X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


නෙදර්ලන්ත ව්‍යාපාරිකයෝ ලංකාවේ

ශ‍්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා  පිළිබඳව සොයා බැලීම සඳහා නෙදර්ලන්තයේ ඉහළ පෙළේ  ආයෝජකයින් කණ්ඩායමක්  සිව්දින සංචාරයක් සඳහා අද  කටුනායක ජාතයන්තර ගුවන්තොටුපොළෙක් දිවයිනට පැමිණියහ.

නෙදර්ලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද මහතාගේ මැදිහත්වීම මත එරට වානිජ අමාත්‍යංශය  හා සම්බන්දතාවයෙන් මෙම   පිරිස මෙරටට පැමිණ ඇත.


බස්නාහිර පළාත් සභාවේ සංචාරක මන්ඩලයේ සභාපති ක්ලෝඞ් තෝමස් මහතා ඇතුළු නිලධාරීන් විසින් දිවයිනට පැමිණි  මෙම  පිරිස කටුනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.


 මෙම පිරිස මෙරට  රැදී සිටින කාලය තුළ  ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන යන මහත්වරුන් හමුවී මෙරට ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා  කිරීමට නියමිතය.


මෙරට  කොටස් වෙළඳ පොළ,  ආයෝජන මණඩලයේ, අපනයන සංවර්ධන මණ්ඩලය, මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තය,  කෘෂිකාර්මික, සංචාරක හා  සෞඛ්‍ය යන ක්ෂේත‍්‍ර වල ආයෝජන අවස්ථා  සොයා බැලීම  මෙම සංචාරයේ අරමුණ වේ.
 



අදහස් (0)

නෙදර්ලන්ත ව්‍යාපාරිකයෝ ලංකාවේ

ද සිල්වා Friday, 06 September 2013 11:37 PM

කවුද මේ ආයෝජකයන්?මොනවද ඒගොල්ලෝ නෙදර්ලන්තයේ කරන ව්‍යාපාර? ඒගොල්ලන්ගේ වත්කම් එහෙම කොහොමද? (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Friday, 20 September 2013 04:13 PM

සල්ලි ගෙනැල්ලා බීලා අමාරුවේ වැටෙයිද? (නි)

:       0       0

කමල් Wednesday, 18 September 2013 08:15 PM

ලංකාවේ කළ ලොකුම මෝඩ වැඩේ, මත්තල ගුවන් තොටුපළ තැනීම.ලංකාවේ කළ ලොකුම හොද වැඩේ අධිවේ‍ගේ තැනීමයි (නි)

:       0       0

රාජදුත Monday, 16 September 2013 10:52 PM

ක්‍රිස්තු වර්ෂ 1658 සිට 1796 දක්වා මේ රට පාලනය කරපු මේ කට්ටියට ආයෝජන ගැන අමුතුවෙන් දැනගන්න දෙයක් තියනවද?(අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 15 September 2013 11:57 PM

කෝටිගණන් වියදම් කරමින් පාරවල් හැදුවට සංචාරකයන්ගේ ගමන්බිමන් වලට යොදාගන්න වාහන වලට , වාහන අමතර කොටස් වලට සහ ඉන්ධන මිල ගණනය කළහම අපේ ප්‍රවාහන වියදම තායිලන්තය සමග සංසන්දනය කළවිට 100% විතර වැඩියි. හෝටල් වලට අවශ්‍ය කරන විදුලි උපකරණ විදුලි බිල් ගොඩනැගිලි ද්‍රව්‍ය වල මිලත් එසේමයි. (නි)

:       0       0

නාමල් Sunday, 15 September 2013 02:32 AM

ඔයාල සියල්ලෝම පඹගාලේ පැටලිලා. (නි)

:       0       0

රුවන් Saturday, 14 September 2013 03:27 PM

රෙඩ් ලයිට් දිස්ත්‍රික්කයක් ඇතිකරයි ද දන්නෙ දන්නෑ.(නදී)

:       0       0

ටෙනිසන් Friday, 13 September 2013 04:38 PM

ද සිල්වා බෙර්ලින්, ඔබ හරියටම හරි. සිංගප්පූරුව, තායිලන්තය, මලේසියාව, මාලදිවයින වැනි රටවල සංචාරකයන්ට ලැබෙන පහසුකම් බලපුවාම අපි ඉන්නේ හුගක් පසුපසින්. (ස)

:       0       0

ඩේලි Monday, 09 September 2013 11:27 PM

ජයනි, ඔයාට පිස්සුද? ඔයා ඔවුන් ගැන හරියට දන්නේ නැතුව ඇති (නි)

:       0       0

ඩේලි Sunday, 08 September 2013 09:19 PM

නෙදර්ලන්තයේ ඉන්නේ අවස්ථා වාදියෝ. මේ අයව රටට ගෙන්න ගත්තොත් ලංකාවට ඉස්සර ආපු මුහුදු මංකොල්ලකාරයින්ට වැඩිය හපන්. පරිස්සමින් මෙයාලා තමයි රටවල් කන්නේ. කොටින්ට හිතවාදියෝ. (නදී)

:       0       0

සෙනරත් Sunday, 08 September 2013 02:44 PM

එන පොට හොද නැහැ පරිස්සම් වන්න ඔන්න කියුවා (දී)

:       0       0

එරංග Saturday, 07 September 2013 01:24 PM

තිෙයන ටිකත් අරෙගන යයිද දන්නෑ (දී)

:       0       0

ජයනි Friday, 06 September 2013 11:53 PM

මේ වගේ රටකින් අපේ ලංකාවට ආයෝජන අවස්ථා සොයා බලන්න එන එක අපි අගය කළ යුතු දෙයක්.නෙදර්ලන්ත මිනිස්සු හරිම සාමකාමී පිරිසක් (නි)

:       0       0

සී. ගංගොඩ Wednesday, 04 September 2013 06:06 PM

ඔබව සාදරයෙන් පිලි ගනිමු. කිරි නිෂ්පාදන අතින් ඔබ ලෝකයේ ඉහලම තැනක සිටින නිසා, අප රටේ එළ කිරි නිෂ්පාදනයටද ඔබගේ සහයෝගය ලැබෙන්නේ නම් අගය කරමු. (දී)

:       0       0

චාන් Friday, 06 September 2013 10:46 PM

උත්සාහය නම් හොදයි, ප්‍රයෝජනයකුත් වේවා! (නි)

:       0       0

සිරියලතා Friday, 06 September 2013 06:40 PM

නෙදෙර්ලන්තයෙන් එනවා කියන්නේ ආයෝජන කෙසේ වෙතත් අපේ තරුණ කොල්ලෝ ටිකට මොනවා වෙඉද දන්නේ නැහැ (දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 05 September 2013 11:55 PM

ලංකාවට එන සංචාරකයන් නව ක්‍රමය මත ඩොලර් 30 ක් ගෙවා වීසා අයදුම් කලයුතුය. ඉස්සර යුරෝපා සංගමය ඇතුළු රටවල් කීපයක සංචාරකයන්ට නොමිලයේම ගුවන්තොටුපලේදී විසා දුන්නා. තායිලන්තය, මාලදිවයින වැනි රටවල් තවම පැරණි ක්‍රමයට සංචාරක විසා දෙනවා. අපේ රටේ සිගිරිය වැනි ස්ථාන නරඹන්න සංචාරකයකුගෙන් ඩොලර් 25 ක් අයකරනවා. නමුත් ජර්මනියේ තිබෙන නොඉස්ච්වන්ස්ටඉන් කියන මාලිගය බලන්න අයකරන්නේ ඩොලර් 12 යි. නමුත් එතන සංචාරකයන්ට අවශය සියලු පහසුකම් තිබෙනවා. සංචාරක මගපෙන්වන්නන්ගේ ගාස්තුවත් මේ ඩොලර් 12 ට ඇතුලත්. අපේ සංචාරක ව්‍යාපාරිකයන්ට නොයෙකුත් ප්‍රශ්න තිබෙනවා. හෝටල් වලට මත්පැන් බලපත්‍ර ගැනීමේදී තිබෙන ක්‍රියා පටිපාටිය හරිම සංකිර්නයි. රාජ්‍ය බැංකුවකින් දේපලක් ඇපයට තබා නයක් ගන්න හරිම අමාරුයි. ව්‍යාපාරික බැංකු නය සඳහා පොලි අනුපාතය හරිම ඉහළයි. සුළු පරිමාණ විදේශික ආයෝජකයන්ට ඉඩම් ගැනිමේදී මේ වසරේදී පනවපු නීති නිසා ඒ යෝජනා අඩුවෙලා , දේශපාලන බලය සහිත මහා පරිමාණ බහුජාතික හෝටල් සමාගම්වලට මේ ප්‍රශ්න මොකුත් නොමැත. ඔවුන් ලංකාවේ බැංකුවලින් නය අරන් හෝටල් හදා ලාභය පිට රටවලට රැගෙන යනවා. මෙම කරුණු නිසා දකුනු පලාතේ සංචාරක ව්‍යාපාරය මෙම වසරේ පසුබෑමක් පෙන්නුම් කරනවා. ලංකාවට සංචාරකයන් වැඩිය ආවාට සංචාරක ව්‍යාපාරයෙන් රටට ලැබෙන විදේශ විනිමයේ අඩුවක් පෙන්නුම් කරනවා (මහබැංකු වාර්තාව) ඉන්දියාව, චීනය, තායිලන්තය වැනි රටවලින් සංචාරකයෝ ආවට ඔවුන් යුරෝපයේ සංචාරකයෝ වගේ මුදල් වියදම් කරන්නේ නැත. අපි අපේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ගැටළු හදුනාගත යුතුය. නැත්නම් තායිලන්තය, මාල දිවයින වැනි රටවල් සමග අපේ සංචාරක කර්මාන්තයට තරගයක් දිය නොහැක. (නදී)

:       0       0

සෙනෙවි Thursday, 05 September 2013 11:25 PM

නරකද මුලින් රටට අවශ්‍ය ආයෝජන මොනවාද,රටේ හා ජනතාවගේ සුබ සිද්ධියට ඒවා පලදායි වෙන අයුරු සහ කොපමණ කලක් සදහාද මෙම ආයෝජන ක්‍රියාත්මක කළ යුත්තේ සහ එම ව්‍යාපෘතීන්ට වඩාත්ම උචිත රටවල් මොනවාදැයි හඳුනාගෙන ඔවුන්ට ඒ සදහා ආරාධනා කළොත්? රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න එතනමයි. රටේ පලදායි ආර්ථික ආයෝජනයක් පෙනෙන මානයක නැහැ. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 05 September 2013 11:19 PM

ලංකාවට ආයෝජනය කරන්න එන්න කිවුවාට (දේශපාලන සම්බන්ධකම් නැති සුළු පරිමාණ ) ආයෝජකයන්ට දී තිබෙන පහසුකම් මොනවාද? විදේශ වල ජිවත්වන ශ්‍රී ලාංකිකයන් වන අපිටත් ලංකාවේ ව්‍යාපාර කරගෙන යන්න හරිම අපහසුයි. මාසයෙන් මාසයට භාණ්ඩ සහ සේවා වලට අයකරන බදු ඉහළ දමනවා. රජයේ ආයතන වලින් වැඩක් කරගන්න ගියහම හරියට රස්තියාදුව. ශ්‍රී ලාංකිකයන් වන අපිටත් අමාරුකොට කොහොමද විදේශිකයෝ මෙහෙ මුදල් ආයෝජනය කර ලාභ ලබන්නේ? (නි)

:       0       0

කුමාර Thursday, 05 September 2013 05:47 PM

අපේ රටෙන් ගෙනගිය වාරි ශිෂ්ටාචාරයයි විස්තර ටිකයි නැවත දෙන්න කියන්න මෙයාලට. (නි)

:       0       0

කුමාරි Thursday, 05 September 2013 01:32 PM

කෝ මේ කවුරුත් නැද්ද? නෙදර්ලන්තය අවට පගා ගැනනම් මොනවට කියනවද කමල්? (නි)

:       0       0

තරිඳු Thursday, 05 September 2013 10:32 AM

දැන් කෝ මත්තල ගුවන් තොටුපල??හැමෝම එන්නේ කටුනායක හරහා.අයියෝ සල්ලි (දී)

:       0       0

ලුම්බිණි Thursday, 05 September 2013 06:52 AM

මම හිතුව බටහිර රටවල ආයෝජන වලට අපි කැමති නැහැ කියල. (අ)

:       0       0

කමල් Thursday, 05 September 2013 12:45 AM

කව්රු හරි නෙදර්ලන්තයෙන් පගාවක් වත් ඉල්ලලද?(නදී)

:       0       0

නිල්මිණි Wednesday, 04 September 2013 06:16 PM

මෙයාලට ලංකා සවාරියට ඔක්කොම ගෙවීම් කරන්නේ නෙදෙර්ලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්, ඔහොම අරන් යනවා කිව්වම අපේ රටට එන්න ලක්ෂ ගණන් අය බලාගෙන ඉන්නවා,බලමුකෝ මෙයාල මොනවද ලංකාවේ පටන් ගන්නේ කියල (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site