හොල්සිම් සමාගමේ පුත්තලම වැඩ බිමට අවශ්‍ය ගල්අඟුරු, ක්ලින්කර් චීන වාරායෙන් කන්ටේනර් පෙට්ටි වලට පටවා මහව දුම්රිය ගෙනවිත් පුත්තලම කම්හල් වැඩබිමට ට්‍රිපර් රථ හරහා ගෙන ඒමේ වැඩපිළිවෙළක් දුම්රිය දෙපාර්තමේන්තුව හා සම්බන්ධ කර ගනිමින් පසුගියදා ආරම්භ කැරිණි.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා , දුම්රිය බලධාරින් හා හොල්සිම් සමාගමේ නිලධාරිහු ඊට සහභාගී වුහ.
ත්‍රිකුණාමලයේ සිට ට්‍රිපර් භාවිතා කරමින් කළ අමුද්‍රව්‍ය ප්‍රවාහනය නතර වෙයි. එම හේතුවෙන් පරිසයට වන හානිය අවම වන බවත් , මාර්ග තද බදය හා අනතුරු අවම වන බවත් හොල්සිම් සමාගම පවසයි.
ගැල් 15 යුක්ත එක් දුම්රියක් දිනකට ගල් අගුරු ටොන් 350 ප්‍රවාහන කරන බවත් ,මෙම භාණ්ඩ ප්‍රවාහනයෙන් මසකට රුපියල් මිලියන 10 ආසන්න මුදලක් දුම්රිය දෙපාර්මේන්තුවට ලැබෙන බවත් ඉදිරියේ දී මෙවැනි සමාගම් සමඟ කටයුතු කිරිමට සැලසුම් කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පරිසරය රැකගෙන හෝල්සිම් ක්ලින්කර් ප්‍රවාහනය කරයි
සුගත් බණ්ඩාර Sunday, 15 May 2016 08:52 AM
හරිම ආඩම්බරයි හොල්සිම් කර්මාන්තශාලාව ගැන (ම)
ලක්ෂාන් Wednesday, 25 May 2016 03:07 AM
අමිල ඔයා හරි. හැබැයි එහෙම කරන්න එක්කො මහවින් පුත්තලමට අලුතින් රේල් පාර දාන්න ඕනෑ. එහෙම නැත්තම් රාගමට ගිහින් තමයි පුත්තලම් ලයින් එකට මාරු වෙන්න තියෙන්නෙ (නි)
හරිත Tuesday, 24 May 2016 11:04 AM
ඒ කරන්න යන දේ හොඳයි.(හේ)
අමිල Tuesday, 24 May 2016 11:04 AM
හොද වැඩක්. ඒ වුනාට දුම්රිය මහවට විතරක් නෙවේ පුත්තලමේ සංස්ථා 1 ටම යා හැකිනේ.(හේ)
අමිල Tuesday, 24 May 2016 11:02 AM
හොද වැඩක්. (හේ)
අමිල Tuesday, 24 May 2016 11:02 AM
හොද වැඩක්. ඒ වුනාට දුම්රිය මහවට විතරක් නෙවේ පුත්තලමේ සංස්ථාවටම යත හැකිනේ (බ)
අමිල Tuesday, 24 May 2016 11:04 AM
හොද වැඩක්. ඒ වුනාට දුම්රිය මහවට විතරක් නෙවේ පුත්තලමේ සංස්ථා එකටම යත හැකිනේ (බ)
මොහමඩ් Thursday, 19 May 2016 03:21 AM
කන්ටේනර් ප්‍රවාහනයත් දුම්රියෙන් කරන්න පුලුවන් නම් පෑලියගොඩ මාර්ග තදබදයට හොඳ විසඳුමක් වෙයි (නි)
ජනක Wednesday, 18 May 2016 04:34 AM
තෙල් ප්‍රවාහනයත් මේ වගේම වැඩි දියුණුකළොත් හොඳයි. පාරේ දුවන තෙල් බව්සර් අඩුකරන්න පුළුවන් (නි)
විපුල Monday, 16 May 2016 09:02 AM
කලිනුත් වාහන රැගෙන යාම සදහා දුම්රිය භාවිතා කලා . (ර)
සිසිර Monday, 16 May 2016 09:00 AM
මෙම ක්‍රමය භාණ්ඩ ප්‍රවාහනයට හොද ක්‍රමයක්. (ර)
වරුණ Monday, 16 May 2016 09:01 AM
පරිසර දුෂ්නයටත් හොඳ පිළියමක්. (ර)
සුනිල් Sunday, 15 May 2016 09:33 PM
ගිය ආණ්ඩුවේ අය අඩුමගානේ ඔහොම දෙයක්වත් කළාද? (නි)
සමන් Monday, 09 May 2016 06:29 AM
නිමල් ඔබගේ වැඩ ගැන දැන්නම් පැහැදීමක් එනවා. (බ)
වින්සන්ට් Tuesday, 10 May 2016 11:47 AM
සුද්දා දුම්රිය ගැන අවබෝධ කරගත් දෙය අපි තවමත් අවබෝධ කරගෙන නැත්තෙමු. දියුණු රටවල ජනතාව ගමනා ගමනය සඳහා වැඩි විශ්වාසයක් තබන්නේ දුම්රිය සේවයයි. භාණ්ඩ ප්‍රවාහනයටද මුලික තැන හිමි වන්නේ දුම්රිය සඳහාය. දුම්රිය සේවය ගැන අපේ රටේ මේ දක්වා සිදුවී ඇත්තේ නිතරම අපි අපිවම රවටා ගැනීමකි. (ර)
විපුල Tuesday, 10 May 2016 05:37 AM
නියමයි නේ අන්න රටට වාසි සහ ගත වැඩ . අතරමග නවතින්නේ නැහැ නේද.(හේ)
සඳුන් Tuesday, 10 May 2016 05:32 AM
මේ වැඩ අතරමඟ නවතින්නේ නෑ නේද?(හේ)
බන්දුල Tuesday, 10 May 2016 05:29 AM
කරන්න යන වැඩේනම් ගොඩක් හොඳයි.(හේ)
ඉන්දික Tuesday, 10 May 2016 05:29 AM
මේ ව්‍යාපෘතිය සාර්ථක වූවහොත් හොඳ ආදායමක් දුම්රිය දෙපාර්තුමේන්තුවට ලබා ගන්න පුළුවන්.(හේ)
සංදීප Tuesday, 10 May 2016 05:29 AM
මේ වැඩේ නිසා ටිපර් රථ ප්‍රධාන මාර්ග වල ගමන් කරන එකනම් ගොඩක් අඩු වෙයි.(හේ)
බෙනට් Monday, 09 May 2016 11:06 AM
හොල්සිම් සිමෙන්ති මිල අඩු කරන එකක් නැහැ නේද ? මොකද ඕක අනිවාර්යෙන්ම හොල්සිම් එකේ වියදම් අඩු කිරීමක් . (අ)
ධම්ම Monday, 09 May 2016 07:49 AM
හොල්සිම් සිමෙන්ති මිළ වැඩිවෙන්නේ නැහැ දුම්රියට අතිරේක මුදලක් ලැබෙන නිසා ගාස්තු අඩු කරනවා කියලත් කියන්න... (ර)
ධම්ම Monday, 09 May 2016 07:49 AM
හොල්සිම් සිමෙන්ති මිළ වැඩිවෙන්නේ නැහැ දුම්රියට අතිරේක මුදලක් ලැබෙන නිසා ගාස්තු අඩු කරනවා කියලත් කියන්න ඇමතිතුමා. (බ)
ෂෙහාන් Monday, 09 May 2016 07:22 AM
ඉතාමත් සතුටට කාරණයක්... රටේ අනිත් හැම තැනටම මෙය හඳුන්වා දෙන්න... රට තුල බහලුම් ප්‍රවාහනය හැකි තාක් දුම්රිය මගින් සිදු කරමු... (ර)
අමල් Monday, 09 May 2016 07:22 AM
මාර්ග තදබදයට හොද විසදුමක්. (ර)