අංජුල මහික වීරරත්න වියට්නාමයේ හැනොයි නුවර සිට
අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නොවන බැවින්, පුද්ගලික ආයෝජන ද ඒ සඳහා එක්රැස් කර ගැනීම පිළිබඳ කලාපීය පොදු කතිකාවතක වැදගත්කම ආසියානු රටවල් සියල්ලම පාහේ අවබෝධ කරගෙන ඇති බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ දී පැවසීය.
වියට්නාමයේ, හැනොයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවේ ‘පුද්ගලික අංශයේ මූල ධනය එක්රැස් කර ගැනීම’ මැයෙන් පැවති පූර්ව සැසියේ දී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ, රාජ්‍ය - පුද්ගලික හවුල්කාරී ව්‍යාපෘති සඳහා පුද්ගලික අංශය දිරිමත් කරලීම උදෙසා නව අණ පණත් ගණනාවක් ශ්‍රී ලංකාව තුළ හඳුන්වාදීමට කටයුතු කරන බවය.
සැසිය ආරම්භ කරමින් අදහස් දැක්වූ ලෝක අර්ථික සමුළු කළමණාකරන මණ්ඩලයේ සභාපති බොර්ග් බ්‍රෙන්ඩේ මහතා පැවසූයේ ඉදිරි වසර 15 පිළිබඳ කර ඇති පුරෝකථනයන්ට අනුව ආසියානු කලාපීය සංවර්ධන කාර්යයන් සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන රාජ්‍ය අංශයන්ට පමණක් දැරීමට කිසිසේත්ම හැකියාවක් නැති බවය. ඒ නිසා පුද්ගලික අංශයේ මූල ධනය සංවර්ධන කාර්යයන් සඳහා යොදවා ගැනීමේ උපාය මාර්ග හා ක්‍රමවේද කඩිනමින්ම සැකසිය යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඉන් පසුව පැවති සාකච්ඡා මණ්ඩපයේ දී ඉන්දුනීසියාවේ සාගර කටයුතු සම්බන්ධීකරණ අමාත්‍ය ලූහුට් බින්සර් පන්ජෙයිටාන්, ආසියානු සංවර්ධන බැංකුවේ නැගෙනහිර ආසියා, අග්නිදිග ආසියා හා ශාන්තිකර කලාපීය උප සභාපති ස්ටීවන් පී ග්‍රොෆ්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා ශාන්තිකර කලාපීය උප සභාපතිනි නිනා ස්ටෝඉල්ජ්කොවික්, විනා කැපිටල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ෙදාන් ලැම් හා ක්‍රෙඩිට් සුයිස් ආයතනයේ ආසියා ශාන්තිකර උප සභාපති ජෝසේ ඉසිද්රෝ කැමචෝ යන මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.
තම රටවල් හා ආයතන පුද්ගලික මුල්‍ය ධනය සංවර්ධන කාර්යයන් සඳහා යොදවා ගත් ආකාරය හා ඊට එල්ල වුණු අභියෝගයන් සම්බන්ධයෙන් ඔවුහු කරුණු හා සිය අත්දැකීම් පැහැදිලි කළහ.
සාකච්ඡාව මෙහෙයවන ලද්දේ ජපානයේ එම්යූඑෆ්ජී බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටෝෆර් මාක්ස් විසිනි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පුද්ගලික ආයෝජන එක්රැස් කිරීමේ වැදගත්කම අගමැති පෙන්වාදෙයි
Bamunuarachchi Wednesday, 12 September 2018 05:23 AM
පෞද්ගලික ආයෝජන එක්රැස් කිරීමේ වැදගත්කම ඔහේ කියන්න කලින් අපි දන්නවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඊළඟට මොන බැංකුව මංකොල්ල කයිද කියලා බයට පෞද්ගලික ආයෝජන කරන්න කවුරුත් එන්නේ නැත. මහා බැංකු කොල්ලය නිසා තැන්පත් කර තිබූ විදේශීය මුදලුත් ආයෝජකයින් ආපසු ගත්තා මතකද. මෙයා කතා කොරන්නේ ඊයේ ඉපදුනා වගේනේ.
RaveendraWednesday, 12 September 2018 10:59 AM
ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු, නමුත් ඒවා අර්ථ ශුන්‍ය බව කිව යුතුය. මක්නිසාදයත් "පුද්ගලික අංශයේ මූල ධනය එක්රැස් කර ගැනීම " ගැන හිතල තමයි මහා බැංකුවට ඇඩ්රස් නැති වෙන්නම දුන්නේ. ඉතින් මේ " ගොයියාගේ කට බොරු කිව්වත් දිවනම් ඇත්තම ඇත්ත " තමයි කියල තියෙන්නේ.
නලිනි රණවිර Wednesday, 12 September 2018 09:05 AM
ඊළඟ ඡන්දයේදී "නාගානන්ද කොඩිතුවක්කු" මහතාගේ ජයග්‍රහණය දැනටමත් ස්ථිරයි. ආයේ කවදාවත් කොළ, නිල්, ආණ්ඩු පත්වෙන්නේ නැහැ. ජනතාව අවුරුදු 70ක් පරිප්පු කෑවා ඇති. නවත්තගන්න ඔය බයිලා.
රවී Wednesday, 12 September 2018 12:16 PM
මමත් නාගානන්ද මහත්මයාට ඡන්දය දෙනවා. අපේ රට මේ හොරුන්ගෙන් ආරක්ෂා කරගන්න...
sanjeewa Wednesday, 12 September 2018 11:15 PM
මෙහෙම සවුත්තුවෙන අගමැති කෙනෙක් මේ ලෝකෙම නැතුව ඇති. මිනිස්සු දාන ප්‍රතිචාර වලින් හොඳටම පේනවා. රට ගැන පුදුම දුකක් දැනෙන්නේ.
surath Thursday, 13 September 2018 12:11 AM
බයිලම තමයි පහුගිය අවුරුදු හතරේම කිව්වේ. මෙයලටත් ඉර හද පායනවනේ
de silva Thursday, 13 September 2018 04:37 AM
නාගනන්ද මහත්මය ජනාධිපති වරණයට අවොත් අනිවාර්යයෙන්ම රනිල්ට වැඩියෙන් ඡන්ද ගන්නවා
lalith Thursday, 13 September 2018 10:12 AM
මහා බැංකුවේ තිබුණු සල්ලි ටිකට විද්ද. දැන් මිනිස්සු අතේ තියෙන සල්ලි ටිකටත් විදින්නයි බලන්නේ. ආයෝජනය කරන්න ඕන දියුණු වෙන ලාභ ලබන ව්‍යාපාරයකට. නැතුව අවුරුදු දෙකක් යන්නේ කොහෙද මල්ලෙපොල් කියන ආණ්ඩුව කියන විදියට නෙමෙයි. මෙයාල කියන විදියට ආයෝජනය කලොත් මහන්සියෙන් පරම්පරා ගානක් හරිහම්බ කරගත්තු සල්ලි ටිකත් වතුරේ. ආයෝජනය කරපල්ලා කියල පහුවදාට බදු වැඩිකරලා එ් සල්ලි සේරම ඇදල අරගෙන, කට්ටිය රට සවාරි යයි පවුල් පිටින්, එහෙම නැතිනම් තීරුබදු රහිත කාර් ගෙන්න ගනියි.
samank Thursday, 13 September 2018 10:42 AM
එක වෙන්න ඇති මහ බැංකුවෙන්ම පටන් ගත්තේ එක්රැස් කරන්න
chathuri Friday, 14 September 2018 11:40 AM
අපේ රුපියල ගොඩගන්න විදියක් බලන්න.
Bamunuarachchi Saturday, 15 September 2018 03:59 AM
අපේ රුපියල ගොඩගන්න වලට බහින්න ඕනේ... දැනටමත් අපි ඉන්නේ වලේ. දැන් වලට දමා ගන්න ඕනේ ගොඩඉන්න දේශපාලකයින්වයි.