තිරසාර හා පරිසර හිතකාමී බලශක්ති නිෂ්පාදන ක්‍රමවේද දිරිගැන්වීම සඳහා ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළට අත්වැලක් වීමේ අරමුණින් විශේෂ රක්ෂණාවරණයක් හඳුන්වා දීමට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත නොවන රක්ෂණ සමාගමක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම පියවර ගෙන තිබේ.
මෙම නව රක්ෂණාවරණය මගින් රට පුරා නිවාස, කාර්යාල හා සූර්ය බලශක්ති උද්‍යාන වල සවිකර ඇති සූර්ය පැනල සඳහා මූල්‍යමය රැකවරණයක් හිමි වේ.
මූලික රක්ෂණාවරණය යටතේ ගිනි, අකුණු, කුණාටු, සුළිසුළං, ගංවතුර, භූමිකම්පා සහ හදිසි අනතුරු මෙන්ම විදුලිය හේතුවෙන් ඇතිවන ගිනි ගැනීම ආදී අවස්ථාවලට මෙමගින් ආවරණය ලබාගත හැකිය.
අමතර ගාස්තුවකින් තොරව තවත් අතිරේක ආවරණ හඳුන්වා දීමටද පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම සැලසුම් කර ඇති අතර එය ගනුදෙනුකරුවන්ට බෙහෙවින් වාසිදායක වනු ඇත. මේ අතිරේක ආවරණ අතරට, ආවරණය වන හේතුවක් නිසා පැනල වලට හානි වූ අවස්ථාවකදී සුන්බුන් ඉවත් කිරීමේ කුලිය, ගොඩනැගිල්ල හෝ සවිකර ඇති ව්‍යුහයකට හානි සිදුවීම හේතුවෙන් පැනල ඉවත් කිරීම හෝ වෙනත් ස්ථානයක සවිකිරීම සඳහා වැයවන වියදම්, සහ හානි වූ පැනල අදාළ නියෝජිත සමාගමේ නඩත්තු ස්ථානය වෙත ප්‍රවාහනය කිරීමේ ගාස්තු යනාදිය ආවරණය වේ.
පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම, මෙම රක්ෂණය යටතේ, වෙනත් පුද්ගලයන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා නිසා සූර්ය පැනල වලට සිදුවන හානි ආවරණය කිරීමටද කටයුතු යොදා ඇත. තවද, ඉහත සඳහන් උපද්‍රව හේතුවෙන් ගනුදෙනුකරුවකුගේ ආදායම අහිමි වූ අවස්ථාවකදී, එම ආදායම් අහිමිවීමද මෙම විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ආවරණය වේ.
මීට අමතරව බලහත්කාරයෙන් ඇතුළු වී පැනල සොරකම් කිරීම, කැරලි කෝලහල, ත්‍රස්තවාදී ක්‍රියා සහ, මතුපිටින් පෙනෙන පිලිස්සුම් සලකුණු නොමැතිව සිදුවන විදුලි හානි සඳහා ආවරණය ලබාගැනීමට කැමති ගනුදෙනුකරුවන්ට, මූලික වාරිකයට අමතරව නාමික මුදලක් ගෙවීමෙන් එම ආවරණය ලබාගත හැකියැයි එම සමාගම සඳහන් කරයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් සූර්ය පැනල රක්ෂණාවරණයක්