හර්ෂණ තුෂාර සිල්වා
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනවල නව ශ්‍රේණිගත කිරීම් සමඟ එකඟ නොවන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළීමට ගත් තීරණවලින් රටේ සාර්ව ආර්ථික මූලධර්ම නිසි ලෙස පිළිබිඹු නොවන බවත් සාර්ව ආර්ථික මූලධර්මවලින් පිළිබිඹු වන සාධකවලට පටහැනිව එම ශ්‍රේණිගත කිරීම් සිදුකර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව එම නිවේදනයෙන් පෙන්වාදෙයි.
එම නිසා කරන ලද ශ්‍රේණිගත කිරීම් සාධාරණ නැතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඉකුත් සති තුනක කාලයේදී ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනක් වන මූඩීස්, ෆිච් සහ එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස් ආයතන ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල පහළ මට්ටම්වලට දැමීය.
දෙසැම්බර් 3 වැනිදා ෆිච් රේටින්ග්ස් සහ දෙසැම්බර් 4 වැනිදා එස්.ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස් ආයතන මෙරට දිගුකාලීන විදෙස් ණය ශ්‍රේණිගත කිරීම් ‘බී+ (ස්ථාවර) සිට ‘බී (ස්ථාවර) දක්වා පහත හෙළීමට පියවර ගත් අතර මූඩීස් ආයෝජන සේවා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම සහ ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම් බී1 (ඍණ) සිට බී2 (ස්ථාවර) මට්ටම දක්වා පහත දැමීය.
වත්මන් දේශපාලන අර්බුදය හමුවේ වුවද විශේෂයෙන්ම මූල්‍ය අවශ්‍යතා සහ ණය ආපසු ගෙවීමේ වගකීම් ඇතුළුව ආර්ථිකය මත ඇතිවිය හැකි ඕනෑම බලපෑමක් අවම කිරීම සඳහා මහ බැංකුව සහ රජය ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇතැයි ද ශ්‍රී ලංකා බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ මූල්‍ය අංශ දේශීය සහ විදේශීය අවදානම්වලට සාර්ථකව මුහුණදීමට හැකි මට්ටමේ පවතින බව තවදුරටත් අවධාරණය කළ යුතු යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කර ඇත.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නව ණය ශ්‍රේණිගත කිරීම් සමඟ එකඟ වෙන්නේ නැතැයි මහබැංකුවෙන් නිවේදනයක්