වේවා (දී)
මදුරංග Thursday, 24 January 2013 08:47 PM
අපේ රණවිරුවන්ට අපිට අභිමානයක් (දී)
ප්‍රසාද් Tuesday, 22 January 2013 11:34 PM
මට මේ හෝටලයේ දුරකතන අංකය ලබාගන්න ක්‍රමයක් නැද්ද? (නි)
දමිත Thursday, 03 January 2013 11:43 AM
ඉතාම හොද වැඩක්.. මේකට තමයි කියන්නේ දූවිලි මතින් නැගිටීම කියලා..!(නු)
ඩිලාන් Sunday, 20 January 2013 11:51 AM
ඇත්තටම දාලා තියෙන අදහස් දිහා බලද්දී අපේ මිනිස්සු ගැන ඇතිවන්නේ දුකක්, කළකිරීමක්. (නි)
ශාන්ත Thursday, 17 January 2013 09:12 PM
ඕක හදලා තියෙන්නේ අපි වෙනුවෙන්ද? අපේ මැති ඇමතිවරු වෙනුවෙන්ද? (නි)
බන්දුල Tuesday, 15 January 2013 02:11 PM
අපිත් කැමතියි ඔතන බලන්න .අපිටත් නවතින්න පුළුවන් ගානට විශ්‍රාම ශාලාවක් වත් ඔය කිට්ටුව හදා දෙන්න . (ස)
පී. සෙනෙවිරත්න Tuesday, 15 January 2013 02:13 PM
මෙම භූමිය සිංහලයන්ට ජය භූමියක් ලෙස දක්කත් දෙමළ අයට එහෙම නෙවෙයිනේ. ඇත්ත ඒකයි. ඒක නිසා අපි කළයුත්තේ මෙවැනි දේවල් නෙවෙයි ජාතීන් අතර සංහිදියාව ඇතිවෙන දේවල් (ස)
සපුමල් Monday, 14 January 2013 01:16 AM
ඇමි එකේ කොල්ලන්ගේ පවුල් වලට මේකෙ 50%ක ඩිස්කවුන්ට් එකක් දෙමු. (නි)
දයා Friday, 11 January 2013 09:05 PM
රණවිරු අභිමාණය සදාකල් දිනේවා (ස)
සුනෙත් Friday, 11 January 2013 05:15 AM
එදා කොහොමද තිබුනේ (දී)
නිත්‍යා Saturday, 29 December 2012 04:13 PM
සාමාන්‍ය ජනතාවට මෙම හෝටලයට යා හැකිද ? (ස)
අනුර Sunday, 30 December 2012 05:34 PM
අපිට ආඩම්බරයි මේවා දැක්කහම. (නි)
ෂිරාශ් Sunday, 30 December 2012 02:47 PM
හෝටලේට යන්න නම් ආසයි. ඒත් ඕකේ ප්රභාකරන්ගේ හොල්මන් තියෙයිද කියලා මට බයයි. (නි)
චන්න Sunday, 30 December 2012 01:50 PM
ඔවු. ඒ ප්‍රදේශයේ ජන ජීවිතය ඇතුලු සියලු අංග නැවත ගොඩනැගීම අවශ්‍යයි. (නි)
පාලිත Saturday, 29 December 2012 11:26 PM
නියමයි රණවිරුවානෙනි.. මම රණවිරුවන්ගෙන් ඉල්පු දේ අද සැබෑ වෙලා ඔබලාට ජය වේවා..! (නු)
චාමර වත්තල Saturday, 29 December 2012 11:19 PM
ජය වේවා අපිට යන්න බැරි උනත් ගොඩක් සතුටුයි !(නු)
රුවන් Saturday, 29 December 2012 10:25 PM
මෙවට යන්න වෙන්නේ තරු පංතියම තමයි(නු)
ගිහාන් Saturday, 29 December 2012 08:58 PM
ඉතාම හොදයි..!(නු)
රුචිර Saturday, 29 December 2012 06:42 PM
සාමය ඉතාමත් දුරින් තමයි ලංකාවට තවමත් තියෙන්නේ.. මම හිතන්නේ ඒක නොසැළකිළිමත් තීරණයක්.!(නු)
බණ්ඩාර Sunday, 30 December 2012 05:58 PM
පාලිත, හීනෙන්වත් බයවෙලාද? (නි)
ලලිත් Saturday, 29 December 2012 01:04 PM
සුපිරි හෝටලයක් නේ. අයකිරීම් එහෙම කොහොමද ?? (ස)
අචිනි Saturday, 29 December 2012 11:04 AM
මේකේ ආධායමට මොකද වෙන්නේ ? හමුදාවටද .....? (ස)
අජිත් Saturday, 29 December 2012 10:44 AM
කලපුවල හෝටල් හදන එකනම් නුවනට හුරු නෑ . පරිසරයත් රැකගෙන ඉදිරියට යන්නට ආශිර්වාද කරමු (ස)
ප්‍රභාත් Friday, 28 December 2012 06:44 PM
නියමම නම තමයි ඒක. නියමයි. (නි)
රොෂාන් Friday, 28 December 2012 04:56 PM
නාරද, නම වගේම තමයි, අපිත් දවසක් ඉදලා එළියට යද්දී ගණන බැලුවහම අපිවත් බ්ලාස් වෙයිද දන්නෙ නැහැ. (නි)
නාරද Friday, 28 December 2012 09:26 AM
අපි නම දාමුද "හොටෙල් ටයිගර් බ්ලාස්ට්" කියලා. (නි)
චන්දිමා Thursday, 27 December 2012 08:41 PM
මේකට අපි අලුත් වචනයක් යෝජනා කරමු (ස)
සිල්වා Thursday, 27 December 2012 02:49 PM
ආරක්ෂාව පැත්තෙන් නම් හොදයි. හැබැයි ගණන තමයි ටිකක් වැඩි. (නි)
ද සිල්වා Sunday, 30 December 2012 08:06 PM
මේක වැරදියි නම් , හිට්ලර් මියගිය බර්ලින් නගරයේ අද හෝටල් කීයක් නම් තියෙනවද? (නි)
ටිකිරි Sunday, 30 December 2012 08:30 PM
මෙම ප්‍රදේශයේ යුද්ධයෙන් අවතැන් වූ අහිංසක ජනතාවට ගෙවල් ටිකකුත් හදලා දුන්නා නම් තමයි හොද. (නි)
සුසන්ත Sunday, 30 December 2012 10:23 PM
මම දන්නේ නැහැ මේ හොටෙල් එකෙන් මොනවද බලපොරොත්තු වෙන්නේ කියලා. (නි)
ලලිත් Monday, 31 December 2012 12:52 AM
දැනටමත් ඔය හෝටලේ ඉඩකඩ නැතුවා ඇති. වෙන් කරලා අවසන් ඇති. (නි)
හනීෆා Monday, 31 December 2012 03:22 PM
පාලිතගේ අදහසට මමත් කැමතියි. (නි)
රංග Monday, 31 December 2012 10:18 PM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. තනිකරමම තේක්ක දැවයෙන්ද හදලා තියෙන්නේ? (නි)
ශාන්ත Tuesday, 01 January 2013 12:21 PM
අගය කළ යුතු දෙයක්... අපේ හමුදාව සැබෑම වීරයෝ.. අපේ ජනතාවට කන්න විතරයි.. ඕන හොදක් කරාම එක ගුණ කියන්න කැමති නැහැනේ.. ඒකනේ ප්‍රභාකරනුත් කිව්වෙ සිංහලයාට ඕනෙම දෙයක් සති කීපයයි කියලා..!(නු)
සනත් Tuesday, 01 January 2013 02:14 PM
මම කල්පනා කරන්නේ සල්ලි නැති මිනිස්සුන්ටත් මේ තැන්වල ඇවිත් සතුටු විය හැකිද කියායා (ස)
නන්ද හිමි Tuesday, 01 January 2013 03:14 PM
තවත් මේවා වැඩිදියුණුකර සාමාන්‍ය මිනිසුන්ටත් නවාතැන් ගැනීමට අවස්ථාව සලසාදෙන්න.(ස)
කන්කෝ Tuesday, 01 January 2013 11:01 PM
රංග - තේක්ක දැව තියෙන තැන්වලට හොල්මන් බයවෙනවා(නු)
රාජිත Wednesday, 02 January 2013 01:11 PM
නියමයි සන්තෝසයි
රමීෂ් Wednesday, 02 January 2013 05:27 PM
නවාතැන් සංකීර්ණයක් හැදුවොත් හොදයි කියලයි මම නම් කියන්නේ. (නි)
නිමල් Thursday, 03 January 2013 08:21 AM
දුටු ගැමුණු රජතුමන් අවසන් සටන තිබුණ තැන පූජනීය භූමියක් කළා වස් දොස් යන්න... ඒත් අද මේක කෝලම් මඩුවක් කරලා ඉතිහාසය වලපල්ලට යවන්නේ කොහොමද? තව අවුරුදු කිහිපයක් යනකොට මෙතන යුද්ධයක් කලා කියලා දැන ගන්නෙ.. කෝ රටේ මිනිසුන්ගේ අභිමානය.. බලන්න රැවන් වැලි මහා සෑය දිහා.. ඒක ඇතුලෙ එලාර රජ තුමා සහ දුටුගැමුණු රජතුමා දෙදෙනාම එකිනෙකා දිහා බලාගෙන ඉන්න විදියට අබලා තියෙනවා.. හරියට ඒක දැක්කමා අපිත් ඒ යුගයට ඇදිලා යනවා.. පුදුම හැගීමක් ඇතිවෙන්නෙ..(නු)
ශාන් Thursday, 03 January 2013 09:59 AM
ගාණ වැඩියි නේ (ස)
බන්ඩාර Thursday, 03 January 2013 11:43 AM
අගනා වැඩක් . අතීත සිදුවීම් අඩංගු ඡායරූපාගාරයක් සාදා ප්‍රදර්ශනය කලොත් අගෙයි (ස)