(දයාරත්න ඇඹෝගම)
දේශීය බඩ ඉරිඟු ගොවියා ශක්තිමත් කිරීම සඳහා දැනට බඩ ඉරිඟු කිලෝවක් සඳහා පවතින මිල රුපියල් 5 කින් ඉහළ දමන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර තන්තිරිමලයේදී අද(21) පැවසීය.
රුපියල් මිලියන පනහක වියදමින් දෙමටමල්ගම 367 තුලාව, බෝගොඩ හන්දියේ සිට කිවුලේකඩ දක්වා මාර්ගය සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“අපි මේ සැරේ බඩ ඉරිඟු වගාවට අතහිත දීලා තියෙනවා. බඩ ඉරිඟු වගා කරන අයට ලක්ෂයක් වියදම් වුණොත් 60,000ක් නිකන් දෙන්න අපි ලෑස්තියි. ඒ වගේ පවුල් 3,000ක් තෝරගෙන තියෙනවා.
බඩ ඉරිඟු පිටරටින් ගෙන ඒමත් නවත්තන්නයි අපි උත්සාහ කරන්නේ.
බඩ ඉරිඟුවලට දැන් ලොකු ඉල්ලුමක් තියෙනවා. දැන් බඩ ඉරිඟු මිල 45 යි. මම ඒ මිල රුපියල් 50 දක්වා වැඩි කරනවා.
නොදන්වාම පාන් පිටි මිල වැඩි කරලා. ජීවන වියදම් කමිටුවේ සභාපතිවරයා මම. ඒ වැඩි කරපු සමාගම්වලට මම වහාම දැනුම් දුන්නා පාන් පිටි මිල අඩු කරන්න කියලා.
මොකද බඩු මිල වැඩි කරනවා නම් ජීවන වියදම් කමිටුවේ අනුමැතිය තියෙන්න ඕන. ඒ අවසරයකින් තොරවයි පෞද්ගලික සමාගම් පාන් පිටි මිල වැඩි කරල තියෙන්නෙ. ඉස්සෙල්ල දවසෙ වැඩිවන පාන් පිටි මිල හදිසියේම අඩු වුණේ අපි කරපු දැනුම් දීමත් එක්ක. අපේ අනුමැතිය නැතිව කිසිසේත්ම වැඩි කරන්න බෑ.
අපි අලුතෙන් වී වර්ගයක් හඳුන්වලා දෙනවා. ඒකට ගතවෙන්නේ දින 80යි. වියළි කලාපයේ ප්‍රදේශවලට වගේම වව්නියාව, මඩකලපුව, අම්පාර, මොනරාගල ,හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ඒවා වගා කරන්න කියලා අපි නිර්දේශ කරනවා. බතලේගොඩ වී පර්යේෂණ ආයතනයට ගියාට පස්සේ තමයි මම මේ ගැන හරි තීරණයක් ගත්තේ. ඒ අනුව ඉදිරියේ දී අඩු වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශවලට ඒ දින 80 වී වර්ගය ලබා දෙන්න කටයුතු කරනවා” යැයිද ඒ මහතා කීය.
ඉදිරියේදී මුන් ඇට, මුං ඇට කව්පි හා කුරක්කන් මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මෙම අවස්ථාවට තන්තිරිමලේ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නා හිමි, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දමන බව කෘෂි ඇමති කියයි
Chathuri Sunday, 21 July 2019 02:43 PM
මිල ඉහල දමන්න කලින් අන්තිමටම බඩ ඉරිගු දැක්කේ කවදද. හේනට ගිය අන්තිම දවස, ගොවියෙක් සමග මේ සම්බන්දව කතා කරපු දිනයක් මතකද. ලේකම් හොයාගෙන එන දේ ඇමතිලා බෙරිහන් දිදී කියනවා
de silva Monday, 22 July 2019 08:06 AM
මම දන්නවා මගේ අදහස දැක්කම පාඨකයෝ හිනාවේවි , මම ලියන්නේ සත්‍යය , ලංකාවේ අහර ද්‍රව්‍ය වල මිල ඉතා වැඩිය , කරුණාකර පුලුවන්නම් කන බොන දෙයක මිල අඩු කරන්න කතාකරමු , වැඩි කරන කතා නම් අපට එපා ,මුන් ඇට නැව් ගාස්තු , වරාය ගාස්තු , එම රට සහ මෙරට ප්‍රවාහන ගාස්තුත් ගෙවල දෙරටේම අතර මැදි ව්‍යාපාරිකයොත් ලාභයක් තබාගෙන ලංකාවේ නිෂ්පාදන වලට අඩුවෙන් මෙහෙ පාරිභෝගිකයන්ට දෙන්න පුලුවන්නම් , අපේ ගොවියනට බැරි මොකද ?
Sumith Monday, 22 July 2019 03:34 PM
මාසයක් කන්න ගොවියන්ට... රුපියල් 1200 විශ්‍රාම වැටුපෙන් පුළුවන්ද?
ලුම්බිණි Tuesday, 23 July 2019 01:06 AM
කොහොමද ඇමති තුමා ඕක කරන්නේ? සියලුම බඩ ඉරිඟු මිලදී ගන්නවද?
abaran Tuesday, 23 July 2019 10:54 AM
දෙයියෝ සාක්කි....බඩ ඉරිඟු පිටරටින් ගේනවා කියලා මම දැනුයි දන්නේ ....රටට ගිය කලක් ...
chandima Monday, 29 July 2019 12:53 AM
අම්ම මර ගානක්නේ. ඩොලරටකට රුපියල් 175ක් වෙනවා. ඩොලර් සතයක් යනු රුපියල් 1.75 ක් වෙනවා. වැඩි කර ඇති මුදල ඩොලර් සත 3 කටත් අඩුයි. අම්මප බිලියන් වලින් කතා කරන, ගුවන් දුම්රිය ගුවන් පාලම් ගැන කතා කරන රටක ගොවියා ගොනාට ඇන්දවීමට කරන උත්සාහයක මහත?