X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


පීපල්ස් ලීසිං ඉහළ ලාභයක් වාර්තා කරයි

 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම රු. බිලියන 4.66ක මූල්‍ය සාධනයක් 2021/22 මූල්‍ය වර්ෂය තුළ වාර්තා කර තිබේ.

බදු පසු ලාභය පෙර වසරට සාපේක්‍ෂව සියයට 15.5ක කැපීපෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති අතර බදු පෙර ලාභය ලෙස රු. බිලියන 6.65 ක ලාභයක් ළඟා කර ගනිමින් සියයට13.2 ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි.

සර්වකාලීන ඉහළ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ෂමින්ද්‍ර මර්සිලින් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අපගේ විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනය පිළිබිඹු කිරීම සඳහා 2021/2022 මූල්‍ය වර්ෂය තුළ සේවක කැපවීම, පාර්ශවකරුවන්ගේ ගැටලු විසඳීම සඳහා වන උපාය මාර්ග පෙළගැස්වීම, හිතකර මෙහෙයුම් පරිසරයක් සහතික කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි නැවත යාවත්කාලීන කිරීම ආදිය සිදු කළා. පෙර වසර හා සමානව covid-19 හි තෙවන රැල්ල හමුවේ රටේ සර්ව ආර්ථික දර්ශකවල ක්‍රියාකාරිත්වය අඩාල කරමින්  ව්‍යාපාරවලට ක්‍රියාත්මක වීමට අපහසු පරිසරයකට තුඩු දුන් භයානක අභියෝග රැසකට ව්‍යාපාරවලට මුහුණ පෑමට සිදුවිය. කෙසේ වෙතත්, සමාගමක් ලෙස පීපල්ස් ලීසිං මෙම අභියෝග ජය ගනිමින් ඓතිහාසික මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත් වූවා.

සමාගමේ අක්‍රීය වත්කම් අනුපාතිකය පහත යාමෙන් පෙන්නුම් කළේ ණය අවදානම් කළමනාකරණය කිරීම සහ අයකර ගැනීම් වැඩිදියුණුකිරීම සඳහා යොමුකරන ලද සම්පත් සහ උත්සාහයන්හි ප්‍රතිඵලයන් වේග ණය සහ ලැබිය යුතු මුදල් සඳහා අපහායන ගාස්තු රුපියල් මිලියන 1,044 සිට රුපියල් මිලියන 656 දක්වා සියයට37.2 කින් අඩු විය.

මෙම කාල පරිච්ඡේදය තුළ ප්‍රාග්ධනය සහ ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය පමා සහන කාලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද නියාමන හා කොන්දේසි අබිබවා එම නියාමන අවශ්‍යතා පවත්වාගැනීමට සමාගම සමත් වූ අතර අක්‍රීය ණය (NPL) අනුපාතයද ක්ෂේත්‍රයේ සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවත්වා ගෙන ගියේය.

සමාගම වසර පුරා සිය ඩිජිටල්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකළ අතර එම ක්‍රියාවලියේ කොටසක් ලෙස, අභ්‍යන්තර සහ බාහිර පාරිභෝගික කේන්ද්‍රීය යෙදුම් දියත් කරනු ලැබීය. පිරිවැය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධතා වැඩි දියුණු කිරීමට එය වර්තමානයේ ප්‍රධාන ප්‍රමුඛත්වයක් බවට පත්ව ඇත.

සමාගම දිවයින පුරා විසිරී සිටින 38,000කට අධික ගනුදෙනුකරුවන් සඳහා 2021/22 මූල්‍ය වර්ෂය තුළ රු. බිලියන 8.39කට අධික ණය පමා සහන ලබාදුනි.

595

සුජීව රාජපක්ෂ - සභාපතිල පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම

ෂමින්ද්‍ර මර්සිලින් - ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී - පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම

 



අදහස් (0)

පීපල්ස් ලීසිං ඉහළ ලාභයක් වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site