X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


පුංචි වාහන ඉල්ලුම පහළට

පෙර ඉහළ ඉල්ලූමක් තිබූ මෝටර් රථ, යතුරු පැදි හා ත්‍රීරෝද රථ වලට තිබූ ඉල්ලූම සැළැකිය යුතු මට්ටමකින් පහළ බැස ඇතැයි මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමෙන්තුව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පෙන්වයි.

මධ්‍ය අදායම් ලාභී ජනයා අතර ප්‍රචලිතව තිබූ මරූටි වැනි මෝටර් රථ හා පෙර ඉතා විශාල වශයෙන් ලියාපදිංචි කළ යතුරුපැදි හා ත්‍රීරෝද රථ ලියාපදිංචි කර ඇති ප්‍රමාණයේ සැළැකිය යුතු අඩුවක් එම සංඛ්‍යාලේඛන වලට අනුව දක්නට ඇත.

තත්ත්වය එසේ වුවත් බී.එම්.ඩබ්ලිව් වැනි අතිිසුඛෝපභෝගී කාණ්ඩයට අයත් මොටර් රථ ලියාපදිංචි කිරීමේ වැඩිවීමක් එම සංඛ්‍යාලේඛණ පෙන්වයි.

මේ තත්ත්වයට හේතු ලෙස රජය විසින් ලබාදී ඇති තීරුබදු සහන ලබා දී ඇති රථවාහන බලපත්‍ර හේතු වී ඇතැයි විශ්ලේෂකයන් පවසයි.ඇතැම් අවස්ථාවන්හි මේ බලපත්‍ර භාවිතා කර සම්පූර්ණයෙන්ම බද්දෙන් නිදහස් කෙරුණු රථවාහන මිලදී ගැනීමේ හැකියාව බලපත්‍ර ලාභියාට හිමිවේ.

මෙය අසාධාරණ බව පවසන මැදහත් විචාරකයන් සාමාන්‍ය ජනයාටද රටේ ඉහළ පැළැන්තියේ පුද්ගලයින් භුක්ති විදින සහනයන් හා පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ලබාදීමට රජය ක්‍රියාකළ යුතු බව කියයි.



අදහස් (0)

පුංචි වාහන ඉල්ලුම පහළට

ජගත් Monday, 08 April 2013 04:56 PM

මේක තමයි අද අපේ රටේ තත්ත්වය. අපි කතා කරන්නෙත් බයේ. ඒ තරමට අපි දුප්පත්. (නි)

:       0       0

රූපසිංහ Sunday, 07 April 2013 06:18 PM

ඉන්දියාව දේශපාලනික වශෙයෙන් අපිව අසරණ කර බලාපොරොත්තු වන්නේ ඔවුන් ගේ නිෂ්පාදිත භාණ්ඩ වලට අප රටේ වෙළදපොල අල්ලා ගැනීමයි. එහෙමත් කරලා හරි උසස් තත්වයක භාණ්ඩයක් අප රටට එවනවා නම් කමක් නැත. නමුත් එවන්නේ කුණු කන්දල්ය. නමුත් ඔවුන් යුරෝපිය රටවලට යවන බඩු ඊට හාත්පසින්ම වෙනස්ය. එයට හේතුව අප රටේ පාරිභෝගිකයා ගේ මිලදී ගැනීමේ හැකියාව ගැන ඔවුන් දන්නා නිසාවෙනි. පළමුවෙන් සිදුවිය යුත්තේ අපි කොයි කාගේත් වාගේම දුප්පතා ගේ වාහනය වූ බයිසිකලය පාවිච්චි කිරීමය. එයින් අප පරිසරයද රැකෙන අතර නිරෝගිකමද රැකගත හැකි වනු ඇත. තවද, අප රටේ ලංගම නිසි කළමනාකාරිත්වයකින් පවත්වාගෙන යායුතුය. එය අපේ දෙයක් නිසා රැකගැනීමට කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා රට හා ජාතිය(ශ්‍රී ලාංකික) පිළිබද හැගීමක් තිබිය යුතුය. (නි)

:       0       0

චුටිගිර්ල් Sunday, 07 April 2013 09:28 PM

සරත් , ඔයා ඉන්ටර්නෙට් නොයා ඉන්න. (නි)

:       0       0

පාල Monday, 08 April 2013 02:04 AM

අජිත් කියනවා වගේ හරි නම් කරන්න ඕන මයික්‍රෝ ආයතනයට අත දෙන එක. (නදී)

:       0       0

කරුණා Monday, 08 April 2013 10:58 AM

ඒ කියන්නේ රට දියුණු වෙලා (දී)

:       0       0

කරුණාතිලක Monday, 08 April 2013 11:23 AM

කවුරුත් ආසයි කාර් එකක් ගන්න (දී)

:       0       0

වරුණ Monday, 08 April 2013 01:50 PM

දැන් මිනිස්සු පොඩි වාහන පාවිච්චි කරන්නේ නැහැ (දී)

:       0       0

චන්දුල Monday, 08 April 2013 01:55 PM

ආර්ථිකය දියුණු වෙලාද ලංකාවේ (දී)

:       0       0

පත්මසිරි Monday, 08 April 2013 02:58 PM

ඉන්දියන් පුංචි කාර් වලට වන දේ අරගෙන අවුරුදු ගණනාවක් යන කොට පෙනි පෙනී දැනෙනවා. රිකන්ඩිෂන් උනත් ජපන් හොදයි කියලා හිතෙනවා.(නදී)

:       0       0

චුලා Sunday, 07 April 2013 05:04 PM

පොදු ප්‍රවාහනය දිඋනු කරලා ජනතාව ඒවාට යොමු කරන්න ඕනෑ. තෙල් පරිභෝජනය 50% අඩු කරන්න ඕනෑ. නැත්නම් රටට අනාගතයක් නැහැ. වාහන බලපත්‍ර දැන් නැති කරන්න ඕනෑ. ඒක රටට විනාශයක් (නි)

:       0       0

පෙරේරා Tuesday, 09 April 2013 07:46 AM

පුංචි අපි පුංචි මොලේ පාවිච්චි කරලා ලොකු එවුන්ට චන්දෙ දෙනවා ඊට පස්සේ පත්වෙන ලොකු අය පුංචි අපිටම තලනවා.(නදී)

:       0       0

ජයතිස්ස Tuesday, 09 April 2013 12:41 PM

අපි කතා කරන්නත් බයයි. ඒ තරමට අපි දුප්පත්. (ස)

:       0       0

මල්කි Tuesday, 09 April 2013 01:22 PM

අපි හරිම දුප්පත්. අපටත් වාහනයක් ඇත්නම්? (නි)

:       0       0

වරුණ Tuesday, 09 April 2013 03:53 PM

මෙහෙම තමයි ලංකාව දියුණු වෙනකොට.(නදී)

:       0       0

හේවාවිතාරණ Tuesday, 09 April 2013 06:13 PM

පොඩි වාහනයක් දැක්කොත් වරදක් ඇතත් නැතත් පොලිසියෙන් නවත්වනවා. සුඛෝපභෝගී ලොකු වාහනයකින් ගියා නම් ණය වෙලා හරි නිදහසේ එලවාගෙන පිම්මේ යන්න පුළුවන් (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 09 April 2013 07:49 PM

පිටරට උපයන මුදල් නිතියනුකුලව ලංකාවට ගෙනාපු ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ ඉන්න ලේ නෑයෙකුට තීරුබදු අඩුවෙන් වහනයක් තෑගි කරන්න ක්‍රමයක් තිබුනා ඉස්සර. දැන් එය නවත්තල. ඒවා නැවත ඇති කරන්න. අඩුම තරමේ මැද පෙරදිග සේවය කරන කෙනෙකුට යතුරුපැදියක් හෝ ත්‍රී වීල් එකක්වත් තීරුබදු රහිතව ගන්න කටුයුතු සලස්වන්න.(නදී)

:       0       0

දුලාන් Wednesday, 10 April 2013 11:53 AM

විදේශ රටවල සේවය කරන ලංකාවට විදේශ විනිමය එවන පුද්ගලයන්ට එක වාහනයක් ගන්න බදු සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි.(ස)

:       0       0

දුලාන් Wednesday, 10 April 2013 11:47 AM

පිටරට උපයන මුදල් නිතියනුකුලව ලංකාවට ගෙනාපු ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ ඉන්න ලේ නෑයෙකුට තීරුබදු අඩුවෙන් වහනයක් තෑගි කරන්න ක්‍රමයක් තිබුනා ඉස්සර. දැන් එය නවත්තල. ඒවා නැවත ඇති කරන්න. අඩුම තරමේ මැද පෙරදිග සේවය කරන කෙනෙකුට යතුරුපැදියක් හෝ ත්‍රී වීල් එකක්වත් තීරුබදු රහිතව ගන්න කටුයුතු සලස්වන්න.(නදී)-

:       0       0

සේන Sunday, 07 April 2013 08:20 AM

පුංචි වාහනයක් තියා කරත්තයක්වත් හදාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද පුංචි අපටම තමයි බදු සියල්ල. වි (නි)

:       0       0

රසික Friday, 05 April 2013 11:48 PM

කමක් නැහැ. කමක් නැහැ. දැන් ගිණි ගණන් අඩුයිනේ ලංකාවෙ... (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 06 April 2013 07:47 AM

වාහන නම් නැතුවට කමක් නැහැ. බියගම ඉඳල කඩුවෙලට දුර කිලෝමීටර් දෙකක් වත් නැහැ. වාහනයකින් යන්න විනාඩි 45 ක්වත් යනවා. උදේට හරි හවසට හරි බත්තරමුල්ලට යන්න පැය දෙකක් යනවා. එතරම් වාහන පිරිලා.පාර දෙපැත්තේ ගෙවල් කඩ කඩා පළල් කරනවා වුණත් තවත් ඉඩ මදි. (නි)

:       0       0

රීටා Saturday, 06 April 2013 01:03 PM

දැන් පුංචි වාහන කියල තියෙන්නේ ලෝකේ කොහෙන් වත් ගන්නේ නැති ඉන්දියන් බාල බඩු. (ස)

:       0       0

ක්‍රිෂ් Saturday, 06 April 2013 04:26 PM

අයිත් පොදු බස් රතයම පහසුයි ලාභයි කියලා හිතනවා ඇති අපේ මිනිස්සු.(ස)

:       0       0

සනත් Saturday, 06 April 2013 04:21 PM

අවරුදු ගානක් පිටරට හිටියත් අපිටනම් වාහනයක් ගන්න බැහැ. හැමදාම ගණන් යනවා... (ස)

:       0       0

නුවන් Saturday, 06 April 2013 06:28 PM

ලංකාවේ දේශපාලකයෝ විසින් මිනිස්සුන්ට හිතන්න පුරුදු කරලා තියෙන්නේ වාහනයක් තියන එක සුඛෝපභෝගී දෙයක් විදියට. ඒ වගේම බස්වල යන එක හොද දෙයක් විදියට. බදු වැඩි කළහම සමහර අය සතුටු වෙන්නේ එම නිසා. නමුත් දේශපාලකයෝ කවදාවත් වාහන එපා කියන්නේ නැහැ. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 07 April 2013 01:10 AM

වැන් බස් සහ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගන්නා වාහනවල තීරුබදු අඩු කරන්න. කාර් වැනි සුඛෝපභෝගී වාහන වලට තීරුබදු අඩුකරන්න ඕනෑ නැහැ, වාහන පර්මිට් විදේශවල සේවය කරන ලංකාවට විදේශ විනිමය සපයා දෙන ශ්‍රමිකයන්ටත් ලබාදෙන ක්‍රමය නැවත ඇතිකරන්න. (නි)

:       0       0

ධම්මික Sunday, 07 April 2013 03:28 AM

මට පිස්සු වගෙයි වාහන වල ගණන් දැකලා. (නි)

:       0       0

සරත් Friday, 05 April 2013 09:57 PM

වාහන ගන්න ඉස්සරවෙලා තුන් වේල කන්න ක්‍රමයක් මට කියන්නකෝ. 16000 මාසික වැටුපක් ගත්තත් මාසේ රෝල් කරගන්න අමාරුයි. (නි)

:       0       0

අංජන Sunday, 07 April 2013 08:41 AM

මරුටි නං ලංකාවට ගේනන්ත් එපා.(නදී)

:       0       0

නන්දලාල් Sunday, 07 April 2013 11:11 AM

විදේශ රටවල සේවය කරන ලංකාවට විදේශ විනිමය එවන පුද්ගලයන්ට එක වාහනයක් ගන්න බදු සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි.(නදී)

:       0       0

අජිත් Sunday, 07 April 2013 11:34 AM

අපේ රටේ වාහන නිපදවන මයික්‍රෝ සමාගමට අතහිත දීල කර්මාන්තය දියුණු කරමු. රජයේ සේවකයන්ට වගේ විදේශ විනිමය උපයන විදේශගත ශ්‍රමිකයන්ටත් අඩු මිලට වාහනයක් ගන්න ක්‍රමයක් මයික්‍රෝ සමාගමත් සමග ක්‍රමවේදයක් අති කරමු. හැමෝම මහ පාරට කිට්ටුව ගෙවල් හදල නෑ බස් වල යන්න ගොඩක් ඇවිදින්න ඕනේ ත්‍රී වීල් වලට ගෙවන්න ඕනේ පාරට එන්න .(නදී)

:       0       0

ගීත් Sunday, 07 April 2013 12:06 PM

රටට විදේශ විනිමයක් ගෙනෙන විදේශ රටවල සේවය කරන පුද්ගලයන්ටත් වාහනයක් ගන්න අඩුම තරමින් රේ ගුබද්දෙන් සියයට පනහක්වත් අඩුකරගන්න බලපත්‍රයක් ලබා දෙන්නේනම් හොදයි.(නදී)

:       0       0

ඉප්තිකාර් Sunday, 07 April 2013 12:14 PM

වාහන ගන්න ඉස්සරවෙලා තුන් වේල කන්න ක්‍රමයක් මට කියන්නකෝ. 170500 මාසික වැටුපක් ගත්තත් මාසේ රෝල් කරගන්න අමාරුයි.(නදී)

:       0       0

සර්ෆළ් Sunday, 07 April 2013 02:11 PM

වාහන පර්මිට් එක දුන්නත් එකත් විකුනන් කනවා අපේ උදවිය.(නදී)

:       0       0

විකී Sunday, 07 April 2013 04:16 PM

සිල්වා,නන්දලාල්,අජිත්,ගීත්, ඔයාලා ඔය හිතන ක්‍රමය හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site