කොමර්ෂල් බැංකුව නැවත වරක් 'LMD 100' හි ඉහළම ශ්‍රේණිගත බැංකුව බවට පත් වී ඇති අතර අඛණ්ඩව 28 වැනි වරටත් මෙම කීර්තිමත් ලැයිස්තුවේ හොඳම ආයතනික දැවැන්තයන් 10 අතරට පැමිණීමට සමත්ව සිටී.
එසේම, මෙම ශ්‍රේණිගත කිරීම මුල්වරට ප්‍රකාශයට පත් කරන ලද 1993-94 වසරේ සිටම කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ඉහළම සමාගම් 10 අතර සිටීම විශේෂත්වයක් බව එම බැංකුව සඳහන් කරයි.
කොමර්ෂල් බැංකුව, රටේ ශක්තිමත්ම ව්‍යාපාරික ආයතනයක් ලෙස, 2020-21 සඳහා LMD 100 හි සියලු ආයතන අතරින් වත්කම් අනුව සමස්තයක් ලෙස ප්‍රථම ස්ථානය ද, ලාභය අනුව දෙවැනි ස්ථානය ද, කොටස් හිමියන්ගේ අරමුදල් අනුව දෙවැනි ස්ථානය සහ ආදායම අනුව හතරවැනි ස්ථානය අත්කර ගනිමින් බැංකුවේ ශක්තිය යළි තහවුරු කර ඇත.
කොමර්ෂල් බැංකුවල LMD ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී එස්. රෙන්ගනාදන් මහතා මෙසේ පැවසීය. “මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ අඛණ්ඩතාව ඉතා ඉහළින් අගය කෙරෙනවා. විශේෂයෙන්ම නවතම LMD ශ්‍රේණිගත කිරීම සඳහා පාදක වූ වර්ෂය වන 2020-21 කාලය තුළ මුහුණ දුන් අභියෝගාත්මක තත්ත්වය තුළ කාර්ය සාධනය පවත්වාගෙන යාම ප්‍රශංසනීයයි. මෙම ලැයිස්තුවේ ඉහළම ශ්‍රේණිගත බැංකුව ලෙස අපගේ ස්ථානය රඳවා ගැනීම කොමර්ෂල් බැංකුවේ සහ එහි කණ්ඩායමේ නිසඟ ශක්තිය අවධාරණය කරනවා.”
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නවතම LMD ශ්‍රේණිගත කිරීමෙහි කොමර්ෂල් බැංකුව ඉහළටම