සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරියේදී යළිත් වරක් වසා දැමීමට සිදුවනු ඇතැයි බලධරයෝ කියති.
මීට හේතුව වී ඇත්තේ මෑතකදී ඕමානයෙන් ආනයනය කැරුණු ඛනිජ තෙල් යොදාගෙන පිරිපහදු කළ ඉන්ධන වල තත්ත්වය බාල වීමයි.විශේෂයෙන් ශී‍්‍රලංකාවේ බහුතර වාහන වලට ඔක්ටේන් අංකය 90 හෝ 95 අගයේ පෙට‍්‍රල් යොදාන නමුත් මෙවර පිරිපහදුවෙන් ලැබී ඇත්තේ ඔක්ටේන් අංකය 88 ක් වන පෙට‍්‍රල්ය.ඒවා ශී‍්‍රලංකාවේ ධාවනය වන වාහන වලට සුදුසු නැතැයි කියති.
මෙනිසා මෙටි‍්‍රක් ටොන් 3500 ක පමණ ඉන්ධන තොගයක් වෙළදපොළට නිකුත් කළ නොහැකිව ගබඩා කර ඇති බව සදහන්වේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිර්මාණය කර ඇත්තේ ඉරානයෙන් ආනයනය කෙරෙන ඛනිජ තෙල් පිරිපහදු කිරීමටය.අන් රටවල ඛනිජ තෙල් ඊට නොගැලපෙන බව බළධාරීන් පවසයි.ඉරානයට පනවා ඇති ආර්ථික සම්බාධක නිසා එරටින් ඛනිජ තෙල් ආනයනය කිරීමද සිදුකළ නොහැක.මේ හේතු නිසා
පිරිපහදුවේ පිරිපහදු හැකියාව දිනකට ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 200 දක්වා පහත බැස ඇත.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිරි පහදුවේ අපලය වැඩි වේ
නීල් රානා Sunday, 16 June 2013 01:41 PM
ඉරානයේ නව ජනාධිපති හස්සන් රුහණි සමග තත්වය වෙනස් වේවි. එතෙක් ඕමාන අමු තෙල් වලින් ඔක්ටේන් 88 ට පෙට්‍රල් හදාගන්න පුළුවන් කම තියෙද්දී ඒ අගය 90 හෝ ඊට වැඩි කරගන්න අවශ්‍ය තාක්ෂණික උපක්‍රම පිලිබඳව පෙට්‍රෝලියම් ඉංජිනේරුවන් පරීක්ෂණ නොපවත්වන්නේ ඇයි?(නදී)
ද සිල්වා බෙර්ලින් Sunday, 16 June 2013 04:02 PM
නව තෙල් පිරිපහදුවක අවශ්‍යතාවය හොදින්ම තිබෙද්දී අපේ මිනිස්සු සල්ලි නයට අරන් හදන්නේ මාසෙකට නැවි 2-3 එන වරායවල්. දවසකට ගුවන්යානා 2-3 එන ගුවන්තොටුපළවල් , ඒවාට යන්න පාරවල්. මේ විදියට ගියොත් තෙල් මිල තව තවත් ඉහලයාවි. කබපෙන් ලිපට වට්ටේන්නේ දුප්පත් ජනතාව. ඔබ තුමන්ලා පොරොන්දු වුන සුභ අනාගතයද මේ.(නදී)
රිමාකෝ Sunday, 16 June 2013 05:50 PM
දැන් සපුගස්කන්දේ ඉන්න ඉංජිනේරුවන්ට එච්චර හැකියාවක් නැහැ. එයාලා දේශපාලනයෙන් ආපු අය. එයාලා කැමති නැහැ පළපුරුදු අයගේ දැනුම ගන්න. ඕන තරම් ඉන්නවා විදේශ වල ගිහින් පළපුරුදු තියෙන අය. එත් එයාලට අවස්ථාවක් දෙන්නේ නැහැ. එයාලගේ තාක්ෂනය ප්‍රයෝජනයට ගන්න.(නදී)
ආනන්ද ආර් Sunday, 16 June 2013 08:31 PM
කවදා අහපු දේවල්ද මේවා? අනේ අපේ රට ! (අ)
නීල්-රානා Sunday, 16 June 2013 09:36 PM
මම දන්නවා ඕකේ පුහුණු මධ්‍යස්ථානයේ ඉඳන් ඉහලම තැන දක්වා තනතුරු අල්ලාගෙන හිටියෙත් දැන් ඉන්නෙත් බොරු කාරයෝ. ඒ නිසයි රුසියාවෙන් ලැබුණු තෑග්ගවත් වැඩි දියුණු කරගන්න බැරි වුනේ. නිවැරදිව පිරිපහදුව පාලනය කලානම් එයින් ලැබුණු ලාභයෙන් නව පිරිපහදුවක් අපිටම හදාගන්න තිබුනා. මා පෙට්‍රෝලියම් ඉංජිනේරුවන් ලෙස අදහස් කලේ ඔතන ඉන්න යාන්ත්‍රික, විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික වැනි ඉංජිනේරුවන් නොවේ. අමු තෙල් වලින් අනෙක් නිපැයුම් හදන්න දන්නා විශේෂඥයින්. මේ රටේ බොහෝ ගුරුවරුන්ට විෂය උගන්න ගන්න බැහැ වගේ ඇමතිවරුන්ටත් තමන්ගේ විෂය පිලිබඳ දැනීමක් නැහැ. ඊට පස්සේ පුහු තර්ක ගේනවා ලොක්කෝ ඉන්නේ පරිපාලනයට විෂය දන්නා අය ඇමති යටතේ ඉන්නවා කියල. වානේ සංස්ථාවට සිදුවුනෙත් ඕකමයි. නිදහස ලබා වසර 60 ක් ගතවන විට රටම අගාධයේ. කනාපල්ලමක් වැදිලා යුද්දේ දිනුවට හිස උදුම්මගන්න ඕනේ නැත්තේ නිදහස ලැබුවට පස්සේ බලයට ආ සියලු දේශපාලකයින් මේ රට අගාධයට ගෙනගිය නිසා. රට දාල ගිය සුද්දෝ අපි දිහා බලා දෙකොනින් හිනා වෙනවා.(නදී)
රානි Monday, 17 June 2013 08:26 AM
නිල රනා, ඔබ කිවුවා වගේ සුද්දෝ දෙකොනින් හිනා වෙනවා. ඒක සහතික ඇත්ත. (නි)
ශීලා Monday, 17 June 2013 08:30 AM
දැන් ඉරානෙන් තෙල් ගත්තේ අපි විතරද? ඉරානෙන් තෙල් ගත්තු අනික් රටවලත් තත්ත්වේ මේකමද. (නි)
රූපා Monday, 17 June 2013 08:31 AM
ගියවර කැබිනට් සංසෝදධයක් වෙද්දී අලුත් තෙල් ඇමති පිළිගන්ට ලක්ෂ 100 වැයකරලා තිබුනා. ඔන්න ලංකාවේ තත්වේ. අම්මපා මෙහෙම රටක් ලෝකේ තිබෙනවද?(නදී)
ලසන්ත Monday, 17 June 2013 08:33 AM
ඔක්ටේන් 95 කියන්නේ ලංකාවේ ප්‍රමිතියේ හැටියට සුපිරි පෙට්‍රල්. නමුත් වෙන රටවල් පටන් ගන්නෙම ඔක්ටේන් 105න්. (නි)
සුපුන් Monday, 17 June 2013 08:33 AM
අපේ රටේ උදවිය කවදාවත් තමන්ගේ වැරද්දක් කියන්නේ නැහැ නේද? මොකක් වුනත් හේතුවක් තියනවා. මේක රුසියාවෙන් ලැබුන තෑග්ගක්. ඒක මේ වෙනකන් අලුත් වැඩියා කළේ නැහැ. ජිඑස්පී ප්ලස් අවුරුදු 20 විතර ලැබිලා තිබුනා.ඒක නැතිවෙනකන් වෙළදපොල හදා ගත්තේ නැහැනේ (නි)
අමිල - මෙල්බර්න් Tuesday, 18 June 2013 08:25 AM
ඔක්ටේන් 90 රථ වාහන සදහා එතරම් සුදුසු ඉන්ධනයක් නොවේ. එම නිසා එය ඕස්ට්‍රෙලියාවට ආනයනය තහනම් කර තිබෙනවා. (නි)
දම්මි Tuesday, 18 June 2013 01:49 PM
මෙහෙවු රටේ මේ වගේ දේවල් වෙන එක පුදුමයක්යැ? (නි)
ඩී.උපුල් Tuesday, 18 June 2013 09:06 PM
කරන්නම දෙයක් නැත්නම් කාට කාට හරි බෙදල දුන්නනම් අඩුම ගණනේ ගිනි තියාගන්නවත්. (අ)
ද සිල්වා බෙර්ලින් Thursday, 20 June 2013 12:57 AM
රජය ඉක්මනට නව තෙල් පිරිපහදුවක් සාදන්න සැලසුම් සකස්කළ යුතුයි. කොහෙද අපේ මන්ත්රිලා සභාපතිලා පිස්සු නටනකොට ඒවා බේරන්න වෙලා තිබෙන්නේ ජනාධිපතිට. එතුමාට රට දියුණුවට ඉදිරි සැලසුම් හදන්න වෙලාවක් නැහැ. විෂය භාර ඇමති වරු හිටියට එතුමන්ලා තමන්ගේ විෂය ගැන දන්නේ නැහැ. හොඳම වැඩේ තමයි ලබනපාර ඡන්දයට උගත්කමක් ඇති , සාමකාමී විනයගරුක ,නවක තරුණයන් සහ තරුණියන් කණ්ඩායමක් ඉදිරිපත් කරන එක. එතකොට පුළුවන් ඔවුන්ගේ දැනුම සංවිධාන ශක්තිය අපේ රටේ දියුණුවට යොදාගන්න. ජර්මනිය, ප්‍රංශය වැනි දියුණු රටවල පාර්ලිමේන්තුවේ ඉන්න 85% විතර උපාධියක් තිබෙනවා. එම නිසයි එම රටවල් දියුණුවෙන්නේ. හැමදාම අධ්‍යාපනයක් නැති විනයක් නැති මිනිස්සු පාර්ලිමේන්තු යැව්වට වැඩක් නැහැ.(නදී)
ලසන්ත Thursday, 20 June 2013 09:39 AM
සිල්වා රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ පක්ෂ වලින් ඉදිරිපත් කරන අපේක්ෂකයන්ට මිස අපි තෝරගත්තු යට නෙවේ. පක්ෂවලට වගකීමක් තියනවා උගත්තු ඉදිරිපත් කරන්න.අනික තම අපේ රටේ උගත්තුන්ගේ දෙශපාලනෙත් ඔය කියන තරඟ වෙනසක් නැහැ.දැනට ඉන්න පක්ෂ විපක්ෂ උගත්තුගේ දේශපාලනේ ගැන හිතල බලන්න....(අ)