පවුල් හිමිකාරීත්වය සහිත සමාගම් කොටස් හුවමාරුවෙහි ලයිස්තුගත්වීම සඳහා දායක කරගැනීමේ අරමුණෙන් “Founder to Family-Leveraging Going Public” තේමාව යටතේ හමුවක් කොළඹ කොටස් හුවමාරුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හා එක්ව පසුගියදා කොළඹ, ශැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්වීය. මෙම හමුව පැවැත්වීමේ මූලික අරමුණ වූයේ ව්‍යාපාරයේ පාලනය රඳවා තබා ගනිමින් ලයිස්තුගතවීම හරහා වන ප්‍රතිලාභ අත්පත් කරගන්නා අකාරය සහ ලයිස්තුගතවීම සම්බන්ධයෙන් සමාජයේ වන දුර්මත පිළිබඳ සාකච්ඡා කිරීමයි.
ගෝලීය වශයෙන් සමාගම් ලයිස්තුගත වන්නේ බැංකු ණය පරිමාණය අවම කරගනිමින් අරමුදල් සම්පාදනය විවිධාංගීකරණය කරගැනීමට, වර්ධනය සඳහා අරමුදල් සම්පාදනයට, සමාගමේ උන්නතිය අපේක්ෂා කරන උපායමාර්ගික ආයෝජක ආකර්ෂණයට, සමාගමේ කළමනාකරණය හා සාංගමික යහපාලන ව්‍යුහ ස්ථාපනයට සහ පසුකාලීන සමාගමේ පැවැත්ම තහවුරු කරගැනීම් ආදී විවිධ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහායි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති, ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතා මෙසේ පැවසීය. “ අපගේ මූලික එක් අරමුණක් වන්නේ වෙළෙඳපොළෙහි ද්‍රවශීලතාව ඉහළ නැංවීමයි. කොටස් වෙළෙඳපොළෙහි පවතින දුර්මත අතර ප්‍රධාන වන්නේ ලයිස්තුගතවීම ඉතාම අපහසු , කල් ගතවන හා මිල අධික ක්‍රියාකාරකමක් යන්නයි. එහෙත් එය එසේ නොවෙයි. ප්‍රාග්ධන සම්පාදනයට පවතින හොඳම අවස්ථාවලින් එකක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි. එනිසාම සියලුම ව්‍යාපාරික ප්‍රජාව මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුමයි. මේ මොහොතේ රජය පවා ආයෝජක හිතකාමී පරිසරයක් ගොඩනංවා තිබෙනවා. පසුගිය අයවැය යෝජානාවලින් මෙම වසර අග වනතෙක් වන ලයිස්තුගතවීම්වලට බදු සහන පවා දී තිබෙනවා. එම නිසා වෙළෙඳපොළ ප්‍රවේශයකට හොඳම අවස්ථාව මෙයයි.”
කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. විශාල සමාගම් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළට අවතීර්ණවෙමින් ප්‍රාග්ධන වර්ධනයට උපකාරී පරිසරයක් මේ හරහා නිර්මාණය කරගැනීම සිත්ගන්නා සුළුයි. කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තු ගතවීම් හරහා විශේෂයෙන්ම පවුල් හිමිකාරීත්වය තිබෙන සමාගම් වලට අත්පත් කරගත හැකි විවිධ ප්‍රතිලාභ, විවධ අකාරයේ මට්ටම්වල වටිනාකම්, පිළිබඳව ආමන්ත්‍රණය කිරීමට මේ සුදුසුම කාලයක්. එමෙන්ම පවුල් හිමිකාරීත්වය දරන සමාගම්වලට මේ හරහා ලබාගත හැකි ප්‍රමුඛතම දෙය වන්නේ පෞද්ගලික සමාගමක් ලෙස සාංගමික යහපාලන මූලධර්ම මත පිහිටා සමාගමේ අනාගත අර්බුධවලට මුහුණ දිය හැකි වටපිටාවක් සකස් කර ගැනීමයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පවුල් හිමිකාරීත්වය සහිත සමාගම් 70කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මෙම හමුවෙහි දී, මූලික මහජන නිකුතුවක ස්වභාවය හා ව්‍යුහය, මහජන නිකුතුවකට පෙර හා පසු ක්‍රියාවලිය සඳහා සුදානම්වීම, නියාමන ප්‍රතිලාභ හා බදු සහන, අනාගත සහභාගීකරුවන් හා පවුල අතර අවශ්‍යතා තුලනය කරගැනීම ආදී බොහෝ කරුණු සාකච්ඡාවට භාජන විය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පවුල් හිමිකාරීත්වය සහිත ව්‍යාපාරවල උන්නතියට ලැයිස්තුගත වීමට ආරාධනා