X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


පැය එකහමාරෙන් මහනුවරට

කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හෙට (14) දිනයේ සිට ආරම්භ කරන බව රජය කියයි.

අධිවේගී මාර්ගයේ පොතුහැර මංසන්දියේ සිට ගලගෙදර දක්වා වන කොටස මුලින්ම සම්පූර්ණ කිරීමට නියමිත අතර ඒ සදහා වැයවේයැයි අපේක්ෂිත මුදල රුපියල් බිලියන 1.1 කි.

මෙම මුදලින් කොටසක් චීනයත්,අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතාවත් දරන අතර ඉතිරිය දරනු ඇත්තේ දේශීය හා විදේශීය බැංකු එකතුවකිනි.

මේ අධිවේගී මාර්ගය කොළඹ - යාපනය,උතුරු අධිවේගී මාර්ගයටම සම්බන්ධවූ වෙනම කොටසක් ලෙස ඉදිකෙරෙන අතර පොතුහැර මංසන්දියෙන් උතුරට හෝ නුවරට හෝ ගමන් කළ හැකිවන සේ මාර්ගය බෙදෙනු ඇත.මේ අනුව කොළඹ සිට යාපනය දක්වා හෝ කොළඹ සිට නුවර දක්වා හෝ ගමන් කරන රථවාහන පොතුහැර මංසන්ධිය දක්වා පැමිණෙන්නේ එකම මාර්ගයකය.

මහනුවර දක්වා දිවෙන අධිවේගී මාර්ගය පොතුහැර සිට රඹුක්කන,ගලගෙදර හා අලදෙනිය හරහා නුවර දක්වා විහිදෙන අතර යාපනය දක්වා දිවෙන අධිවේගී මාර්ගය පොතුහැර සිට කුරුණෑගල,ගලේවෙල හා දඹුල්ල හරහා යාපනය දක්වා දිවේ.

උතුරු අධිවේගී මාර්ගයට වැයවනු ඇතැයි ගණන් බලා ඇති මුදල රුපියල් බිලියන 500 කි.රජය සදහන් කරන්නේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වලින් සියයට 60 ක්ම පමණ සිදුවනු ඇත්තේ දේශීය සමාගම් වල දායකත්වයෙන් බවයි.

අධිවේගී මාර්ගය ඉදිකෙරුණු පසු පැය එකහමාරක් වැනි කාලයකින් නුවරට ළගා විය හැකියැයි පැවසේ.



අදහස් (0)

පැය එකහමාරෙන් මහනුවරට

සුමිත් Tuesday, 02 December 2014 06:20 PM

හොඳයි රජයට හොද අාදායමක් රටේ දියුනුවට ප්‍රදානයෙන් බලපාන්නේ පාරවල්. ඕක හදල වැඩට ගන්න සේවකයෝ ගැනත් හිතන්න ඡන්දෙ ගන්න ඕන නිසා. (නදී)

:       0       0

පද්මිණි Saturday, 06 December 2014 09:00 PM

අනේ අපේ ගමටත් මෙහෙම දේවල් එනවා නම්..... (නි)

:       0       0

මිලාන් Saturday, 06 December 2014 09:00 PM

මම ඉන්න රටේ මිනිස්සු ලංකාව ගැන දැන් කතාකරන්නේ බොහොම ආඩම්බරයෙන් (නි)

:       0       0

තෙන්නකෝන් Saturday, 06 December 2014 09:01 PM

මේවායේ ප්‍රතිලාභ ලැබෙන්නේ අපේ මතු පරපුරට (නි)

:       0       0

කුමාරනායක Saturday, 06 December 2014 09:00 PM

හදවතින්ම අපි සතුටුවෙනවා (නි)

:       0       0

පද්මන් Saturday, 06 December 2014 09:00 PM

ජය ශ්‍රී මහරජාණෙනි! (නි)

:       0       0

පබ්ලිස් අප්පුහාමි Saturday, 06 December 2014 08:58 PM

අපි නොදන්නා ආච්චිගේ විජ්ජාව....පාරවල් නොහදා රට කළුවරේ තියලා ,,බඩ පිරෙන්න කාලා ගේඇලෙන් නාලා ගහක් යට වාඩිවෙලා හඳ දිහා බලන් එළිපත්තේ අපේ ආච්ච්i විජ්ජාව කොරනවා. (ස)

:       0       0

කමල් Friday, 05 December 2014 06:12 PM

එරන්ද, ආණ්ඩු වෙනස් වුණා කියලා කරන්න අනුමත වූ වැඩ නතර වෙනවද? (නි)

:       0       0

මොහමඩ් Friday, 05 December 2014 05:24 PM

හොඳ දෙයක්. ජය වේවා ජනපතිතුමනි! (නි)

:       0       0

රවිනාත් Thursday, 04 December 2014 10:55 PM

අන්දරේ, ආර්ථික විද්‍යාව තව ටිකක් ඉගෙනගත්තා නම් හොඳයි. රටේ ආර්ථික ශක්තිය මනින මිනුමක් තමයි මහාමාර්ග. තම තමාගේ දේශපාලන මත නිසා සංවර්ධන වැඩ බාල කරන්න එපා. මෙතනදි සැළකියයුතු දේ නම් පාරවල් හැදුවාට මාර්ග නීති පිළිනොපදින එකයි. ලේන් කපාගෙනමයි වාහන යන්නෙ. අනවශ්‍ය ලෙස නළා ශබ්ද කරනවා. ඉවසීම නැහැ (නි)

:       0       0

කුමාර Wednesday, 03 December 2014 10:53 PM

විශිෂ්ට කාර්යයක්. වියදමද සාධාරන විය යුතුයි (නි)

:       0       0

එරන්ද Wednesday, 03 December 2014 12:25 PM

හදිසියේවත් ඡන්ද ප්‍රතිඵල වෙනස් වුණොත් මේවා හදන්නේ නැතිවෙයිද මන්දා. එහෙම වුණොත් මේ ලැබී තිබෙන මහඟු අවස්ථාව ජාතියට නැතිවෙනවා. (නි)

:       0       0

කවිරාජ් Saturday, 06 December 2014 09:01 PM

මෙවන් ව්‍යාපෘති තව තවත් බිහිවේවා! (නි)

:       0       0

නුවන් Tuesday, 02 December 2014 08:40 AM

පරිසරය දෙපලු කරලා අධිවේගී ඉදිකරාට සාමාන්‍ය පාරවල් වල තියෙන තදබදය අඩුවෙන්නේ නැහැ (නදී)

:       0       0

නුවන් Tuesday, 02 December 2014 08:36 AM

පරිසරය දෙපලු කරලා අධිවේගී ඉදිකරාට සාමාන්‍ය පාරවල් වල තියෙන තදබදය අඩුවෙන්නේ නැහැ (නදී)

:       0       0

නුවන් Tuesday, 02 December 2014 08:26 AM

පරිසරය දෙපලු කරලා අධිවේගී මාර්ග ඉදිකරාට සාමාන්‍ය පාරවල් වල තියෙන තදබදය අඩුවෙන්නේ නැහැ (නදී)

:       0       0

නුවන් Tuesday, 02 December 2014 08:26 AM

පරිසරය දෙපලු කරලා අධිවේගී ඉදිකරාට සාමාන්‍ය පාරවල් වල තියෙන තදබදය අඩුවෙන්නේ නැහැ! (අ)

:       0       0

තරිදු Tuesday, 02 December 2014 06:00 AM

වෙරංග, අද කාල බිල ඉන්න එක නෙමයි ආර්ථිකය. අද මේවා දියුණු කරේ නැත්නම්, අනාගතේ ඔයාගේ දරුවෙක් ඔය කතාවම කියයි 'බත් පිගාන අතට ගත්තාම තේරෙනවා තමන්ගේ ආර්ථික තත්වේ' කියලා. මේවා දැනට අවුරුදු 20-30 කලින් කරන්ඩ තිබ්බ වැඩ. (ර)

:       0       0

තරිඳු Tuesday, 02 December 2014 06:00 AM

වෙරංග, අද කාල බිල ඉන්න එක නෙමෙයි ආර්ථිකය. අද මේවා දියුණු කළේ නැත්නම්, අනාගතේ ඔයාගේ දරුවෙක් ඔය කතාවම කියයි. 'බත් පිගාන අතට ගත්තාම තේරෙනවා තමන්ගේ ආර්ථික තත්වේ' කියලා. මේවා දැනට අවුරුදු 20-30 කලින් කරන්ඩ තිබ්බ වැඩ. (නදී)

:       0       0

සංජීව Tuesday, 02 December 2014 05:23 AM

රටක සංවර්දනය මනින්නේ පාරවල් වල දිගෙන්, වරායවල් වල පළලෙන්, ගුවන් තොටුපළවල් වලින්, හරිත උද්‍යාන ගොඩ නැගිලිවලින් නෙවෙයි. දළ දේශීය නිෂ්පාදනයෙන්. ඒක පුද්ගල ආදායම වගේ ඍජු මිනුම් සහ සාක්ෂරතාවය, උපත් හා මරණ අනුපාතය වගේ වක්‍ර නිර්ණායක මගින්. මේ එකක්වත් ඉහල ගිහිල්ල තියෙනවද. රටේ කිහිප දෙනෙක්ගේ පුද්ගල ආදායම නම් ඉහල ගිහිල්ල තියෙනවා. රජය මොන බයිලා ගැහුවත් මිනිස්සුන්ට ආර්ථික නිදහස නෑ. (නදී)

:       0       0

සංජීව Tuesday, 02 December 2014 05:22 AM

රටක සංවර්ධනය මනින්නේ පාරවල් වල දිගෙන්, වරායවල් වල පළලෙන්, ගුවන් තොටුපළවල් වලින්, හරිත උද්‍යාන ගොඩ නැගිලිවලින් නෙවෙයි. දළ දේශීය නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම වගේ ඍජු මිනුම් සහ සාක්ෂරතාවය, උපත් හා මරණ අනුපාතය වගේ වක්‍ර නිර්ණායක මගින්. මේ එකක්වත් ඉහල ගිහිල්ල තියෙනවද.? (ර)

:       0       0

ලලිත් Sunday, 30 November 2014 01:11 PM

අලියට කලින් හෙන්ඩුව ගන්නවා වගේ. වැඩියෙන් අවශ්‍ය වෙලා තියෙන කොළඹ පොතුහෙර කොටස පස්සේ කරන්න තියල අඩුවෙන් ප්‍රයෝජන තියෙන කෑල්ලට කෝටිගනක් නයට අරගන්න යන්නේ මොකටද. මටනම් පෙන්නේ චන්ද්‍රික මැතිනි අන්තිමට යන්න කලින් කඩිමුඩියේ එංගලන්තෙන් කසිකබල් නැවක් ගන්න හදපු එකේ අනික වගේ. (ස)

:       0       0

ලලිත් Sunday, 30 November 2014 01:11 PM

අලියට කලින් හෙන්ඩුව ගන්නවා වගේ. වැඩියෙන් අවශ්‍ය වෙලා තියෙන කොළඹ පොතුහෙර කොටස පස්සේ කරන්න තියල අඩුවෙන් ප්‍රයෝජන තියෙන කෑල්ලට කෝටිගනක් නයට අරගන්න යන්නේ මොකටද. මටනම් පෙන්නේ චන්ද්‍රික මැතිනි අන්තිමට යන්න කලින් කඩිමුඩියේ එංගලන්තෙන් කසිකබල් නැවක් ගන්න හදපු එකේ අනික වගේ. (අ)

:       0       0

රවී Sunday, 30 November 2014 08:20 AM

තමන්ගේ ඉන්කම් එක වැඩි කරගන්න එක තමන්ගේ වැඩක් අනුන් දෙනකන් බලන් ඉන්නේ නැතිව. කොහොමත් නුවර පාර තරම් ට්‍රැෆික් ඇති පාරක් ලංකාවේ කොහේවත් නෑ. මේ පාර හදන එකනම් කියලා වැඩක් නෑ. අපේ කාලය ගොඩක් ඉතිරි වෙනවා. ජීවිත කාලයෙන් සියයට 40ක් පමණ මහ පාරේ(ස)

:       0       0

ප්‍රියන්ත Saturday, 06 December 2014 09:05 PM

සමහරුන්ට මේවා ඇහැට කටු අනින්න වගෙයි (නි)

:       0       0

අබේරත්න Wednesday, 25 February 2015 01:01 AM

අසංක අඳුරේ අතපතගානවා. දැන් පැය හතරක් යනවා නුවර යන්න. මිනිසුන් දහස් ගණනකගේ පැය 3 ගණනේ දිනකට ඉතිරි වෙනවා. දිනකට ලක්ෂ ගණනක් නුවරට එනවා යනවා . එතකොට මොනතරම් කාලයක් ඉතිරි වෙනවද ? කායික , මානසික , ආර්ථික සංවර්ධනය එමඟින් සිදුවෙනවා. (නි)

:       0       0

අබේරත්න Wednesday, 25 February 2015 12:50 AM

එම අධිවේගී මාර්ගයේ දුෂණ වෙලා නැද්ද? චීන ආයෝජනය දැන් හොඳද? (නි)

:       0       0

අශේන් Sunday, 07 December 2014 04:41 AM

ලංකාවේ තියෙන්නේ සංවර්ධිත ආර්ථික ක්‍රමයක් නොවෙයි ඒ නිසා අධිවේගී පාරවල් වලින් ලංකාවේ ආර්ථිකයට විශාල බලපැමක කරන්න බැහැ, ප්‍රථමයෙන් ලංකාවේ ආර්ථියක සංවර්ධනය කරලා ඒකට සාපේක්ෂව අධිවේගී පාරවල් හදන්න (දී)

:       0       0

අසංක Sunday, 07 December 2014 04:41 AM

පැයෙන් නුවර ගියා කියලා තියෙන සංවර්ධනය කුමක්ද (දී)

:       0       0

නලින්ද Sunday, 07 December 2014 04:41 AM

සංවර්ධනය වන ලංකාවේ පුරවැසියෙක් මම (දී)

:       0       0

නයනජිත් Sunday, 07 December 2014 04:41 AM

නුවර යනකොට ලස්සන බල බල යන්න තියෙන්න ඕනේ නේ (දී)

:       0       0

ඇසිලින් නෝනා Saturday, 06 December 2014 09:33 PM

පාරවල් නොහදා රට කළුවරේ තියලා, බඩ පිරෙන්න කාලා ඇලෙන් නාලා ගහක් යටට වාඩි වෙලා හඳ දිහා බලන් එළි පැත්තේ විජ්ජාව කොරනවා. (නදී)

:       0       0

ඇසිලින් නෝනා Saturday, 06 December 2014 09:33 PM

අපි නොදන්නා විජ්ජාව. (නදී)

:       0       0

අප්පුහාමි Saturday, 06 December 2014 09:05 PM

අපි නොදන්නා විජ්ජාව....? (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 06 December 2014 09:05 PM

කොච්චර හොඳද? (නි)

:       0       0

කාන්ති Saturday, 06 December 2014 09:05 PM

ඉතා ඉක්මණින් මෙම කාර්යය නිමකිරීමට හැකිවේවා! (නි)

:       0       0

වෙරංග Tuesday, 25 November 2014 09:28 AM

මෙතැන මොන බයිලාව ගැහැව්වත් මේ හැමෝටම කන්න බත් පිගාන අතට ගත්තාම තේරෙනවා තමන්ගේ ආර්ථික තත්වේ.තමන් තමන්ට බොරු කර ගන්න එපා මිනිසුනේ.මේ දේවල් කරන්නේ කාගෙවත් පුද්ගලික සල්ලි වලින් නෙමෙයි.අපේ සල්ලි වලින්. ඒ දේ මතක තියා ගන්න.(ස)

:       0       0

ප්‍රමෝද් Saturday, 06 December 2014 09:05 PM

මගේ රටට බුදු සරණයි! (නි)

:       0       0

වීරසේකර Saturday, 06 December 2014 09:05 PM

රට දියුණු වෙනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

අමන්දා Saturday, 06 December 2014 09:00 PM

මෙවන් ව්‍යාපෘති තව තවත් බිහිවේවා! (නි)

:       0       0

නටාෂා Saturday, 06 December 2014 09:00 PM

අපේ වෙලාව කොච්චර ඉතුරුද? (නි)

:       0       0

වෙනුෂ්ක Saturday, 06 December 2014 09:01 PM

මෙවන් නායකයෙක් රටට වාසනාවක් (නි)

:       0       0

අබේපාල Saturday, 06 December 2014 09:00 PM

අනේ කොච්චර හොඳද? (නි)

:       0       0

කාන්තිනී Saturday, 06 December 2014 09:01 PM

ජය ශ්‍රී මගේ රටට! (නි)

:       0       0

යසස්සි Saturday, 06 December 2014 09:01 PM

මෙවන් රටක ඉපදෙන්න මම මොනතරම් පින් කරලා ඇද්ද? (නි)

:       0       0

කෞශල්‍යා Saturday, 06 December 2014 09:01 PM

මගේ රට අනාගතයේදී සුරපුරයක් වේවි (නි)

:       0       0

නිර්මල Saturday, 06 December 2014 09:01 PM

ජයවේවා! (නි)

:       0       0

නාමල් Friday, 14 November 2014 08:11 AM

ඉක්මනින් යන්න පුළුවන් වෙයි.අනතුරු වැඩි වෙයි.(හේ)

:       0       0

ලියොන් ගුනවර්ධන Saturday, 15 November 2014 02:30 AM

මහජනයාගේ පහසුව සඳහා මෙවැනි අදිවේග මාර්ග පහසුකම් සැලසීම අගයකොට සලකන මුත් දිවයිනේ නගරාසන්න ප්‍රදෙසවල මාර්ගයන්හි ඇති වාහන තදබදය නිසා මහජනයාට කලට වෙලාවට කිසිවක් කරගත නොහැක. නගරාසන්න ප්‍රදේශවල පාරවල් පුළුල් කිරීම අසීරු කරුණක් නිසා වාහන ආනයන කිරීම සීමා කර පොදු ප්‍රවාහන සේවා උපයෝගී කර ගැනීමට මහජනයා පමණක් නොව රජයේ නිලධාරීන් පොදු ප්‍රවාහන සේවයේ පහසුකම් සැලසිය යුතුය. (ර)

:       0       0

නිර්මල Saturday, 15 November 2014 01:17 AM

මේ පාර හැදුනහම අපිට හැමදාම ගෙදර ඉඳලා වැඩට එන්න පුලුවන් (නි)

:       0       0

තමිත් Saturday, 15 November 2014 01:14 AM

එතකොට මෙහි අනුමත වේගය පැයට කිලෝමීටර් කීයද? (නි)

:       0       0

සමන් - පැරිස් Friday, 14 November 2014 10:03 AM

ලෝකය 2014 ඉද්දි අපි 1984. දැන්වත් ඉදිරියට එන එක ගැන ගොඩක් සතුටුයි. අපි රටෙන් පිට ඉඳගෙන ලබන පහසුකම් අපේ අයට අපේ රටේදීම ලැබෙනවා කියන එක අහන්නත් ආසයි. (ර)

:       0       0

සමන් - පැරිස් Friday, 14 November 2014 09:52 AM

ලෝකය 2014 ඉද්දි අපි 1984. දැන්වත් ඉදිරියට එන එක ගැන ගොඩක් සතුටුයි. අපි රටෙන් පිට ඉඳගෙන ලබන පහසුකම් අපේ අයට අපේ රටේදීම ලැබෙනවා කියන එක අහන්නත් අාසයි.(හේ)

:       0       0

සමන් පැරිස් Friday, 14 November 2014 09:38 AM

ලෝකය 2014 ඉද්දි අපි 1984. දැන්වත් ඉදිරියට එන එක ගැන ගොඩක් සතුටුයි. අපි රටෙන් පිට ඉඳගෙන ලබන පහසුකම් අපේ අයට අපේ රටේදීම ලැබෙනවා කියන එක අහන්නත් අසයි. (දිල්)

:       0       0

චමිල Friday, 14 November 2014 09:23 AM

පොතුහැර යන්න පැය 3. එතන ඉදලා නුවර යන්න පැය 1 1/2. ඔක්කොම පැය 4 1/2. අපිට හැමදාම ගෙදර ඉදලම වැඩට එන්න පුළුවන් . පෙට්රල් මිලත් දැන් අඩුයිනේ..(බ)

:       0       0

චමිල Friday, 14 November 2014 09:05 AM

පොතුහැරට යන්න පැය 3යි. එතන ඉඳලා නුවර යන්න පැය 1 1/2යි. ඔක්කොම පැය 4 1/2යි. අපිට හැමදාම ගෙදර සිටම වැඩට එන්න පුළුවන්. පෙට්‍රල් මිලත් දැන් අඩුයිනේ. (නි)

:       0       0

වික්‍රම Friday, 14 November 2014 08:35 AM

ගමන ඉක්මන්.නුවර අයට කොළඹ වැඩට එන්නත් පුළුවන්.(හේ)

:       0       0

විකි Friday, 14 November 2014 08:35 AM

හොද වැඩක්. කොළඹ ඉදලා පොතුහැරට යන්න කොච්චර වේලාවක් යනවද ?(හේ)

:       0       0

මහසෙන් Friday, 14 November 2014 08:11 AM

තව තව කදු හෙල් නාය යාවි. අපිට ටුක් ගාල යන්න පුළුවන්. (හේ)

:       0       0

ලියොන් ගුණවර්ධන Saturday, 15 November 2014 02:35 AM

මහජනයාගේ පහසුව සඳහා මෙවැනි අධිවේග මාර්ග පසුකම් සැලසීම අගයකොට සලකන මුත් දිවයිනේ නගරාසන්න ප්‍රදේශවල මාර්ගයන්හි ඇති වාහන තදබදය නිසා මහජනයාට කලට වෙලාවට කිසිවක් කරගත නොහැකිවා පමණක් නොව වාහනවල අපතේ යන ඉන්ධන නිසා මහජනයාට අමතර වියදමක් දරන්නට වනවා පමණක් නොව පරිසරය දූෂණය වෙමින් අමතර විදෙස් විනිමයක් රටින් පිටුවේ .නගරාසන්න ප්‍රදේශවල පාරවල් තවදුරටත් පුළුල් කිරීම අසීරු කරුණක් නිසා වාහන ආනයනය කිරීම සීමා කර පොදු ප්‍රවාහන සේවා උපයෝගී කර ගැනීම මහජනයා පමණක් නොව රජයේ නිලධාරීන් දේශපාලකයන්ද පෙළඹෙන පරිදි පොදු ප්‍රවාහන සේවයේ පහසුකම් සැලසිය යුතුය. (බ)

:       0       0

භානුක Friday, 14 November 2014 08:11 AM

රටේ දියුණවේ මං පෙත්.(හේ)

:       0       0

මහසෙන් Friday, 14 November 2014 08:11 AM

තව තව කදු හෙල් නාය යාවි. අපිට ටුක් ගාල යන්න පුළුවන්. එ්ක තමයි ජොලිය. (බ)

:       0       0

සිතුම් Friday, 14 November 2014 08:11 AM

හොද ව්‍යාපෘතියක්.(හේ)

:       0       0

අසේල Friday, 14 November 2014 08:11 AM

මේ පාර හැදුවට පොඩි වාහන වලට යන්න බෑනේ.(හේ)

:       0       0

විකි Friday, 14 November 2014 07:38 AM

හොද වැඩක්. හැබැයි කොළඹ ඉදලා පොතුහැරට යන්න එන්න කොච්චර වෙලා යනවද ? (දිල්)

:       0       0

භාග්‍යා Thursday, 13 November 2014 07:25 PM

හදන්න පෙර නියමිත පරිසර වාර්තා ගත්තොත් හොඳයි කියලා මම හිතනවා (නි)

:       0       0

සරත් Thursday, 13 November 2014 06:05 PM

හොඳ වැඩක්. ජයවේවා ජනපතිතුමනි! (නි)

:       0       0

කමල් Thursday, 13 November 2014 04:56 PM

ඇත්තටම පක්ෂ බේදයකින් තොරව රටට කරන හොඳ වැඩක් (නි)

:       0       0

ඇන්ඩෲ Thursday, 13 November 2014 04:51 PM

ඇත්තටම හොඳ වැඩක් (නි)

:       0       0

කමල් ඇහැලියගොඩ Thursday, 13 November 2014 04:50 PM

ඇත්තටම පක්ෂ බේදයකින් තොරව රටට කරන හොඳ වැඩක්.(හේ)

:       0       0

කමල් Thursday, 13 November 2014 04:49 PM

ඇත්තටම හොඳ වැඩක්.(හේ)

:       0       0

හිරූ Tuesday, 18 November 2014 01:28 PM

ඇත්තටම ගොඩක් සතුටු හිතෙන පුවතක්. (ර)

:       0       0

ඉසුරන්දි දෝහා Tuesday, 25 November 2014 07:05 AM

රටේ සංවර්දනය උදෙසා කරන මෙවැනි බහු කාර්ය විධි අනුමත කරමි. මේවා අදට වගේම මතුවට ඉතා වැදගත්. (නදී)

:       0       0

ඉසුරන්දි දෝහා Tuesday, 25 November 2014 07:05 AM

රටේ සංවර්දනය උදෙසා කරන මෙවැනි බහු කාර්ය විධි අනුමත කරමි.මේවා අදට වගේම මතුවට ඉතා වැදගත්..(අ)

:       0       0

තරිදු Monday, 24 November 2014 11:44 PM

අන්දරේ, මෝඩ කතා කියන්න එපා. ඔයා ඔය කියලා තියන නිර්ණායක සියල්ලටම රටේ මහාමාර්ග දායක වෙනවා. ලොවේ ඕනෑම රටක හැම පළාතක්ම එක හා සමානව දියුණු කරන්න බැහැ. ඒකට අඩුම තරමේ අවුරුදු 5-10 වැඩි කාලයක් යනවා. ඔයා ඔය කියන මිනුම් එකක්වත් කෙටිකාලීන නිර්ණායක නොවේ. (නි)

:       0       0

චින්තක Monday, 24 November 2014 03:33 PM

ඒක හොදයි.ඒත් ගණන් තමයි වැඩි.(හේ)

:       0       0

කසින් Monday, 24 November 2014 03:32 PM

ඔය උඩ එක එක වාක්‍ය දාල තියෙන අයියල පාර හැදුවම නුවර යාපනේ යන්න හයි වේ එකේ බහින්නෙ හෙමින්ද..(අ)

:       0       0

පියසිරි Monday, 24 November 2014 03:29 PM

ඔය උඩ එක එක වාක්‍ය දාල තියෙන අයියල පාර හැදුවම නුවර යාපනේ යන්න හයි වේ එකේ බහින්නෙ හෙමින්ද. (නදී)

:       0       0

උමා Monday, 24 November 2014 02:37 AM

නියම කියමන අන්දරේ (නදී)

:       0       0

අන්දරේ Saturday, 22 November 2014 05:24 AM

රටක සංවර්දනය මනින්නේ පාරවල් වල දිගෙන්, වරායවල් වල පළලෙන්, ගුවන් තොටුපළවල් වලින්, හරිත උද්‍යාන ගොඩනැගිලිවලින් නෙවෙයි. දළ දේශීය නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම වගේ ඍජු මිනුම් සහ සාක්ෂරතාවය, උපත් හා මරණ අනුපාතය වගේ වක්‍ර නිර්ණායක මගින්. මේ එකක්වත් ඉහල ගිහිල්ල තියෙනවද. රටේ කිහිප පුද්ගල ආදායම නම් ඉහල ගිහිල්ල තියෙනවා. රජය මොන බයිලා ගැහුවත් මිනිස්සුන්ට ආර්ථික නිදහස නෑ. (නදී)

:       0       0

අන්දරේ Saturday, 22 November 2014 05:03 AM

රටක සංවර්දනය මනින්නේ පාරවල් වල දිගෙන්, වරායවල් වල පළලෙන්, ගුවන් තොටුපළවල් වලින්, හරිත උද්‍යාන ගොඩ නැගිලිවලින් නෙවෙයි. දළ දේශීය නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම වගේ ඍජු මිනුම් සහ සාක්ෂරතාවය, උපත් හා මරණ අනුපාතය වගේ වක්‍ර නිර්ණායක මගින්. මේ එකක්වත් ඉහල ගිහිල්ල තියෙනවද. රටේ කිහිප දෙනෙක්ගේ පුද්ගල ආදායම නම් ඉහල ගිහිල්ල තියෙනවා. රජය මොන බයිලා ගැහුවත් මිනිස්සුන්ට ආර්ථික නිදහස නෑ. (නදී)

:       0       0

කැනඩා දිසා Friday, 21 November 2014 01:49 AM

ඉස්සරත් අපි ගියේ ඔය වෙලාවටම තමයිනේ වෙනසක් නැහැ . (නදී)

:       0       0

කැනඩා දිසා Friday, 21 November 2014 01:48 AM

ඉස්සරත් අපි ගියේ ඔය වෙලාවටම තමයි. ඉතින් මට නම් වෙනසක් නැහැ (නි)

:       0       0

ලලිත් කදාගොඩ Thursday, 13 November 2014 04:04 PM

අධි වේගයේ ගිහිනුත් පැය එකහමාරක් නම්, අනුමත වේගය පැයට කිලෝ මීටර කීයද මේ මාර්ගයේ ?(හේ)

:       0       0

දමිත් චාමර Tuesday, 18 November 2014 01:22 PM

තවත් හොදයි. ලංකාව පුංචි රටක් පැය 24 න් ඔනෑම තැනකට යන්න පුලුවන්. (ර)

:       0       0

විජේදාස Tuesday, 18 November 2014 02:15 AM

හරිම සතුටුයි (නි)

:       0       0

විජේදාස Tuesday, 18 November 2014 02:12 AM

මගේ රට තවත් දියුණු වේවා! (නි)

:       0       0

සමන්ජය Monday, 17 November 2014 01:59 PM

ඇත්තටම ඉතාම හොඳ වැඩක්. දැනටත් අධික ලෙස වාහන තදබදය නිසා නිරතුරු රිය අනතුරු සිදුවන කොළඹ කුරුණෑගල සාමාන්‍ය මාර්ග වල වාහන තද බදයද මෙම නිසා අඩුවෙයි කියා සිතනවා. (අ)

:       0       0

සමන්ජය Monday, 17 November 2014 01:59 PM

ඇත්තටම ඉතාම හොඳ වැඩක්. දැනටත් අධික ලෙස වාහන තදබදය නිසා නිරතුරු රිය අනතුරු සිදුවන කොළඹ කුරුණෑගල සාමාන්‍ය මාර්ග වල වාහන තද බදයද මෙම නිසා අඩුවෙයි කියා සිතනවා. (අ)

:       0       0

සමන්ජය Monday, 17 November 2014 01:58 PM

ඇත්තටම ඉතාම හොඳ වැඩක්. දැනටත් අධික ලෙස වාහන තදබදය නිසා නිරතුරු රිය අනතුරු සිදුවන කොළඹ කුරුණෑගල සාමාන්‍ය මාර්ග වල වාහන තද බධයද මෙම නිසා අඩුවෙයි කියා සිතනවා. (හේ)

:       0       0

යසින්ත Sunday, 16 November 2014 07:43 PM

කාලය ඉතුරුවීම මොනතරම් ලොකු දෙයක්ද? (නි)

:       0       0

සුනෙත් Sunday, 16 November 2014 05:02 PM

කවුරු මොනවා කිවුවත් මේ දේවල් වල වටිනාකම තියෙන්නේ අනාගත පරපුරට. රටක් ආර්ථික වශයෙන් දියුණු වෙන්න නම් පළමුව යටිතල පහසුකම් දියුණු කරන්නම වෙනවා. (නි)

:       0       0

හේමන්ත Sunday, 16 November 2014 01:38 AM

කටුගස්තොට ඉඳලා නුවර යන එක දෙමටගොඩ වගේ වෙයි. හොද වැඩක් ජයවේවා ජනපතිතුමනි.(හේ)

:       0       0

ආනන්ද Saturday, 15 November 2014 09:47 AM

මහනුවර ඉන් එහා ගම් සහා නගර වල ජනතාවට ලැබෙන ප්‍රයෝජනය කියා නිමකරන්න බැහැ . මේක ඉතාමත්ම කාලෝචිත වැඩක්. අවුරුදු ගණනක් එකතැන පල්වෙවී හිටිය රට සංවර්ධනය කරන්න මග පෑදුනේ වත්මන් ජනධිපති නිසායි. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site