( තිළිණි ද සිල්වා)
නව ආයෝජන ප්‍රවර්ධන කලාප හතරක ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඒ අනුව බිංගිරිය, එරාවුර්, මිල්ලෙණිය සහ හම්බන්තොට යන ප්‍රදේශවල මෙම නව ආයෝජන ප්‍රවර්ධන කලාප ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර , එම කලාප හතරේ මුලික ඉදිකිරීම් කඩිනමින් අවසන් කර ආයෝජකයන්ට සිය ආයෝජන ආරම්භ කිරීමට අවස්ථාව සලසා දීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ නිළධාරින් හා එහි ආයෝජකයන් සමග පැවති සාකච්ඡාවක දී ඇමැතිවරයා මේ බව සදහන් කළේය.
සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඩි.වි. චානක මහතා වැඩ බාර ගැනීමෙන් පසුව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ නිළධාරීන් සහ ආයෝජකයින් හමුවීමේ අරමුණින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.
මෙහි දී ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවත්වාගෙන යන ආයෝජන කලාප තවදුරටත් පුළුල් කිරීමේ හැකියාවක් නොමැති බවයි. නව රජයේ අපේක්ෂාව වන්නේ මෙරට ආයෝජන අවස්ථා පුළුල් කිරිමයි. ඒ සදහා නව ආයෝජන කලාප හතරේ ඉදිකිරිම් කඩිනමින් අවසන් කරන බවද ඇමැතිවරයා මෙහිදි කියා සිටියේය.
එහිදී සාකච්ඡාවේ දී අදහස් දැක් වූ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.
ඉදිරි වසර 5 තුළ අපනයන වර්ධනය කරගනිමින් 5% - 7% ක් අතර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට ජනාධිපතිතුමා අපේක්ෂා කරනවා. ඒ සදහා නව ආයෝජනයන් වෙත යොමු විය යුතුයි. නිෂ්පාදන විවිධාංගීකරණය කරමින් අගය එකතු කළ භාණ්ඩ අපනයනය කළ යුතුයි. නව අපනයන වෙළදපළ හඳුනාගත යුතුයි. ඒ සඳහා පළමු පියවර ලෙස බිංගිරිය, මිල්ලණිය, එරාවුර්, හම්බන්තොට ආයෝජන කලාප ඉක්මණින් ක්‍රියාත්මක කරනවා.
බිංගිරිය කලාපයේ යටිතල පහසුකම් මේ වන විටත් සංවර්ධනය වෙමින් පවතිනවා. එහි ප්‍රථම අදියර අක්කර 275 ක්. තවත් අක්කර 1200 දක්වා පුළුල් කළ හැකි කලාපයක්. මිල්ලණිය අක්කර 2400කින් සමන්විත දක්ෂිණ අධිවේගී මාර්ගය අසල පිහිටි කලාපයක්. එයින් මේ වන විට යටිතල පහසුකම් සංවර්ධනය සිදු වෙනවා. රබර් ආශ්‍රිත නිෂ්පාදන ආරම්භ කිරීමට මෙම කලාපය යොමු කරනවා.
අක්කර 200 කින් සමන්විත එරාවුර් ඇගළුම් උද්‍යානයක් ලෙස සකස් කරනවා. ඇගළුම් ක්ෂේත්‍රයට අවශ්‍ය රෙදිපිළි හා අනෙකුත් අමුද්‍රව්‍ය මෙහි නිපදවීමට අදහස් කරනවා. ඒ සදහා ආයෝජකයින් විශාල ප්‍රමාණයක් කැමැත්ත පළකර තිබෙනවා. එය නැගෙනහිර පළාතේ සංවර්ධනයට විශාල ලෙස බලපාන කලාපයක් ලෙස සඳහන් කළ හැකියි. අපගේ අවධානය යොමු වී ඇති තවත් වැදගත්ම ආයෝජන කලාපයක් ලෙස හම්බන්තොට ආයෝජන කලාපය සදහන් කළ හැකියි.
ඖෂධ නිෂ්පාදනය අරමුණු කරගත් මෙම කලාපය දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් ආරම්භ කිරීමට නියමිතය. මෙම ආයෝජන ප්‍රවර්ධන කලාපයන්ට අමතරව මත්ස්‍ය නිෂ්පාදනය හා මත්ස්‍ය ප්‍රවර්ධන ව්‍යාපෘතීන් කෘෂි නිෂ්පාදනය හා අපනයනය ව්‍යාපෘති ගණනාවක් කිරිමට නව රජයේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මෙහි දි අදහස් දැක් වූ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක මහතා මෙරට අපනයන ආදායමින් 70% ක් වැනි ප්‍රමාණයක් ලබා දෙන ආයෝජන ප්‍රවර්ධන කලාප පුළුල් කිරීම තම අරමුණ බව පැවසීය. එහිදී තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා ජනිත වන කර්මාන්තයක් මෙරටට ගෙන ඒමට අවධානය යොමු කරන බව ද සඳහන් කළේය.
මෙම අවස්ථාවන්ට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජය මොහොට්ටාල, විධායක අධ්‍යක්ෂක එම්.කේ.ඩි. ලෝරන්ස් යන මහත්වරුන් ද අදහස් දැක්වූහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නව ආයෝජන ප්‍රවර්ධන කලාප හතරක ඉදිකිරීම් කඩිනමින්